රඹුක්කන අභිමානය

රඹුක්කන අභිමානය Advertisement,tourism ,Business and Events promotions

අසිරිමත් පොසොන් පොහොය දිනයේ බෞද්ධ වටිනාකම★අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අර...
09/06/2025

අසිරිමත් පොසොන් පොහොය දිනයේ බෞද්ධ වටිනාකම

★අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.

★ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.

★බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.

★දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.

★සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.

සිරිලක තුළ බුදුදහම ආගමක්‌ ලෙස ස්‌ථාපිත වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. මහින්දාගමනයට පෙර පැවතියේ විවිධ ඇදහීම් සහ විශ්වාස පමණි. ගස්‌ ගල් පර්වත වන්දනාමාන කිරීම, මළවුන් ඇදහීම වැනි ක්‍රියාවන්ට හුරුව සිටි ජනයා ඒවාට නැඹුරු වූයේ අනවබෝධයෙනි. අර්ථශූන්‍ය ඇදහිලි සහ විශ්වාස අර්ථවත් බෞද්ධාගමික වත්පිළිවෙත් බවට පරිවර්තනය කිරීමට බුදුදහම සමත්විය. මිථ්‍යාදෘෂ්ටික ඇදහිලි සහ විශ්වාස වෙනුවට බුදුන්, දහම්, සඟුන් යන ත්‍රිවිධ රත්නය සරණගිය බෞද්ධයන් බිහිවූවේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. පර්වතවලට වන්දනා කළ වැසියෝ සර්වඥ ධාතු තැන්පත් කළ දාගැබ් වන්දනාවට හුරු වූහ. වෘක්‌ෂ වන්දනාවට නැඹුරු වූ ඔවුහු බුදුරජාණන් වහන්සේට බුදුවීමට පිටදුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනා කළහ. මළවුන් ඇදහීම වෙනුවට මියගිය ඥාතීන්ට පිං අනුමෝදන් කළහ. බෝධි වන්දනය ආශ්‍රිතව බෝධිපූජා පින්කම් ද, බුද්ධ ප්‍රතිමා වන්දනය ආශ්‍රිතව බුද්ධ පූජා පින්කම් ද ආරම්භ විය. මහින්දාගමනයෙන් උරුම වු බුදුදහම ශ්‍රී ලංකාව තුළ ප්‍රතිෂ්ඨාපනය වීමෙන් ලක්‌වැසියෝ ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ වූහ.
- Sri Dalada Maligawa page -

සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏

රඹුක්කනට ඡනතා සේවයක් කලේ කවුද..? කරයි කියලා හිතන්න පුලුවන්ද කවුද ..?
09/06/2025

රඹුක්කනට ඡනතා සේවයක් කලේ කවුද..?
කරයි කියලා හිතන්න පුලුවන්ද කවුද ..?

හැමෝටම අමාරු කාලෙක රට පුරාම දන්සල් සංවිධානය කල හා ඒ සදහා උදව් උපකාර කල සියලුදෙනාටම බොහෝම පිං 🙏
09/06/2025

හැමෝටම අමාරු කාලෙක රට පුරාම දන්සල් සංවිධානය කල හා ඒ සදහා උදව් උපකාර කල සියලුදෙනාටම බොහෝම පිං 🙏

මලියදේව මහරහතන් වහන්සේට සෙවණ දුන් පදවිගම්පළ ශිලා මඤ්චයසබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සිට වයඹ දිසාවෙන් පිහිටි...
09/06/2025

මලියදේව මහරහතන් වහන්සේට සෙවණ දුන් පදවිගම්පළ ශිලා මඤ්චය

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සිට වයඹ දිසාවෙන් පිහිටි සුන්දර ගම්මානයක් වන්නේ පදවිය ගම්පොළ හෙවත් පදවිගම්පළයි. කිණිගොඩ කෝරළයේ වල්ගම්පත්තුව දැලිවල වසමට අයත් වූ මෙම සුන්දර ගම්මානය ලක්දිව පුරා පසිඳු වූයේ එහිපිහිටි ශෛලමය ගෘහ නිර්මාණයක් හේතුවෙනි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන මනරම් වූ ශිලා මඤ්චය එම අගනා නිර්මාණය යි.

රඹුක්කන, වල්ගම බස් මාර්ගයේ දෙවන සැතපුම් කණුව පසුකර යාර කිහිපයක් ගිය විට වම්පසින් හමුවන කොරහැත්ත - දඹුල්ල පාරේ සැතපුමක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම්පසින් මෙම ‘පදවිගම්පොළ ශිලා මඤ්චය’ හමුවේ.

මෑත අතීතයේ ප්‍රථමයෙන්ම මෙම ශිලා මඤ්චය සොයාගෙන ඒ පිළිබඳව වාර්තා කොට ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊ ලුවිස් මහතා විසිනි. අනතුරුව ඒ.එම්. හෝකාර්ට් මහතා විසින් මෙය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් විශේෂ ආකෘතියක් ලෙස හඳුනා ගන්නා ලදී. ප්‍රාග් ඓතිහාසික සාධක බොහෝ සෙයින් ලංකාභූමියෙන් හමුවී ඇතත් මෙය ඉතා දියුණු පරිකල්පණ ශක්තියක් සහිතව කළ යුතු නිර්මාණයක් සේ සැලකෙයි.

ගම්වැසියන් විසින් මෙය ‘පදවියගම්පොළ ගල් මැස්ස’ නමින් සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනු ලබයි. පදවිගම්පලට එම නාමය ලැබීමට පසුබිම්ව ඇත්තේ ගල්මැස්ස ආශි‍්‍රත කථා පුවතයි. මෙම ශිලා ස්මාරකය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේයැයි හැඟෙන බැවින් ජනශ්‍රැතියෙන් හා පුරාවිද්‍යා වාර්තාවන්ගෙන් හැර අනෙක් මූලාශ්‍රාවලින් ලත් කරුණු දුර්ලභය. අතීත ලක්දිව විසූ ගැමි ජනතාවගේ විශ්වාසය අනුව මෙම ශිලා මඤචය හා ලක්දිව වැඩවිසූ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ පිළිබඳ පුරාවෘත්තයක් ගොඩනැගී ඇත. එනම්, දිනක් මලියදේව මහරහතන් වහන්සේ අනුරාධපුරයේ සිට පොල්ගහවෙල හරහා වට්ටාරමට වඩින අතරමග දී හදිසියේ අඇදහැලුනු මහ වර්ෂාවක් නිසා අසල පිහිටි බෝරුක් සෙවනකට වැඩමකළ බවත් එහිදී මෙම ශිලා මඤචය උන්වහන්සේ හට සෙවන සැලසූ බවත්ය. ශිලාමඤචයට වම් පසින් ඒ අසලම වූ බෝධිවෘක්ෂය ඒ හා සමකාලීන බවටද සාධක ඇත.

උතුම් වූ මහරහතන් වහන්සේ නමකට සෙවනදීම නිසාාමහත් වූ පදවිඩක් ලද බැවින් මෙය පදවිගම්පල ශිලා මඤචය වූ බව පැරණි ගම්වැසියන්ගේ මතයයි. එයට පෙර මෙම ගම ‘වැල්ලාරගොඩ’ හෙවත් පහල ගම්පළ නමින් ව්‍යවහාර වූ බවට සාධක ඇත. මලියදේව මහරහතන් වහන්සේ ගිමන් හැර නැවතී සිටීමෙන් හා උන්වහන්සේගේ පැමිණීමෙන් ශුද්ධ භූමියක් බවට පත්වූ පසු මෙම ගල්මැස්ස බෞද්ධ ජනතාවගේ් පූජනීය ස්ථානයක් බවට පත්වු බව කියැවේ.

මෙම සිදුවීමෙන් පසු අවට ගම්මාන කිහිපය කද නාමයන් වෙනස්වීම් වලට භාජනය විය. මලියදේව මහරහතන් වහන්සේ පදවිගම්පළ වැඩසිටි කාලය තුළ උන්වහන්සේ හට මුල්ම දානය පිරිනැමු ගම,, මහා දානයක් දුන්ගම බැවින් ‘මාදන’ විය.

උන්වහන්සේ වෙත පමා වී දානයක් ගෙන ආ ගම, දානෙන් පසුව යන අරුත ඇතිව ‘දාහෙන් පහුව‘ යන නමින් ව්‍යවහාර විය. මලියදේව මහ රහතන් වහන්සේ දන් වළඳා ඉතිරි වූ දේ දැමූ ස්ථානය ‘දං මඩිත්තිය වත්ත’ ලෙස හැඳින්වූ බවටද සාධක ඇත. පාරම්පරික ගැමියන් අතර වර්තමානයේද මෙම ස්ථානය පිළිබඳ දැඩි භක්තියක්’ හා ගෞරවයක් පවතී. ‘මලියදේව ගුහාරාමය’ යනුවෙන් මෙම ගල්මැස්ස ව්‍යවහාර වන බව ඒ එම් හෝකාර්ට් මහතා විසින්ද සඳහන් කොට ඇත.

ගැමිජන විශ්වාසය අනුව ශිලාමඤචය අසල වූ බෝධින්වහන්සේට පරිවාර බෝධීන් වහන්සේ සතරක්ද වූ අතර ප්‍රධාන බෝධින්වහන්සේ ඔවුන්ගේ ඉෂ්ට දේවතාවකුª බඳු විය. මෙම සියලු ගැමි ජන විශ්වාසයන් හා වෘත්තාන්තයන් වලින් අනාවරණය වන්නේ පදවි ගම්පල ශිලා මඤචය හා බෞද්ධාගමික සිදුවීම් අතර කිසියම් සමීප සබඳතාවයක් පැවැති බවයි.

මෙයින් අඩසියවසකට පෙර ගල්මැස්ස සමීපයේ පුද්ගලික කැණීමකින් හෙලි වී ඇත්තේ ගල් පියස්සේ සිරස් ගල්කණු අඩි දහයකටත් වඩා ගැඹුරට පොළව යට වැළලී ඇති බවයි. ඒ අනුව මෙම ගල්මැස්ස අතීතයේ වඩා වැඩි උසකින් දෘෂ්‍යමාන වූ අතර විවිධ දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ට බඳුන්ව ක්‍රමයෙන් පොළොව යටට ගිලා බසින බව නිගමනය කළ හැකිය.

මෙම ශිලා ස්මාරකය නිර්මාණය කොට ඇත්තේ සිරස් ගල් පුවරු තුනක් මත සෙවිලි කරන සේ යෙදූ දිගටි ගල් පතුරකිනි. ස්මාරකය දකුණට මදක් ඇල වී ඇත. ගල්පුවරු සාමාන්‍යයෙන් ඔපමට්ටම් කොට ඇත. ශිලා මඤචයේ ඇතුලත අඩි 11 6 1/2 ක පමණ ඉඩ ප්‍රමාණයක් ඇත. උතුරු පැත්තෙහි දොරටුවක් බඳු විවරයකි. නිර්මාණය කළ කාලය මෙන්ම නිර්මාණ ශිල්පීන්ද අවිනිශ්චිතය.

මෙම පදවිගම්පොල ශිලා මඤචට බටහිර දෙසින් කොස්කන්ද නම් වූ කඳුගැටයකි. එහි බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියැවුනු අක්ෂර සහිත සෙල්ලිපි වලින් යුතු ගුහා කීපයකි. ඉන් එක් ලිපියක මෙසේ ලියැවී ඇත.

‘නපති උපශක රකි පුත බති තිශහ ලෙණෙ
අගත අනගත චතුදිශ ශගශ’

මෙයින් ගම්‍ය වන්නේ මෙම සෙල්ලිපිය සහිත ලෙන බෞද්ධ පවුලක් විසින් සිව්දිගින් වැඩි නොවැඩි මහ ස¼ඟරුවනට පිදූ බවයි. එහි සිවිලිමට පහලින් ඉබ්බෙකුගේ සංකේතයක් කොටා ඇති අයුරු දක්නට ලැබෙයි. එම ගුහාවේම බටහිර පැත්තේ කටාරමට යටින් තවත් සෙල් ලිපියකි.

‘පරුමක රොක පුත පරුමක තිශ පුත
පරුමක ශදිලශ ලෙණෙ අගත අනගත
චතුදිශ ශගශ’

එයින් කියැවෙන්නේ කටාරමට යටින් වූ ගල්ලෙන ප්‍රභූ පවුලක් විසින් මහ සඟරුවනට පූජා කළ බවයි. එම ගුහාව පසුකර කඳු මුදුනට ගමන්ගත් විට ලංලංව පිහිටි තවත් ගුහා කිහිපයක් හමුවේ. ඉන් එක් ගුහාවක කටාරමට යටින් බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් ලියැවුණු අපැහැදිලි ශිලා ලේඛනයකි.

‘....... පුත රකිතශ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ’ මෙයින් අර්ථවත් වූයේ රකිතශ නම් බෞද්ධ පුත්‍රයාගේ ලෙන මහ සඟරුවන වෙත පිදූ බවයි.

මෙම සියලු ලෙන් ලිපිවල අක්ෂරවල ස්වභාවය අනුව ඒවා ක්‍රි.පූ 3 - ක්‍රි.ව 1 දක්වා කාලය තුළ ලියැවී ඇති බව අනුමාන කළ හැකිය. අතීතයේ මෙම ගුහා සංකීර්ණය සංඝාවාසයක් ලෙස භාවිතා වන්නට ඇත. ජනප්‍රවාදයනට අනුව වළගම්බා රජු මෙම ලෙන්වල සැගවී සිටි බවද අනාවරණය වී ඇත.

පදවිගම්පළ ශිලා මඤචයෙහි ප්‍රභවය පිළිබඳව තහවුරු කිරීමට ප්‍රමාණවත් වූ මූලාශ්‍ර දුර්ලභ උවත් කඳුගැටයේ ඇති ශිලා ලේඛනයන්ගෙන් පැහැදිලි වන්නේ බුදු දහම කේන්ද්‍රස්ථානය වූ පරිසරයක් ඒ ආශි‍්‍රතව ගොඩනැගී තිබූ බවයි. බෞද්ධ උරුමයේ මෙවැනි ස්මාරක රැතගැනීම අප සතු යුතුකමකි.

රඹුක්කන අශෝක බෝධිරජාරාම විහාරය (රඹුක්කන බෝධිය)
09/06/2025

රඹුක්කන අශෝක බෝධිරජාරාම විහාරය (රඹුක්කන බෝධිය)

පින්නවල අමා දහර මහමෙව්නාව භාවනා අසපුව
09/06/2025

පින්නවල අමා දහර මහමෙව්නාව භාවනා අසපුව

දැලිවල කොටවෙහෙර-රඹුක්කන 2002 වර්ෂයේදී මෙම චෛත්‍යයේ සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ දහ අටක මුදලක් පුරාවිද්‍යා දෙපාර්තමේන...
09/06/2025

දැලිවල කොටවෙහෙර-රඹුක්කන

2002 වර්ෂයේදී මෙම චෛත්‍යයේ සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ දහ අටක මුදලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වෙන් වූවා.ඊට පසුව එහි ඉදිකිරීම් හෝ සංරක්ෂණ කටයුතු පිළිබදව කිසිවකුගේ සැලකිය යුතු අවධානයක් යොමු වූවේ නැහැ.මෙම වසරේ ජාතික වෙසක් උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවතියත් ඒ අවස්ථාවේදී හෝ මෙම ඓතිහාසික වටිනාකමකින් යුක්ත දැලිවල කොටවෙහෙර පිළිබදව බලධාරින්ගේ අවධානය යොමු නොවීම පිළිබදව අප කණගාටු වෙනවා" යනුවෙන් පැවසූහ.

මේ පිළිබදව අදහස් දක්වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමුව පළාත් සහකාර අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"දැලිවල චෛත්‍යය සංරක්ෂණය කර යළි ඉදිකිරීමට රුපියල් කෝටි හයකට අධික මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.දැනට සිදුකෙරෙන්නේ වාර්ෂිකව රුපියල් ලක්ෂ දහයක්,දොළහක් පමණ ලැබෙන මුදලින් අනිකුත් පුරාවිද්‍යා ස්ථානවල සංරක්ෂණය සමග මෙම කටයුතු සිදු කිරීමයි.

වාස්තු විද්‍යා සංරක්ෂණය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු බහු විධ කාර්යයන්ගෙන් එක් වැඩ කොටසක් පමණයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වෙන්වන ප්‍රතිපාදනවලට අමතරව වාස්තු විද්‍යා සංරක්ෂණයට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් දායකත්වයක් ලැබෙනවා.එලෙස වාර්ෂිකව වෙන්වන මුදල් ප්‍රමාණය අනුවයි මෙම ඉදිකිරීම් සදහා මුදල් ලබාදෙන්නේ.

පුරාවස්තු හිමිකරුවන් අකමැතිනම් ඒවා කෞතුකාගාරයට ගෙන යාමට බැහැ.පාරම්පරිකව හිමිවූ පුරාවස්තු හා ස්මාරක වැනි විහාරස්ථාන සහ පුද්ගලයන් සතු පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් චංචල පුරාවස්තු ලේඛනගත කිරීමේ වැඩ සටහන යටතේ ලේඛනගත කිරීමට කටයුතු යොදා තිබෙන්නේ එනිසයි.

පුරාවිද්‍යා කැණීම්වලින් හමුවන පුරාවස්තූන් ඒවා හමුවූ පමණින්ම කෞතුකාගාරයට ගෙන යා යුතුයැයි න්‍යායක් නැහැ.නමුත් පෞද්ගලික ඉඩමකින් වලක් කැපීමක් වැනි අවස්ථාවකදී හෝ පුරා වස්තූන් හමුවුවහොත් ඒවා රජය සතුයි.එවැනි පුරාවස්තු සන්තකයේ තබාගැනීම ද නීතිවිරෝධි ක්‍රියාවක්.

දැලිවල කොටවෙහෙරින් හමුවූ පුරාවස්තු මහජන ප්‍රදර්ශනය සදහා ‍එහි කෞතුකාගාරයක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා දැලිවල විහාරස්ථානය යම් එකගතාවයකට පැමිණ තිබුණා.නමුත් එම කෞතුකාගාරයේ ඉදිකිරීම්වල යම් ප්‍රමාදයක් සිදුවී තිබෙනවා.දැනට මෙම පුරාවස්තූන් විහාරාධිපති හිමියන් හා විහාරස්ථ දායක සභාවේ රැකවරණය යටතේ පවතිනවා"යැයි පැවසීය.

මෙම චෛත්‍යය යළි ඉදිකිරීම සදහා අනුග්‍රහය ලබාදීමට ද යම්කිසි පිරිසක් එකගව ඇති බව දැනගන්න ඇතැයි කී මදුරප්පෙරුම මහතා එසේ ඉදිකිරීමක් සිදුකෙරෙනවා නම් විහාරාධිපති හිමියන් ප්‍රමුඛ දායක සභාවත්,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක මතයකට පැමිණ ඉදිකිරීම් පිළිබදව අවසන් තීරණයකට එළඹිය යුතු බව ප්‍රකාශ කළේය.

විහාරස්ථානය සමීපයේ පිහිටි පදවිගම්පල ගල්ලෙන් පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට ‍වසර කීපයකට පෙර ගවේෂණයක් සිදුකර ඇතත්,එවැනි වාර්තාවක් මෙතෙක් මුද්‍රණය කර නැතැයි කී ඒ මහතා මෙවැනි ගවේෂණ කටයුතු සදහා මෙම වර්ෂයට මුදල් වෙන්වී නැති බැවින් ඉදිරියේදී ගවේෂණයක් සිදු කර මෙම ගල්ලෙන් පිළිබදව විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද,එවිට වැළලී ඇති අතීත තොරතුරු යම් ප්‍රමාණයක් හෝ අනාවරණය කර ගැනීමට හැකිවේයැයිද විශ්වාසය පළකළේය.

(ශ්‍රී ලංකා පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික ධර්මපාල කහදවආරච්චි මහතාට විශේෂ ස්තුතිය හිමි වේ.)

සැ:යු :- මෙහි සටහන සහ ඡායාරූප මුල් අයතිකරුවන් සතුය

කැලෑ දඹුල්ල විහාරයඋඩගල්දෙනිය,රඹුක්කන,කෑගල්ල ============================දැලිවලට සැතපුම් එකහමාරක් පමණ දකුණින් පිහිටි (කැල...
09/06/2025

කැලෑ දඹුල්ල විහාරය
උඩගල්දෙනිය,රඹුක්කන,කෑගල්ල
============================

දැලිවලට සැතපුම් එකහමාරක් පමණ දකුණින් පිහිටි (කැලෑ) දඹුල්ල ලෙනට පිවිසීමට පොළව මට්ටමේ සිට ගල්පඩි 350 ක් පමණ නැග යා යුතු ය. මුල දී මෙම ස්ථානය වළගම්බාවන්ට(කි.පූ 103, 89-77) සෙවන ලබා දුන් බවට ජනප්‍රවාදයේ සැලකෙයි. ඉන් පසු යුගයේදී මෙම ස්ථානය වඩාත් ප්‍රචලිත වන්නෙ මහනුවර යුගයේ කීර්තී ශ්‍රී රාජසිංහ රජ (ක්‍රි.ව 1747-1782) සමයේදී ය.එතුමන් විසින් මෙම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් සිදු කල මෙහෙයන් පිළිඹඳ නුවර යුගයේදී රචිත සංඝරාජ සාධුචරියා නම් කෘතියෙහි සඳහන්වෙන අතර මේ පිළිඹඳව එච්.සී.පී. බෙල් මහතා විසින්ද කැගලු වාර්තාවෙහි ද සඳහන් කොට ඇත. එසේම රජ වාසල නියමයෙන් ශක වර්ෂ 1668 දී (ක්‍රි.ව. 1746) දී සතර කෝරලයේ ලෙව්කේ දිසාව විසින් සිදුකිරීමට යෙදුණු කුඹුරු ඉඩම් පිළිඹඳ ප්‍රධානයක් සම්භන්ධ තොරතුරු ද ඒ අතර වෙයි.සතර කෝරළයේ අසහාය ජාතික වීරයෙක් වන ලෙව්කේ දිසාව විසින් කරවන ලද දිගින් අඩි 48 අඟල් 3 හා උරහිස් දෙක අතර අඩි 11 අඟල් 7 උස් වන සේ සෑද වූ සැතැපෙන පිළිමයකි. එය ලංකාවේ විශාල ම හොත් පිළිමය ලෙස සැලකේ. ලෙනන් චිත්‍ර සැරසිලි ඉතා කලාත්මක අයුරින් සිදු කර ඇත්තේ දෙවරගම්පොළ සිල්වත් තැන බව කියැවේ. විහාරයට සම්බන්ධ සිරිපතුල හා ඇතුබැඳි ලෙනේ ආරක්ෂාව මීට වඩා හොඳින් නොසැලසුවහොත් එය ද විනාශ වී යාමට ඇති ඉඩකඩ බොහෝ ය.

උපුටා ගැනීම් -
📌සබරගමුව වංශ කතාව - විහාරස්ථානය පිළිඹඳ ලිපිය -එම්.ඩී.එම්.එස්.යටවර
📌https://amazinglanka.com/wp/kele-dambulla/
📌එච්. සී. පී. බෙල් මහතා විසින් සම්පාදිත "කෑගලු වාර්ථාව" - Bell, H.C.P., 1904. Report on the Kegalle District of the Province of Sabaragamuwa. Archaeological Survey of Ceylon: XIX-1892. Government Press, Sri Lanka. pp.38-39.
📌සබරගමුව උරුමය කෘතිය - එච්.ඒ.පී. අභයවර්ධන මහතා - 2002. Heritage of Sabaragamuwa: Major natural, cultural and historic sites. Sabaragamuwa Development Bank and The Central Bank of Sri Lanka. ISBN: 955-575-077-7. pp.84-85.

සැ:යු :- ඡායාරූප සහ සටහන මුල් අයිතියි කරුවන් සතුය.

09/06/2025
රඹුක්කන ප්‍රදේශයේ විහාරස්ථානය මූලික කරගනිමින් පොසොන් පොහොය නිමිතිකොටගෙන පැවැත්වීමට නියමිත පිංකම් වැඩසටහන් කීපයක්.
09/06/2025

රඹුක්කන ප්‍රදේශයේ විහාරස්ථානය මූලික කරගනිමින් පොසොන් පොහොය නිමිතිකොටගෙන පැවැත්වීමට නියමිත පිංකම් වැඩසටහන් කීපයක්.

No-02
08/06/2025

No-02

ප්‍රචාරක කටයුතු වලට පුද්ගලික මුදල් වියදම් කරගෙන දිවා රෑ නොබලා මැතිවරණයට වෙහෙස මහන්සි උන මිනිස්සුන්ට මෙහෙම කරන එක හරිද......
08/06/2025

ප්‍රචාරක කටයුතු වලට පුද්ගලික මුදල් වියදම් කරගෙන දිවා රෑ නොබලා මැතිවරණයට වෙහෙස මහන්සි උන මිනිස්සුන්ට මෙහෙම කරන එක හරිද...?

Address

Rambukkana

Alerts

Be the first to know and let us send you an email when රඹුක්කන අභිමානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රඹුක්කන අභිමානය:

Share