Hari Gossip News

Hari Gossip News www.harigossipnews.lk is your one-stop portal for all news - politics, business, entertainment and mu

HARI GOSSIP NEWS - Underground News from Sri Lanka - පාට පක්ෂ භේදයකින් තොරව සත්‍යය ප්‍රථමයෙන් - Gossip Lanka Sinhala News www.harigossipnews.lk

ගොඩක් අය ආදරේ කරපු ..නිලි කාවින්ද්‍යා දුල්ෂානි..ඇයත් අම්මා කෙනෙක් වෙලා..Congratulations 🥰💐❤️ Kavindya Dulshani
24/07/2025

ගොඩක් අය ආදරේ කරපු ..නිලි කාවින්ද්‍යා දුල්ෂානි..ඇයත් අම්මා කෙනෙක් වෙලා..

Congratulations 🥰💐❤️ Kavindya Dulshani

O.I.C. ගඩාෆි චිත්‍රපටියේ පළමු දිනයේ ෂූටින්...ගඩාෆි ගමට පැමිණීම...100% අපේම රටේ අපේම කතාවක්..Writer /Director /producer/ ...
24/07/2025

O.I.C. ගඩාෆි චිත්‍රපටියේ පළමු දිනයේ ෂූටින්...ගඩාෆි ගමට පැමිණීම...100% අපේම රටේ අපේම කතාවක්..
Writer /Director /producer/ actor=Ranjan Ramanayake
Dop =Dammika rathnayake
Production manager =lucky weerasinghe
Line producer= Daminda madawala
Mekeup = priyantha disanayaka
Art = janaka prasath
Costume designer= Ramesha oshini
Still photos=Dammika pathirathna

Ranjan Ramanayake

"සිරි දළඳාගමනය හදලා මම කළේ මහා පිං කමක්, කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්‌ මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආන...
24/07/2025

"සිරි දළඳාගමනය හදලා මම කළේ මහා පිං කමක්, කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්‌ මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආනිශංසය ලැබෙනවා. දළදා වහන්සේ දැන් වැඩ ඉන්නේ මහනුවර. මම කරන්නේ මහනුවර වැඩසිටින දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිනමා ශාලා පනහකට වැඩමවීමයි."

– සනත් අබේසේකර -

සනත් මහත්තයාගේ ශ්‍රී දළදාගමනය තිරගත වන්නේ 2014 අවුරුද්දේ මෙය ආදායම් අතින් සාර්ථක වූ චිත්‍රපටියක් සේම විවේචනත් නොඅඩුව ලැබූ චිත්‍රපටියක්.. චිත්‍රපටියේ පසුතල වල ඉදලා චිත්‍රපටියේ ප්‍රධාන චරිත සඳහා තෝරා ගත් නළු නිළියන් දක්වාම සනත් මහත්‍තයාට විවේචන ලැබෙන්න පටන්ගෙන තිබුනා..

පසුතලනනම් කාර්ඩ්බොර්ඩ් සහ පමුණුවෙන් ගත්ත සාරි එල්ලලා හැදුවාය කියමුකෝ..ඒත් සනත් මහත්‍තයා ලාංකේය බෞද්ධ ඉතිහාසයේ එන අති උතුම්ලෙස පූජනීයත්වයෙන් සැලකෙන දළදා වහන්සේ හිසෙහි සඟවාගෙන කප්පරක් වූ දුක් ගැහැට විදිමින් කාලිංග දේශයේ සිට දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද හේමමාලා සහ දන්තකුමරුවන්ට තෝරා ගත් නළු නිළියන්ටත් බොහෝ විවේචන ඒකාලේ එල්ලවුනානේ..

විවේචන වැඩියෙන් එන්නේ හේමමාලා කුමරියගේ චරිතය වෙනුවෙනුයි. ලාංකේය බෞද්ධ ජනයා හේමමාලාවන් අදහන්නේ පාරිශුද්ධ වූ කාන්තාවක් ලෙසටයි. එහෙව් කුමාරිකාවක් තිරයේ ජීවමාන කරන්නේනම් එයට නිර්මාණ කරුවන් නිසි අවධානය දිය යුතු වනවා.. ඒ භාරදූරකාර්‍ය පෙරදැරිව හේනමාලා කුමරිය ලෙස සනත් මහත්තයාගේ මුල්ම තේරීම වෙන්නේ 2011 ශ්‍රී ලංකා රූ රැජිණ බවට පත් වූ මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වාව.

නමුත් පුෂ්පිකාගේ ශරීරය වැඩියෙන් පෙනෙන රෙදි අඩු ඇදුම් ඇදි ඡායාරූප කීපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී තිබූ නිසා පුෂ්පිකාට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවය යැයි සිතන නිර්මාණකරුවන් . ....පුෂ්පිකා චිත‍්‍රපටයෙන් ඉවත් කර හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ගුවන් සේවිකාවක් වන ප‍්‍රසාදි සමරකෝන් තෝරාගෙන තිබෙනවා.

ප‍්‍රසාදි ද මෝස්තර නිරූපිකාවක් වූ අතර ඇය ඉරාජ් වීරරත්නගේ ‘දෑස තෙමිලා’ ගීතය සදහා ඒ වනවිට පෙනි සිට තිබෙනවා..

චිත්‍රපටිය සඳහා මස් මාළු ආදී පිලී දෑ වලින් ඈත්වී බෞද්ධාගමිකව චරිතයට සැරසුන ප්‍රසාදිට මුලින්ම රඟපාන්න ලැබෙන්නේ අශ්වයෙක් පිට යන දර්ශනයක්.. මෙන්න මේ වෙලාවෙයි සනත් මහත්තයා ප්‍රසාදිගේ පිට පල්ලෙහා තියෙන ටැටූ එක දැකලා තියෙන්නේ. දෙලොව රත් වෙන සනත් මහත්තයා කොහොමෙන් හරි ටැටූ ගහපු හේමමාලා කෙනෙක් පෙන්නන්න බැරි නිසා අවසානේ ප්‍රසාදිගේ ටැටූ එක සඟවලා ඇයට චරිතය කරන්නට ඉඩ දී තිබෙනවා..

කොහොම හරි ප්‍රසාදි එයාට ලැබෙන චරිතය ලස්සනට කරලා තිබුනා. චිත්‍රපටිය තිරගත වූ පසුවයි ආයෙත් ප්‍රසාදිට චෝදනා නැගෙන්න පටන් ගන්නේ .

හේමමාලා කුමරිය ලෙස රඟපෑවට ප්‍රසාදි සැබෑ ජීවිතයේ එහෙම නැහැ කියලා බොහෝ විවේචන ඇයට එල්ල වෙනවා.. මෙයට පිළිතුරු ලෙස 2014 අප්‍රේල් 3 වැනිදා සරසවිය පත්තරේට ඇය සෘජුව පිළිතුරු දී තිබූ අතර ඇය කිසිසේත්ම හේමමාලා කුමරිය නොව ප්‍රසාදි ලෙස පිලිතුරු දී තිබුනා.

ඇය නයිට් ක්ලබ් ගිහින් තිබෙන බවත්, විවේකයක් ලැබුනොත් දැනුත් යන බවත්, මස් මාළු කන බවත් , වයින් තිත්ත බවත් ඇය පවසනවා..

ඒ අනුව දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම වූ හේමමාලා කුමරිය ජීවමාන කළ නිළිය ටැටූ ගහපු,ක්ලබ් යන කෙල්ලක් යැයි ඇගේ වචනයෙන්ම පවසා තිබුනේ ඒ විදිහට...

නමුත් ප්‍රසාදි ඇයට ලැබුන චරිතට ඇගේ රුවත් සමගින්ම හරි ලස්සනට ජීවමාන කර තිබුනා.. මේ ගැන ඇගේ පෞද්ගලික කාරනා නොතකා චරිතයක් ලෙස බැලුවහොත් ඇය තිරයට ආකර්ශනීය හේමමාලා කුමරියක්..

නමුත් අපේ මිනිසුන් එහෙම බලන්නේ නෑ.. ඔවුන් ඔවුන්ගේ මනසේ ඇති හේමමාලා කුමරියව සිනමාවේ රඟපාන නිළියගෙනුත් බලාපොරොත්තු වෙනවා.. එහෙව් හේමමාලාලා හොයාගන්න එක එහෙම ලෙහෙසි වෙන්නේ නෑ ඉතින්..

නළුවාගේ හෝ නිලියගේ පෞද්ගලිකත්වයට මූලිකත්වය නොදී රංගනය ගැන හිතනවනම් මේ ප්‍රශ්න දැනෙන එකක් නෑ..

අවසානේ සිරි දළඳාගමනය හදලා සනත්මහත්තයා මහා පිං කමක් කරාද කියලා නම් දන්නේ එතුමාම තමයි..

Mmp Ranaweera

| ''සමහර බෝට්ටුවල මුහුදේ යන්න බෑ, ඒකට බෝට්ටුවවත් අපිවත් පලිනෑ...'' - මධු මාධව අරවින්ද | ''අදත් ඇගෙ නම ඇගේ වාසගම එක්ක..මග...
24/07/2025

| ''සමහර බෝට්ටුවල මුහුදේ යන්න බෑ, ඒකට බෝට්ටුවවත් අපිවත් පලිනෑ...'' - මධු මාධව අරවින්ද |

''අදත් ඇගෙ නම ඇගේ වාසගම එක්ක..
මගෙ නම මගේ වාසගමත් එක්ක''

ජනප්‍රිය ගායක මධු මාධව අරවින්ද කියන්නෙ, හරි ලස්සනට වචන අමුණන අපූරු රචකයෙක්.

ඔහුගේ ඒ ලිවීම් බහුතරයක්, සිය ජීවිත කතාව හා සම්බන්ධයි.

එහෙම ලියවිල්ලක් ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් මෙලෙස අපේ ඇස ගැටුණා...

''සමහර බෝට්ටුවල
මුහුදේ යන්න බෑ...
ඒකට බෝට්ටුවවත් අපිවත් පලිනෑ....
මුහුද වගේම...

1997 ජූලි මාසෙ..
මුහුද ලස්සන මනමාලියක් වගේ..
හේතුවක් නැතිව හිනා උනා..
ඇය මනමාලි උනාට පස්සෙ...
හික්කඩුවට අපි ආවෙ මුල්ම සැරේට...
ගල්කිස්ස හෝටලයට හික්කඩුව පෙනෙන් නෑ
ඒත්....

මගුල් ගෙදර ගත්ත ගල්කිස්ස හෝටලය,
ඈතින් හික්කඩුවට පෙනෙයි..
අපි ගල්කිස්සෙ මුහුදෙන් අහමු..
හික්කඩුවෙ ඉන්න අපිව අදුනනවද කියල...
පේන හැම දේම අදුනන් නෑ කියල
එදා අපි දැනන් හිටියෙ නෑ....අද වගේම..
හැබැයි නොපෙනෙන බොහෝ දේ අපි අදුනනව කියල... දන්නව ඇති අපි දැන්....

ඔය වගේ තේරුමක් නැති ඕනම කතාවකට..
පන දෙන්න... මුහුදට පුලුවන්..
ගැහැනියකට වගේම...
එදා හික්කඩුව වෙරලට ,
හරි සනීප හුලගක් හමපු දවසක්....
මුහුදත් හෝ හෝ ගාලා..
අපිව අවුස්සනවා....
කිසිම හේතුවක් නැතිව..

මමත් හිනාඋනා..
ඇයත් හිනාඋනා...
ඇගෙ ගවුම අකීකරු විදිහට හුලග එක්ක පොර බදිනවා...
ඇගෙ කොන්ඩෙ ඒ හුලගෙම නැටුමක...
ගැහැනිය හරි ලස්සනයි..
මුහුද ගාවදි පිරිමින්ට වඩා...
මුහුද සහ ගැහැනිය අපි හිතනවට වඩා ගැබුරුයි.....

දම් පාටින් ලා බැස යන හවස..
හමන හුලගටවත් නොදැනෙන්න..
රල ගහමින්..
මද සුලගට පාවෙන්න හිමින් හිමින්
හිනාවෙවී...
ඉස්සි ඉස්සි පහත් උන මුහුදම....
සමහර මහා රෑ වල...
කිසිම හෙල්ලිල්ලක් නැතිව..
නිශ්චලව හිටියා...

හද එලිය මුහුදෙන් පෙනෙන තරමට
මුහුද කන්නාඩියක් වගේ...
නිහඩව හිටිය රෑ වල..
ඇහිල තියෙනවද...
එක පාරටම...
ඒ නිහඩ මුහුදම...මුහුදු රල මහා ගැබුරට අරන් ගිහින් පිට කරනවා.. මහා අමුතු සද්දයක් එක පාර මතු කරල ...
පිට කරල ආයෙමත් නිහඩ වෙනවා...
සමහර පිරිමි මුහුදට හොරෙන්...
ඒ හඩ අහන්න..
මුහුදු දිහා බලන් ඉදල ඇති ..
මේ මන් වගේම....

ගැහැනු දිහා බලන් හිටියා වගේ..
ආදරනීය මුහුද වගේම
ආදරනීය ගැහැනියත් නින්දෙන් එහෙම කරනව.
මම සමහර දවස් වල...
ඒ සද්දෙ අහන්න...
නිදියන් ඉන්න ඈ දිහා බලා ගෙන ඉදල තියෙනවා.....
කිසිම හෙල්ලිල්ලක් නැති නින්දෙ මැද..
එක පාරටම මහා හුස්මක් පපුව අස්සට අරන්..
හීල්ලිලා ඈතට පාවෙන්න..
එලියට යන හුස්ම ටික..
හරි ගැබුරුයි....
ඒ සුසුම පිට වෙනව ගැහැනු දන් නෑ..
නින්දෙදි....

හැබැයි ඒල දිහා බලන් හිටිය පිරිමින්ට ඒ වෙලාවෙ....
පපුද පැලෙන්න දුකක් එනවා...
අනේ උබ දුකින්වත්ද කියලා....
නිශ්චල මුහුදෙන් මහ රෑ
එක පාර එන...මුහුදු පතුලෙන් නැගෙන..
මහා ගැබුරු හඩ..
ඔයා නින්දෙන් පිට කරන හූල්ලන හඩ වගේ..
මම ඇයට මුහුද දිහා බලා ගෙනම කිව්වා..
බොරු කියන්න එපා....
ඔයා මුහුද දිහා නම් රැට රෑට ඇවිල්ල
බලන් ඉන්නව...
ඒත් මන් නිදිය ගත්තම..
ඔයා ඊටා වඩා නිදි නෙ.... ඈ කිව්වා...

ඈ බක බක ගගා හිනා වෙනවා...
ගැහැනු මුහුද ගාවදි ඕලාරික වෙද්දි..
සරල වෙද්දි...
පිරිමි හරි බක පන්ඩිත වෙනවා..
දාර්ශනික වෙනව...
ඒ උන්ගෙ හැටි....

"ඔයා සතුටින්ද... ඔයාගෙ හිත බරයිද..
අම්මා..."

මගේ දාර්ශනික හිත
පයිතකරස් වගේ ඇගෙන්
නොගැලපෙන ප්‍රශ්නයක් ඇහුවා...

මේ මොකද අනේ මෙයා.. ඇය කිව්වා ආයෙත්..
පිරිමින්ගෙ බක පන්ඩිත කම් පෙම්වතිය හැටියට උහුලන ගැහැනිය...
බිරිද උනාම එහෙම නෑ..
මට නම් මගෙ කිසිම බරක් නෑ..
ඇය ඔහේ කිව්වා...
මම හිමින්..
හුම් කිව්වෙ...
ඈ දිහා නොබලා...
මම හින්දි නලුවෙක් වගේ..

ඈට කතා කරන්න දීලා මුහුද දිහා බලාගෙන හිටියා.. ඈ මගෙ දාර්ශනිකබවට තව වසග කරගන්න....
දෙයක් කියන්නද... ඈ මගෙන් ඇහුවා...
මම තවත් ඈතට ඇස් විහිදුවල..
ඈ දිහා නොබල ..
බොහොම ගැබුරින් කිව්ව..
කියන්න ....කියල.. කිව්වා...
ඈ කියපි... මෙහෙම..

"මට කිසි බරක් නැති උනාට..
ඔයාට නම් කක්ක බරයි වගේ
මූනෙන් පෙනෙනවා...."

මගෙ පයිතගරස් පෙනුම සුනු විසුනු වෙලා
මුහුද මැද්දෙ කුඩු පට්ටම් වෙලා ගියා
අතට අහු උන වැලි අහුර එක්ක මන් , අරෙහෙම කියල මගෙන් බේරෙන්න දුවන ඈ වෙත දමා ගැහුවා..
ඈමට හූ කිව්වා...
අපි කෑ ගහල හිනා උනා...
එදා ඈ හරිම ලස්සනයි....
එදා ඇයට පෙනෙන්න
උස්සන් ආපු බෝට්ටුව...
මාව ලැජ්ජ කරා....
මුහුදට දාන්න දාන්න ..
ඒක පෙරලුනා..
ඒ හැම පාරම..
ඈ හිනා උනා....

පෙලලිලා පෙරලිලා හෙම්බත් උන බෝට්ටුවට මන් දමල ගහල වෙරලට විසි කලා...
මම වැල්ලෙ ඉදගෙන ..
ඈත මුහුද දිහා බලන් හිටියා...
ඈ මාව ලැජ්ජ කරන්න..
මුහුදෙ යන්න බැරි උන බෝට්ටුව..
බීප් බීප් ගාගා..
වාහන සද්දයක් දාදා.
වෙලලේ ඇදගෙන යනවා..
බස් එලවන වාහෙ වගේ..
එහෙම යනවා
මට හූ කියනවා..
බිම පෙරලි පෙරලි හිනා වෙනවා...
මටත් තනියම හිනා....
අනේ අපි.. කොච්චර හුරුවෙලාද... අපිට..
ඈට ඕන කෙන්ගෙඩියක් කරගන්න කියල..
මම වෙන වැඩක් පටන් ගත්තා..
වෙරල එක්ක....

මම ඇගේ නම ...
වෙරලේ ලිව්වා..
මගේ වාසගමත් එක්ක...
ඈ ආසාවෙන් බලා ගෙන හිටියා...
ඈ බොට්ටුව අත හැරල ඇස් වල කදුලු පුරවන් දුවගෙන ඇවිත්...
බලන් හිටියා..
ටික වෙලාවකට කලින්.
හිටිය..
එයා ගෙ බකපන්ඩිත පයිතකරස්...
පොඩි දරුවෙක් වගේ
මුහුදු රැලි වලට එන්න නොදී..
වැල්ලේ ඇගේ නම මගෙ වාසගමත් එක්ක ලියන්න දගලන දැගල්ල්ල...
ඈ උදව්වට ආවෙ නෑ..
ඈට ඕන උනා මම ඒක ලියල ඉවර උනාම
කෑ ගහල ඇඩන්න....
මම ඈව දන්නවා....

අපිට මුහුද වගේම බෝට්ටුවත් අමතක වෙලා තිබ්බා....
ඈ ඉහඩව අත් දෙකෙන් කට වහගෙන බලන් ඉන්නව නොඉවසිල්ලෙන් ...
මම කොහොම හරි ඇගේ නම ලිව්වා...මගේ වාසගමත් එක්ක....
මම ලොකු වැඩක් කලා වගේ මුහුන උස්සල ඈ දිහා බැලුවා..
ඈ හිටියෙ නෑ...
මට දැනුනා..
මගෙ පිටට හේත්තුවෙලා...
අර කෑ නොගහ අඩන මුහුද වගේ...
ඇගේ සුසුම් හඩ...
ඈ මගෙන් ඇහුවා...
මම මගේ වාසගම අත හැරලා..
මෙතන ඉදල ඔයාගෙ වාසගමෙන්
ඉන්නද......

ඔයාට දුකද ඒක මම පාවිච්චි නොකරනවට.
ඈ අඩනවා...
මට ඒක දැනිලවත් තිබ්බෙ නෑ..
මම ඈ පැත්තට හැරිලා...
ඈව බදාගෙන කිව්වා..
එපා....
ඒක මගෙ පපුවෙයි..
ඔයාගෙ පපුවෙයි
මැරෙනකම් තියෙයි...
මෙන්න මේ වගේ..
මම ලස්සනට... හාට් දෙකකුත් දාල
ලිව්ව ඇගේ නම සහ මගේ වාසගම...
ඉර එලියට හෝ හද එලියට දිලුසුනා..
අපි අත් අල්ලන් හෝටලය දිහාට
හිනා වෙවී ගියා..
අපි දෙන්නටම..
බෝට්ටුව අමතක උනා...
අපි කාමරේට ඇතුල් වෙලා..
ලයිට් නිමුවෙ නෑ....
අපිට ඒකටවත් සිහියක්
වෙලාවක් තිබ්බෙ නෑ...
එදා රෑ හීනෙන්..
මම දැක්ක මම වෙරලේ ලියපු ඇගේ නම..
මගෙ පපුවෙ දිලිසුනා.....
උදේ ඈ නිදි..
මම බැල්කනියට ඇවිත්..
සිගරෙට්ටු වක් පත්තු කරල..
ඈත මුහුදට පිම්බේ...
පුදුම සැහැල්ලුවකින්..
මුහුදත් මා දිහා බලන් හිටියා....
හරි ලොක්කෙක් නෙ උබ දැන්..
කියන්නා වගේ....
මට මතක් උනා... මම ලස්සනට ලිව්ව ඇගෙ නම මූ ..මකලද රෑ කියල..
මුහුද ගැන සැකෙන්..
මම බැල්කනියෙන් නැවිලා..
වෙරල කියවන්න ගත්තා....
මගෙ අතින් සිගරෙට්ටු ගිලිහුනා....
මගෙ ඇස් වෙරලේ ලියපු මගෙ අකුරු ලග තනිඋනා....
ඈ නැගිටල..
මාව හොයනවා....

"එන්නකෝ....."
ඇය අඩගහනව...

මම මුහුදු වෙරලේ ලිය උන ඇගේ සහ මගෙ නම් එකතුව දිහා බලාගෙනම...
කාමරේට ඇතුල් උනා..
එන්නකො ලගට....
මම ඇය ලගට පනින්න කලින්..
ආයෙමත් එකම එක සැරයක්...
වෙරල දිහා ..
මම ලියපු ඇගේ සහ මගේ නම දිහා බැලුවා..
මහ රෑ මුහුදු කොච්චර නිහඩව..
වෙරල සිප ගත්තත්...
මුහුද ඇගේ නම මකල තිබ්බෙ නෑ..
හැබැයි මම ලිව්ව මගේ වාසගම..
මකල තිබ්බ...

මම අන්තිම සැරේට බලද්දිත්..
වෙරලේ තිබ්බ..
ඇගෙ නම විතරක්..
නිල්මිනි........... කියල...

ඔව් නිල්මිනී කියන නම නොමකා...
වාසගම මුහුද මකලා තිබ්බා... ආදරෙන්...
අපි දෙන්නටම අමතක උනා...
එදා රෑ...
මගෙ වාසගම විතරක් නෙවෙයි..
මැකුනේ..
නැති උනේ..
අපි අරගෙන ආපු ප්ලාස්ටික් බෝට්ටුව..
හොරු අරන් ගිහින් තිබ්බ....
අපි ඒක හෙව්වෙ නෑ...
අදත් ඇගෙ නම ඇගේ වාසගම එක්ක..
මගෙ නම මගේ වාසගමත් එක්ක...

අද අපි අපිව හොයන් නෑ වගේම...
අපි අපිව හොයන් නෑ වගේම..උනාට..
ඒ මතක අතීතයෙ ඇති...
අතීතය සමරන මිනිස්සු..
අනාගතයට ආදරෙයි....
මතක තියාගමු..

හෙට දවස අනින්දා දවසෙදි අතීතයක්....
ඒ අතීතයෙ..
අපිට හෙවන දුන්න කිසිම මලක්..
පරවෙන් නෑ..
පරවෙන්න දෙන්නෙත් නෑ..
පිරිමි හිත්...
අරවින්ද යායේ.
මල් පරවෙන් නෑ..
මදු මාදව මතකබින්ද..❤..''

උපුටාගැනීම : Madhu Madhawa Aravinda

ක්‍රිප්ටෝ නීතිගත කරයි.. මහ බැංකුවෙන් ප්‍රකාශයක්ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) හුවමාරුවක් සිදුවන්නේ නම්...
24/07/2025

ක්‍රිප්ටෝ නීතිගත කරයි.. මහ බැංකුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) හුවමාරුවක් සිදුවන්නේ නම්, ඒ සඳහා විධිමත් නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (ජූලි 23) කියා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ, මහ බැංකුවේ පැවති සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

“සියලුම මූල්‍ය හුවමාරුවල තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතිනවා. ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුවක් රට තුළ සිදුවෙනවා නම් යම් කිසි ආකාරයේ ලියාපදිංචියක් හෝ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව දැන් පැනනැගී තිබෙනවා.

එය කොහොමද කරන්නේ කියන කාරණය සම්බන්ධව රජය සමග අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ ගැන කරුණු සොයා බලා කටයුතු කරන්න කාර්ය සාධක බළකායක් පිහිටුවීම ගැනත් අපි යෝජනා කර තිබෙනවා.

5 ශ්‍රේණියේ පාසල් ප‍්‍රශ්ණ පත‍්‍රයේ අමු තිත්ත කුණුහරුප..?පසුගිය සඳුදා (22) අනුරාධපුර අධ්‍යාපන කලාපයේ 5 ශ්‍රේණියේ සිසුන් ...
24/07/2025

5 ශ්‍රේණියේ පාසල් ප‍්‍රශ්ණ පත‍්‍රයේ අමු තිත්ත කුණුහරුප..?

පසුගිය සඳුදා (22) අනුරාධපුර අධ්‍යාපන කලාපයේ 5 ශ්‍රේණියේ සිසුන් සඳහා බෙදා හරින ලද ශිෂ්‍යත්ව පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍රයක තිබූ මුද්‍රණ දෝෂයක් හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් අතර මහත් අපහසුතාවකට ඇති වූ බව ගුරුවරුන් පවසනවා.

ඉදිරි 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් සූදානම් කිරීමේ අරමුණින් නිකුත් කරන ලද මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍රය කලාපයේ සිසුන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් වෙත බෙදා හැර ඇත.

එලෙස මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සකස් කර විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති අතර, පසුව ඔවුන් විසින් එය මුද්‍රණය කර අදාළ පාසල් අතර බෙදා හැර තිබෙනවා.

සඳුදා උදෑසන සිසුන් ප්‍රශ්න පත්‍රය කියවීමට පටන් ගත් වහාම ඔවුන් නොසන්සුන් බවක් පෙන්නුම් කළ බව ගුරුවරුන් වාර්තා කර තිබුනා.

අනතුරුව අනාවරණය වූයේ ප්‍රශ්න පත්‍රයේ යතුරු ලියන දෝෂ කිහිපයක් අඩංගු වී ඇති අතර, විශේෂයෙන් 29 වන ප්‍රශ්නයේ නුසුදුසු සහ අසභ්‍ය වචන භාවිත කර ඇති බවයි.

ඒ, අනුව මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, කලාප අධ්‍යාපන කාර්යාලය විසින් දෝෂ නිවැරදි කිරීමට පියවර ගෙන ඇති අතර, බලපෑමට ලක් වූ පාසල් වෙත නැවත ප්‍රශ්න පත්‍රය නිකුත් කිරීමට කටයුතු කර ඇත.

අවුරුදු 10ක ආදරයක්අවුරුදු 6ක විවාහයක් එයාගේ කෙල්ල එක්කම යන්නම ගිහින්ලෝකේ හොදම පෙම්වතා ලෝකේ හොදම සැමියා ඔහුයි...සැබෑ ජීවි...
24/07/2025

අවුරුදු 10ක ආදරයක්
අවුරුදු 6ක විවාහයක්
එයාගේ කෙල්ල එක්කම යන්නම ගිහින්
ලෝකේ හොදම පෙම්වතා
ලෝකේ හොදම සැමියා ඔහුයි...
සැබෑ ජීවිතයේ සුරංගනා කතාවක්!
හදවතින්ම බිරිඳ තමන්ගේ කරගන්න පුලුවන්,
දරුවා බිරිඳ තමන්ගේ පවුල කරගන්න
හැමෝටම බෑ,
ඔහු නියම කොල්ලෙක්!
බිරිඳ වෙනුවෙන් සුරගංනා ලෝකයක් මවපු වීරයෙක්!
නිවන්සුවලැබේවා දෙන්නාටම!

දරුවා icu එකේ, නිරෝගී සුවයම පතමු!

නම දාන්නේ නැතුව දරුවා වෙනුවෙන් අශිර්වාද ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏

- copied -

සැගවී සිටින රත්තරංගේ දියණිගේ ගැන ගත විශේෂ තීන්දුවපාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඉදිරි දින කිහිපය තුළ ප...
24/07/2025

සැගවී සිටින රත්තරංගේ දියණිගේ ගැන ගත විශේෂ තීන්දුව

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඉදිරි දින කිහිපය තුළ පොලීසියට භාර නොවන්නේ නම්, ඇයට අයත් දේපල තහනම් කිරීමේ නියෝගයක් ලබා ගැනීමට පියවර ගන්නා බව පොලීසිය කරනවා.

එමෙන්ම නීතිවිරෝධී ලෙස ජීප් රථයක් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඇය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.

ඔවුන් රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ නමුත්, එම කිසිදු ස්ථානයක ඔවුන් නොසිටි බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ශාරුක් වෙනුවට රිතික් ලංකාවට..😮❤️ City of Dreams නැමැති මෙරට නවතම සාප්පු සංකීර්ණය විවෘත කිරීමට සුපිරි බොලිවුඩ් නලු ශාරුක්...
24/07/2025

ශාරුක් වෙනුවට රිතික් ලංකාවට..😮❤️

City of Dreams නැමැති මෙරට නවතම සාප්පු සංකීර්ණය විවෘත කිරීමට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටියා.

කෙසේ වෙතත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා ශාරුක් ඛාන්ගේ පැමිණීම සිදු නොවන බවට ඊට පසුව නිල වශයෙන්ම දැනුම් දුන්නා.

නමුත් දැන් මේ අවස්ථාවට පැමිණෙන්නට තවත් ජනප්‍රිය බොලිවුඩ් නලුවෙකු සූදානමින් සිටිනවා.

ඒ Krishh, Super 30, Koi Mil Gaya වැනි චිත්‍රපට තුළින් ඔබ ආදරය කළ ජනකාන්ත ඉන්දීය සිනමා නලුවෙකු වන රිතික් රෝශන්!!!

ඒ අනුව ‍රිතික් රෝශන් එළඹෙන අගෝස්තු 02 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර කොළඹ අලුතින්ම ඉදි වූ මෙම සාප්පු සංකීර්ණය ඔහුගේ සුරතින් විවෘත කිරීමටත් නියමිතයි.

පරණ ෆොටෝ ටිකක් බලමුද 😁අන්තිම වෙනකම් බලන්න එපා හැබැයි 😌- Copied -
23/07/2025

පරණ ෆොටෝ ටිකක් බලමුද 😁
අන්තිම වෙනකම් බලන්න එපා හැබැයි 😌

- Copied -

Eastern University (Trincomallee) 4th Year Student කෙනෙක් ගේ Laptop එකක් අද දිනා සාගරිකා දුම්රියේදී සොරා ගෙන තිබෙනවා.පහත...
23/07/2025

Eastern University (Trincomallee) 4th Year Student කෙනෙක් ගේ Laptop එකක් අද දිනා සාගරිකා දුම්රියේදී සොරා ගෙන තිබෙනවා.

පහත ආකාරයේ Dell i7 Laptop එකක් කලු පැහැති ලැප්ටොප් බෑගය සමඟ රත්මලාන දුම්රිය ස්ථානයේදී සාගරිකා දුම්රියේ තදබදය ඇති නිසා වාඩි වී සිටි තරුණයෙකුට ලබා දී ඇති අතර කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් බහින විටදී අදාළ ලැප්ටොප් එක බෑගය සමඟ සොරා ගෙන ඇත.

විශ්වවිද්‍යාල වාර්තා පොත සහ ලිපිගොනු කිහිපයක් දුම්රිය නියාමකවරයා හට දුම්රිය වාරය අවසානයේදී අසුනක් උඩ තිබී හමුවී ඇත.

මේ වන විට මරදාන දුම්රිය ස්ථානය සහ කොල්ලුපිටිය පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

අවසන් වසරේ විශ්ව විද්‍යාලීය සිසුවියක් වන ඇයගේ සියලුම වසර 4ක අධ්‍යාපනික දත්ත එහි ඇත. එමෙන්ම Pendrive දෙකක්ද බෑගය තුළ තිබී ඇත.
Wallpaper එකෙහි තිබී ඇත්තේ හඳුන්කූරූ දැල්වෙමින් පවතින පිංතූරයක්ය.

මෙම ලැප්ටොප් එක හමුවුවහොත් හෝ වෙනත් computer shop එකකට විකිණීමට ගෙන ආවොත් කරුණාකර පහත සඳහන් අංකයට දැනුවත් කිරීමක් කරන මෙම් ඉල්ලා සිටිමි.

Chathurika - 0789248667 / 0770122391

හැම කොල්ලටම හම්බෙන්න ඕනි මේ වගේ වයිෆ් කෙනෙක් 😍❤️Credit Always Goes to respective owner
23/07/2025

හැම කොල්ලටම හම්බෙන්න ඕනි මේ වගේ වයිෆ් කෙනෙක් 😍❤️

Credit Always Goes to respective owner

Address

Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when Hari Gossip News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hari Gossip News:

Share