Ratnapura News - රත්නපුර නිවුස්

Ratnapura News - රත්නපුර නිවුස් පුවත්, කාලීන තොරතුරු ඔබට ගෙන ඒම අපේ අරමුණයි

18/09/2025

රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග අතුරින් සුන්දරතම මාර්ගයක් වන රක්වාන සූරියකන්ද වංගු 10 පාර...

රත්නපුර සිට දැන් ඔබට පැයක පමණ කාලයකින් මෙම සුන්දරත්වය විද ගැනීමට පැමිණිය හැකිය.

සුන්දර නුවරඑළිය හා සමාන රත්නපුර දිස්ත්‍රික්කයේ පුංචි ස්විට්සර්ලන්තයේ අසිරිය විදින්න ඔබත් එන්න...

Video -: Rupavahini News

#වංගු10 #සූරියකන්ද #පුංචිස්විස්ටර්ලන්තය

බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ...කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්‍ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර ...
07/09/2025

බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ...

කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්‍ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ දිනකයි.

මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීමද මෙම උතුම් පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සදහන් වේ.

පසුව යසෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපතී ගෝතමිය වෙත පැමිණ පැවිදි භාවය ලබාගත් බව සදහන්ය.

ඒ අනුව භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා ලෙස සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් වන්නේ ද බිනර පොහෝ දිනයේයි.

අෂ්ඨගරු ධර්ම බුදුන් වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් එය මහා ප්‍රජාපතී ගෝතමී දේවියට පහදා දීමෙන් පසු ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දීම ද මෙම උතුම් පොහෝ දිනයේ දී සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ සදහන් වන්නේ.

තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ගිරිහඩු සෑය ඉදිකිරීමත්, බුදුරාජාණාන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑරදුන් ඉදිකිරීමත් අද වැනි බිනර පොහොදිනක සිදුව තිබිම විශේෂත්වයක්.

ශුද්ධ වූ මුහම්මද් නබිනායකතුමාගේ උපන් දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට අපගේ ශුභාශිංසන එක් කරමු.මනුෂ්‍යත්වයෙන්...
05/09/2025

ශුද්ධ වූ මුහම්මද් නබිනායකතුමාගේ උපන් දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට අපගේ ශුභාශිංසන එක් කරමු.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය, අදට යෙදී තිබේ.

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් නබි නායකතුමාගේ උපන්දිනය ආගමානුකූලව සමරති.

අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය.

මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේ දී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණි.

අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවරදි මඟට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිඳුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග, මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් අපිරිමිතය.

අනෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය, මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරයයි.

එසේ ම මෙලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායකතුමන්ගේ දර්ශනය වූයේ මානව සමාජය ගුණ නැණ බලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලීමයි.

04/09/2025

සුමන සමන් දෙවියන්ගේ දේවාභරණ පිටතට වැඩම කරවීම...🙏🙏🙏

රත්නපුර රෝහලේ වෛද්‍යවරු අදත් වර්ජනයේ...Lankadeepa News Paper
04/09/2025

රත්නපුර රෝහලේ වෛද්‍යවරු අදත් වර්ජනයේ...

Lankadeepa News Paper

03/09/2025

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාල 800 වන ඇසල පෙරහැර මහා මංගල්‍යය 2025....

දෙවේලේ පෙරහැර....

Photo Credit -: Karavita Pannadassi Thero

රත්නපුර වෛද්‍යවරියගේ මිය යාම...බස්වල යන හැමෝම පරිස්සම් වෙන්න... Lankadeepa News Paper
03/09/2025

රත්නපුර වෛද්‍යවරියගේ මිය යාම...

බස්වල යන හැමෝම පරිස්සම් වෙන්න...

Lankadeepa News Paper

රත්නපුර රෝහලේ දොස්තර වර්ජනය | Lankadeepa News Paper
03/09/2025

රත්නපුර රෝහලේ දොස්තර වර්ජනය | Lankadeepa News Paper

03/09/2025

800 වෙනි සුමන සමන් දෙව් පෙරහැර මංගල්‍යයට පෙර සූදානම...

Photo Credit -: Ven. Karavita Pannadassi Thero

සබරගමු පුරවැසියන්ට සබරගමු කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ස්වයං රැකියා අත්වැලක්....රුපියල් ලක්ෂයක්.... 100,000/=* එළු ගොවිපල* කු...
02/09/2025

සබරගමු පුරවැසියන්ට සබරගමු කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ස්වයං රැකියා අත්වැලක්....

රුපියල් ලක්ෂයක්.... 100,000/=

* එළු ගොවිපල

* කුකුල් ගොවිපල

* ඌරු ගොවිපල

* ගවගාල්

තවත් කෙනෙකුට කරන උපකාරයක් ලෙස අනෙක් අයවත් දැනුවත් කරන්න...

වැඩි විස්තර -: 045 222 44 25 / 077 448 40 51

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Ratnapura News - රත්නපුර නිවුස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share