23/07/2022
නීතිය නොදත් තොත්ත බබාලා වෙත ලියමි.
බහුතරයකගේ නීතිය පිළිබඳ දැනීම ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණි.
1947 අංක 25 දරණ මහජන ආරක්ෂණ පනතේ 5 වන වගන්තිය යටතේ හදිසි නීතිය බලාත්මක කර ඇති අවස්ථාවක,
ඒ වගේම 2022.07.18 දිනැති අංක 2289/07 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2022 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග ප්‍රකාශයට පතව ඇති අවස්ථාවක සන්නද්ධ හමුදාවන් සතුව පවත්නා බලතල ක්‍රියාත්මක වන්නේය..
ඒ යටතේ
* අනවසර ඇතුල්වීම් වැලැක්වීමට
* සෝදිසි කිරීමට
* අත්තඩංගුවට ගැනීමට
විතරක් නෙවේ හදිසි අවස්ථා නියෝග හි V වන පරිච්ඡේදයේ 12 වන වගන්තිය ප්‍රකාර වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිය ප්‍රකාර හැකියාවක් ලබා දී තියනවා.
ඒ වගේම රජයේ නිලධාරීන්ට තම රාජකාරිය ඉටු කරන්න අවහිර කරන අසහනකාරී බව වැලැක්වීමට නීත්‍යානුකූලව අයිතිය ලබා දී තිබෙනවා.
කටකතා, අසත්‍ය ප්‍රකාශ කරන අය වගේම බලය දරන අයකුට විරෝධය පෑම වගේම අවහිර කිරීම මේ නියෝග යටතේ වරදක් ලෙස සඳහන්.මාර්ග සහ දුම්රිය මාර්ග වල ගමනා ගමනයට බාධා කිරීමත්, එවැනි වැරදි වලට තැත් කිරීමත් හදිසි අවස්ථා නියෝග අනුව වරදක්.
ඒ විතරක් නෙවේ මෙවැනි වැරදි සම්බන්ධයෙන් වන නඩු කටයුතු අධිකටණයේ ඇති අනෙක් නඩු වලට පෙර විභාග කරනු ලැබිය යුතු වෙනවා.
පොලිසියට විමර්ශනය සහ නඩු පැවරීම සම්බන්ධයෙන් බොහෝ බලතල මේ නියෝගය යටතේ පවතින අතර නඩු කටයුතු විශේෂිත අධිකරණයක, මහාධිකරණයේ මූලික පරීක්ෂණයකින් තොරව විභාගයට ගන්න පුලුවන්.
ඒ වගේම මෝටර් රථවාහන පනතේ ඇතැම් විධිවිධාන වලින් ද සන්නද්ධ හමුදා ඉවත් කර තිබෙනවා.
නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන වග සෑම පුරවැසියකුම පාහේ දැන සිටීම වැදගත්.
ඒ වගේම නීතිය නොදැන තමන් දන්නා ටිකත් එක්ක පොර ටෝක් නොදී සිටීම ඊටත් වඩා වැදගත්...
තව ගොඩක් දේ ලියන්න තියනවා.දැන් වෙලාව මදි.
දිගු ලිපියකින් හමුවෙමු. විවාදයට එන්න කැමති කෙනෙකුට...අවස්ථාව