11/05/2026
ශ්‍රී ලාංකීය ඩිජිටල් සඟරා කලාව වෙනස් තලයකට ගෙන ගිය, සම්ප්‍රදාය අතික්‍රමණය කළ, සුවහසක් පාඨක ඔබගේ රසවිදින්නය වෙනුවෙන් එදා මෙදා තුර විවිධාකාර වූ හරවත් සංකල්පයන් මතින් ඩිජිටල් අවකාශය තුළ ඩිජිටල් පුවත්පත් අතර පෙරළිකාර වූ සඟරා දැක්ම Trendthink E - Magazine ගෙන එන්නට සමත් වූ අප මෙවරත් පාඨක ඔබ වෙනුවෙන් 168TH වන කලාපය මෙලෙසින් දිඟ හරිනු ලබයි ! 📄✅❤️
මෙවර කලාපයෙන් |
💬 ❝ මේ දවස්වල ITN නාළිකාවේ විකාශනයවන ' පට්ටිගෙදර ' ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි. ඒ අත්දැකීම සහ එහි ඔබ රඟපාන චරිතය ගැන මොකද හිතෙන්නේ කියමු ?
✘ මෙච්චර කාලයකට මං කරපු අපහසුම චරිතය තමයි පට්ටි ගෙදර ' නන්දනී ' ගේ චරිතය. සමහර තැන්වලදී මම චරිත තුනක් රඟපානවා. ඒ ඒ චරිතවල මනෝභාවයන්, චරිත ලක්ෂණ, පෞරැෂයන් වෙන් කරලා හඳුනාගෙන ප්‍රේක්ෂකයන් අතරට ඒක ගෙනියන එක තමයි මට තිබ්බ එකම ගැටලුව සහ අභියෝගය. ඉතින් ඒකට ගොඩක් උදව් කරා වගේම උපදෙස් දුන්නා, පට්ටි ගෙදර ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණය හා පිටපත් රචනය කරපු අනුෂ්ක රසාංජන සිල්වා. ඒවගේම අනෙකුත් රංගන ශිල්පින්ගෙන් ලැබුණ සහයෝගයත් එක්ක ඒ චරිතය මට යම්තාක් දුරට සාර්ථක කරගන්න පුලුවන් වුණා කියලා මං හිතනවා. පට්ටි ගෙදර ටෙලිනාට්‍ය ඇතුළේ කණ්ඩායමක් විදිහට අපි හැමෝම වැඩ කරන නිසා වෙන්න ඇති මගෙචරිතයට වගේම අනෙකුත් චරිතවලට ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ. ❞
📍 ────── Rebecca Dilrukshi ─────── ❨ Interview By - Sanjaya Maduwantha / Owner & Edtor Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ බහුතර ප්‍රේක්ෂක පිරිසකගේ අසීමාන්තික උන්මාදයකට පාත්‍රවුණු ඔබේ සංගීත ගමනේ හැරවුම් ලක්ෂය සරාගයේ ගීතය කිව්වොත් මම හරි නේද ?
✘ ඔව්, ' සරාගයේ ' ගීතයෙන් තමයි මට එකවරම විශාල අවධානයක් ලැබුණේ. සරාගයේ ගීතය පද රචනය කරලා දුන්නේ Music Oven Studio එකේදීම මට හමුවුණු මනුරංග විජේසේකර අයියා. සරාගයේ ගීතයේ Music Video එක මට Direct කරලා දුන්නේ දුමින්ද සංජීව අයියා. නමුත් ඒ වෙනකොට යම් යම් හේතුමත Music Video එක ප්‍රමාද වෙනවා වගේ මට දැනුණු නිසා මම මුලින්ම Album Art එකක් එක්ක Youtube එකේ Audio එක Release කළා. Album Art එක කරලා දුන්නේ රවී ජේ. ඉතින් Video එකක් නැතුව Album Art එකක් එක්ක Audio Release කරපු සරාගයේ ගීතයට විශාල ප්‍රේක්ෂක අවධානයක් ලැබුණා. මට ඒ මොහොතේ හිතුණා සරාගයේ ගීතයත් එක්ක මගේම තවත් ගීතයක් ප්‍රේක්ෂකයන්ට මගෙන් අවශ්‍යයි කියලා. ඒ හේතුව මත මම හදලා තිබුණු ' සංසාර සිහිනේ ' ගීතය සරාගයේ ගීතයෙන් මාසයකට පස්සේ Release කළා. මම විශ්වාස කරනවා සරාගයේ ගීතය සහ සංසාර සිහිනේ ගීත දෙකේම එකතුවේ සම්ප්‍රයුක්තයක් විදිහට ඒ මොහොතේ මගේ Career එක ගොඩනැගුණා කියලා. ❞
📍 ───── Sanuka Wickramasinghe ─────── ❨ Interview By - Tharushi Nethmini / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ ඇත්තටම ඔබ ගායනයට වගෙම රංගනයටත් එක සේ දක්ෂ යෞවනියක් ... ඉතින් මෙතෙක් රංගනයෙන් දායක වුණු වැඩ කටයුතු මොනවද කිව්වොත් මේ කතාබහෙදී ?
✘ ඇත්තටම රංගනය කියන්නේ මම බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් නෙමෙයි. කුඩා කාලයේ ඉඳලම මම හැදෑරැවේ සංගීතය නිසා මගේ එකම අරමුණ වුණේ දක්ෂ ගායිකාවක් වීමයි. රංගනයට මම පිවිසෙන්නේ ඉතාමත් අහම්බෙන්. මගේ කුළුඳුල් රංගන අත්දැකීම වුණේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ' සිදාදියේ සමනලියෝ ' ටෙලි නාට්‍යයයි. එහි මගේ චරිතයට මාව තෝරා ගැනීමට ප්‍රධානම හේතුව වුණේ මගේ ගායන හැකියාව සහ ගිටාර් වාදනයයි. මුලදී මම රංගනයට මගේ අකමැත්ත ප්‍රකාශ කළත්, පසුව එයට සම්බන්ධ වුණා. එහිදී මාව තෝරාගත් මුල් අධ්‍යක්ෂ ධනංජය සිරිවර්ධන මහතාට සහ අනතුරුව චාමර ජනරාජ් පීරිස් මහතා ඇතුළු මාව සම්බන්ධ කරගත් සැමටත් මම ස්තුතිවන්ත වෙනවා. ඉන්පසුව ජාතික රෑපවාහිනියේ විකාශය වූ චාමර ජනරාජ් පීරිස් මහතාගේම ' අමුතු දීගේ ' නාට්‍යයට දායක වුණා. මේ දවස්වල හසිත රාජපක්ෂ මහතාගේ (Head or Tail ) රෑගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. මීට අමතරව තවත් ටෙලි නාට්‍ය තුනක වැඩකටයුතු ඉදිරියේදී ආරම්භ වීමට නියමිතයි. ඉතින් ඒ වගේම, මිහිර සිරිතිලකයන්ගේ ' ගරැතරැ ' වේදිකා නාට්‍යයත් සමඟත් සම්බන්ධ වී සිටිනවා. රංගනයට ආධුනිකයි. ඉතින් සංගීතය තමයි පොඩි කාලේ ඉඳලා හැදෑරැවේ. ❞
📍 ──── Woshika ───── ❨ Interview By - gamage / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ' බහුචිතවාදියා ' චිත්‍රපටයේ " සසිත " යන චරිතයට ඔබ පණ පොවනවා, ඉතින් මේ චරිතය පිළිබඳත් දැන ගන්න කැමතියි කළණ අපට ?
✘ ඇත්තටම ඒක තමයි මාව ප්‍රධාන චරිතයක් කරපු පළවෙනි චිත්‍රපටය. මේක ලොකු අභියෝගක් වුණා. මාලක අධ්‍යක්ෂණය කළ පළවෙනි චිත්‍රපටය. මේකට මම මුලින්ම හිටියේ Casting කරන්න. පස්සේ මාලක දේවප්‍රිය මට සසිත කියන චරිතය දුන්නා මේ චිත්‍රපටයේ. මේක මාලකත් එක්ක කරපු ලොකු අධ්‍යනයක් ඇත්තටම. මාත් එක්ක මේ චිත්‍රපටයේ රංඟනයේ යෙදුණු සියලුම නළු නිළියන්ගේ ගෙවල්වල ගිහිල්ලා රියසල් කරලා තියෙනවා. මේ චිත්‍රපටයේ මම කරපු විශේෂ දෙයක් තමයි සීන් එකින් සීන් එකට මම කරන්නෙ මොකක්ද කියන එක මම ලිව්වා සහ අධ්‍යයනය කළා. ඒක මාලක දුන්න Homework එකක් මට. ඇත්තටම ඒකම ලියවුනා පිටු හතළිහක් විතර මගේ අතින්. මේ අඩිතාලම තමයි මට සිනමාව හා රංගනය ගැන අවබෝධයක් ලබා ගන්න මුල් වුණේ. චිත්‍රපටයේ තිබුණ විශේෂ දේ තමයි, චරිතය ඇතුළේ ලොකු Reaction එක නැතුව, හැසීරීම් රටාව විතරක් ඇතුළේ ඉන්න අපි හැමෝම උත්සාහ කළා. මාලකට ඕනි වුණේ ඉක්මනින් දෙබස් යන එකක් නෙවෙයි. මේ අධ්‍යනයට තමයි විශාල කාලයක් ගියේ. මේ චිත්‍රපටය ඇතුළේ නිකන් ඉන්න කාලය වුණත් අභියෝගාත්මක වුණේ ඔය නිසා ඇත්තටම. ❞
📍 ───── Kalana Gunasekara ───── ❨ Interview By - Navodya Dilrukshi & Sanjaya Maduwantha / Owner & Edtor Of Trendthink E - Magazine ❩
💬 ❝ මේ දවස්වල ඔබ ඉතාම ජනප්‍රිය සිරස නාලිකාවේ විකාශනය වන, ' කොටු ' ටෙලි නාට්‍යය තුළින් ... ඉතින් කොහොමද ලැබෙන ප්‍රතිචාර සහ අවස්ථාව කොහොමද ලැබෙන්නේ කිව්වොත් අපට ?
✘ ඔව්, ' කොටු ' කියලා කියන්නේ මගේ ජීවිතේ වෙනස්ම මාවතකට රැගෙන ගිය ටෙලි නාට්‍යයක්. මම 2023 ඉදන් තමයි රංගන ක්ෂේත්‍රය සමග එකතු වී විවිධ නිර්මාණයන් සඳහා දායක වූයේ. නමුත් ඒ අතර කොටු ටෙලි නාට්‍යයේ මිහිරි කියන චරිතය ප්‍රේක්ෂකයා ඉතාමත් ආදරයෙන් වැළඳගත්තා. ඉතින් මට අවස්ථාව ලැබුණේ අසංක සායක්කාර අයියගේ Workshop එකකදී. ඔහු විසින් තෙදිනක වැඩ මුළුවක් පැවැත්වූවා. එහිදී මම එයට සහභාගි වූවා. වැඩමුළුවෙන් සතියකට විතර පසු තමයි මට ඒ ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබෙන්නේ. ඉතින් මට ටෙලි නාට්‍ය තුළ රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණේ ප්‍රවීණ රංගන ශිල්පී ජගත් චමිල මහතා සමග. ඉතින් ඒ සියල්ල එක්ක ඉතාමත් කෙටි කාලයක් තුළ මිහිරි කියන චරිතය ප්‍රේක්ෂකයා අතරට යාම සහ ලැබෙන ප්‍රේක්ෂක ආදරය සහ ප්‍රතිචාර පිළිබඳව මම නිහතමානිව සතුටු වෙනවා. ❞
📍 ──── Sulo Harapathdeniya ────── ( InterviewBy - Sewwandi Ima Munasingha / Co - Dirctor & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ මෙතෙක් ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ අතරින් ප්‍රේක්ෂකයන් වැඩිපුරම වැළඳගත් සහ ඔබව වඩාත් සමීප කළ නිර්මාණ මොනවාද කිව්වොත් අපට ?
✘ ප්‍රේක්ෂකයන් වැඩිපුරම වැළඳගත් සහ මාව ගොඩක් අය හඳුනාගත්තේ ස්වර්ණවාහිනියේ විකාශය වුණු සුපුන් රත්නායක අයියගේ ' ලලයි ලිලයි ලයි ' ටෙලි නිර්මාණය හරහායි. එහි මම රඟපෑවේ ' ජීව ' කියන චරිතය. කතාවේ ගලායාමත් එක්ක ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාර හරිම ඉහළයි. ඒ වගේම මාව ඒ නිර්මාණයට දායක කරගත්තට සුපුන් අයියටත් මේ වෙලාවේ මම ස්තූතිවන්ත වෙනවා. මීට කලින් මම නිර්මාණ කිහිපයකට දායක වෙලා තිබුණත්, මිනිස්සු අතරට මාව වැඩියෙන්ම ගියේ ' ජීව ' කියන චරිතය නිසයි. ඒ වගේම උදයකාන්ත සර්ගේ ' ගිනි අවි සහ ගිනි කෙළි ' චිත්‍රපටයත් මගේ ගමනට ලොකු බලපෑමක් කළා. මේ හැම නිර්මාණයක් එක්කම තමයි තාරා කියන්නේ නිරෑපණ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි, රංගන ක්ෂේත්‍රයේත් ඉන්න කෙනෙක් කියලා මිනිස්සු අතරට ගියේ ඇත්තටම ... ❞
📍 ───── Thara Kaluarachchi Cruz ───── ❨ Interview By - Mendis / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ ප්‍රසංග වේදිකාව තුළ ඔබ එදා වගේම අදත් කාර්යබහුල වෙලා ඉන්නවා. නමුත් ඔබේම ගීත නිර්මාණ වලින් ඔබ ඈත් වෙලාද ඉන්නේ ?
✘ ඇත්තටම මම මේ දවස් වල මගේ ම කලා නිර්මාණයන් සිදු කිරීමෙන් ඈත් වෙලා ඉන්නේ. මෑතක දී සිංදු කිහිපයක් කළා. ඒවා සමාජ මාධ්‍ය හරහා රසිකයන් වෙත ලබා දෙනවා. මොකද කිව්වොත් අපේ රටේ වර්තමානයේ පවතින ආර්ථික, දේශපාලන, සමාජ ප්‍රශ්න එක්ක මිනිස්සුන්ට නිවී සැනසිල්ලේ කලා නිර්මාණයන් රස විඳින්න කාලයක් නැහැ. ඒ වගේම හිතේ නිදහසකුත් නැතුව ඇති කියලා මං හිතනවා. අපි නිර්මාණයන් කරන්නට ඕන මිනිස්සුන්ට රස වින්දනයක් ලබා දෙන්නයි. ඒ නිසා හොඳ සාර්ථක නිර්මාණයක් ලබා දෙන්න නම් රසිකයන්ට නිදහසේ එය විදින්න අවස්ථාවක් හැදෙන්නත් ඕන. අන්න ඒ වගේ කාරණා කිහිපයක් නිසා මේ දවස් වල මගේ ම නිර්මාණ වලින් ඈත් වෙලා සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉදිරියේ දී හොද නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන්. ❞
📍 ────── Thushara Subasinghe ───── ( Interview by - Dulshara Maduwanthi / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ මේ දවස්වල දෙරණ නාලිකාවෙ විකාශනය වන, ' කෝඩුකාර ' ටෙලි නාට්‍ය තුළින් ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොහොමද සහ කොහොමද එයට අවස්ථාව ලැබෙන්නේ කිව්වොත් අපට ?
✘ ඇත්තටම, ' කෝඩුකාර ' ටෙලි නාට්‍ය මට ලැබෙන්නේ මම මීට පෙර වැඩ කටයුතු කරපු නිෂ්පාදකවරයෙකු වන චානක අයියා සහ අධ්‍යක්ෂක තිළිණ සහ සහය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන මගේ මිතුරන් නිසයි. ඔවුන් හරහා තමයි මට මේ නාට්‍යට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ, කෝඩුකාර හි චරිතය රංගන ජීවිතය තුළ මං ආසාවෙන් කරන චරිතයක්, ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය බනිනවා. සමහර අය හොද කියනවා. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාර එක්ක හැම දෙයක්ම සතුටින් භාර ගන්න ගමන් මට ලබා දීපූ චරිතයට මං උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා ඇත්තටම. ❞
📍 ─── Dushyanthi Sewikrama ──── ❨ Interview By - Dulshara Maduwanthi / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය පසුගිය දිනක නිකුත් කරපු, ඔබේ අලුත්ම ගීතය " මුතු ඇටෙන් පිට " එකට කොහොමද ලැබෙන ප්‍රතිචාර සහ ගීතය හැදුණු විදිය පිළිබඳවත් කතා කරමු මේ කතාබහෙදී ?
✘ " මුතු ඇටෙන් පිට කොල්ලො සැපෙන් පෙනුණෙ පින්තූරවල විතරයි යාළු " ඒ ට්‍රැක් එකෙ මේ පේළි හතර වයිරල් ගිහින් තිබුණා, ටික්ටොක් එකේ එහෙම මේක Release කරන්නත් කලින්.ඉතින් මම මේක කලින් සෙල්ෆි රැප් එකක් විදියට FB එකේ නිකන් දාපු එකක්. කොහොමහරි කට්ටිය මේක කරමු කියලා ඉල්ලලා තිබුණ නිසා මම මේක කරන්න ගත්තා. ඊට පස්සෙ කට්ටා එක්ක මේ ගැන කතා කරා. ඉතින් කට්ටා Beat එක ගහලා තිබුණා ආයෙත් Remake කරලා, එතකොට මේකේ Mixmaster එක කරන්නෙ අපේ ' Malaa Beats ' මලා මල්ලි. වීඩීයෝ එක එඩිට් කරේ ප්‍රභාත් මල්ලි. ඉතින් මේ කට්ටියගෙම සහයෝගෙන් තමයි ' මුතු ඇටෙන් පිට ' ට්‍රැක් එක ලස්සනට හැදුණෙ. ❞
📍 ──── Keshawa Thineth ( KT ) ───── ( Interview By - Gayani Sanjula / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ ඇත්තටම ගුවන් හමුදා නිලධාරිනියක් කියන්නේ අපි සාමාන්‍යයෙන් දකින ළඳ බොළඳ කාන්තාවකගෙන් ඔබ්බට ගිය දිරිය කාන්තාවක්, ඔබත් ඒ වගේද ?
✘ ඔව් ඇත්තටම මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වෙද්දී මේ රටේ තිබුණේ යුධ වාතාවරණයක්. ඉතින් මගේ අප්පච්චි පොලිස් නිලධාරියෙක්, අප්පච්චි නම් කැමති වුණේම නෑ මම ගුවන් හමුදාවට එකතු වෙනවට. ඒත් අවසානෙට මම ටිකක් බල කරලා කැමැත්ත ලබා ගත්තා. ඉතින් මං හිතනවා ගුවන් හමුදාවේදී වයස පහළොවක කාලසීමාව තුළ ලබා ගත්ත අත්දැකීම් සිවිල් සමාජයේ කාන්තාවකට ලේසියෙන් ලැබෙන්නේ නැහැ කියලා. මම කියන්නේ වෙනත් රැකියා නරකයි කියලා නෙවෙයි. නමුත් ඒ ලබා ගත්ත අත්දැකීම් ගැන කියන්න වචන නැහැ. අද වෙද්දී ලංකාවේ ගෑණු කෙනෙක්ට රෑ දහයෙන් පස්සේ තනියම පාරක යන්න බැහැ. ගුවන් හමුදාවේදී කාන්තාවක් විදිහට ඒ දේවල්වලට මුහුණ දෙන්න, අපේ විනය පවත්වාගෙන යන්න සහ කාන්තාවක් විදිහට කොන්ද කෙලින් තියාගෙන පෞරැෂත්වයකින් යුතුව සමාජයේ ජීවත් වෙන විදිහ හරි ලස්සනට සහ පිළිවලට ඉගෙන ගත්තා. දැන් මං විශ්‍රාමිකයි, නමුත් මගේම ව්‍යාපාරයක් සහ සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. ❞
📍 ────── wayalina ───── ( Interview By - Dewmi Sathsarani / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ ඉදිරියට ලොකු වෙනසක් වන, " Aurelion Advanced Radiance Cream " ආයතනය ආරම්භය සහ එහි ගුණාත්මකභාවය පිළිබඳ යමක් මුලින්ම කතා කරමු මේ කතාබහෙදී ?
✘ ඇත්තටම " Aurelion Advanced Radiance Cream " ආරම්භය කියන්නේ සාමාන්‍ය ප්‍රඩක්ට් Launch එකක් නෙමෙයි, ඒක Skin care sector එකේ Quality-focused solution එකක් introduce කිරීමක්. අද වෙළඳපොලේ තියෙන Radiance creams බොහොමයක් Brightening, Hydration සහ Skin tone improve කිරීම වගේ Benefits දෙනවා කියලා අපි දන්නවා, ඒ ගැප් එකට අපි Approach කරේ, Safe, Effective සහ consistent results දෙන Formulation එකක් Develop කරමින්. ඉතින් Aurelion කියන්නේ Appearance එකට විතරක් නෙමෙයි, Skin health එකටත් Focus කරන බ්‍රෑන්ඩ් එකක්. උසස් තත්වයේ Ingredients, Skin - friendly formulation සහ Visible results ලබාදීම තමයි මේකේ Core value එක. ඒක නිසා මේක හුදෙක් Beauty product එකක් නෙමෙයි Conence එක බිල්ඩ් කරන විසදුමක් කියලා මම Personally විශ්වාස කරනවා. ❞
📍 ────── Dhishy ───── ( Interview By - Sanjaya Maduwantha II / Owner & Edtor Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ ආරම්භය කෙතරම් අපහසු වුවත් ඒවාගේ ප්‍රතිඵල දකින විට දැනෙන සතුට නම් ඉමහත් ඇති. ඉතින් අපට කියන්නකෝ කොහොමද ඔබට ලැබෙන හොද සහ නරක ප්‍රතිචාර ඔබ භාර ගන්නේ ?
✘ හොද ප්‍රතිචාර සහ නරක ප්‍රතිචාර ලැබෙන්නේ එක එක්කෙනාගේ සිතුවිලි වගේම එයාල හිතන පතන විදිහත් එක්ක. සමහරක් අයට මාව හොද කෙනෙක් විදිහට දකින්න පුළුවන්, තව සමහර කෙනෙක් මාව නරක විදිහට දකින්න පුළුවන්. නමුත් තවම නිරෑපණ ක්ෂේත්‍රයේ මට නරක ප්‍රතිචාර ලැබිලා නෑ. අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ, නමුත් අපිට පුළුවන් අපිව වෙනස් කර ගන්න. අපිට නරක ප්‍රතිචාර ආවාම ඒවා ගැනම හිතලා ඒවට ආපස්සට උත්තර දෙන්න ගියොත් අපේ කාලේ වගේම අපේ තියෙන හොද දේවලුත් නැති වෙලා යන්න ඉඩ කඩ තියෙන නිසා වැරදි අඩු පාඩු තියනවා නම් ඒවා හදාගෙන පාඩුවේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන, ලැබෙන හොද වගේම නරකත් සතුටින් බාරගෙන මගේ ගමන යනවා ඇත්තටම ... ❞
📍 ────── Amali Harshani ────── ( Interview By - Maduwantha / Owner & Edtor Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ භූමි Tv වැනි මාධ්‍යක ඔබට මෙවැනි අත්දැකීමක් ජීවිතේට ලැබීම ගැන සහ කොහොමද ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය කියමු අපට ?
✘ භූමි ටීවී මගින් ලැබුණු අත්දැකීම ගැන කිව්වොත් දවස් දෙකකින් ලස්සන සහෝදරයෝ ටික දෙනෙක් සමග බෙදා ගත්ත අත්දැකීම් ගොඩක් වටිනවා. ඒ වගේම තමයි කාර්යමණ්ඩලය විශේෂයෙන් විමුක්ති අයියා අප වෙනුවෙන් කරපු කැපවීම උත්සාහය පිළිබඳ මේ අවස්ථාවේදී කියන්න ඕන. ඉතින් හැමෝටම දුන්න සහයෝගයට ගොඩක් ස්තුති. ❞
📍 ────── Sithumi Nisansala ───── ( Interview By - Sanjaya Maduwantha / Owner & Edtor Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ ශ්‍රී ලාංකේය මාධ්‍යකරණයේ අවුරැදු සමය වන විට අවුරැදු කුමරා කුමරිය තරග සංවිධානය ප්‍රමුඛ අංගයක් වී තිබෙනවා. ඉතින් ඔබ අවුරැදු කුමරිය තරඟයකට සහභාගි වීමට හිතුවේ ඇයි සහ ඒ වෙනුවෙන් රෑපවාහිනී තෝරාගැනීම පිළිබද දරන අදහස මොකක්ද කියමු ?
✘ අවුරැදු සමය කියන්නේ අපේ සංස්කෘතියේ සතුට, එකමුතුකම, සම්ප්‍රදාය සහ අලංකාරත්වය එකට දිස්වෙන කාලයක්. ඉතින් මම අවුරැදු කුමරා තරඟයට සහභාගි වෙන්න හිතුවේ, මගේ ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමට සහ මට තියෙන හැකියාවන් දියුණු කර ගැනීමට. උදාහරණයක් විදිහට කතා කිරීමේ හැකියාව, වේදිකාවේ හැසිරීම, සහ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට. ඒ වගේම මගේ පවුලට සහ මට ආදරය කරන අයට ආඩම්බරයක් ලබා දෙන්න. රෑපවාහිනී මාධ්‍යයක් තෝරාගැනීම ගැන කතා කරද්දී, ඒක වැදගත් තීරණයක්. හොඳ රෑපවාහිනී නාලිකාවක් කියන්නේ තරඟකරැවන්ට නිසි ගෞරවයක් දෙන, පාර්ශවික නොවන සහ සත්‍ය ලෙසම හැකියාවන් අගය කරන වේදිකාවක් විය යුතුයි. ඒ වගේම එම නාලිකාවට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවද කියන දේවලුත් වැදගත් වෙනවා. ඉතින් මගේ අදහස අනුව රෑපවාහිනී තෝරාගැනීමේදී බලන්න ඕනේ එය තරඟයේ ගුණාත්මකභාවය රැකගන්නවද, තරඟකරැවන්ට සාධාරණ අවස්ථා දෙනවද සහ අපේ සංස්කෘතිය නිසි ආකාරයෙන් නිරෑපණය කරනවද කියලා. අවසානයේ හරි වේදිකාවක් තෝරාගත්තොත් ජයග්‍රහණයක් ලැබුණත් නැතත් ජීවිතේ අමතක නොවන අත්දැකීම් අපිට එකතු වෙනවා. ❞
📍 ─────── Nipuna Udayantha ────── ( Interview By - Sanjaya Maduwantha / Owner & Edtor Of Trendthink E - Magazine ❩ ✍️
ඇතුළු තවත් අතිරේක පිටු සමගින් 𝗧 𝗥 𝗘 𝗡 𝗗 𝗧 𝗛 𝗜 𝗡 𝗞 - 𝗘 - 𝗠 𝗔 𝗚 𝗔 𝗭 𝗜 𝗡 𝗘 '𝗦 168𝗧𝗛 වැනි සගරාව ඔබේ ලඟටම !
◢ Official Cover Frame | Sithumi Nisansa & Nipuna Udayantha
◢ Photograph By | Sandakada Studio
◢ Cover Designed | Sanjaya Maduwantha ( Owner & Editor )
🔗 Sponsor By - @භූමි Tv | Malee Fashion | ShOt by GaYantha
🔗 Special Thanks - Sajith Danushka Akmeemana | Damindu Nidarshana | Vimukthi Sandaruwan | Janith Sandeepa | J zand Photography | Our Team & All Supportive Peoples .! 🫶
Subscribe Us - https://www.youtube.com/ ❤🫂
🚫 | Qulity ලෙස කියවන්න PDF ලබාගන්න 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 වෙත පණවිඩයක් යොමු කරන්න ! ☑✨
© ඔබේ අදහස්, යෝජනා, ව්‍යාපාරික දැන්වීම් සහ හොඳ නරක අප වෙත යොමු කරන්න. 🤝
🔖 BUSINESS PRAMOTION | SONG PRAMOTION | PHOTOSHOOT PRAMOTION | ANY OTHER PRAMOTIONS AVAILABLE ! ☑
• ᴄᴏɴᴛᴀᴄᴛ - + 94 72 815 45 41 📱( Sanjaya M Fernando )
• Whatsapp - https://wa.me/message/IGQQBZ2OBBDUC1
• Instagram - https://instagram.com/trendthink_e_magazine_
• TiKTok - tiktok.com/
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
❎ ❗ 𝗧𝗵𝗶𝘀 𝗰𝗼𝗽𝘆𝗿𝗶𝗴𝗵𝘁𝗲𝗱 𝗺𝗮𝘁𝗲𝗿𝗶𝗮𝗹𝘀 𝗼𝘄𝗻 𝗯𝘆 𝘁𝗵𝗲 𝗽𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝗲𝗿. 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗶𝗼𝗻, 𝗲𝗱𝗶𝘁𝗶𝗻𝗴 𝗮𝗻𝗱 𝗱𝗶𝘀𝗽𝗹𝗮𝘆 𝘄𝗶𝘁𝗵𝗼𝘂𝘁 𝗼𝘄𝗻𝗲𝗿𝘀 𝗽𝗲𝗿𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 𝗶𝘀 𝗽𝗿𝗼𝗵𝗶𝗯𝗶𝘁𝗲𝗱. 𝗗𝗼 𝗡𝗼𝘁 𝘂𝘀𝗲 𝘄𝗶𝘁𝗵𝗼𝘂𝘁 𝘁𝗵𝗲 𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀 𝘄𝗿𝗶𝘁𝘁𝗲𝗻 𝗰𝗼𝗻𝘀𝗲𝗻𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 𝗰𝗼𝗽𝘆𝗿𝗶𝗴𝗵𝘁 𝗵𝗼𝗹𝗱𝗲𝗿 .. ❗❎