
22/05/2025
“මිය ගිය කොටින්ට විරුවන් යයි නති මං කියනවා.. හමුදාවට රණවිරුවන් කියන්න ආණ්ඩුවට කොන්ද පණ නෑ” – අර්චුනා රාමනාදන්
30 අවුරුද්දක් පැවති යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සටන් කළ පිරිසත් එහි සාමාජිකයන්වත් තමන් නියෝජනය කරන ජනතාවට සහ තමාට විරුවන් බව පැවසීමට තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමන් පැකිලෙන්නේ නැති බවත් යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්චුනා රාමනාදන් ප්‍රකාශ කළා.
නමුත් 159ක් වැනි විශාල පාර්ලිමේන්තු කණ්ඩායමක් සිටින වර්තමාන ආණ්ඩුවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සටන් කළ හමුදාව රණවිරුවන් බව පැවසීමට ශක්තියක් නැතිව කොන්ද පන නැතිව සිටින බවත් ඒ දුටු විට තමාටත් පුදුම සිතෙන බවත් ඔහු අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා.
එමෙන්ම කොටි සංවිධානය දකුණට ත්‍රස්තවාදීන් වුව ද අවුරුදු 30ක් තිස්සේ ඔවුන් තම නායකයන් යැයි දෙමළ ජනතාව සිතූ බවත් ඒ නායකයන්ට දෙමළ ජනතාව තවමත් ගෞරවයෙන් සලකන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.
මේ අතර අර්චුනා වැඩිදුරටත් පවසා සිටියේ, ඇමති සුනිල් හඳුන්නෙත්ති තමා උතුරේ ලුනු දකුණට ගෙන ඒමට එපා යැයි අභූත චෝදනාවක් කළ බවත් තමා ඉල්ලා සිටියේ උතුරේ ලුනු දකුණට ගෙනැවිත් කොම්පැණිකාරයන්ට විකුණා වැඩි මිලට ජනතාවට ලබා දීම වෙනුවට උතුරේම පැකට් කර අඩු මිලට ජනතාවට ලබා දෙන ලෙස බවත්ය
Serendib News