Trendthink E - Magazine

Trendthink E - Magazine 📌 Sri Lanka's Popular And Creative Magazine That Has Transcended Tradition 📌 + 94 72 815 45 41 📄🇱🇰

21 වන සියවසේ මාධ්‍ය තක්සලාව තුළ දිනෙන් දින නැවුම් වන ඩිජිටල් පුවත්පත් කලාවෙහිලා එක්ව මාසයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සුවහසක් ප්‍රේක්ෂක හදවත් තුළට සමීප වීමට හැකිවීම පිළිබද Trendthink Magazine අපට ඇත්තේ නිහතමානී සතුටකි.

ඩිජිටල් පුවත්පත් කලාව තුළ රැල්ලක් නොව සුවහසක් රැළි නන්වන්නට නිර්මාණශීලී තාරුණ්‍යය මනස විවර කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයීය සහෝදරත්වය සේම දිවයිනේ නන්දෙසින් අප සමග අත්වැල්බැදගත් අපගේ කණ

්ඩායම ඔබ වෙත බැදී සිටින්නේ අර්ථවත්,රසවත්,හරවත්,කලාත්මක,විනෝදාත්මක, ක්‍රීඩා,සිනමාත්මක තොරතුරු සේම ඔබ සිත්ගත් විවිධ ක්ෂේත්‍රයන්ගේ කලාකරුවන්ගේ වගතුගද ඔබ වෙත සමීප කරවමිනි.හැප්පීම් නැගිටීම් දිරිගැන්වීම් තුළින් අප මෙතෙක් ආ ජයග්‍රාහී මාවතේ අපේ ශක්තිය Trendthink Magazine පාඨක ඔබයි.

සෑම මසකම සදුදා ඔබ අතට නැවුම් තොරතුරු මතින් Trendthink Magazine පත්වන්නේ ඒ නිසාමයී.ඔබගේ අදහස්,යෝජනා සේම ව්‍යාපාරික තොරතුරුද අප සමගින් බෙදා හදාගැනීමට + 94 72 815 45 41 අංකය ඔස්සේ අපව විමසන්න !
වෙනස වෙනස්ම අයුරින් විදගන්න - Think Magazine අප සමගින් එක්වන්න. Owner & Editor | Sanjaya M Fernadoz
Official Artwork | Music, ( Following Higher National Diploma In Information Technology )

❤️🕊️
13/09/2025

❤️🕊️

පමා නොවී සහ පමා වී ආ වසන්තය
වටිනා සම්මාන දෙකම එකම තැන
Calin Popular Awards 2025 🤟

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අසීමිත ප්‍රේක්ෂකාගාරයක ආදරය, දිනාගත් ළයාන්විත කටහඬක් උරුම වීම භාග්‍යයක්. ඉතින් ප්‍රේක්ෂක හ...
12/09/2025

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අසීමිත ප්‍රේක්ෂකාගාරයක ආදරය, දිනාගත් ළයාන්විත කටහඬක් උරුම වීම භාග්‍යයක්. ඉතින් ප්‍රේක්ෂක හදවතේ නිරන්තරයෙන් රැඳී සිටින, වත්මන් සංගීත ක්ෂේත්‍රයේ අපි දන්න, අපි ආදරේ කරන බෙහෙවින් ජනප්‍රිය තරුවක් අද අපිත් එක්ක කතාබහට එකතුවෙනවා. ඔහු නමින් "රිද්ම වීරවර්ධන" සමගින් කළ ආදරණීය කතාබහ

Interview frame | Ridma Weerawardena ❤️
Interview By | Kaveesha Sandeepani 🖊️
Special Thanks | Upamali Handagala & Sajith Danushka Akmeemana 🫶

සම්මාන ගොඩක් අපේ දක්ශයන්ට හම්බෙනවා දැක්කාඒ සියලු දෙනාටම සුභ  පැතුම් 💐 ඒත් මට හිතට දැනුණම සම්මානය තමයි මේ තියෙන්නේඔහු මගේ...
11/09/2025

සම්මාන ගොඩක් අපේ දක්ශයන්ට හම්බෙනවා දැක්කා
ඒ සියලු දෙනාටම සුභ පැතුම් 💐
ඒත් මට හිතට දැනුණම සම්මානය තමයි මේ තියෙන්නේ

ඔහු මගේ තාත්තා හා රුවින් වයසින් සමානයි
මගේ තාත්තාටත් හරිම ලස්සන කට හඩක් තියෙන්නේ
මගේ තාත්‍තා ගායකයෙන් උනානම් අද මන් පියල් අල්විස් ගේ පුත් රහල් අල්විස් වෙන්න තිබ්බා...
හැබැයි මගේ නම හදාගත්තේ මම තනියම✍


ඒත් උනේ රහල් අල්විස්ගේ තාත්තා පියල් අල්විස් කියන නම විතරයි..

දල ඇත්තු එලියට ගේන්නේ පෙරහැර කාලයටයි..ඉතින් සොඳුරු ඔබ අප හමුවට හරිම කාලයේදී පැමිණියට සහ ඔහුට ඒ ගෞරවය සහ අසීමාන්තික ආදරය ලබාදුන් සුවහසක් ආදරණීය ප්‍රේක්ෂයන්ට හරි ආදරෙයි ..ඉඩෝරය අවසානයේ..වසන්තය පැමිණියේ හරිම කාලයට.💥
ඉතින් ඔබට ජය ගාමිණී මාමා


Thank u akki ❤️🫶Irudini Umali Thilakarathna Interview By - Suneth Sandeepa
11/09/2025

Thank u akki ❤️🫶
Irudini Umali Thilakarathna
Interview By - Suneth Sandeepa


Article by Suneth Sandeepa 😊🌻✨
https://www.facebook.com/share/p/19r6ZjUDYD/

RELEASED NOW ! 💛🫶🏻
152ND Of Trendthink E - Magazine
" ආදරණීය චරිත කිහිපයක් සමගින් බලන්න, ලෑස්ති වෙමු ...! " ☁️🤍✨

Thank u nangi 🫡❤️Nimmy Manohari Interview By | Navoda Handaragama 🖊️Special Thanks | Chamara Karunanayake 🫶
10/09/2025

Thank u nangi 🫡❤️
Nimmy Manohari
Interview By | Navoda Handaragama 🖊️
Special Thanks | Chamara Karunanayake 🫶

ශ්‍රී ලාංකීය ඩිජිටල් සඟරා කලාව වෙනස් තලයකට ගෙන ගිය, සම්ප්‍රදාය අතික්‍රමණය කළ, සුවහසක් පාඨක ඔබගේ රසවිදින්නය වෙනුවෙන් එදා ...
08/09/2025

ශ්‍රී ලාංකීය ඩිජිටල් සඟරා කලාව වෙනස් තලයකට ගෙන ගිය, සම්ප්‍රදාය අතික්‍රමණය කළ, සුවහසක් පාඨක ඔබගේ රසවිදින්නය වෙනුවෙන් එදා මෙදා තුර විවිධාකාර වූ හරවත් සංකල්පයන් මතින් ඩිජිටල් අවකාශය තුළ ඩිජිටල් පුවත්පත් අතර පෙරළිකාර වූ සඟරා දැක්ම Trendthink E - Magazine ගෙන එන්නට සමත් වූ අප මෙවරත් පාඨක ඔබ වෙනුවෙන් 152ND වන කලාපය මෙලෙසින් දිඟ හරිනු ලබයි ! 📄✅

මෙවර කලාපයෙන් |

💬 ❝ ' රිද්ම වීරවර්ධන ' කියන්නෙ සුන්දර ආත්මයක් කලෙකට පිළිසිඳින. ඔබ මේ තරම් ප්‍රේක්ෂකාගාරයක ආදරය, ගෞරවය නොමඳ දිනාගත් හදවතේ රැඳුණු ගායකයෙක්,ඉතින් ලැබෙන ප්‍රතිචාර වලින් ඔබ තෘප්තිමත් ද ?

✘ අනිවාර්යයෙන්ම, ඇත්තටම අවුරුදු කීපයකට කලින් මගෙන් ඇහුව නම් මේ තැනට එන්න කලින් තව අවුරුදු දහයකින් මේ වගේ තැනක ඉඳීද කියල කොහෙත්ම එහෙම හිතන්නේ නැහැ. මොකද මේක සෑහෙන්න දුරක තිබුණු හීනයක්. මං විශ්වාස කරන දෙයක් තමයි ගොඩක් දේවල් එකතු වෙලා තමයි මාව මෙතනට ඇවිත් තියෙන්නේ සහ එවල තියෙන්නෙ කියන එක. හම්බ වුන මිනිස්සු මං කරල තියෙන හැම දෙයක්ම මට මේ තැනට රුකුලක් වෙලා තියෙනවා මං නොදැනුවත්වම. ඇත්තටම මං තෘප්තිමත්. හිතපු නැති කෙනෙක් මෙහෙම දෙයක් හිතන එක. මං මේ ක්ෂේත්‍රයට ඇවිත් ගොඩක් අය එක්ක හැසිරෙන්නෙ කොහොමද ඒ දේ ගැන මං ඉගෙන ගත්ත සහ තව කෙනෙක් කොච්චර මහන්සි වුනත් Concert එකක් ඉවර වෙලා කවුරු හරි පින්තූරයක් ගන්න එනකොට වුණත් මට හිතෙන්නේ අනේ මට මහන්සි කියන දේට වඩා ඇයි මාත් එක්ක ෆොටෝ එකක් ගහන්න උත්සාහ කරන්නේ එයාලගෙ ජීවිතේ මං මොකක් හරි දශමයක හෝ Impact එකක් වෙලා තියෙනවා කියල හිතෙනවා. ඇත්තටම ඒක නිසාම තමයි මං මේක දිගටම කරන් යන්නෙ. ❞

📍 ───── Ridma Weerawardena ─────── ❨ Interview By - Kaveesha Sandeepani / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ ' නාඩගම්කාරයෝ ’ ටෙලි නාට්‍යයෙහි ‘පොඩ්ඩිගේ’ චරිතය ඔබ රංගනයෙහි යෙදුණ චරිත අතරින් වෙනස්ම ආකාරයේ චරිතයක්. ඒ චරිතය ඔබට ලැබුණ විදිහ, ඒ චරිතය සඳහා ඔබ සූදානම් වුණ විදිහ ගැනත් මතක් කරොත් එහෙම?

✘ මගේ පළවෙනි ටෙලිනාට්‍ය වෙන්නේ නාඩගම්කාරයෝ. එය රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්‍රිය වුණ අති සාර්ථක නිර්මාණයක්.ඉතින් නාඩකම්කාරයෝ ටෙලි නාට්‍යයේ පොඩ්ඩිගේ චරිතය මට ලැබෙන්නේ ස්වර්ණවාහිනියෙහි එවකට විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙදෙනෙකු වන සුදේව හෙට්ටිආරච්චි මහත්මයා සහ රංගන ඩී සිල්වා යන මහත්වරුන්ගේ ආරාධනයෙන්. ඒ වගේම තමයි ජය ප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා, චාමර සමරවික්‍රම මහත්මයා සහ සද්ධා මංගල සූරියබණ්ඩාර යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් තමයි මට පොඩ්ඩිගේ චරිතය ලැබෙන්නේ. ඒ වෙනකොට මම රංගනය හදාරලා තිබුණේ නැහැ. ටෙලි නාට්‍යයේ දී මුණගැසුණු ප්‍රවීණයන් සහ සහෝදර රංගන ශිල්පීන්ගෙන් ලැබුණු උපදෙස් මත තමයි මම ඒ චරිතය ගොඩනගා ගත්තේ.ඇත්තටම මට ඒ චරිතය ඇතුලේ වෙනස්කම් කරන්න තිබුණේ නැහැ. මොකද සාමාන්‍ය ජීවිතයේ නිම්මි සහ පොඩ්ඩි අතර තිබුනේ පුංචි වෙනසක්. ඒ නිසා මම හරිම සැහැල්ලුවෙන් ඒ චරිතය කළා කියලා මට හිතෙනවා. ❞

📍 ──── Nimmy Manohari ───── ❨ Interview By Navoda Handaragama / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ ' නාඩගම්කාරයෝ ' ටෙලි නාට්‍යයෙහි ‘මාලන්’ ගේ චරිතය ඔබ රංගනයෙහි යෙදුණ චරිත අතරින් වෙනස්ම ආකාරයේ චරිතයක්, ඒ චරිතය ඔබට ලැබුණ විදිහ, ඒ චරිතය සඳහා ඔබ සූදානම් වුණ විදිහ ගැනත් මතක් කරොත් එහෙම ?

✘ මාලන් කියන චරිතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරපු චරිතයක්. නාඩගම්කාරයෝ කියන්නේ, චරිත ජීවිත ගොඩක් වෙනස් කරපු නිර්මාණයක්. මාලන් කියන්නේ චරිත කිහිපයක එකතුවක්. අරමුණු රැසැක් එක්ක වෙනස් වෙන චරිතයක්. අද ප්‍රේක්ෂකයා දකින මාලන් වෙනත් දවසක දකින විදිහ හරි වෙනස් වෙනවා. අහියෝගයක් වුන මාලන්ගේ චරිතයට මිනිසුන්ට ලොකු ආදරයක්, රසයක් දෙන්න පුලුවන් වුණා. මාලන් කියන චරිතය සමග ගැටුනු අනිත් හැම චරිතයක් තුළින්ම මාලන්ගේ චරිතය මිනිසුන්ගේ හදවත්වලට ගියා. දක්ෂතම නළුවන් වන "සජිත අනුත්තර", "සංගීත් ප්‍රභූ", "ගිරිරාජ් කෞශල්‍යය", මොවුන් සමග තමයි මාලන් කියන චරිතය ප්‍රේක්ෂකයාට එන්නෙ. මගේ කෝණයට අනුව මේ ලෝකේ කිසිම කෙනෙක්ට කිසිම දෙයක් තනියම කරන්න බැහැ. තව කෙනෙක්ගේ උදව් ඕනි. මේක ලෝකේ හැමදේකටම පොදුයි. ඉතිං මාලන් කියන්නේ මගේ කලා චාරිකාවේ "මගේ හීනයම" හැබෑ කරපු චරිතයක්.

📍 ───── Kokila Pawan Jayasooriya ───── ( Interview By - Navodya Dilrukshi & Nethmi Senarathne / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ ටෙලි තිරය ඔස්සේ මේ දිනවල විකාශය වන වෙනස්ම ආරයේ ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන ජහුටා කියලා කියන්නේ. ඉතින් ඒ ඔස්‌සේ ඔබේ දායකත්වය ගැන කතා කළොත් ?

✘ ' ජහුටා ' ටෙලි නාට්‍ය ගැන කියනවනම් ඒ සඳහා මට කතා කරන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර සර්. ඇත්තටම කාලාන්තරයක් තිස්සේ ගොඩක් ආසාවෙන් හිටියා ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර්ගේ නිර්මාණයක් තුළින් රංගනයෙන් එක් වන්නට. ඉතින් මට තිබුණු ඒ හීනය සැබෑ වුණා. ඉතින් මේ දිනවල ජහුටා ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. ඉතින් කලාකරුවන් රැසකගේ එකතුවෙන් ප්‍රේක්ෂකයාට තිළිණ කරන වෙනස්ම ආකාරයේ ඉතාමත් හොඳ නිර්මාණයක්. ඉතින් ආරම්භයේ ම ජහුටා ටෙලි නාට්‍ය සඳහා ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් නුදුරේදීම මේ ප්‍රේක්ෂක ආදරය තව තවත් වැඩියෙන් ලැබෙන බව නොඅනුමානයි. ❞

📍 ──── Chathuranga Kodithuwakku ────── ( InterviewBy - Sewwandi Ima Munasingha / Co - Director & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ පසුගිය කාල වකවානුව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් තමයි " රෝස කුමරි " කියලා කියන්නේ. රෝස කුමරි ගැන මේ කතාබහට එක් කරමු ?

✘ ඔව්,' රෝස කුමරි ' ගීතය ගැන කතා කළොත්, ගීතය ප්‍රේක්ෂකයා වෙත තිළිණ කළේ මගේ විවාහ උත්සවය දවසේ දී. ඇත්තටම මතක් කරන්න ඕන ඉතාමත් ආදරයෙන් මේ ගීතයේ සංගීතය සහ තනුව සන්තූර් මල්ලී, පද රචනය කළේ හෂිකා සුරේනි අක්කා. ඉතින් මගේ විවාහයට ටික කාලෙකට කලින් ඉඳන් තමයි අලුත් ගීතයක් කරන්න ඕන කියලා සන්තූර් මල්ලී එක්ක කිව්වේ. කොහොම හරි ගීතය නිර්මාණය කරලා අවසන් වෙද්දී නොදැනීම මගේ විවාහය ළං වුණා. ඊට පස්සෙ අපි කතා වෙලා මගේ විවාහ උත්සවය දවසේ සිංදුව Release කළා.Wedding එකටම කියලා විශේෂ කරලා හදපු ගීතයක් නෙවෙයි නමුත් මගේ Husband වෙනුවෙන් තමයි මම මේ ගීතය කළේ. මම බලාපොරොත්තු වුණු ආකාරයේ ලස්සන ගීතයක් මට ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන්න හැකියාව ලැබුණා. ❞

📍 ───── Sachini Ranawaka ───── ❨ Interview By - Sewwandi Ima Munasingha / Co - Director & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ ඇත්තටම, ජීවිතේ නොහිතන වෙලාවක අපහසුවෙන් ගත්ත වැරදි තීරණයක් ආපස්සට ගිහින් හදාගන්න අවස්ථාවක් ලැබුණොත්, ඉතින් ඒ අවස්ථාව ගන්නවද සහ මොන වගේ වැරැද්දක් ඔබ හදා ගනීවිද ?

✘ මම කැමතියි වර්තමානයේ ජීවත් වෙන්න. අතීතයේ හෝ අනාගතයේ ජීවත් නොවෙන්න මම හිත පුරැදු කරනවා. ඒ නිසා ඔයා කියන ඔය අවස්ථාව මට ගන්න අවශ්‍යය වෙන එකක් නෑ. ඉතින් අපි ජීවිතයෙන් ආපස්සට යනවා කියන්නෙම අතාත්වික දෙයක්. අත්දැකීම් එක්ක පරිණත වෙනකොට අපි වෙනස් විදිහට හිතන්න වගේම, වෙනස් විදිහේ තීරණ ගන්න කොහොමත් පුරැදු වෙනවා. ඒකට අපි අපේ ජීවිතයෙන් ආපස්සට යන්න අවශ්‍යය වෙන්නෙ නෑ. අනිත් එක මල්ලි මම දකින විදිහට ජීවිතේ අපි ගන්නෙ " තීරණ. " ඉතින් ඇත්තටම, ඒවා හරි තීරණ හෝ වැරදි තීරණ නෙවෙයි, පොදුවේ තීරණ. ❞

📍 ──── Irudini Umali Thilakaratne ──── ❨ Interview By Suneth Sandeepa / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ පසුගිය දවස්වල ඔබෙ වෙනස්ම ආරයේ ගීතය ඔබ ඔබගෙ රසික ප්‍රජාවට රස විඳින්න වගෙම නරඹන්න නිකුත් කරා ... ඉතින් අනෙකුත් ගීත එක්ක සසඳද්දී එම ගීතය ' දැක්ක ගමන් වශි ' හී විශේෂත්වය මුලින්ම කතා කරමු ?

✘ ' දැක්ක ගමන් වශී ' කියන ගීතය නිර්මාණය කරන්නේ, හර්ෂාන් පෙරේරාගේ වචන වලින් සහ ප්‍රගීත් පෙරේරාගේ සංගීතය එකතු වෙලා. ඉතින්, මේ සිංදුවට මට ඕනි වුණේ Live music රහක් එකතු කරන්න. ඒ නිසාම මේකට Guitars සහ Trumpet live paly කරලා record කරන්න තීරණය කළා. මොකද මට ඒකෙ රහ ඒ විදිහටම දෙන්න ඕන නිසා. මේ වැඩේ ලොකු ටීම් එකක් එකතු වෙලා කරපු ලස්සන වැඩක්. ඉතින් මේ වීඩියෝ එකට එකතු වෙනවා සජිත් අක්මීමන ප්‍රමුඛ Papa films crew එක. මං හිතනවා කාලෙකින් දැකපු නැති විදිහෙ ලස්සන මියුසික් වීඩියෝ එකක් කරලා දෙනවා එයාලා. මේ සිංදුවේ පැත්තෙන් සහ වීඩියෝ එක පැත්තෙන් ලොකු වියදමක් කරලා ලොකු Effect එකක් දාලා තමයි කරලා තියෙන්නෙ. ඒ නිසා මගෙ කරපු වැඩ වලින් qQuality වැඩේ මේක කියලා මම හිතනවා. ❞

📍 ─── Shehara Sandaruwan ──── ❨ Interview By - Upamali Handagala / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ වර්තමාන රංගන ක්ශේත්‍රයේ නව නිර්මාණ සිඳුවෙනවා.ඒ නිර්මාණ වලට විවිධ ප්‍රේක්ෂක අදහස් ලැබෙනවා.ගුණාත්මක වගේම ගුණාත්මක නොවන අදහස් ටෙලි නිර්මාණ,සිනමා නිර්මාණ වලට ලැබෙනවා.ඒ ගැන ඔබේ අදහස මොකක්ද ?

✘ ඕනෑම නිර්මාණයක් මඟින් සිඳු කරන්නේ යම් කිසි පණිවිඩයක් සමාජයට ලබා දීම. නිර්මාණයක හොඳ,නරක හෝ ඒ දෙකම තිබෙන්නට පුළුවන්, ඇත්තටම ඕනම නිර්මාණයක ගුණාත්මක භාවය ගැන සඳහන් කළොත් නිර්මාණය Quality, පිටපත, චරිත, රංගන ශිල්පීන්, වස්තු විෂය කියන දේවල් ගුණාත්මක භාවයට බලපානවා වගේම පිටපත විවිධාකාරයි.බොහෝ පිරිස පිටපතෙන් ගුණාත්මක බව මනිනවා.ටෙලි නාට්‍ය වර්ගීකරණය කළොත් Mega Teledrama,Art Teledrama ආදී ලෙස විවිධාකාරයේ නිර්මාණ තිබෙනවා. විවිධාකාර නිර්මාණ වලට ඇලුම් කරන විවිධාකාර පිරිස සිටිනවා. රසවින්දනය අනුව ටෙලි නාට්‍ය ගුණාත්මක බවින් ඉහළ මට්ටමකින් දකින්න පුළුවන්. රසවින්දනය එකිනෙකාගෙන් වෙනස් නිසා මම හිතනවා සෑම නිර්මාණයක්ම වගේ ගුණාත්මක බවින් ඉහළයි කියලා. ❞

📍 ──── Suhandi U Wosadi ──── ❨ Interview By - Dilki Nimeshika / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ තමන්ගෙම ව්‍යාපාරයක් තමන්ගෙම තැනක ආරම්භ කරනව කියන එක පහසුවෙන් සැබෑ කරගත නොහැකි හරි ලස්සන හීනයක්. අද වන විට ඔබ ඩුබායි වැනි රටක එම සිහිනය සැබෑ කරගෙන ඔබ තියෙනවා. මොන වගේ සතුටක් මොන වගේ තෘප්තියක් ද තියෙන්නෙ ඒ ගැන ?

✘ ඇත්තටම ගොඩාක් සතුටුයි, ගොඩාක් කල් ඉදන් දැකපු හින්යක් තමයි අද වෙනකොට හිමීට හැබැකරගෙන යනගමන් තියෙන්නෙ ඉතින් ඩුබායි වැනි රටක අද ඉන්න තැන ගැන ලොකු තුප්තියක් තියෙනවා. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අදහස් හැඩ කරන එක, ඔවුන්ගේ ජීවිතයේ කුඩාත්ම කොටසක් වෙනස් කරන එක, ඒකෙන් ලැබෙන තෘප්තිය කිව යුතු අමතර සතුටක්. එවැනි සතුට, කිසිම දේකටත් සමාන නොවේ. ❞

📍 ───── Tattoo ───── ❨ Interview By - Sanjaya M Fernandoz / Owner & Editor - Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ වර්තමාන සමාජයේ ඔබගේ ඇඳුම් නිෂ්පාදන අනෙකුත් නිෂ්පාදනත් එක්ක බලද්දි වැඩි තරුණියන් අතර වැඩි කතා බහට ලක් වෙලා තියෙනවා. ඉතින් ඔබ හිතන විදියට අනෙක් නිෂ්පාදනවලට සාපේක්ෂව ඔබගේ නිෂ්පාදනවල විශේෂත්වය මොකක්ද ?

මම SHILA brand එකෙන් අරන් එන්නේ මම Design කරන විලාසිතා. ඒවගේ පාට ගැලපුම් රෑප ගැලපුම් එකිනෙකට වෙනස්. මට ඕන මිනිස්සුන්ට ලස්සන අලුත් දෙයක් දෙන්න. ඒ සදහා මම යොදා ගන්නේ හොද ප්‍රමිතියෙන් යුතු Materials වගේම Prints. මම Tshirt design කරන්නේ මගේම patterns වලට මොකද ගොඩක් තැන්වල කාන්තාවන්ගේ ඇගේ හැඩයට Tshirts design වෙනවා අඩුයි. Unisex designs තමයි කාන්තාවන්ටත් මිලදී ගන්න වෙන්නේ. නමුත් මගේ වෙලද සන්නාමය යටතේ ගන්න හැම Tshirt එකක්ම කාන්තාවන්ට ආවේනික ඔවුන්ගේ ඇගට ගැළපෙන ලස්සන හැඩයකින් සහ නිමාවකින් මිලදි ගන්න පුළුවන්. අනෙක් දේ තමයි තරුණියන් මොන ඇදුම් මිලට ගත්තත් නිදහස් ගමනට ඇගේ පහසුම ඇදුම තමයි Tshirt එක ඉතින් ඒ ඇදුම ඇගේ හැඩයට ගැලපෙන ලස්සන පාට සම්මිශ්‍රණයන් සහ තරුණියන් ආස prints වලින් උසස් ප්‍රමිතියෙන් තියෙද්දින් ඒ සදහා ඔවුන්ගේ ආකර්ෂණය වැඩියි. Regular, V neck ,fourtone ,crop Tops sweet candy මේ වගේ විවිධ Design collection ගොඩක් SHILA සන්නාමය යටතේ මිලදි ගන්න පුලුවන්. ඒවගේම SHILA kids collection එකෙන් පුංචි දරුවන් ආස කරන Cartoon Tshirts විලාසිතා මිලදි ගන්න පුළුවන්. මගේ Designs වලට ගොඩක් පාදක වෙන්නේ ලොකු පොඩි කවුරුත් ආස Cartoon චරිත. මට ඕන SHILA පාරිභෝගිකයන්ට ලස්සන හොදම දේ දෙන්න. ඒක තමයි මගේ එකම අරමුණ. ❞

📍 ──── SHILA ( Aththanayaka ) ───── ❨ Interview By Sanjaya M Fernandoz / Owner & Editor - Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ ඔව්. ඉතින් ' පුරුදු තැන් ' ගැන විස්තර ටිකක් කියන්නකො.කොහොමද නිර්මාණය වුණේ කොයි කාලෙද ගීතය ප්‍රේක්ෂකයින්ට ලබාදෙන්නෙ.

✘ ' පුරුදු තැන් ' හැදෙන්නෙ ෆේස් බුක් එකෙන් දකින නිසදැසකින්.සමුදි නංගි ලියල තිබ්බ නිසදැසකින් තමයි මේ ගීතය හැදෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ. ඒ වචන ටික කියන කතාව මාර ලොකුයි. ඒ වචන ටික මට සින්දුවක් කරගන්න ඕන වුණා. ඒ කියන්නෙ ඒක එක දිගට අහන්න පුලුවන් විදියෙ ලස්සන සින්දුවක් කරගන්න මට ඕන වුණා. ඉතින් ශෙනාල් අයිය තමයි මේ ගීතය සංගීතවත් කරේ. හරිම කාම් මියුසික් එකකට අහගෙන ඉන්න පුලුවන් විදියෙ හුග දෙනෙක්ගෙ ජීවිත ඇතුලෙ තියෙන යම්කිසි කාල පරිච්ඡේදයක් මේකෙන් කියවනවා. ඉතින් හැමෝම මේක ආදරයෙන් වැලද ගනී කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොමත් ලොකු වෙනසක් වෙයි කියලා හිතෙන මේ ගීතය සත්‍ය කථාවක් ඇසුරින් ලියවුනු එකක්. ඉතින් ඒ ගීතයේ කතාව සමුදි නංගිගෙ වචන වලින්ම ඉස්සරහට දකින්න ලැබෙයි. ❞

📍 ──── Lakshan Dias ──── ❨ Interview By - Samudi M Jayasinghe / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️

💬 ❝ ඕනම ක්ෂෙත්‍රයක වැඩ කටයුතු කරද්දී බාධක වගෙම කැපිලි, කෙටිලි නිරන්තරයෙන් ලැබෙන්න පුළුවන් ... ඉතින් ඔබටත් එවැනි අත්දැකීම් තියෙනවද ?

✘ කැපිලි කැටිලි කියන්නම මගේ ගමනට ඉතින් හයියක්.කැපිලි කෙටි දෙනෙන අයගේ ප්‍රතිචාර තමයි මගේ ගමනේ ජීවය.ඇත්තටම මට ලොකුවටම එහෙම කැපිලි කැටලි නැහැ.නමුත් අපි ෆේස්බුක් ගිණුමක මේ වන විට ප්‍රසිද්ධය ප්‍රවීණ යැයි සම්මත ගායක ගායිකාවන්ගේනිර්මාණ අපේ ගිණුම් තුළ ශෙයා කරනවා කමෙන්ට් කරනවා,නමුත් අපේ ගීත සම්බන්ධව ඔවුන් කිසිදු දෙයක් කරන්නේ නැහැ.නමුත් මුල්ම කාලෙ මගේ හිතේ පොඩි දුකක් ඒ ගම්බදව හට ගැනුණ.නමුත් ජීවිතේ කියලා කියන්නේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න පුළුවන්නම් එතන තමයි ජීවිතය මට වැරදුනේ මම යමක් කරලා ඒ දේ ඔවුන්ගෙනුත් බලාපොරොත්තු වීම.එහෙමම දෙයක් බලාපොරොත්තු වෙනවානම් මම උපකාරයක් කරලා නැහැ.එනිසා මගේ යටි සිතේ තිබිච්ච සිතිවිලි සමග තමයි මගේ ඝට්ටනය සිද්ධවෙලාා තියෙන්නේ.එනිසා මං ඇත්තටම මං ගැන ලැජ්ජා වෙනවා.එනිසා මට කවුරු උපකාර කළත් නැතත් මට කරන්න පුළුවන් යම් මෙහෙයක් තියෙනවා නම් මම මට කරන්න පුළුවන් සීමාවේ ඉඳන් මම ඔවුන්ට ඉටු කරනවා.නමුත් මට කියන්න කණගාටුයි බොහෝ දෙනෙක් ඉතාමත් ආත්මාර්ථකාමී හා අවස්ථාවාදී පිරිස.ඒවගේම බොරු සෝබන ලෝකවල ජීවත්වෙන පොළොවේ පය ගහලා යන්නැති නැති දේවල් ඇතිවාසය පෙන්නන පිරිසක් තමයි ඉන්නේ.ඒන්න ඕන බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයන් රැවටීම.හැබැයි හැබෑ නිර්මාණකරුවා ප්‍රේක්ෂකයා රැවටීම නොව ප්‍රේක්ෂකයාගේ ඉදිරි ගමන්කරුවෙක් සේ ගමන් කරනවා. ඔවුන්ගේ කෙනෙක් වෙනවා.කොහොම නමුත් මුල් කාලේ හිත රිදුනත් දැන්නම් මගේ එහෙම හිත රිදෙන්නේ රිදෙන්නේ ?

Youtube Link | https://youtu.be/PYKghK3kyns?si=QrsB63i1gIFqeCkp

📍 ───── Dileepa De Silva ────── ❨ Interview By Sanjaya M Fernandoz / Owner & Editor - Trendthink E - Magazine ❩ ✍️

◢ Official Cover Frame | S U H A N D I W O S A D I
◢ photography By | Wijesiri
◢ Interview By | Dilki Nimeshika
◢ Cover Designed | Sanjaya M Fernando ( Owner & Editor )

Special Thanks - Damindu Nidarshana | Ceylon Pharma College | Janith Sandeepa | J zand Photography | Sajith Akmeemana | Chamara Karunanayake ( Official Co - Director ) | Sajith Danushka Akmeemana & Our Team & All Supportive Peoples .! 🫶

තවත් අතිරේක පිටු සමගින් 𝗧 𝗥 𝗘 𝗡 𝗗 𝗧 𝗛 𝗜 𝗡 𝗞 - 𝗘 - 𝗠 𝗔 𝗚 𝗔 𝗭 𝗜 𝗡 𝗘 '𝗦 151ST වැනි සගරාව ඔබේ ලඟටම !

Subscribe Us - https://www.youtube.com/ ❤🫂

🚫 | Qulity ලෙස කියවන්න PDF ලබාගන්න 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 වෙත පණවිඩයක් යොමු කරන්න ! ☑✨

© ඔබේ අදහස් ,යෝජනා,ව්‍යාපාරික දැන්වීම් සහ හොඳ නරක අප වෙත යොමු කරන්න. 🤝

🔖 BUSINESS PRAMOTION | SONG PRAMOTION | PHOTOSHOOT PRAMOTION | ANY OTHER PRAMOTIONS AVAILABLE ! ☑

• ᴄᴏɴᴛᴀᴄᴛ - + 94 72 815 45 41 📱( Sanjaya M Fernando )
• Whatsapp - https://wa.me/message/IGQQBZ2OBBDUC1
• Instagram - https://instagram.com/trendthink_e_magazine_
• TiKTok - tiktok.com/
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
❎ ❗ 𝗧𝗵𝗶𝘀 𝗰𝗼𝗽𝘆𝗿𝗶𝗴𝗵𝘁𝗲𝗱 𝗺𝗮𝘁𝗲𝗿𝗶𝗮𝗹𝘀 𝗼𝘄𝗻 𝗯𝘆 𝘁𝗵𝗲 𝗽𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝗲𝗿. 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗶𝗼𝗻, 𝗲𝗱𝗶𝘁𝗶𝗻𝗴 𝗮𝗻𝗱 𝗱𝗶𝘀𝗽𝗹𝗮𝘆 𝘄𝗶𝘁𝗵𝗼𝘂𝘁 𝗼𝘄𝗻𝗲𝗿𝘀 𝗽𝗲𝗿𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 𝗶𝘀 𝗽𝗿𝗼𝗵𝗶𝗯𝗶𝘁𝗲𝗱. 𝗗𝗼 𝗡𝗼𝘁 𝘂𝘀𝗲 𝘄𝗶𝘁𝗵𝗼𝘂𝘁 𝘁𝗵𝗲 𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀 𝘄𝗿𝗶𝘁𝘁𝗲𝗻 𝗰𝗼𝗻𝘀𝗲𝗻𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 𝗰𝗼𝗽𝘆𝗿𝗶𝗴𝗵𝘁 𝗵𝗼𝗹𝗱𝗲𝗿 .. ❗❎

𝐃 𝐑 𝐎 𝐏 𝐏 𝐈 𝐍 𝐆  𝐎 𝐍  𝐌 𝐎 𝐍 𝐃 𝐀 𝐘  !  🔥❤️── ශ්‍රී ලාංකීය ඩිජිටල් සගරා කලාව වෙනස් තලයකට ගෙන යමින් සම්ප්‍රදාය අතික්‍රමණය ක...
06/09/2025

𝐃 𝐑 𝐎 𝐏 𝐏 𝐈 𝐍 𝐆 𝐎 𝐍 𝐌 𝐎 𝐍 𝐃 𝐀 𝐘 ! 🔥❤️
── ශ්‍රී ලාංකීය ඩිජිටල් සගරා කලාව වෙනස් තලයකට ගෙන යමින් සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් අතිශය ජනප්‍රිය තරු පමණක්ම කතාබහට ගෙන එන, රාමුවකට කොටු නොවී මෙවර Trendthink E - Magazine 152ND කලාපය තුළින්, රසිකයන් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක් ඇතුළු විවිධ ක්ෂෙත්‍රවල ජනප්‍රිය තරු 09 කින් සමන්විත තරු පොකුරකගේ තතු ගෙන ඒමට ඔබ වෙනුවෙන් අප සූදානම් ! ── 💥🫶📄

📍 Owner & Editor | Sanjaya M Fernando
📍 Interview By | Dilki Nimeshika | Sewwandi Ima Munasingha | Kaveesha Sandeepani | Navodya Dilrukshi | Nethmi Senarathne | sandeepa | Handaragama ( Official Interviewer Of Trendthink E - Magazine) )

Ridma Weerawardena | Kokila Pawan Jayasooriya | Nimmy Manohari | Irudini Umali Thilakaratne | Suhandi U Wosadi | Chathuranga Kodithuwakku | Sachini Ranawaka | Shehara Sandaruwan | Yoshi Salgado සමගින් සඳුදා බලාපොරොත්තු වන්න ...!!!

Poster Artwork | Damindu Nidarshana
Special Thanks | Janith Sandeepa | Ceylon Pharma College

© All Copyright & Credit Goes To E - Magazine 🔥

📌 ඔබේ අදහස්, යෝජනා සහ දැන්වීම් අපට එවන්න ...🤙
072 815 4541 Cantac Us 🤛♥😌

👉 Youtube Subscribe https://www.youtube.com/
👉 Tiktok | tiktok.com/

fans

Congratulations ❤️🫡
06/09/2025

Congratulations ❤️🫡

සුබ පතන හැමෝටම ස්තූතියි...!!!❤️

Address

Tangalla
Tangalle
82200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94728154541

Alerts

Be the first to know and let us send you an email when Trendthink E - Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trendthink E - Magazine:

Share