New Citizen TV

New Citizen TV New Citizen TV YouTube Channel Official page

14/09/2025

කාලයක් හොයපු අංක 3 පිතිකරු හමුවේ..කමිල් මිෂාරට ඊයේ ලැබුණු උපදෙස මෙන්න

විරෝධයක් නිසා ලෝටස් පාර වැසේබැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ.මේ හේතුවෙන් එම ප්‍රදේශය අ...
12/09/2025

විරෝධයක් නිසා ලෝටස් පාර වැසේ
බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පැවසීය.

පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගය...
03/09/2025

පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය හරාරේහීදී අද පස්වරු 5.00 ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ සිකන්දර් රාසා විසින්ය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

දරුවකු අත්අඩංගුවට ගත්විට පැය 06ක් තුළදී මව්පියන් හමුවීමට ඉඩ දෙන්නැයි නියෝගයක්බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රා...
03/09/2025

දරුවකු අත්අඩංගුවට ගත්විට පැය 06ක් තුළදී මව්පියන් හමුවීමට ඉඩ දෙන්නැයි නියෝගයක්

බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාවක් තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බාල වයස්කාර පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ දෑස් වලට නයි මිරිස් සාරය වක්කොට හිංසා සිදු කිරීම තුලින් හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක මේ බව සඳහන් වෙයි.

හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවකු සහ ඔහුගේ භාරකාරිය වන හමින් සිත්ති නිහාරා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අදාළ බාල වයස්කාර දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම දරුවාට රුපියල් ලක්ෂ 03 ක වන්දියක් සහ ඔහුගේ භාරකාරියට රුපියල් 75000/- ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවන ලෙස හතරලියද්ද පොලිසියේ එවක වැඩ බලන පොලිස් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් මහතාට විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත.

ඊට අමතරව යම් බාලවයස්කාර දරුවකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06 ක කාල සීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම්කාර දරුවා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක සිදු වූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් මෙම පෙත්සම්කාර දරුවා 2022 වසරේ අගෝස්තු මස 07 වන දින සැකපිට අත් අඩංගුවට ගත් බවය.

එයින් අනතුරුව මෙම දරුවා පොලිස් ස්ථානයට රැගෙන ගොස් වධ හිංසනයට භාජනය කරමින් ප්‍රශ්න කර තිබෙන බව අනාවරණය තිබෙන බවත් තීන්දුවේ සඳහන් වෙයි.

ප්‍රශ්න කිරීම් සිදුවන අතර තුර දරුවාගේ පාදවලට පොලු වලින් පහර දී වධ හිංසාවට බඳුන් කර ඇති අතර ලේන්සුවකට නයි මිරිස් කරල් කීපයක් මිරිකා එහි සාරය ගෙන දරුවාගේ දෑස් වලට වක් කරමින් වධ හිංසා පමුණුවා තිබෙන බවත් නඩු තීන්දුවේ දී ප්‍රකාශ විය.

ඉන් අනතුරුව අදාළ දරුවා ඇප මත මුදා හැරීමෙන් පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවත් එහිදී වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තා තුළින් පොලිස් අත්අඩංගුවේදී දරුවා වධ හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවත් විනිසුරුවරු සිය තීන්දුවේ ප්‍රකාශ කළේය.

ඉන් පසුව මේ සම්බන්ධයෙන් පැවතී නඩු විභාගයේ දී අදාළ දරුවා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දුවෙන් පෙන්වා දී තිබේ.

අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී සාධාරණ පැමිණිල්ලක්, විශ්වාස කළ හැකි සාක්ෂි සහ සාධාරණ සැකයක් තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එහෙත් මෙම පෙත්සම්කාර දරුවා අත්අඩංගුවට ගැනීමේදී වගඋත්තරකාර පොලිස් නිලධාරියා එම නීතිමය මූලධර්ම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇති බවටත් චෝදනා කළහ.

මේ තුළින් එම නිලධාරියා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසානයේදී තීන්දු කළහ.

දෙදෙනෙකුට මරු කැඳවූ මධ්‍යම අධිවේගයේ අනතුරමධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් ද...
03/09/2025

දෙදෙනෙකුට මරු කැඳවූ මධ්‍යම අධිවේගයේ අනතුර

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

අනතුර සිදුවූයේ ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙනි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්න 41 වැනි කිලෝමීටර් කණුවේදී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ රාත්‍රී 11ට පමණ බව පොලීසිය පැවසීය.

අනතුරින් ලොරි රථයේ රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි.

අප වාර්තාකරු පැවසුවේ, බරපතළ තුවාල ලබා සිටි බවුසරයේ සහායකයා රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තුවාල ලබා සිටි බවුසරයේ රියැදුරා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර හේතුවෙන් ලොරි රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පෙරළී අති අතර, පසුව බවුසරයද ලොරිය මතට පෙරළී තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

වරෙන්තු නිකුත් කර තිබෙන රාජිත අද අධිකරණයටඅත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා...
29/08/2025

වරෙන්තු නිකුත් කර තිබෙන රාජිත අද අධිකරණයට

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඒ මහතාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 20වැනිදා නොතිසි නිකුත් කර තිබුණි.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අපරාධ නඩු විධානසංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ 'ප්‍රකාශනයක්' නිකුත් කරමින් මෙම නොතීසිය නිකුත් කරනු ලැබීය.

මේ අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කර අවලංගු කරන්නැයි ඉල්ලා රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (28) තීරණය කළේය.

ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබුණි.

කෙසේ වෙතත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිය සේවාදායකයා වෙත නිකුත් කළ නොතිසියට අනුව ඔහු අනිවාර්යයෙන්ම අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරිය නියෝගයක් ලබාදී නොමැත.

නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් 2012 වර්ෂයේ රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම විමර්ශනය සිදුකරනු ලබයි.

පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රිමාන්ඩ්කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක රාජකාරියේ ය...
28/08/2025

පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රිමාන්ඩ්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නීති කෘත්‍ය පසුගිය 26 වැනිදා කැඳවු අවස්ථාවේ දී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයකදී අදාළ සිදුවීම සිදුව තිබුණි.

ඒ අනුව, එම සැකකරු සැප්තැම්බර් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියමකළේය.

මෙම සැකකරු කළුතර නගරයේදි අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) කටයුතු කළේය.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවටගත් සැකකරු නාගොඩ පදිංචි 52 හැවිරිදි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුක හෙට්ටිආරච්චි බවය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවටමෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් ...
28/08/2025

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට

මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ ඔහුගේ බිරිඳ මෙන්ම තවත් අයෙක් වන බව වාර්තා වේ.

හිටපු ජනපති රනිල්ට ඉක්මනින්ම හෘද සැත්කමක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග...
27/08/2025

හිටපු ජනපති රනිල්ට ඉක්මනින්ම හෘද සැත්කමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවය.

"ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒ්කට ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ් නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි. දැනට ඔහුට කිරීටක ධමනියවල අවහිරතාවයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජලන තත්ත්වයකුත් තියෙනවා. එය ක්‍රමානුකූලව එම තත්ත්වය පහව යනවා. ඒ තත්ත්වය තුළ අපිට සොයා ගන්න පුළුවන් වුණා හෘදවස්තුව දුර්වලයි කියලා.එයට ශල්‍යකර්මයක් සිදුකිරීම තුළින් යථාතත්ත්වයට පත්කර ගන්න වෙයි."

මේ අතර, ඇපමත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළ ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට නියමිත බවය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පැදරවීම සඳහා එක් වූ සියලුදෙනාට ස්තූතිය පල කරන බවඳ එහි වැඩිදුරටත් සඳහන්ය.

රනිල්ට ඇපරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අ...
26/08/2025

රනිල්ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත් නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කෙරේකොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර තිබේ.අප වාර්ත...
26/08/2025

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, එහි ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බවය.

මෙහිදී අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක පරීක්ෂා කර ගමන්මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන අතර කිව් මාර්ගයෙහි (Kew Road) පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් එම මාර්ගයට ඇතුළු විය හැකිය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වේ

රනිල්ට අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු - තවදුරටත් ICU ප්‍රතිකාරහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්ක...
26/08/2025

රනිල්ට අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු - තවදුරටත් ICU ප්‍රතිකාර

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට වන නිර්දේශ හේතුවෙන් බොහෝදුරට ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීම නොහැකිවනු ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ හොත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වුණි.

Address

805, Jana Jaya City, Nawala Road, Rajagirya
Sri Jayavardhanapura
10100

Alerts

Be the first to know and let us send you an email when New Citizen TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Citizen TV:

Share