Media Unit Sabaragamuwa

Media Unit Sabaragamuwa සබරගමුව පළාත් සභාවේ නිල සමාජ ජාල පිටුව...

ඇමතුම් විස්තර-:

ලිපිනය-

සබරගමුව පළාත් සභා සංකීර්ණය
නව නගරය
රත්නපුර
ශ්‍රී ලංකාව

දුරකථන

පිළිගැනීමේ නිලධාරී: +94 45 2222143 / +94 45 2222144

තොරතුරු මධ්‍යස්ථානය: +94 45 2228403

මාධ්‍ය අංශය: +94 45 2232252

ෆැක්ස්:
+94 45 2222793

ඊමේල්

[email protected]

Thinakaran News Paper 18/09/2025
19/09/2025

Thinakaran News Paper 18/09/2025

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව...කෑගල්ල දිස්ත්‍රික් සම්බණ්ධීකරණ කමිටුව පසුගිය දා (18) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කා...
19/09/2025

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව...

කෑගල්ල දිස්ත්‍රික් සම්බණ්ධීකරණ කමිටුව පසුගිය දා (18) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

කෑගල්ල බැද්දේ‍වෙල ප්‍රාථමික විද්‍යාලය- 160 වසරක සැමරුම... කෑගල්ල බැද්දේවෙල ප්‍රාථමික විද්‍යාලයේ වසර 160 සැමරුම් උත්සවය අ...
18/09/2025

කෑගල්ල බැද්දේ‍වෙල ප්‍රාථමික විද්‍යාලය- 160 වසරක සැමරුම...

කෑගල්ල බැද්දේවෙල ප්‍රාථමික විද්‍යාලයේ වසර 160 සැමරුම් උත්සවය අද (18) එම විද්‍යාල පරිශ්‍රයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රූපසිංහ මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වර්ෂ 1865 දී ආරම්භ කළ මෙම විද්‍යාලය ප්‍රදේශයේ ඇති අධ්‍යාපන හා බාහිර ක්‍රියාකාරකම්වලින් පළාත් මෙන්ම ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වූ පාසලකි.

කෘෂිකාර්මික, අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනයක් ද ඊට එක්කර තිබු අතර එය මෙම මස 18 හා 19 යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු කර ඇත.

සම්ප්‍රදායික නර්ථන කලා, තූර්යවාදන සංදර්ශන, ගැයුම් වැයුම් ද ඊට එක් කර තිබිණි.

රඹුක්කන ප්‍රාදේශිය සභා සභාපති සමන් රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා (17) ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව නිරීක්ෂණයට එක්විය.ඊට පාර්ලිම...
18/09/2025

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා (17) ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව නිරීක්ෂණයට එක්විය.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ශාන්ත පද්මකුමාර, උපුල් කිත්සිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා (17) ඇඹිලිපිටිය කලාප කාර්යාලය නිරීක්ෂණයට එක්විය.ඊට පාර්ලිමේන...
18/09/2025

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා (17) ඇඹිලිපිටිය කලාප කාර්යාලය නිරීක්ෂණයට එක්විය.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ශාන්ත පද්මකුමාර, උපුල් කිත්සිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා (17) ඇඹිලිපිටිය බස්නැවතුම්පල නිරීක්ෂණයකට එක්විය.ඊට පාර්ලිමේන...
18/09/2025

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා (17) ඇඹිලිපිටිය බස්නැවතුම්පල නිරීක්ෂණයකට එක්විය.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ශාන්ත පද්මකුමාර, උපුල් කිත්සිරි, ඇඹිලිපිටිය නගරසභා සභාපති ගාමිණී කීර්ති ලාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

ලිය ශක්ති ජංගම වැඩසටහන... සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශය මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ක...
18/09/2025

ලිය ශක්ති ජංගම වැඩසටහන...

සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශය මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන ලිය ශක්ති ජංගම වැඩසටහනේ සමාරම්භය පසුගිය දා (17) ඇඹිලිපිටියේ බුද්ධි මණ්ඩපයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ සදහා ඇඹිලිපිටිය නගරසභාව ද, ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාව ද, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ද දායකත්වය ලබා දේ.

බටහිර වෛද්‍ය සායන හා ආයුර්වේද වෛද්‍ය සායන, වෘත්තිය මාර්ගෝපදේශන, ස්වයං රැකියා පිළිබඳ දැනුවත් කිරීම, කුඩා කර්මාන්ත පිළිබඳ දැනුවත් කිරීම, ක්ෂුද්‍ර මුල්‍ය ණය පහසුකම්, විදෙස් රැකියා පිළිබඳ දැනුවත් කිරීම‍, නීති උපදේශනය හා මනෝ උපදේශනය, උප්පැන්න හා හැඳුනුම්පත් ලියාපදිංචිය, රූපලාවන්‍ය ජංගම වැඩසටහන් ආදිය මෙයට එක් කර තිබිණි.

ඉදිරියේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශිය ලේකම් කාර්යාල 17 කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ශාන්ත පද්මකුමාර, උපුල් කිත්සිරි, නීතීඥ නීලූෂා ගමගේ, ඇඹිලිපිටිය නගරසභා සභාපති ගාමිණී කීර්ති ලාල්, ඇඹිලිපිටියේ ප්‍රාදේශිය සභා සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සුජීවා බෝධිමාන්න, සැලසුම් අධ්‍යක්ෂ එස්.වීරසේකර, සහකාර අධ්‍යක්ෂ අනෝමා ආබ්‍රේව් යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

18/09/2025

Channel Eye News | Rakwana Sooriyakanda Road

17/09/2025

Rupavahini News | රක්වාන - සූරියකන්ද වංගු 10

අංගම්පොර සටන් ශිල්පය සබරගමුවේ පාසල් පද්ධතියට...අංගම්පොර සටන් ශිල්පය සබරගමු පාසල් පද්ධතිය තුළ ප්‍රචලිත කිරීමට සබරගමු පළාත...
17/09/2025

අංගම්පොර සටන් ශිල්පය සබරගමුවේ පාසල් පද්ධතියට...

අංගම්පොර සටන් ශිල්පය සබරගමු පාසල් පද්ධතිය තුළ ප්‍රචලිත කිරීමට සබරගමු පළාත් සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් තුළ අංගම්පොර සටන් ශිල්පය ප්‍රචලිත කිරීමේ අරමුණින් ප්‍රදර්ශනාත්මක අංගම්පොර සංදර්ශනයක් පසුගියදා (15) රත්නපුර නව නගරයේ පිහිටි කුමර විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වුණි.

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක සේනාරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණි.

අංගම්පොර සටන් කලාව වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත ශ්‍රී ලාංකීය සටන් කලාවකි.

මෙය ශ්‍රී ලංකා රාජ්‍ය විදෙස් බලවේගවලින් ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂී වූ සටන් කලාවකි.

බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙම සටන් කලාවේ ප්‍රබලත්වය හේතුවෙන් තම ආධිපත්‍යය ශ්‍රී ලංකාව තුළ පතුරුවාලීමටත් දැඩි බලපෑමක් එල්ලවීම හේතුවෙන් එය තහනම් කරන ලදී.

කෙසේ නමුත් අංගම්පොර සටන්කරුවෝ එය ඉතා රහසිගතව පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගනු ලැබීය.

අංගම්පොර සටන් කලාව පෙරහැර ආශ්‍රිතව ඇති අංග තුළ සඟවා ප්‍රදර්ශනය කළ අවස්ථාද පවතී.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් ශ්‍රී ලංකාව අතහැර ගිය පසුද අංගම්පොර සටන් කලාව සමාජයට නිරාවරණය නොවී පෙරහැර හා පාරම්පරිකව පැවැතිණි.

රූපවාහිනි මාධ්‍ය තුළ විකාශනය වූ දඬුබස්නාමානය ටෙලි නාට්‍ය තුළින් අංගම්පොර පිළිබඳව යළි කතිකාවතක් ලාංකීය සමාජය තුළ ආරම්භ විය.

එමගින් වූ හෙළිදරව්ව මත අංගම්පොර සටන් කලාව පරපුරෙන් පරපුරට රැකගෙන ආ රත්නපුර විසු රාජා වික්‍රමාරච්චි විමලදාස සටන්කරුවා යළි එය මහජනතාව අතරට ගෙන ඒමට පුරෝගාමී විය.

ඔහුගෙන් පැවතෙන පිරිස මේ වන විට අංගම්පොර සටන් කලාව යළිත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට පටන්ගෙන ඇත.

රාජා වික්‍රමාරච්චි විමලදාස මහතා පසුගිය කොවිඩ් වසංගත සමයේ සිය දිවියට සමු දුන්නද ඔහුගේ දියණිය, මුණුබුරු මිණිබිරියන් ,සිසුන් එම ඓතිහාසික සටන් කලාව ඉදිරියට ගෙන යමින් සිටියි.

මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇලෝසියස් ජාතික පාසල හා රත්නපුර කුමර විද්‍යාලය අංගම්පොර සටන් කලාව සිසුන් සඳහා හැදෑරීමට අවස්ථා සලසා දී ඇත.

ඉදිරියේ දී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාසල්වල අංගම්පොර සටන් කලාව හැදැරීමට පුළුල්ව ඉඩ ප්‍රස්ථා සැලැස්සීමට සබරගමු පළාත් සභාව කටයුතු කරමින් සිටී.

මෙම අංගම්පොර සටන් සංදර්ශනය සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබුණි.

ඉදිරියේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ද මෙවැනි සටහන් සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ.සුනීතා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණාරච්චි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලක්මාලි යූ කුමාරි, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ බී.එස්.ජේ.රුවන්සිරි, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

UTV NEWS 16/08/2025*⭕ தேசிய உள்ளூராட்சி வாரத்தையொட்டி சப்ரகமுவ மாகாணத்தில் ஏற்பாடு செய்யப்பட்டிருந்த நிகழ்வு!*வாசிக்க : ...
17/09/2025

UTV NEWS 16/08/2025

*⭕ தேசிய உள்ளூராட்சி வாரத்தையொட்டி சப்ரகமுவ மாகாணத்தில் ஏற்பாடு செய்யப்பட்டிருந்த நிகழ்வு!*

வாசிக்க : https://www.utvnews.lk/தேசிய-உள்ளூராட்சி-வாரத்த/

UTV WhatsAPP குழுவில் இணைய: 👇 https://chat.whatsapp.com/JH3pjcjri7mL8enjfcK2tf?mode=ac_t

UTV FaceBook பக்கத்தில் இணைய: 👇
https://www.facebook.com/share/1EsHPHWBCe

தேசிய உள்ளூராட்சி வாரத்தையொட்டி சபரகமுவ மாகாண சபையினால் ஒழுங்கு செய்யப்பட்ட சப்ரகமுவ மாகாண உள்ளூராட்சி வாரத....

“සිත් රූ- 2025” විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ ජාතික සංස්කෘතික ප්‍රසංගයේ රත්නපුර දිස්ත්‍රික් ජයග්‍රාහී කණ්ඩායම් ඇගයේ...විශේෂ...
16/09/2025

“සිත් රූ- 2025” විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ ජාතික සංස්කෘතික ප්‍රසංගයේ රත්නපුර දිස්ත්‍රික් ජයග්‍රාහී කණ්ඩායම් ඇගයේ...

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ ජාතික සංස්කෘතික ප්‍රසංගයේ රත්නපුර දිස්ත්‍රික් ජයග්‍රාහී කණ්ඩායම් ඇගයීම අද(16) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු විය.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ රජය ක්‍රියාත්මක කරන “එක්ව - අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් එක් ක්‍රමෝපායක් ලෙස සිත් රූ ප්‍රසංගය සංවිධානය කර තිබුණි.

මෙම ප්‍රසංගය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී පැවති පළාත් තරඟවලින් සමස්ත ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීමට රත්නපුර දිස්ත්‍රික් නර්තන කණ්ඩායම සමත්වූහ.

ඊට අමතරව හොදම රැකවරණ මධ්‍යස්ථාන අතරින් දිවයිනේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට බලංගොඩ මනුසත් පියස කාන්තා රැකවරණ මධ්‍යස්ථානයට හැකි විය.

එම කණ්ඩායම්වල දරුවන්, නිලධාරීන් හා පුහුණුකරුවන් ඇගයීම හා ඔවුනට උපහාර පිදීම මෙදින (16) සිදු විය.

ආබාධ සහිත පුද්ගලයන් පුනරුත්ථාපනය, සවිබල ගැන්වීම හා රැකවරණය වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත මෙවර අයවැයෙන් රුපියල් මිලියන 632ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

සබරගමුව පළාත් සභාව, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලය, දිස්ත්‍රික් ස්වශක්ති සංවිධානය, සිසිර ඉහළ රත්ගම පදනම, කිංග්ස් ඇකඩමි කොරියානු භාෂා පුහුණු ආයතනය මෙම උළෙල සංවිධානය කිරීම සඳහා අනුග්‍රහය ලබා දී ඇත.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශාන්ත පද්මකුමාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, පරිවාස,ළමාරක්ෂක ග්‍රාම සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීපිකා ඩී. ඉලුක්කුඹුර, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න, පළාත් පරිවාස කොමසාරිස් කේ.එල්.සී.එල්. රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Address

New Town
Ratnapura
70000

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94452232252

Alerts

Be the first to know and let us send you an email when Media Unit Sabaragamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit Sabaragamuwa:

Share

Media Unit Sabaragamuwa

සබරගමු පළාත් සභාවේ නිල ෆේස්බුක් සමාජ ජාල පිටුවයි...

සබරගමු පළාතේ කාලීන සිදුවීම්,ප්‍රවෘත්ති,‌‌‌තොරතුරු ‌මෙහි පළ වේ.නවතම ‌තොරතුරු දැන ගැනීමට, ඔබේ අදහස් හා ‌යෝජනා දැක්වීමට, සබරගමු පළාතේ ‌පොදු ගැටළු දැන්වීමට අපත් සමග එක්වන ‌ලෙස අප ඔබට ගෞරවයෙන් යුතුව ආරධනා කර සිටිමු.