Chanu Travels

Chanu Travels සොඳුරැ ඉසව් සොයා යන රස්තියාදුව ❤️🍀

31/12/2024
නකල්ස් කඳු පන්තියේ සුන්දර ඉසව්වක්‍, මානිගල කන්ඳ. 🏔☘️වෙලාව කියන කන්ඳ. කෙටියෙන්ම කිව්වොත් සුද්දගේ කාලේ කන්ද පහල වැඩ කරන ⁣ද...
15/07/2024

නකල්ස් කඳු පන්තියේ සුන්දර ඉසව්වක්‍, මානිගල කන්ඳ. 🏔☘️

වෙලාව කියන කන්ඳ. කෙටියෙන්ම කිව්වොත් සුද්දගේ කාලේ කන්ද පහල වැඩ කරන ⁣දමිල ජනතාවට වැඩ නතර කරන්න කියල තියෙන්නේ කන්දේ එක පසෙකින් තියන ගලට හෙවනැල්ල වැටුනම‍, ඒ කියන්නේ හවස 4-5 වෙලාවෙදි. දෙමලෙන් වැඩ නවත්තන වෙලාවට මනි කියල තමයි කියල තියෙන්නේ‍, ඒ විදිහට කාලයාගෙ ඇවෑමෙන් මනිගල මානිගල උනා කියල තමයි කියන්නේ. මේ කන්දට පහසුවෙන් යන්න පුලුවන් පාරවල් දෙකක් ගැන සදහන් කරන්නම්.

1. මාතලේ‍, රත්තොට හරහා රිවස්ටන් පාරෙ යන්න පුලුවන්. මානිගල කන්ද පහල තියෙන අන්තිම ගම ඇටන්වල ගමට තමයි මේ පාර යන්නේ. මාතලේ ඉදන් 37.8Km තියනවා.

2. අනිත් පාර තමයි ලග්ගල පැත්තේ ඉදන් එනවා නම් කළු ගඟ ජලාශයත් බලාගෙන තෙල්ගමු ඔය පහු කරගෙන ඇටන්වල ගමට යන පා⁣ර. ලග්ගල ඉදන් 28Km තියනවා.

ඇටන්වල ගම තියෙනනේ මානිගල කදු පාමුල. මේ කන්ද නගින්න ලේසිම ඇටන්වල ගමෙන්. ඇටන්වල ගමේ ගම්මුන් හෙල්මළු ක්‍රමයට කුඹුරැ වගා කරන එකත් මේ ගමට ගියාම බලාගන්න පුලුවන්. මුහුදු මට්ටමේ ඉදන් මීටර් 1127 උස මානිගල කන්ද නකල්ස් රක්ෂිතයේ තියන විවිධ ස්භාව සෞන්දර්යක් තියන රක්ෂිතයක්. කන්ද නගින්න පැය 2ක් වගේ කාලයක් යනවා. මේක විශේෂ වෙන්න හේතු ටික පහලින් දාන්නම්.

▪️ගල්පර ආශ්‍රිත වනාන්තර
▪️අතරමැදි කලාපීය වනාන්තර
▪️කුරැ වනාන්තර
▪️දිවියා‍, ගෝනා වැනි ක්ෂිරපායි සතුන් සහ සමනල් විශේෂ
▪️කඳුලැස්ස‍, වටැස්ස වැනි ආවේණික මාංෂ භක්ෂක ශාක
▪️නකල්ස් රක්ෂිතයට ආවේණික හීන්කොල ශාක
▪️වියළි පතන

කඳු තරණය කරන්න යන ඔයාලා එක් අයෙකුට රැ.125.00 මුදලක ටිකට් එකක් ගන්න ඕන. කෑම්පින් කරන්න උනත් පුලවන් අවසරයක් ඇතිව. කෑම සහ වතුර අරගෙන යන්න ඕන. කන්ද නැගල සුන්දරත්වය විදල ආපහු එන්න පැය 5ක වගේ කාලයක් හොදටම ප්‍රමාණවත්. යන අතරමග සහ ඉහලට ගියාම ඉහත සදහන් කරපු දේවල් බලාගන්න පුලුවන්.

⚠️ ඔයාලා යද්දි ගමේ ගෙවල් වල ඉන්න සුනඛයන් ඉහලට අරං යන්න එපා යන අතරමඟ දිවියන්ගෙන් තර්ජනයක් වෙන්න පුලුවන්.

✅ විෂේශයෙන් කියන්න තියෙන්නේ‍, ලස්සන තැන් විදින්න දකින්න අනාගතේටත් ඒ ලස්සන ඉතුරැ කරන්න‍, පා සටහන් විතරක් තියලා එන්න.

https://youtube.com/shorts/RcXYKE9Likg?si=_WNarVNtwkKSgotI

🖋 Chānu
2024.07.13 ගිය ගමනක්.

1948 සුද්දගේ නිදහස බලන්න අලග⁣ල්ලේ ගියපු අපේ ගමන. මුහුදු මට්ටමේ ඉදන් 1140m උස අලගල්ල කන්ද ටිකක් නගින්න අමාරැ කන්දක්. මේ ක...
07/07/2024

1948 සුද්දගේ නිදහස බලන්න අලග⁣ල්ලේ ගියපු අපේ ගමන.

මුහුදු මට්ටමේ ඉදන් 1140m උස අලගල්ල කන්ද ටිකක් නගින්න අමාරැ කන්දක්. මේ කන්දේ රක්ෂිතය අයිති වෙන්නේ හතරලියද්ද ප්‍රාදේශිකයට. සුද්දගෙන් 1948 නිදහස ලැබුනම ඒක බලන්න අවට ගම්මුන් මේ කන්දට නැග්ගා කියලා ජනප්‍රවාදයේ තියනවා‍. ඒකට හේතුව කොළඹ පැත්ත මේ කන්දේ මුදුනට පේන නිසා. ඉතින් මේ කන්දට යන්න පුලුවන් ලේසිම පාරවල් දෙකක් තියනවා.

1. නුවර පැත්තෙන්‍, කොළඹ පැත්තෙන් කොච්චියේ එනවා නම් ඉහල කොට්ටේ ස්ටේශන් එකෙන් බැහැලා යන්න පුලුවන්. කොච්චියේ එන අයට ලගම පාර තමයි මේ පාර.
2. අනිත් පාර තමයි නුවර - කොළඹ පාරේ කඩුගන්නාවෙන් පොත්තපිටි⁣ය පාරෙ ගිහින් පොත්තපිටිය බස් ස්ටෑන්ඩ් එක ලගින් උඩට තියන අලගල්ල තේ ෆැක්ටරිය පාරෙන් යන එක.

අපි ගියේ දෙවනි යට තියන පාරෙන්. මෙතනින් ගියාම ෆැක්ටරිය පාස් කරගෙන තේ වත්ත මැද්දෙන 2Km වගේ යන්න පුලුවන්. අන්තිමට තියන ගෙදරින් බයික් වල යනවනම් දාලා යන්න පුලුවන් වෙන වාහන වලනම් යන්න බෑ. එතන ඉදන් Hike එක ටිකක් වැඩි හැබැයි ගමන ඉක්මන්. ඒ පැත්තෙන් කන්ද නැග්ගම සිංහ කට ලගට තමයි මුලින්ම යන්නේ.

එතනින් ඉහලට නගින්න කඹයක් දාලා තිබුනත් ඒක කැඩෙන සුලුයි. අපේ ආත්ම විශ්වාසයෙන් පරිස්සමෙන් නගින්න ඕන. ටිකක් අපහසුයි. එතනින් ඉහලට ගියාම සුන්දර වටපිටාව ගමන් මහන්සිය නිවාගන්න පුලුවන්. ඉට පස්සේ කන්දේ අනිත් දිශාවට යන්න ඕන එතනට කියන්නේ පූජා ගල.

මේ ගමන යන්න කලින් රෑටන ගලෙන් බහින්න වෙනවා. එතනින් බහින එකනම් ගොඩක් අවදානම්. ඒ අවදානම අරං තමයි බහින්න ඕන. එතන ගල විදල කම්බියක් සවි කරල පහලට කඹයක් දාලා තිබුනත්‍, ඒක විශ්වාස කරන්න නම් අමාරැයි. ගොඩක් අය පාවිච්චි කරන නිසා එක ගලට මැදිලා කැ⁣ඩෙන්න තියන සම්භාවිතාවයනම් වැඩි. මෙතනදි ඉදගන රෑටලා තමයි යන්න ඕන. කලබලයක් නැතිව හෙමින් බැස්සොත් ඕන කෙනෙක්ට බහින්න පුලුවන්. ආත්ම විශ්වාසය තමයි ඕන.

එතනින් බැහැල 2km කැලේ මැදින් ගියාම පූජා ගලට එන්න පුලුවන්‍, එතන 2016 දි හදපු චෛත්‍යයක්‍ සමඟ බුදු මැදුරක් තියනවා. මෙතනට ආවාම මෙතනින් බැස්සොත් ඉහල කොට්ටේ දුම්රිය ස්ථානයට යන්නත් පුලුවන්‍, ආපු පාරෙම සිංහ කට ලගට ඇවිත් තේ ෆැක්ටරිය පැත්තෙනුත් බහින්න පුලුවන්.

විශේෂයෙන්ම කියන්න දෙයක් තියනවා‍, මේ වෙද්දිත් කන්ද මුදුනත පූජාගල අවට ප්ලාස්ටික් බෝතල්‍, පොලිතීන්‍, අරක්කු බෝතල්‍, බියර් ටින් වගේ දේවල් ගොඩක් තියනවා‍, ඒවා නිසා කන්ද මුදුන දැනටමත් අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඒකට හේතුව මෙතන කෑම්පින් කරන්න පුලුවන් හොද ආරක්ෂිත තැනක් නිසා. යන්න අයට කියන්න තියෙන්නේ‍, මේ වගේ ලස්සන තැන් අපවිත්‍ර කරන්න එපා‍.

විෂේශයෙන් කියන්න තියෙන්නේ‍, ලස්සන තැන් විදින්න දකින්න අනාගතේටත් ඒ ලස්සන ඉතුරැ කරන්න‍, පා සටහන් විතරක් තියලා එන්න.

🖋 Chānu
2024.05.09 ගිය ගමනක්.

ලංකාවේ පාරදීසයක් ඇතුලේ තියන දිය ඇල්ලක්. සේර ඇල්ල කිව්වම හැමෝම දන්න ලස්සන තැනක්. යන්න තියන පාර තමයි ලස්සනම පාර. මමත් දැකප...
30/06/2024

ලංකාවේ පාරදීසයක් ඇතුලේ තියන දිය ඇල්ලක්. සේර ඇල්ල කිව්වම හැමෝම දන්න ලස්සන තැනක්. යන්න තියන පාර තමයි ලස්සනම පාර. මමත් දැකපු ලංකාවේ ලස්සන පාරවල් වලින් එකක්, ඒ තමයි මාතලේ රත්තොට හරහා රිවස්ටන් යන පාර.

මේ දිය ඇල්ලේ තියෙන තවත් එක විශේෂත්වයක් තමයි මේකේ යටට ගිහින් අපිට වතුර වැටෙන විදිහ බලන්න පුලුවන්‍, පහලින් පොටෝ දාලා තියන්නම් ඒවත් බලන්න.

කෙටි හැදින්වීමකින් කියන්න හිතුවේ හැමෝම මේ ගැන දන්න නිසා. ඉතින් මේකට යන්න අපිට පාරවල් දෙකක් තියනවා.

1.එකක් තමයි හැමෝම දන්න මාතලේ ටවුන් එකෙන් රත්තොට හරහා යන පාර. මාතලේ ඉදන් 45Km යන්න ඕන. ඒ යද්දි බඹරකිරි ඇල්ල‍, රිවස්ටන්‍, පිටවල පතන මේ ලස්සන තැන් ටිකත් හම්බවෙනවා. සේර ඇල්ලට කලින් පුවක්පිටිය ඔය හම්බවෙනවා‍, ඒකෙන් තමයි මේ සේර ඇල්ල හැදිලා තියෙන්නේ.

2.අනිත් පාර තමයි නාඋල හන්දියේ ඉදන් ඇලහැර‍,පල්ලේගම‍,හෙට්ටිපොල පාර. මේ පාරෙන් යනවා නම් 63Km තියනවා. ටිකක් දුර වැඩි. හැබැයි මේ පාරෙත් ඔයාලට බලන්න තැන් තියනවා. නාඋල ඉදන් 24km ආවම මොරගහකන්ද ජලාශය තියනවා. ඊට පස්සේ එතන ඉදන් 23Km ආවම කළුගඟ ජලාශය තියනවා. එතන ඉදන් එද්දි තෙල්ගමු ඔය හම්බවෙනවා‍, මෙතනදි නාන්න‍, කන්න බොන්න උනත් පුලුවන්. එතන ඉදන් 16Km වගේ යද්දි සේර ඇල්ලට යන්න පුලුවන්.

මේ පාරවල් දෙක සහ මේ තැන් ටිකක් විතරයි තව තියනවා. අපිට දවසකින් වගේ මේ තැන් වලට යන්න පුලුවන් උනා. සේර ඇල්ලට ගියාම එතන ඉදන් එක ගමයි තියෙන්නේ. ගමෙන් පාර ඉවරයි කියල තමා ගමේ කෙනෙක් කිව්වේ.

පාරනම් ටිකක් හදන ගමන් තියන නිසා ගමන ටිකක් දුෂ්කරයි. ඉහත ලියපු පාරවල් දෙකෙන් අනිත් පැත්තට උනත් ඔයාලට යන්න පුලුවන්.

විෂේශයෙන් කියන්න තියෙන්නේ‍, ලස්සන තැන් විදින්න දකින්න අනාගතේටත් ඒ ලස්සන ඉතුරැ කරන්න පා සටහන් විතරක් තියලා එන්න.

🖋 Chānu
2024.02.23 ගිය ගමනක්.

📸 Supun Sandaruwan photography

නිකවැව නාගල රජ මහා විහාරයතවත් එක ලස්සන පරිසරයක තියන ප්‍රසිද්ධ නැති තැනක් තමයි නිකවැව නාගල රජ මහා විහාරය කියන්නේ. මෙතන කන...
23/06/2024

නිකවැව නාගල රජ මහා විහාරය

තවත් එක ලස්සන පරිසරයක තියන ප්‍රසිද්ධ නැති තැනක් තමයි නිකවැව නාගල රජ මහා විහාරය කියන්නේ. මෙතන කන්ද පාමුල පන්සල තියනවා‍, කන්දේ උඩටම යන්න පුලුවන් විදිහට ගල් පඩි වලින් හදලා තියෙන්නේ. ඉහලට ගියාම සුන්දර වටපිටාවක් බලාගන්න පුලුවන්. මේ පන්සල සහ මේ පැත්ත වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙලවරකට තමා මායිම් වෙලා තියෙන්නේ‍, ඒ කියන්නේ උතුරැමැද අනුරාධපුර දිස්ත්‍රික්කයේත් කෙලවරක් වෙනවා. ඒ වගේම මේ පන්සල ගැන ඉතිහාහස සහ මේක අයත් යුගය වගේ විස්තර එතනට ගිහින්ම බලාගන්න පුලුවන්. යන ගමන් මාර්ග කෙටියෙන් පහලින් දාන්නම්.

මේ පන්සලට එන්න පාරවල් කිහිපයක් තියනවා‍,
1. අනුරාධපුර පැත්තේ ඉදන් එනවා නම් එප්පාවලට ඇවිත් ඇඳගල හන්දියෙන් බුල්නෑව පාරෙ ඇවිත් බුල්නෑව ඉදන් මඩගල්ල පාරේ තමයි එන්න ඕන. සාමාන්‍යයෙන් 60Km වගේ තියෙයි. අතුරැ පාරවල් තියනවා දන්න අයට ඒ පාරවල් වලින් එන්න පුලුවන්
2. කුරැණැගල පැත්තේ ඉදන් එනවා නම් හිරිපිටිය‍, පොල්පිතිගම පහු කරලා මඩගල්ලට ඇවිත් එන්න පුලුවන්. 57 ඇල්ල පාරෙන් එනවා නම් දළදාගමට ඇවිත් මහව පහු කරලා මඩගල්ලට ඇවිත් එන්න පුලුවන්. 50Km වගේ දුරක් තියේවි.

මේ පන්සලට තව එන්න පාරවල් තියනවා විශේෂ වගේ හිතෙන පාරවල් දෙකක් තමයි දැම්මේ.

විශේෂම කාරණාවක් තියනවා මේ පන්සලට ඇවිත් කන්දට නගින්න දෙන්නේ පෝය දවසට විතරයි. අපිත් දවසක ගිහින් අපිට පන්සලෙන් අවසර දුන්නේ නැහැ. ඒ නිසා අපි පෝය දවසක තමයි ගියේ. ⁣

ඔයාලා යාපහුව වගේ බලන්න එන දවසකට මේ කන්දටත් නැගලම යන්න යාපහුව ඉදන් මෙතනට 17Km වගේ තියෙන්නේ.

ඓතිහාසික වටිනාකමක් තියන තැනක්. පා සටහන් පමණක් තියල එන්න කියල තමයි කියන්න තියෙන්නේ. පැය 3ක වගේ ගමනක්‍. පරිස්සමෙන් ගිහින් ලස්සන බලලා සුන්දරත්වය විදලා එන්න.

🖋 Chānu
2024.05.23 ගිය ගමනක්.

📸 Supun Sandaruwan photography

පුලතිසිපුර‍ සුන්දර දානිගල තරණයAlien Mountain හැමෝම කියන්න කැමති එහෙම‍, ජනප්‍රවාද කියන විදිහට පිටසක්වල ජීවින් පැමිණියා යැ...
17/06/2024

පුලතිසිපුර‍ සුන්දර දානිගල තරණය

Alien Mountain හැමෝම කියන්න කැමති එහෙම‍, ජනප්‍රවාද කියන විදිහට පිටසක්වල ජීවින් පැමිණියා යැයි කියන සුන්දර පිහිටීමක් තියන කන්දක් තමයි මේ.

මේක තියෙන්නේ පොලොන්නරුව දිඹුලාගල ප්‍රාදේශිකයට අයත් ප්‍රදේශයේ ලස්සන තැන් දකින්න කැමති අයට යන පාර සහ විස්තරයක් අත්දැකීමෙන් කෙටියෙන්ම ලියන්නම්.

අනුරාධපුර‍, ත්‍රිකුණාමලය‍, කුරුණෑගල පැත්තේ ඉදන් එනවා නම් හබරණ ට ඇවිත් පොලොන්නරුව‍, මනම්පිටිය පාලම පහු කරන් ආවාම මඩකලපු හංදියට 61Km තියනවා. එතනින් දකුණට හරවලා දිඹුලාගල අරලගංවිල පහු කරගන 31Km එද්දි දානිගල කන්ද පහල තියන පන්සලට එන්න පුලුවන්.

කන්ද පාමුල පන්සලේ ලොකු හාමුදුරුවෝ දැනුවත් කරල Guied කෙනෙක් එක්ක තමයි යන්න කියන්නේ‍, අපිත් එහම තමයි ගියේ. සමහර දවස් වලට Special Force එකේ Training එකට දානිගල කන්ද පාවිච්චි කරනවා කියලත් කිව්වා‍, ඒ දවස් වලටනම් මේ කන්ද තරණය කරන්න නොදෙන බව තමයි කිව්වේ. ඒ දේවලුත් දැනගෙන කන්ද තරණය කරන්න යන එක හොදයි. වතුර සහ කෑම අරන යන්න ඒත් පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් ආපහු අරගෙන එන්න වග බලාගන්න.

කන්දේ ඉහලට ගියාම එක ඉසව්වකින් දිඹුලාගල කන්ද සහ ඊට පහලින් පිඹුරත්තෑව වැව පේනවා. අනෙක් පසින් මාදුරැ ඔය රක්ෂිතය සහ ජලාශය පේනවා. උතුරැ මැද පළාතේ අවසානයක සහ නැගෙනහිර පලාතේ ආරම්භයකට මායිම් වෙලා තියන දානිගල වියලි කලාපයේ ලස්සන සොදුරැ ඉසව්වක්. ඉතින් තවත් එක් බෑවුමක පහලට ගියාම රෑපාක්ෂර තියන ගල් දෙබොක්කාවක් තියනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න යන්න. පා සටහන් පමණක් තියලා එන්න‍, තව සංචාරේ යන අයටත් යන්න පුලුවන් විදහේ වටපිටාවක් හදන්න වග බලාගන්න.

යාලුවන්ගේ දැනගැනීම පිණිස සහ ඉල්ලීම මත ජීවිතේ පලමු වතාවට මෙම ආකාරයේ ලිපියක් ලියූ බව කරැණාවෙන් දැනුම් දෙමි.

✍️ Chānu
2024.05.15 ගිය ගමනක්

📸 Supun Sandaruwan photography

02/12/2019

Address

Rajangane
50240

Alerts

Be the first to know and let us send you an email when Chanu Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share