Colombo Reader

Colombo Reader Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Reader, Media/News Company, Slave Island.

අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිප දෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ වාර්තාව සති 3 කින් පමණ ලබාදීමට බලාපොරොත්තුවන බව ...
18/07/2023

අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිප දෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ වාර්තාව සති 3 කින් පමණ ලබාදීමට බලාපොරොත්තුවන බව කමිටු සාමාජික වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම සිදුවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව අද (18) රැස්වී ඒ සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කරන බවයි.

අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිප දෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහත සමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ ය.

එම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයායි.

නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මියයාම මෙන්ම උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක මිය යාම ද පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට ලක් වූ සිද්ධීන් වේ.

ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු සිය වැඩවර්ජනය අත්හිටුවයි. එහෙත් දිවයි...
09/06/2022

ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු සිය වැඩවර්ජනය අත්හිටුවයි. එහෙත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම වාර්තා වෙයි.

මැයි 09දා කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය අසළ සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළව හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්ත...
08/06/2022

මැයි 09දා කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය අසළ සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළව හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කරයි.

රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කර ති...
07/06/2022

රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන් රාමනායක මහතා වරද පිළිගැනීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

කොළොන්නාව ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ චෝදනාවට අදාළව ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති...
06/06/2022

කොළොන්නාව ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ චෝදනාවට අදාළව ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් ප්‍රසන්න රණතුංග මහතා වරදකරුවෙකු කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කළා.

ඒ අනුව ඇමති ප්‍රසන්න රණතුංග මහතාට රුපියල් මිලියන 25ක දඩයක් හා වසර පහකට අත්හිටවූ වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය (74) අභාවප්‍රාප්ත වෙයි.
05/06/2022

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය (74) අභාවප්‍රාප්ත වෙයි.

ආහාර අර්බුදය නිසා සතුන්වත්තේ තෝරාගත් සතුන් අභයභූමි වෙත මුදාහැරීමට අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව විලෝපිකයන් නොමැති ප්‍රදේශ...
04/06/2022

ආහාර අර්බුදය නිසා සතුන්වත්තේ තෝරාගත් සතුන් අභයභූමි වෙත මුදාහැරීමට අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව විලෝපිකයන් නොමැති ප්‍රදේශ තෝරාගෙන මෙලෙස සතුන් මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ. මේ සඳහා මුවන්, ගොනුන් වැනි සතුන් මේ වනවිටත් තෝරාගෙන ඇති බවද සඳහන්.

කෙසේවෙතත් පරිසරවේදීන් මේ සම්බන්ධයෙන් විරෝධය පළකරනවා.
ඔවුන් පවසන්නේ දීර්ඝ කාලයක් පරිසරයෙන් පිටත ජීවත් වූ එම සතුන් එක්වරම පරිසරයට මුදාහැරීම නුසුදුසු බවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් දෙහිවල සතුන්වත්තේ ප්‍රධානියෙකු සඳහන් කළේ, අදාල සතුන්ට ගැටළුවක් නොවන ආකාරයේ වනභුමි වලට මෙම සතුන් මුදාහැරීමට අවධානය යොමුව ඇති බවයි.

පෙම්වතිය විසින් ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීම හේතුවෙන් උරණවූ පෙම්වතෙකු ඊයේ (03) රාත්‍රියේ එම පෙම්වතියගේ නිවසට සිය මෝටර් ර...
04/06/2022

පෙම්වතිය විසින් ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීම හේතුවෙන් උරණවූ පෙම්වතෙකු ඊයේ (03) රාත්‍රියේ එම පෙම්වතියගේ නිවසට සිය මෝටර් රථයෙන් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

පෙම්වතා සිය මෝටර් රථය ධාවනය කර පෙම්වතියගේ අනුරාධපුරය නගරයේ නිවසේ ගේට්ටුව කඩාදමා පසුව පිරිසක් සමග නිවැසියන්ට පහරදීමට තැත්කළ බවයි පෙම්වතියගේ නිවසේ පිරිස ප්‍රකාශ කළේ.

එහිදී පෙම්වතා විසින් පෙම්වතියගේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් ද කිහිපවරක් සිය මෝටර් රථයෙන් හප්පා දැඩි හානි සිදුකර තිබූ බව සඳහන්.

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව ප...
04/06/2022

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

එහිදී රජයේ පාසල් හා රජයේ අනුමත
පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙනු ඇති.

මැයි 09 වනදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර සිදුවූ සිදුවීම්වලට අදාලව අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ජ...
03/06/2022

මැයි 09 වනදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර සිදුවූ සිදුවීම්වලට අදාලව අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ජූනි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ...
03/06/2022

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (06) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා

මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් එහිදී සඳහන් කර සිටියා.

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ...
02/06/2022

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය ලබන 8 වැනිදා ප.ව 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

තවද 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ සාදන ලද නියමයන්ද එදින විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිත බවයි මහලේකම්වරයා සඳහන් කළේ.

අද (02) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර ලබන 7 වැනිදා පෙරවරුවේ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි සහ ණය සීමාව රු. ට්‍රිලියනයකින් ඉහළ නැංවීම සදහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතයි.

අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ වත්මන් තත්ත්වය පිළිබද විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන්පසු ඒ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

ජූනි 9 වැනිදා ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග ප.ව 4.30 දක්වා විවාද කිරීමෙන් පසු සම්මත කර ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි..

මේ අතර පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා පිළිබද ශෝකප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සදහා ජූනි 10 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

මෙම සෑම දිනකම පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර ජූනි 10 වැනිදා හැර සෑම දිනකම පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) සහ මහජන පෙත්සම් පිළිබද කාරක සභාව යන කාරක සභාවල පසුවිපරම් කටයුතු සිදු කිරීමේදී පාර්ලිමේන්තුව තුළ ඒවායේ ශක්තිමත් බව වැඩි කිරීම සදහා සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ සංශෝධන පිළිබදව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මේ පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ලබන 7 වැනිදා ප.ව 2.30 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවීමට ද මෙහිදී තීරණය වී ඇති බව සඳහන්..

තවද පිරිවැය අවම කරගනිමින් පරිසර හිතකාමී ඊ – රාජ්‍ය සේවයක් ඇති කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ කටයුතු ද අවම කඩදාසි භාවිතයකින් යුතුව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබදව යෝජනා කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එවා තිබූ ලිපිය පිළිබදව ද ‍කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද සියලු වාර්තා හා ලේඛනවල මෘදු පිටපත් (Soft Copies) පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විශේෂ වෙබ් පෝටලයකට (Web Portal) ඇතුළත් කොට මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට යොමු කිරීමේ හැකියාව පිළිබදවද කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මේ අනුව ඉදිරියේදී ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස කාරක සභා සාමාජිකයන්ගේ ඒකමතික තීරණයෙන් කථානායකවරයා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කොට තිබෙනවා.

මේ අතර විවිධ හේතු මත පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ජූලි මස 04 වැනි සඳුදා සම්පූර්ණ දිනය වෙන් කිරීමටද කාරක සභාව මෙහිදී තීරණය කළ බවත් මහලේකම්වරයා සඳහන් කළා.

Address

Slave Island
00200

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Reader posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share