Aluth Parlimenthuwa-අලුත් පාර්ලිමේන්තුව

Aluth Parlimenthuwa-අලුත් පාර්ලිමේන්තුව රටටම හරි පාර පෙන්වන බුකියේ පාර්ලිමේන්තුව

නොසැලී ඉදිරියට! මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීමේ සටනට ජනතා ශක්තිය! 💪මෑතකදී වාර්තා වූ එක් සිදුවීමක් අපේ රටේ මත්ද්‍රව්‍...
21/10/2025

නොසැලී ඉදිරියට! මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීමේ සටනට ජනතා ශක්තිය! 💪

මෑතකදී වාර්තා වූ එක් සිදුවීමක් අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුර කෙතරම් බිහිසුණු තත්ත්වයකට පත්ව ඇත්ද යන්න නැවත වරක් සිහිපත් කළේය. අම්මා ණයට ගෙනා හාල් කිලෝ දෙක විකුණා පුතා මත්කුඩු පානය කළ පුවත හද කම්පා කරවන සුළුය. 'අයිස්' වැනි අතිශය භයානක මත්ද්‍රව්‍ය හේතුවෙන් තරුණ පරපුර දිනෙන් දින විනාශ මුඛයට ඇද වැටෙමින් සිටින බව අතිශය කනගාටුදායක සත්‍යයකි.

අවාසනාවකට, අතීතයේදී ඇතැම් බලධාරීන් මෙම බරපතල සමාජ ව්‍යසනය සම්බන්ධයෙන් නිසි වගකීමකින් කටයුතු නොකළ බව පැහැදිලිය. බලය රැකගැනීමේ අරමුණු පෙරදැරි කරගෙන කටයුතු කිරීම නිසා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නිදහසේ තරුණ පරපුර ගොදුරු කර ගැනීමට අවස්ථාව ලැබිණි.

එහෙත්, වත්මන් රජය පැමිණීමත් සමඟ මෙම තත්ත්වය වෙනස් වී ඇත. පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරීමේ දැඩි හා සෘජු තීරණයකට එළඹ සිටින බව පැහැදිලිය. අදාළ බලධාරීන්ගේ මග පෙන්වීම යටතේ පොලීසිය මේ වන විට දිගින් දිගටම මෙහෙයුම් දියත් කරමින් සිටී.

පසුගිය කාලය පුරාවට සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්, ජාත්‍යන්තරය සමඟ සම්බන්ධීකරණය වෙමින් පිටරට සැඟවී සිටි පාතාල නායකයන් මෙරටට ගෙන්වා අත්අඩංගුවට ගැනීම වැනි ක්‍රියාමාර්ග මගින් මෙම ජාවාරම් ජාලය බිඳ දැමීමට ගෙන යන ප්‍රගතිය පැහැදිලිව පෙනේ. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීමේදී, මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටි දේශපාලන අනුග්‍රහයද හෙළිදරව් වෙමින් පවතී.

මෙවැනි සටනක් ඉදිරියට ගෙන යන විට, විවිධ පාර්ශ්වයන්ගෙන් පදනම් විරහිත විවේචන, චෝදනා සහ අපහාස එල්ල විය හැකිය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් හෝ කළු සල්ලිවලින් යැපුණු අය එවැනි විහිළු කතා නිර්මාණය කිරීම පුදුමයක් නොවේ.

එහෙත්, අපගේ අවධානය යොමු විය යුත්තේ එම බොල් හඬවල් වෙත නොවේ.
සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේත්, රටේ අනාගතය වන තරුණ පරපුරේත් සුරක්ෂිතභාවය උදෙසා ගනු ලබන මෙම දැඩි තීරණයට අප සැමගේ සහාය අත්‍යවශ්‍යය.

පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තැබූ පියවර නොසැලී ඉදිරියටම තබන්න!

අද රටට අවශ්‍ය වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින්, අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන මෙවැනිම දැඩි ප්‍රතිපත්ති වේ. සමස්ත රටවැසියන් වශයෙන්, මෙම දුෂ්කර මෙහෙයුමට අපගේ පූර්ණ සහයෝගය ලබා දිය යුතුය. කිසිදු පදනම් විරහිත විවේචනයකට මෙම සටන මඟ හැර යාමට ඉඩ නොදිය යුතුය.

නීතිය ඉදිරියේ සියල්ලෝම සමාන වන, මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් වූ සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් අපි එක්වෙමු!

21/10/2025

විපක්ශේ නම්
මාලිමාවට සම්පතක් බං..

20/10/2025

පවු බං රනිල්ට වගේ කොටයක්වත් දෙන්න තියෙන්නෙ 😄

මේ girl ව පරිස්සම් කරගන්න වෙනවා කාටත් වඩා.මොන ක්‍රමේකට හරි එයා මේ හැමදේම කාටත් වඩා හොදින් සාක්ශි ඇතිවම දන්නවා🙏🙏🙏🙏🙏
20/10/2025

මේ girl ව පරිස්සම් කරගන්න වෙනවා කාටත් වඩා.
මොන ක්‍රමේකට හරි එයා මේ හැමදේම කාටත් වඩා හොදින් සාක්ශි ඇතිවම දන්නවා🙏🙏🙏🙏🙏

මේ මාසෙ මුල නාකොටික් අධ්‍යක්ෂක හේමාල් ප්‍රශාන්ත සහ මත්ද්‍රව්‍ය දිසාව භාර DIG ඔෂාන් හේවාවිතාරණව මාරු කලානෙ.

ඒ දෙකම වෙලා තියෙන්නෙ මාස දෙකකට විතර කලින් චමුදිතගෙ ප්‍රෝග්‍රෑම් වලට ඇවිත් 'මහේෂිකා' කරපු චෝදනා වලට.

හේමාල් ගැන මහේෂිකාගෙ චෝදනාව තමයි, "තොරතුරුකරුවන්ට දෙන්න තිබ්බ ලක්ෂ 50ක් වංචා කිරීම සහ මාස තුනක් දෙවුන්දර අයිස් කුඩු ඇල්ලුවෙ නෑ..ඒ මාස තුනේ තම දෙහි බාලෙ මල්ලිගෙ කුඩු/අයිස් රට ඇතුලට ආවෙ" කියන එක.

මහේෂිකා ඒක කියල මාස දෙකකට පස්සෙ, හේමාල් මාරු කරපු එක ගැන පොලිසියෙන් දුන්න statement එකේ තියෙන්නෙ, "තොරතුරුකරුවන් ලබාදීමට තිබූ රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම, පරිපාලන දුර්වලතා සහ මාස තුනක් තුළ නිසි පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සිදුනොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා" කියලා.

ඒ විදියට මේවා කලින්ම කියපු මහේෂිකා නිතරම කියපු එකක් තමා, "දෙහි බාලෙගෙ කුඩු නාකොටික් එකෙන් අල්ලන්නෙ නෑ. නාකොටික් වාහන වල තමා දෙහි බාලෙගෙ කුඩු/අයිස් ප්‍රවාහනය කරන්නෙ සහ
මේ දෙන්න නාකොටික් එකේ ලොක්කො විදියට ඉදගෙන තනිකරම කරන්නෙ දෙහි බාලෙට උදව් කරන එක" කියලා.

මේ මත්ද්‍රව්‍ය දිසාව බාර DIG ඔෂාන් හේවාවිතාරණ කියන්නෙ, බාලෙ මල්ලිගෙ මාමගෙ වයිෆ් ගෙ ක්ලාස් මේට් සහ ඔහු ස්කෝලෙ ගිහින් තියෙන්නෙ දෙවුන්දර මහ විද්‍යාලයට. ඒ හිතවත්කම නිසා මොහු දිගටම බාලෙ මල්ලිට උදව් කරල තියෙනවා.
2023 බාලෙ මල්ලි ලංකාවට ආව වෙලාවෙ එයාපෝට් එකේදි නාකොටික් නිළධාරීන් ඔහුව අත්තඩංගුවට ගන්න යද්දි එතනින් බේරලා යවල තියෙන්නෙත් මේ DIG ඔෂාන් ම තමයි.

මේවාට අදාල පියවර දැන් ගත්තට මහේෂිකා මේවා කිව්වෙ සෑහෙන කාලෙකට කලින්. ඔය එයාපෝට් කතාව කියල මාස 06කටත් වැඩියි මට මතක විදියට.

මහේෂිකා කියන විදියට, අර ගිය සතියෙ තංගල්ල කිට්ටුව මුහුදෙ පාවෙලා තියෙන්නෙත් බාලෙ මල්ලි ට්‍රාන්ස්පෝට් කරපු බඩු, සන්නිවේදන ප්‍රශ්නයක් නිසා තමයි ඉරාන නැවෙන් බඩු බාරගත්ත ලොකු බෝට්ටුවට ඒවා පොඩි බෝට්ටු වලට දෙන්න බැරිවෙලා තියෙන්නෙ.

මේ ලංකාවෙ මත්ද්‍රව්‍ය ජාලයේ ලොකු ජාවාරම් සෙට් එකේ ඉන්න එකම ධීවරයා දෙහි බාලෙ මල්ලි නිසා ඉරාන්/පකිස්තාන් බඩු ගොඩක් ලංකාව ඇතුලට ට්‍රාන්ස්පෝට් කරන වැඩේ ගොඩක් වෙලාවට බාදෙන්නෙ බාලෙ මල්ලිට ලු. ඔහුට ඒ වෙනුවෙන් හෙරෝයින් ට්‍රාන්ස්පෝට් කලොත් ඒකෙන් 20% කුත්, අයිස් ට්‍රාන්ස්පෝට් කලොත් ඒකෙන් 40%කුත් ලැබෙනවලු. (මුදල් නෙමේ බඩු)

බාලෙ මල්ලි දෙවුන්දර බෝට්ටු හිමිකරුවෙක් ට මත්ද්‍රව්‍ය ගේනවට ඇඩ්වාන්ස් එක ලක්ෂ 30ක් දෙනවලු. බඩු ගෙනාවට පස්සෙ කෝටි 05ක් දෙනවලු.
ගේන බඩු නාකොටික් වාහන වලින් රට ඇතුලෙ ප්‍රවාහනය කරනවලු.
ඒත් සමහර වෙලාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කලාට පස්සෙ මත්ද්‍රව්‍ය පොඩ්ඩක් එක්ක බෝට්ටුවෙ වැඩකරන ඔක්කොම නාකොටික් එකෙන් අත්තඩංගුවට ගත්තම ඒක ශේප් කරන්න කෝටි 04ක් යනවා කියලා බෝට්ටුවෙ අයිතිකරුට කෝටියක් දීලා, ඉතුරු කෝටි 04න් කොටසක් ප්‍රවාහනය වෙනුවෙන් නාකොටික් එකට දෙනවා ලු.

මේ ඔක්කොම කරල තියෙන්නෙ අර දෙන්නා ලොක්කො විදියට ඉද්දි. ඒ ලොක්කො දෙන්නා තමා දැන් මාරු කරලා තියෙන්නෙ.

ආයෙ මේකෙ කියනවා, ගිය සතියෙ ගාල්ලෙදි අහුවුන බඩු කුඩු සලිඳුගෙ කියලා, ඒකෙ ඔත්තුව දුන්නෙ බාලෙ මල්ලි විසින් කියලා.

මේ පේන විදියට පොලිස් බුද්ධි අංශ වලට වඩා මාස කීපයක් ඉස්සරිහින් තාමා දැනටත් මහේෂිකා ඉන්නෙ. පොලිසියෙ ඉන්න දූෂිත නිලධාරීන් නිසා පොලීසියටම කෙලවිලා තියෙන්නෙ. තව කොච්චර ඉන්නවද දන්නෙ නෑ මත්ද්‍රව්‍ය මාෆියාවෙන් පඩි ගන්න උන්.

ඇප ලැබුන කංජිපානිව රටින් පන්නලා තියෙන්නෙත් දැනටත් ඉන්න DIG කෙනෙක් කියලාත් මහේෂිකා කිව්වා. ඌවත් අයින් කරන්න වෙයි.

#දෙහිගෙදර #දෙහිබාලෙමල්ලි #මහේෂිකා
✍️Yamil Thisara

20/10/2025

වෙනස..!!
ඉස්සර එලව ගිය අය දැන් ආපහු එනවා..!!

20/10/2025

ඒ කාලේ රන්ජන් පාර්ලිමේන්තුවේ කල කතාවක්

20/10/2025

කජු සීයාගේ වීරක්‍රියා😂😂

20/10/2025

සුපිරියි....ආඩම්බරයි මගේ මව්‍ රට 💐👌👌👌👌❤️

19/10/2025

පොහොට්ටු පොටෝ වල ලස්සනට ඉන්න මතුගම ශාන්ගේ පැටිකිරිය මෙන්න -තමන්ට විරුද්ධ වූ කාන්තාවකගේ පියයුරක් කඩු පහරකින් කපලා

ඒක පොටෝ එකයි ඒකත් මේ පාරේ යන ගමන් ගැහැවා කියනවා නේ ... ඔන්න තව පොටෝ එකක් 😅
19/10/2025

ඒක පොටෝ එකයි ඒකත් මේ පාරේ යන ගමන් ගැහැවා කියනවා නේ ... ඔන්න තව පොටෝ එකක් 😅

Address

Parliament Approach Road
Sri Jayavardhanapura
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Aluth Parlimenthuwa-අලුත් පාර්ලිමේන්තුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share