Traveling Sri Lanka

Traveling Sri Lanka Travel

🔴 නුවරඑළියෙන් එක්කෙනෙක්ට රැයක් ඉදලා උදේ කෑමත් එක්කම රු.3,750ට කිව්වොත් 😳🥀🍃💚 ඔන්න එහෙනම් ඔයාගේ Budget එකට ගැලපෙන නියම තැන...
31/07/2025

🔴 නුවරඑළියෙන් එක්කෙනෙක්ට රැයක් ඉදලා උදේ කෑමත් එක්කම රු.3,750ට කිව්වොත් 😳🥀🍃💚
ඔන්න එහෙනම් ඔයාගේ Budget එකට ගැලපෙන නියම තැනක් තමයි මේ......😌
එහෙනම් යන් Hotel Nature love 🏡 එකට 📍

🔴 මෙතන Nature Lovers 😍 ලා ට යන්න කියාපුම තැන, මොකද මෙයාලගෙ Garden එක ගත්තමත් මාරම ලස්සනයි... 😱☘️🏡💐 ඉතින් ඔයාගේ lover වත් එක්කන් එන්න අමතක කරන්න එපා 👩‍❤️‍👨💋🥶
මෙතන special cabana එකකුත් තියෙනවා හොඳේ🏡

🛑 ඒ වගේම මෙයාලගෙ Facilities එහෙමත් මරු ❤️😌

✅ Attached Bathrooms
✅ Hot Water Facility
✅ Tv
✅ Free WiFi
✅ Safety Parking space මේ ඔක්කොම තියෙනවා.😌

🛑 මෙන්න අපේ BB packages 👇
▪️Double BB - 7,500/-
▪️Triple BB - 10,000/-
▪️Family BB - 15,000/-

⭕️ මෙයාලගෙන් රසම රස කෑම වේලක් එහෙමත් ඔයාලට Order කරගන්න පුලුවන්. 😋🫕🍱🍜

ඔන්න දැන්ම කතා කරලා Book කරගන්න ☎️
0765311075 📞

අඩු වියදමින් ගෙයක් හදන විදිහ : ලිපි 01 ( ඉඩමක් තෝරා ගැනීම ) ගෙයක් හදන එකේ වියදම් අඩු කිරීම ගැන හිතනකොට ඉඩමක් ගන්න තැන ඉද...
30/07/2025

අඩු වියදමින් ගෙයක් හදන විදිහ : ලිපි 01 ( ඉඩමක් තෝරා ගැනීම )

ගෙයක් හදන එකේ වියදම් අඩු කිරීම ගැන හිතනකොට ඉඩමක් ගන්න තැන ඉදලම වැදගත්. අපි ඉඩමක් ගන්න ගියාම බලන්න ඕනි මොනාද?

🏘️ ඉඩම තියෙන ස්ථානය
ඉඩම ලොකු බෑවුමක නම්, වේල්ලක් ලග retaining wall වගේ හදන්න වෙන තැනක් නම්, බඩු ගේන්න ගෙනියන්න කරදර නම් ලොරියක් වත් ගන්න බැරි නම් වියදම් වැඩි වෙන්න ඉඩ තියෙනව ගේ හදනකොට .
ඒ වගේම වගුරක්, කුඹුරක් ලග හෝ ground water ලෙවෙල් එක උඩ පැති, වතුරට යට වෙන පැති වල ගෙවල් හදන්න ගියාම foundation එකට ලොකු වියදමක් යනව, නැත්තං ගේ උස්සලා හදන්න ලොකු වියදමක් යනව
තියෙන්නෙ ප්‍රදාන පාරක් අයිනේ නම් ඉඩමේ ප්‍රමානය ගැන බලල ගන්න, මෙතනදිත් පාරට වෙන් කරන්න ඕනි ඉඩ වැඩි නිසා usable area එක අඩු
වෙනව..

🏘️ ඉඩමේ හැඩය
ඉඩමේ හැඩය සරල වන තරමට වියදම් අඩුයි..හිතන්න ත්‍රිකෝනාකාර හෝ L හැඩය එක්ක තියෙන ඉඩම් ගත්තම council එකෙන් අදාල නීති වලට අත අරින්න ඕනි ප්‍රමාන අත ඇරියම ගේ හදන්න තියෙන ඉඩ අඩුයි..usable area එක අඩුයි. හදන්න පුලුවන් , බැරි නෑ , ඒත් වියදම් වැඩියි.

මේ දේවල් ගොඩක් වෙලාවට සාපේක්ශයි අපිට ඉඩම ලැබෙන ගාන, ඉඩමේ ප්‍රමානය එක්ක බලල , ඒක ගේ හදන මට්ටමට develop කර ගන්න යන මිල බලල තීරනය කරන්න ඕනි.
ඒ වගේම ඔයාල ලග මේ වෙනකොට තියෙන ඉඩමක් නම් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ.

අඩු වියදමින් ගෙයක් හදන විදිහ : ලිපි 02 ( නිවස සැලසුම් කර ගැනීම )

මේක.තමයි වැදගත්ම කොටස, මෙතනදි මුලින්ම හිතන්න ඕනි ඔයාට ගේ හදන්න වියදම් කරන්න පුලුවන් මුදල කොච්චරද, අතේ තියෙන, loan එකක් දාල ගන්න පුලුවන් ගාන. අන්න ඒ ගානට හරියන්න ඉවර කර ගන්න පුලුවන් මට්ටමේ ගෙයක් තමයි හදන්න ඕනි. අඩු ගානෙ එක කොටසක් ඉවර කරගෙන පදිංචි වෙන්න පුලුවන් ගානට ගේ සැලසුම් කර ගන්න ඕනි. අපි ගොඩක් වෙලාවට දකිනව කොහෙන් හරි ලස්සනයි කියන ප්ලෑන් එකක් අරගෙන ඒක හදන්න පටන් ගන්නව. සමහර විට අවුරුදු විස්සක් විතර ටික ටික නය වෙවී ගේ හදනව පෙන්ශන් එක දක්වාම. ඒකෙන් වෙන්නෙ අර කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්. අතේ තියෙන ගානට සැලසුම් කරාම මාස හය හෝ අවුරුද්දක් ඇතුලත ඔයාල නිදහස්.

දෙවනියට ඔයාට ගෙදරට අවශ්‍ය අංග මොනාද කියන එක පවුලේ අය (සැමියා හා බිරිද ) එකතු වෙලා තීරනය කරන්න ඔයාලගෙ පවුලේ ඉන්න සාමජිකයන් හා පවුල් සැලසුමට අනූව. . මේකෙදි දැකපු ලස්සන ගෙවල් වල සීයලුම කොටස්, ඒ වගේම ලග පාත තියෙන ලොකුම ගේ එක්ක සන්සන්දනය කිරීමෙන් වලකින්න. සරලව , පොඩියට පහසුකම් ඔක්කොම එක්ක ගේ හදන්න. ලස්ස්න නිසා පත්තරේ දැක්ක නිසා එහා ගෙදරත් ඒ වගේ නිසා, කාමර හය හතක මහා ගෙයක් හදන්න පටන් ගන්න එපා. මොකද අපි ඉස්සර වගේ පවුල් දෙක තුන එක ගෙදර ඉන්නෙ වත්, අපේ දරුවො දරුවොන්ගේ දරුවො නේ මේ ගෙදර ඉන්නෙ වත් නෑ නෙ, අනිවාර්‍යෙන්ම දරුවොත් ය්නව. ඒ නිසා මේ ටික කාලෙ සතුටෙන් නිදහසේ ඉන්න පුලුවන් මට්ටමට හදා ගන්න.

ගෙදර ඉන්නෙ ඔයාල දෙන්නයි බබාල දෙන්නයි නම් ඔයාලට ලොකුවට master bedroom , ඒ වගේම බබාලට කාමර දෙකක් ( දුවල පුතාල දෙගොල්ල ඉන්නව නම් ) කාමරයක්, office room එකක් අවශ්‍ය නම් එහෙම, දෙමව්පියෝ ඉන්නව නම් තව එකක්. Master bed room ekata attach bathroom එක එක්ක තව common bathroom එකක්, ඒ වගේම එලියෙන් toilet එකක් හා පොඩි shower එකක්, පිටින් එන කෙනෙක් ට, වත්තේ වැඩට එන කෙනෙක් ට හදා ගන්න.

ගෙදර සැලසුම් කරන්න architect (ගෘහ නිර්මාන ශිල්පියෙක් ) තෝර ගන්න එක වැඩිය හොදයි..මොකද එයාලට තමයි මේ වැඩේට හොදම දැනුමක් හා හැකියාවක් තියෙන්නෙ..ඒ වගේම එයාලගෙ ගාන වැඩි උනත් ඉඩ විතරක් නීති රාමුවට අනූව බෙදීමකට වඩා නිර්මානශීලී බවක්, එක් එක් ස්තාන භාවිතයේදී ගෙහිමියාට ඇති පහසුව , වර්න සංකලනයෙන් ගෙහිමියාට ඇති පහසුව, මේ වගේ ගොඩක් දේවල් බලනව..ඒ වගේම ඔයාලට council plan එකට අමතරව, structural plan ,services plan, ඒවගෙ වෙනම දොර ජනෙල් වල.හැදෙන්න ඕනි විදිහ, පේන්ට් කරන්න ඕනි විදිහ, මේ ඔක්කොම.දෙනව. මුලින්ම ලොකු මුදලක් යනව කියල පෙනුනට, ලැබෙන විසතර ඔක්කොම එක්ක ඔයාලට ලොකු ගානක් ඉතුරු වෙනව. ඒ වගේම ඔයාල ඒ කෙනා තෝර ගන්නකොට අහන්න ඕනි ගාස්තුවට අදාලව එයාල සපයන සේවාවන් මොනාද කියල.
.ඒත් තෝර ගන්නකොට අවදානයක් යොමු කල යුතු දෙයක් තියෙනව, සමහරු කියනව අහල ඇති හොදටම අදින කෙනාට දුන්නට කිසිම වැඩක් උනේ නෑ හිතුව විදිහට ගේ නෑ කියල..ඒකට හේතුව. Architect කෙනෙක් දෙන්නෙ නිර්මානයක්, ඒක හරියට චිතයක් වගේ, එක එක්කෙනාට ලස්සන චිත්‍රය ඒ ඒ කෙනාට අනූව වෙනස් වෙනව, එක්කෙනෙක් ගෙ හැම නිර්මානයකම තියෙන්නෙ එකම feeling එකක් කිව්වොත් හරි. සිබිල් වෙත්තසිංහ මහත්මියගෙ ගෙ චිත දැක්කම අපිට කොහේදි උනත් ඒක අදුරන්න පුලුවන්. එයා බල්ලෙක් ඇන්දත් ගහක් ඇන්දත් අපිට කියන්න පුලුවන් හරියටම ඒක කවුද ඇන්දෙ කියල.. .ඒ වගේ තමයි..ඒ නිසා මුලින්ම ගේ ඩිසයින් කරන්න කෙනෙක් තෝර ගන්නකොට එයා කලින් කරපු ගෙවල් බලන්න..ඔයා කැමති විදිහේ ගෙවල් අදින කෙනෙක් ට , ඒ කියන්නෙ ගෙයක් දකිනකොට ඔයාට දැනෙන්න අවශ්‍ය feeling එක දැනෙන්න ඩ්සයින් කරන කෙනාට ඔයාගෙ ගේ අදින්න දෙන්න. එතකොට ඒ ප්‍රශ්නෙ වෙන්නෙ නෑ..සමහරු ඉන්නව පොඩි ඉඩක ලස්සනට design කරන්න පුලුවන් අය, ඒ වගේ අවශ්‍යතාවයට අනූව තෝර ගන්න.

ඒ වගේම architect ට කියන්න ඕනි ඔයාට ගේ හදන්න තියෙන මුදල කීයද කියල..එතකොට එයා ඒකට ගැලපෙන්න design එක කරනව වගේම ඔයාට cost එක අඩු වෙන වදිහේ material භාවිතයට උපදෙස් දෙනව.

ඒත් හැමෝටම architect කෙනෙක් ගෙ සේවය ගන්න සල්ලි නැති වෙන්න පුලුවන්.ඒකට ප්‍රශ්නයක් නෑ, ඒත් අර තෝර ගන්න පිලිවෙල ඒ විදිහටම කරන්න..අනිවාර්‍යෙන්ම කලින් ඇදපු ඒව බලන්න. එහෙම නැතුව වෙන වෙන හේතු මත තෝර ගන්න එපා. හරියට plan එක ඇන්දම අනුමත වෙනව. අනුමත කර ගන්න කාලෙ ගන්න එක හැම තැනම වගේ වෙනව, අනුමත කර ගන්න කියල හිතල ගේ අදින කෙනා තෝර ගන්න එපා.
පුලුවන් තරම් open concept එකට, ඒ වගේම සරල හැඩතල වලට යන්න කියන එක ඉල්ලන්න. නිවස තුල එහෙන් මෙහෙන් හැම තැනම හැරෙන්න වෙනව නම් ඒකෙන් කොලම් වැඩි වෙනව, ඒකෙන් සමස්තයක් විදිහට වියදම වැඩි වෙනව..පුලුවන් තරම් සරල හැඩතල වලට, ඇහැට පහසු හැඩතල වලට යන්න කියන ඉල්ලීම කරන්න. ඔයාට ඉඩමේ ඉඩ තියෙනව නම් තට්ටු දෙකේ ගේකට යන්නම එපා. සංකීර්න වහල හැඩ නැතුව සරලම වහලෙකට යන්න වියදම් අඩුයි එතකොට. වහල තට්ටු තට්ටු එන විදිහට හැදුවම ගොඩක් ගේකට යන වියදම වහලෙට යනව. පර්චස් දහයක හැදුව ගෙදර වහලෙට විතරක් ලක්ශ 40 ක් ගියා. මේ එක උදාහරනයක්..

සමහරු කරන වරදක් තමයි ගේ සැලසුම් කරාම හදන් යන මගදි දකින දකින කෑලි ඒකට එකතු කිරීම. උදාහරනයක් විදිහට ඉස්සරහට කනු දානව, මැදින් double height දානව, බිත්ති , කනු තැන් තැන් වල එකතු කරනව. නැත්තන් ගෙදරට එන අය කියන කියන විදිහට ගේ කෑලි කඩ කඩ හදනව. සමාන්‍යයෙන් ගෙදරකට එක අංගයක් එකතු උනාම ඊට අනුරූපව වෙනත් අංග ගොඩක් එකතු වෙනව. මෙන්න මේ වැඩෙන් වියදම් දෙගුන තෙගුන වෙනව. ඒ නිසා අවශ්‍ය දේවල් මුලදි තීරනය කරල ඉවර කරන්න. ආයෙ වෙනස් කරන්න එපා අත්‍යාවශ්‍ය දෙයක් හැර.

අඩු වියදමින් ගෙයක් හදන විදිහ : ලිපි 03 ( නිවස හදන්න තෝර ගන්න ක්‍රමය )

මේකෙදි ලංකාවෙ ප්‍රදාන වශයෙන් භාවිතා වෙන ක්‍රම දෙකක් තියෙනව.
1. කොන්ත්‍රාත්කරුවකු හෝ සමාගමකට සම්පූර්න වැඩේ භාර දීම
2. අපි බඩු දීල , වැඩ කුලිය පමනක් කොන්ත්‍රාත් ක්‍රමයට සිදු කිරිම.

මේ හැර කොච්චර දන්න කෙනෙක් හිටියත් දවස් කුලියට වැඩ කරන්න නම් පටන් ගන්න එපා කියල මුලින්ම කියන්නම්.

මේ ක්‍රම දෙකේම වාසි හා අවාසි තියෙනව. මුල් ක්‍රමය ගත්තම, ඔයාට සල්ලි තියෙනව ඒත් කාලය නැත්තං ඔයාට මේ ක්‍රමයට යන්න පුලුවන්. මේ ක්‍රමයේදී ආයතනය විසින් සියලුම දේවල් සපයන නිසා හා ආයතනයෙන් professionals ලා දාල අවශ්‍ය දේවල් කෙරෙන නිසා ඔයාලගෙන් වැය වෙන කාලය අඩුයි. එත් ඒ දෙන සේවාව වෙනුවෙන් 15%-30% වගේ ලාබාංශයක් ගෙදර වැඩ වියදමට එකතු වෙනව. .ඒත් මන් කියන්නම ඕනි මේක ලංකාව නිසා අනිවාර්‍යෙන්ම ඔයාගෙ පැත්තෙන් වැඩ අදීක්ශනයට හා, ගෙවීම් හා බිල්පත් පරීක්ශා කිරීමට අදාල professionals ( civil engineer & quantitiy surveyor ) ලා ගන්න. නැත්තන් ඒ සේවාව ලබා ගන්නවට වඩා ගානක් ඔයාට යනව. ඒ වගේම කිසිම ආයතනයක් 100% ක් විශ්වාස කරන්න බෑ හා එපා කියන එක මන් කියනව. මොකද මහා පරිමානව මේ ක්‍රමය යද්දි අනිවාර්‍යෙන්ම contactor and consultant කියල දෙපාර්ශවයක් ඉන්නව. ඒකෙන් අවශ්‍ය ප්‍රමිතිය පවත්වාගෙන යනව. ඒත් සාමන්‍ය ජනතාව මේ ක්‍ර්මයට යනව consultant කියන සේවාව නැතුව. එතනදි ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනව.

බඩු අපි විසින් සපයා වැඩ කුලිය කොන්ත්‍රාත් ක්‍රමය ලබා දී ගේ හදන ක්‍රමය ඔයාට ගැලපෙනව ඔයාට සල්ලි සීමාසහිතයි හා කාලය තියෙනව නම්. ඒ කියන්නෙ ඔයාට මේකෙ බඩු ගන්න, ඒව කතා කරල බඩු හරි වෙලාවට යවන්න..සයිට් එකේ ආරක්ශාව බලන්න..නිතර එහෙ මෙහෙ යන්න වෙනව. වෙලාව වැය වෙනව..ඒත් මේ ක්‍රමයෙදිත් අනිවාර්‍යෙන්ම ඔයාල professionals ලාගෙ සේවාව ගන්නම ඕනි.හේතුව ඔයාලට ඉදිකිරීම් ගැන තාක්ශනික දැනුමක් හෝ ඉදොකිරිම් වල එක් එක් වැඩේට අදාල රේට් ගැන කිසිම දැනුමක් නැති නිසා. කොන්ත්‍රාත්කරුවෙක් තෝර ගන්න තැන ඉදලම ඒ සේවාව ගන්න එකෙන් ලොකු මුදලක් ඉතුරු වෙයි.
මගේ ගේ හදනකොට මන් මේ ක්ශේත්‍රයේම ඉදලත්, මට යම් මට්ටමක තාක්ශනික දැනුමක් තිබිලත්,මන් සිවිල් ඉංජිනේරු සේවාව ගත්ත , මොකද තාක්ශනික දැනුම හරියටම තියෙන්නෙ ඒකෙනාට.. මන් මුල ඉදන්ම බලලත්, සැල්බ් එකට කලින් දවසේ ආවිත් කිව්ව අඩුපාඩු ටික හදන්න බාස්ලට දවස් එක හමාරක් ගියා. ඒ කෙනා ආවෙ නැත්තං අර ඔක්කොම අඩුපාඩු එක්ක කොන්ක්‍රීට් කරනව.

තව උදාහරනයක්, මන් දන්න තැනක ගෙයක් හැදුව , මන් ගිහින් බැලුවම ගන්න ඕනි හරි ගානට වඩා 50,000කට වඩා බිලේ තිබුන බොරුවට මැනල, පස්සෙ මන් උදවුවක් විදිහට ගිහින් මැනල හරියට බිල හදල ආව, ඒත් කියන්න කිව්ව කොන්ත්‍රාත්කරුට කලින්ම බිල ගෙවන්නෙ එයාලගෙම professional කෙනෙක් මැනල කියන එක.

තව තැනක් ගෙයක් හැදුව. ගේ හදන මගක මන් අහම්බෙන් එහේ ගිය වෙලාවෙ බිල් හා රේට් ටික බැලුව. ටයි බීම් රෙර්ට් එක 180-220 යන කාලෙ ටයි බීම් රේට් එක දාල තිබුනෙ 400ට . බීම් දික් අඩි 200ක් වගේ තිබුන. එතකොට ලාබයට අමතරව ගසා කෑම 200x 200= 40,000k. මේ එක අයිතමයකට විතරක්. මේ වගේ අයිතම දහයක් තිබුනොත් අපරාදෙ උන මුදල ලක්ශ ගානක්. ඒත් බිලක් හරියට හදන්න එච්චර ගානක් යන්නෙ නෑ.
මේ නිසයි මන් කිව්වෙ මොන ක්‍රමේට කරත් professionals ලගෙ සහය ගන්න එක ඔයාලට මුදල් ඉතූරු කරනව.

අනිත් උපදෙස කවදාවත් දන්නව නෙ, නෑදෑයොනෙ , යාලුවොනෙ කියල අරගෙන වැඩ පටන් ගන්න එපා. අනිවාර්‍යෙන්ම ඒක වැඩක් විදිහට පටන් ගන්න සල්ලි දීල කරන නිසා

අන්තිම කාරනය ආයතනයක් හෝ පුද්ගලයෙක් තෝරනකොට අනිවාර්‍යෙන්ම එයා කලින් කරපු වැඩ බලන්න. ඒ වගේම කලින් වැඩ කරපු තැන් වල client එක්ක කතා කරන්න. එහෙම.නැතුව කවුරු හරි හොදයි කිව්ව නිසා තෝර ගන්න එපා..ඒ වගේම ගොඩක් වෙලාවට fb එකේ හෝ වෙන යම් තැන් වල marketing වලට අහු වෙන්න එපා. සමහරු ගෘප් වල ගෙදර ප්ලෑන් එක දැම්මම මන් මේ ගානට හදල දෙන්නම් කියනව. ඇත්තටම කිසිම කෙනෙක්ට එහෙම ගනන් කියන්න බෑ නිකන්ම සැලසුමක් බලල. මේකෙ අඩු ගනන් කියන අය හරිම හොදයි කියල විශ්වාස කරල මිනිස්සු වැඩ පටන් ගන්නව. ඒ අය advance අරන් යනව ආයෙ හොයන්න වත් නෑ. ඒ නිසා වැඩේට තෝර ගන්න ඕනි අඩු හෝ වැඩි රේට් දෙන අය නෙවෙයි, සාදාරන හරි රේට් දෙන කෙනා. ඒකට හේතුව හරි රේට් දෙන්න නම් එයාට වැඩේ ගැන අවබෝදයක් තියෙනව. ඒ වගේම ඒක තෝරන්න තේරෙන්නෙ නැත්තං professional ලගෙ සහය ගන්න.

ඒ වගේම සම්පූර්න වැඩේටම professional කෙනෙක් සම්භන්ද කර ගන්න යන ගාන වැඩියි..ඒ නිසා එයාල එක්ක කතා කරගෙන අත්‍යවශ්‍ය වාර කීපයකට එන්න කතා කර ගන්න. බිල් හදනව නම් බිල් හදන stages ටික හා ඒවට ගාස්තු කතා කර ගන්න. කිසිම වැඩක් ගාස්තු කතා නොකර පටන් ගන්න එපා.

✍Charitha Wikramatunga

28/07/2025

නුවර එලිය සංචාරෙ 😍🤍

මට ඕනේ ගොඩක් ලොකුවට නැතුව මේ වගේ පොඩියට තට්ටු දෙකේ ගෙයක් හදාගන්න ❤️🙏
28/07/2025

මට ඕනේ ගොඩක් ලොකුවට නැතුව මේ වගේ පොඩියට තට්ටු දෙකේ ගෙයක් හදාගන්න ❤️🙏

27/07/2025

ජය වේවා සහෝදරයා❤️

මට මේ වගේ තැනක් හොඳටම ඇති සතුටින් ජීවත්වෙන්න🏠️💚
27/07/2025

මට මේ වගේ තැනක් හොඳටම ඇති සතුටින් ජීවත්වෙන්න🏠️💚

නුවරඑළියෙන් Couple එහකට 10000ට luxury cabana එකක්😍 ❄️❄️ නුවරඑළියෙන් Gregory Lake එකට 1kmක් දුරින්, ලස්සනම Couples Only C...
27/07/2025

නුවරඑළියෙන් Couple එහකට 10000ට luxury cabana එකක්😍

❄️❄️ නුවරඑළියෙන් Gregory Lake එකට 1kmක් දුරින්, ලස්සනම Couples Only Cabana එක දැන් ඔබට ❄️❄️

Black wood villa - Nuwaraeliya 🏠️

😍 සැනසීම, සාමය, ආරක්ෂාව, ලස්සන view එකක් – මේ ඔක්කොම එක තැනක, Couples Only Private Cabana එකක් විදිහට හදලා තියෙන්නෙ.
💑 Honeymoon එකකට, peaceful getaway එකකට හෝ anniversary stay එකකට absolutely perfect එකක්!



💰 Special Package – LKR 10,000

🌿 Private Cabana for 2 Adults (Couples Only)
🌙 One Night Stay



⭕ Facilities

✅ Luxury Private Cabana Room
✅ Hot Water & Modern Bathroom
✅ Calm & Scenic Garden Setting
✅ Dining Area
✅ Safe Private Parking
✅ Food Ordering or Self-Cook Option 🍽️
✅ BBQ Setup can be arranged upon request



📍 Nearby Attractions
• Gregory Lake – 1km
• Nuwara Eliya Town – 3km
• Victoria Park – 3km
• Sandathenna – 3.6km
• Galway’s Land – 4.1km
• Lover’s Leap Waterfall – 5.4km
• Hakgala Botanical Garden – 10km
• Pidurutalagala – 11km
• Ambewela – 17km
• Horton Plains – 26km

😍 නුවරඑළිය ඇවිත් හොඳ වෙලාවක් ගත කරන්න කැමති couples උනොත්, මේක best pick එකක්!

⚡️

📲 Call Now – 0778213801

රහසිගතව ඉඩමක් මිලදී ගන්න.නිවාස නැකත ඊටත් වඩා රහසක් සේ තබා ගන්න. දකින අයට නොකියාම නිවස ඉදිකරගෙන යන්න.නිවාස ගෙවදීමේ සාදය ප...
26/07/2025

රහසිගතව ඉඩමක් මිලදී ගන්න.

නිවාස නැකත ඊටත් වඩා රහසක් සේ තබා ගන්න. දකින අයට නොකියාම නිවස ඉදිකරගෙන යන්න.

නිවාස ගෙවදීමේ සාදය පමණක් ප්‍රසිද්ධියේ පවත්වන්න.

හැම විටම අන් අයට ඔබේ අරමුණු නොව.
යථාර්ථය පමණක් දැකීමට ඉඩදෙන්න ...

©️අනූෂි ගුණතිලක ...

යාලුවො එක්ක කාලා බීලා නාල චිල් එකේ ඉඳල එන්න "හොරණ" පැත්තෙ තියෙන සුපිරිම තැනක් 🙈✌️🤽‍♂️🙋‍♀️The Nature Lover's Resort, Hora...
26/07/2025

යාලුවො එක්ක කාලා බීලා නාල චිල් එකේ ඉඳල එන්න "හොරණ" පැත්තෙ තියෙන සුපිරිම තැනක් 🙈✌️🤽‍♂️🙋‍♀️

The Nature Lover's Resort, Horana |🇱🇰

ගාල්ලෙන් නිවාඩුවක් හොයන අයට මේ තියෙන්නෙ සුපිරි තවත් සුන්දර තැනක් තමයි මේ 😍😍Nature Cabanas & Floating Restaurant - Sri La...
24/07/2025

ගාල්ලෙන් නිවාඩුවක් හොයන අයට මේ තියෙන්නෙ සුපිරි තවත් සුන්දර තැනක් තමයි මේ 😍😍

Nature Cabanas & Floating Restaurant - Sri Lanka

Lake එකක් ලගම තියන මේ සුන්දර නවාතැන couples අතර ගොඩක් ප්‍රසිද්ධියි වගේම මේකේ තියනවා boat එකක හදලා තියන පාවෙන restaurant එකක්. 🤩

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️

Location : Nature Cabanas & Floating Restaurant - Sri Lanka
Contact No : 076 877 6782

යං යං ගයිස්🥰 නේහ්

23/07/2025

පාරාදීස.😍🍃✨🌍


🎥 THUSHI

මාරම ලස්සන වෙනස්ම hotel එකක් 🤎අහංගම Trebarthaeast 💚Colonical high luxurious hotel එකක්
23/07/2025

මාරම ලස්සන වෙනස්ම hotel එකක් 🤎
අහංගම Trebarthaeast 💚

Colonical high luxurious hotel එකක්

Address

Ratnapura

Telephone

+94779648084

Website

Alerts

Be the first to know and let us send you an email when Traveling Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Traveling Sri Lanka:

Share