Onward magazine

Onward magazine දැනුම සොයන අකුරු

❇️ සර්පයින් සම්බන්ධ මිත්‍යා මත සහ ඔවුන් රැකගැනීමේ වැදගත්කම ❇️[මාසික zoom සාකච්ඡා වැඩසටහන] දිනය : ජනවාරි 17 සිකුරාදාවේලාව...
12/01/2025

❇️ සර්පයින් සම්බන්ධ මිත්‍යා මත සහ ඔවුන් රැකගැනීමේ වැදගත්කම ❇️

[මාසික zoom සාකච්ඡා වැඩසටහන]

දිනය : ජනවාරි 17 සිකුරාදා
වේලාව : රාත්‍රී 08.30

සංවිධානය : Saha Environmental Forum

Topic: SEF Monthly Discussion
Time: Jan 17, 2025 08:30 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/89397856220?pwd=4bEmNBOcQt4vymuwNK4oCL4YSDswKQ.1

Meeting ID: 893 9785 6220
Passcode: 696296

‘සහ’ සාමූහිකය හා සම්බන්ධ වීමට මෙම Whatsapp සමූහයට එක්වන්න.

https://chat.whatsapp.com/LumvU2dAYleK8gV0Vm68R1

📖️ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත 'මැයි මාර ප්‍රසංගය' නවකතාව පිළිබඳ සහෘද කතාබහ 📖️දිනය : මැයි 04 සෙනසුරාදාවේලාව : රා...
04/05/2024

📖️ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත 'මැයි මාර ප්‍රසංගය' නවකතාව පිළිබඳ සහෘද කතාබහ 📖️

දිනය : මැයි 04 සෙනසුරාදා
වේලාව : රාත්‍රී 08.00 ට
තැන : zoom අවකාශය

වැඩසටහන ට සම්බන්ධ වීමට මෙම whatsapp සමූහයට එක්වන්න 👇
https://chat.whatsapp.com/LumvU2dAYleK8gV0Vm68R1

එදාට ඔයාගෙ අදහසත් අරන් එන්න..

සංවිධානය : Saha Art Forum

එනවා නේද ? අද රාත්‍රී 8ට Zoom තාක්ෂණය හරහාගීත රසවින්දනය සමඟින් සාහිත්‍යමය කයියකට සූදානමින්…Topic: " සංවේදනා " ගී රසවින්ද...
03/02/2024

එනවා නේද ?

අද රාත්‍රී 8ට Zoom තාක්ෂණය හරහා

ගීත රසවින්දනය සමඟින් සාහිත්‍යමය කයියකට සූදානමින්…

Topic: " සංවේදනා " ගී රසවින්දනය හා සාහිත්‍යමය කයිය

Time: Feb 3, 2024 08:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/81495826430?pwd=JlNM5F5De9RqaYdC5OqKcENvH87bNT.1

Meeting ID: 814 9582 6430
Passcode: 535985

අප Whatsapp සමූහය හා එක්වීමට
පහත Link එක භාවිතා කරන්න…

https://chat.whatsapp.com/FlNa54NWNad96W4VUpdhRl

ජීවන අරගලයක මැදිවෙලා ඉන්න මිනිස්සු මොහොතකට හරි හෙවුවේ හිතේ සැනසීමක්.මිනිස් ජීවිත යන්ත්‍ර බවට පත් වෙලා කලබලකාරී වටපිටාවක්...
06/01/2023

ජීවන අරගලයක මැදිවෙලා ඉන්න මිනිස්සු මොහොතකට හරි හෙවුවේ හිතේ සැනසීමක්.මිනිස් ජීවිත යන්ත්‍ර බවට පත් වෙලා කලබලකාරී වටපිටාවක් එක්ක මිනිස්සු දුවන්නේ ජීවන අරගලයක් එක්ක.නොදැනුවත්ව මිනිස් ස්‍රමය මැශින් බවට පත් වෙලා.කලබලකාරී වටපිටාවේ මිනිස්සු හොයන්නේ තමන් වෙනුවෙන් කාලය.රැයක් දවාලක් තිස්සේ හෙම්බත් උන මිනිස්සු හෙවුවේ හිතේ තියෙන හිස් තැන් පුරවන්න පුළුවන් වටපිටාවක්.මිනිස්සුන්ට ඕන හැල්මේ දුවන ජීවිතේ මැදින් සමහර මොහොතවල් විදින්න තියෙනවා නම් කියලා හිතට කියාගන්න.

ආදරය
විරහව
දුක සතුට
දරා ගැනීම
ජයග්‍රහණය කිරීම්,,,,,

විවිධ වූ නිමේෂයන් එක්ක ගෙවෙද්දි කාලය හරි පුදුමයි.
වෙලාවකට දුකෙන් , නැත්නම් සතුට , බැරිම තැන් වලත් ඉවසීමෙන් ගලාගෙන යන ජීවිතේ ගලන ගගක් වගේ දෝළනය වෙනවා.

මිනිස්සු හිතින් තුරුළු කරන් විදින ආදරේ කදුලක් වෙලා ඇස් දෙකෙන් වැටෙද්දි තොරතෝංචියක් නැතුව ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙනවා.එහෙම වෙලාවක මිනිස්සු හොයන්නේම හුදකලාවත් එක්ක විදින්න පුළුවන් මොහොතක්.ආදරේ විදින්න මිනිස්සු ලස්සන තැන් හොයන් ගියාට දරාගෙන ඉන්නම ඕන තැන් වලදී මිනිස්සු හොයාගෙන තියෙන්නේ හුදකලාව.

විදින්න පුළුවන් නම් හුදකලාව තමයි ලෝකේ තියෙන සුන්දරම නිමැයුම කියලා අපි තෝරගන්නේ හැල්මේ දුවන ජීවිත වලට නිවෙන්න පුළුවන් විදින්න පුළුවන් එකම ඖශධයක් හුදකලාව කියන්නේ.

මිනිස්සු සතුට බෙදුවට දුක බෙදන්නේ නෑ.මිනිස් ජීවිත හැඩගැහිලා තියෙන්නෙම සතුට දීලා දුක හංගන්න.මිනිස්සු නිතරම හිතුවේ සතුට දීලා දුක කියන්නේ හංගගෙන ඉන්න ඕන දෙයක් කියලා.සතුට හිනාවකින් බෙදන්න පුළුවන් උනාට දුක දරාගන්න උරුම වෙන්නේ ඇස් දෙකට.

ජයග්‍රහණයේ දී වටවෙලා සැමරන්න ඕන තරම් අවස්ථා ජීවිතේ දී ආවට පරාජයේදී වටවෙලා සැමරන්න අවස්ථා ජීවිතේ එන්නේ නෑ ,,,,

ඇයි දන්නවා ද...?

ගෝලාකාර ලෝකේ ඇතුලේ මිනිස්සු අතරමං වෙලා ස්මාට් කියන ලෝකයක් ඇතුලේ.
විවිධාකාර මිනිස්සු ගෝලාකාර ලෝකේ ඇතුලේ හැමෝම හොයන්නේ ආයේ ආයෙත් දකින්න විදින්න කැමති නිමේෂයන් එක්ක ජීවත් වෙන්න විතරයි.

ඒකයි මිනිස්සු හැල්මේ දුවන ජීවිතවලට නිවෙන්න හුදකලාවම තෝර ගත්තේ.
අපි හැමෝම එහෙමයි.

ඉතින් විදින්න ඕන තැන් වල විදින්න.ආදරේ කරන්න ඕන තැන් වල ආදරේ කරන්න.දරාගන්න ඕනම තැන් වල දරාගෙන ඉන්න.ජයග්‍රහණය වැළදගැනීම් , සිපගැනීම් වලින් සමරන්න.පරාජය ඇතුලේ ජිවිතේ තවත් අවස්ථා තියෙන බව මතක් කරන්න.

ජීවිතේට එන හැම අවස්ථාවක්ම අමතක නොවෙන අවස්ථාවක් කරගන්න.සමහර නිමේෂයන් අපේ ජීවිතේට එන අවසාන අවස්තාව වෙන්න පුළුවන්.

.........✍ ශිරෝම්.
Shiroma Srimali

පාපන්දු ලෝක කුසලාන තුනක් දිනූ එකම ක්‍රීඩකයා වන අසූ දෙහැවිරිදි  පේලේ, පිළිකා රෝගයකින්  සාඕ පවුලෝ හි ඇල්බට් අයින්ස්ටයින් ර...
30/12/2022

පාපන්දු ලෝක කුසලාන තුනක් දිනූ එකම ක්‍රීඩකයා වන අසූ දෙහැවිරිදි පේලේ, පිළිකා රෝගයකින් සාඕ පවුලෝ හි ඇල්බට් අයින්ස්ටයින් රෝහලේදී අද ( 30) අභාවප්‍රාප්ත විය.

ඔහු 1958 වසරේ 17 හැවිරිදි වියේ පසුවද්දී මුල්වරට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව ක්‍රීඩාවේ නිරූපකයෙකු බවට පත් වූ අතර, එම වසරේ අවසන් පූර්ව තරඟයේ ප්‍රංශයට එරෙහිව ගෝල තුනක් ද අවසන් මහා තරඟයේ සත්කාරක ස්වීඩනය පරාජය කිරීමට ගෝල දෙකක් ද ලබා ගැනීමට 17 වියැති මෙම කොලු ගැටයා සමත්විය ..

ජාත්‍යන්තර තරඟ 92 කදී ගෝල 77 ක් ලබා ගනිමින් බ්‍රසීලයේ සමකාලීන වැඩිම ලකුණු ලාභියා වන්නේ පේලේය..

ලේගෝස් නුවර පේලේ ක්‍රීඩකරන තරඟයක් නැරඹීම පිණිස , 1969 වසරේ නයිජීරියාවේ පැවති අතිශයින් දරුණු සිවිල් යුද්ධයේ පාර්ශව දෙක ම සටන් විරාමයකට එකඟ වීමෙන් පේලේ ලෝකය පුරා කොතරම් ජනප්‍රිය ද, කොතරම් ආදරයට ලක්ව සිටිනවා ද කියා මනාව කියාපෑමට උදාහරණයකි ..

තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රෝහල්ගතව යාවත්කාලීන කිරීම් ලබා දුන් Peleගේ දියණිය Kely Nascimento Instagram හි මෙසේ ලියා තිබුනි
:
"අද අප ලබා සිටින සිටින සෑම දෙයක්ම වෙනුවෙන් ඔබට ස්තූතියි. අපි ඔබට අසීමිතව ආදරෙයි. සාමයෙන් විවේක ගන්න."
Copied

මේ පසුගිය කාල සිමාවේ මාධ්‍ය වල මුල්ම තැන ගත්ත මාතෘකාව අයිස් . අයිස් නිසා මෙහි ආදිනව බොහෝ දේ ඔබ දන්නවා යැයි අපි සිතමු. පො...
20/12/2022

මේ පසුගිය කාල සිමාවේ මාධ්‍ය වල මුල්ම තැන ගත්ත මාතෘකාව අයිස් . අයිස් නිසා මෙහි ආදිනව බොහෝ දේ ඔබ දන්නවා යැයි අපි සිතමු. පොලීසිය හා මාධ්‍ය ආයතන එක්ව මේ දවස්වල දැවැන්ත මෙහෙයුම් කරන්නේය. එමගින් අපි අයිස් ගැන ඕනවටාත් වඩා දැනුමත්ය. පාසල් දරුවන් ඉල්ලක්ක කර ගනිමින් බැග් එක සක්කු ඇදුම් පිරිමි ළමුන්ගේ පමණක් නො‍ව ගැහැණු ළමුන්ගේද බැග් අවුස්මින් පොලීසිය මේ දිනවල රංගනයක නියලී ඇත.

බැලු බැල්ලමට ආකාර්ෂණියය. මරුය. සමාජයෙන් මේ අයිස් මත්ද්‍රව්‍යය තුරන් කරන්නට මහ වෑයමක්ය. ඇත්තටම ‍ඒ එසේමද ? අයිස් ‍තුරන් කීරිම ඇත්ත වුවමනාවක්නම් පොලීස් නිලධාරීන් සිටිය යුත්තේ පාසල් අසලද .. පොලේ යන තරුණ තරුණියන් පස්සේ එලවිමද .. බස් හොල්ට් ගානේ තරුණයන් පස්සේ එලවීමද ...ඒ විතරක් නොවේ පොලීසිය ‍පිටුපස්සේ කැමරා අටෝ ගත් නාලිකාය. ඔවුන් ‍ෆිල්ම් ෂුට් එකක් කරනවා වැනිය. ඔවුන්ට ඇත්තේද මේ අයිස් තුරන් කරන්නද ?

අයිස් ගෙන්වන්නේ කවුද කොහෙන්ද එන්නේ මොකටද ගෙන්නේ සොයන්න මේ පොලිසීයට හා මාධ්‍යයට වෙලාවක් නැත. සාමන්‍ය මිනිසෙකුට කෝටි ගණන් වටිනා අයිස් මත්ද්‍රව්‍ය ගෙන්විය හැකිද ? මේ ගෙන්වන්නේ වෙන කවුරුත් නොව මේ රට පාලනය කරන චවුර පාලකයන් චවුර ව්‍යාපාරිකයන් චවුර පාතාලය මේ කියනා චවුර ඡාලය මේ පිටිපස්සේ සිටිනා බව නොරහසක් නොවේ. ඔවුන් කොටුකරගෙන නොමැතිව මේ විෂ මත්ද්‍රව්‍ය නැවත්වීම යනු අතීසාරයට අමුඩ ගැසීම වැනි වැඩකි.

ඉතින් මේ දවස්වල මොකක්ද මේ හදිස්සිය ... මේ ගෙවෙන්නේ ඔබ සීරුවෙන් සිටිය යුතු කාලයක්... ඉතින් අවධානෙන් ඉන්න...

ඉන්දීය සාගරයේ මධ්‍යයට වන්නට පිහිටියාවූ වර්ග කිලෝමීටර් හැටපන්දාස් හයසිය ගානක වපසරිය ඇති මේ දූපත තරුණකමෙන් පිරී ගිය දූපතකි...
07/08/2022

ඉන්දීය සාගරයේ මධ්‍යයට වන්නට පිහිටියාවූ වර්ග කිලෝමීටර් හැටපන්දාස් හයසිය ගානක වපසරිය ඇති මේ දූපත තරුණකමෙන් පිරී ගිය දූපතකි. විටින් විට වරින් වර නැගිටියාවූ තරුණ තරුණියෝ ඒ දූපත තරුණකමින් අලංකෘත කලෝය. සමාජ දේශපාලනය,කලාව,ක්‍රීඩාව,
විද්‍යාව සහ තාක්ෂණය මේකී නොකී සියලු විෂය පද්ධති වලින් ස්වකීය දක්ශතාව පෙන්වූ තරුණ තරුණියන් මේ දූපත සතර කොනේ සිටී. වරප්‍රසාදලත්,දූශිත,ත්‍රාඩ දේශපාලන නිසාවෙන් මුළු සමාජ දේහය පුරාම දැඩි අන්ධකාරයෙන් වැසී තිබුනද මුළු ලෝකයක් ඉදිරියේ තමන්ගේ රට දිනවන්නට ජයග්‍රහණයෙ අරුනළු ගෙන එන්නට ඔවුන් සමර්ථ විය.

මෙවර බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ලබන්නට මෙරට ලාංකීය තාරුණ්‍යයට හැකිවිය. පළමු පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක කුමාර යෝධගේ සමත් වූ අතර දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ 100M තරගයේ මීලග වටය සදහා සුදුසුකම් ලබන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියක 100M ඉසව්වෙ වාර්තා කෙරු හොදම කාලයද වාර්තා කරමින්ය.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ F42-44/61-64 (පැරා මලල ක්‍රීඩා) ඉසව්වේ අවසන් තරගයේදී රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත් වූයේ මිටර 44.20ක දක්ෂතාවයක් දක්වමිනි.
මල්ලවපොර කාන්තා තරග ඉසව්වේ කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිකරදීමට 18 හැවිරිදි නෙත්මි අහින්සා පොරුතොටගේ සමත්වූයේ ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයේදී ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාව වට 10ට බින්දුවක් ලෙස පරාජය කරමිනි.
මෑත කාලයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන්ද සුවිශේෂී දක්ශතා මතුවිය. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරඟ පහකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියේදි එක් ලාංකීය ක්‍රීඩයෙක් විසින් ජයග්‍රහණය අවිනිශ්චිත වූ මොහොතක තර‍ඟය සහමුලින්ම වෙනස් කලා මතක ඇති. ඔහු එක්දින කණ්ඩායමේ නායකයා දසුන් ශානක.
එක් උද්දච්ච පාළකයෙන් පලවා හරින්නත් මේ රටේ තාරුණ්‍යය මුල් වුනා.
මේ ආසන්න කාලය තුල අප රටේ ලාංකීය තාරුණ්‍ය මුලු ලෝකයක් ඉදිරියේ පෙන්වන ලද ජයග්‍රහණයන් බිඳක්. සාමූහිකවත් තනිවත් ජයග්‍රහණය ලබාගැනීමේ වැඩි ශක්‍යතාවය ඇත්තේ තාරුණ්‍යටයි. අවාසනාවකට අපේ රටේ එක් කාලයක උන්න සාරවත්ම තරුණ කොටසක් අපට අහිමිව ගියා. ඔවුන් මේ සමාජයට,මේ මිනිස්සුන්ට,මේ රටට මුළු හදවතින්ම ප්‍රේම කල පිරිසක්.මේ දක්ශතා පෙන්වන්නේ එහෙම පරපුරකට නෑකම් කියන තාරුණ්‍යයක්.

ඉහත නම් සඳහන් කල ක්‍රීඩාවෙන් දක්ශතා පෙන්වූ ක්‍රීඩකයන්ට අමතරව උපන් හපන්කම් ඇති බොහෝ තරුණ තරුණියන් මේ දූපතේ සුලභයි. අවාසනාව වන්නේ ඔවුන්ගේ දක්ශතා ඔප්නැංවීමට නිසි ක්‍රමවේදයක් සහ ඔවුන්ට අවැසි පහසුකම් නිසි ලෙස නොලැබීමයි. පෙර සඳහන් කල පරිදි වරප්‍රසාදලත්,කැත,ත්‍රාඩ දේශපාලන විසින් ඉතිහාසයේ සේම මේ මොහොතේත් තාරුණ්‍යය යටපත් කරලා මොට කරලා පාගගෙන ඉන්නේ. තාරුණ්‍යය ඉගෙන ගන්නවාට, ජාතීන් ආගම් විදියට නොබෙදී පොදු මනුශ්‍යයන් විදියට ලංවෙනවට ඒ දුශ්ඨ පාළකයන් බයයි.

ඩෝසර් කර වනසා දැමිය නොහැකි මල් යායක් අලුත් හිරු එලිය යට සිනාසේ. ලාංකීය තාරුණ්‍යය විදියට අපි වනසා දැමිය නොහැකි මල් යායක් වෙමු. ලෝකේ පෙර පැවති පරම්පරාවන්ට වඩා ඊට පස්සේ බිහිවුන පරම්පරාවන් අනිවාර්යයෙන් යහපත් වෙලා තියෙනවා (ඒකෙ සුළුතර බහුතර ප්‍රමාණයන් තිබුනත්) එක්කො දැනුමෙන් නැත්නම් වෙන දෙයකින්. එහෙම නොවෙන්න මේ ලෝකය ඉදිරි ගමනක් නැහැ.

ඉතිං තාරුණ්‍යය විදියට අපි වෙනස් වෙමු,දිනමු!
මේ සමාජය අඟලකින් හෝ යහපත් කිරීමට වෙර දරමු.

ජය!

-චින්තන විමුක්ති -
Chinthana Wimukthi

මීට කලින් ලිපි කියවන්න
👇👇
https://www.facebook.com/Onwardmagazine/photos/a.116411666672177/608792694100736/

-යුපුන් අබේකෝන් විසින් මැයි 28 දින ‍ෆෙස් බුක් සටහනක් මගින් උපුටා ගන්නා ලද්දකි -මළල ක්‍රීඩා ලෝකයේ මීටර් 100 ඉසව්ව මේ තරම්...
04/08/2022

-යුපුන් අබේකෝන් විසින් මැයි 28 දින ‍ෆෙස් බුක් සටහනක් මගින් උපුටා ගන්නා ලද්දකි -

මළල ක්‍රීඩා ලෝකයේ මීටර් 100 ඉසව්ව මේ තරම් උද්වේගකාරී සහ තරගකාරී ඉසව්ව වී ඇත්තේ ඇයි ?
____________________________________________
Football World Cup අවසාන තරගයට පස්සේ ලෝකේ වැඩිම පිරිසක් බලන ඉසවිව තමයි Olympic Men’s 100m Final. ඇයි මේ තරම් පිරිසක් මේකට අවධානය යොමු කරන්නේ ? මොකක්ද මේකේ තියන විශේෂය ? දුවන එක එච්චර අමාරුද ? අපෝ තත්පර භාගයක් ද ? ඒ පොඩ්ඩ දුවන්න බැරි ද ? මේ වගේ ප්‍රශ්න ගොඩකට උත්තරත් එක්ක Thrill එක වැඩිකරගෙන මේ Event එක බලන්න පුලුවන් වෙන විදිහේ කතාවක් කියන්නම්. 😃
මේ දවස් වල ගොඩ දෙනෙක් මට සුභ පතන නිසාත් ලංකාවේ මළල ක්‍රීඩාව ගැන ගොඩදෙනෙක් උනන්දු වෙන නිසා මේකට සුදුසු මේ වෙලාව කියලා මං හිතුවා.
මුලින්ම ස්තූති කරනවා මාව හැමදාම Cheer up කරන ෆෑන්බේස් එකට. මං ඒක ගොඩක් අගය කරනවා. ඒ අගය කරන හේතුව මං ක්‍රීඩාවෙන් සමුගන්න දවසට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද ඒක ඒ තරම් විශේෂ නිසා ❤️
අපිට පේන හැමදේම ඇතුලේ පේනවට වඩා දෙයක් තියනවා. ඒ දේ ගැන හරියට අවබෝධ කරගත්තම තමයි ඒක ගැන පොඩි හෝ අදහස් ගන්න පුලුවන්. ඉතින් ඒ අවබෝධය තුලින් යන්න පුලුවන් දුර බොහොමයි.
මුලින්ම කියන්න ඕනි නිකන් දුවනවා වගේ පෙනුනට මේක ඇතුලේ සාමාන්‍ය කෙනෙක්ට හිතාගන්න බැරි දේවල් ගොඩක් තියනවා. මං උපරිම සරලව අදහසක් ගන්න දේවල් ටිකක් කියන්නම් කෙටියෙන්. මළල ක්‍රීඩාවෙන් අවම ජාතික මට්ටමට ආව කෙනෙක්ට මේ ගැන අදහසක් තිබුනත් ගොඩක් අයට මේ දේ ගැන අදහසක් නෑ(ලංකාවේ සමහර බලධාරීන් ඇතුලුව ) ඒ නිසා මේ ක්‍රීඩාවට ආදරේ කරන අයට වගේම බලධාරීන්ට මේ ගැන ප්‍රායෝගිකව අදහසක් ගන්න මං මේ කියන දේ කරන්න පුලුවන් තැනක නම් ඉන්නේ උත්සාහ කරන්න.
මේ තරගයේ දුර මීටර් 100. මේ දුර තත්පර 10 කින් දුවලා ඉවර කරනවා. ලග තියන ඔරලෝසුවේ තත්පර 10 ක් ගනන් කරන්න. ඒ එක්කම හිතන්න මීටර් 100ක දුරත්.
ඒ කියන්නේ අපි තත්පරකට මීටර් 10 ක දුරක් දුවනවා. දැන් තමන් ඉන්න තැන මිටර් 10 ක් ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙක අතර තත්පරක් ඇතුලත දුවන විදිහ ගැන කල්පනා කරන්න. ඕනි නම් උත්සාහ කරලා බලන්නත් පුලුවන් 😁
දැන් ඊලග කාරණය , තරගේ ආරම්භයේ ඉදලා හැම මීටර් 10 ම තත්පරයකින් දුවන්න බෑ. උපරිම වේගයක් ගන්න යම්කිසි දුරක් යනවා. (උදා - වාහනයක් , ප්ලේන් එකක්)
Q - එහෙනම් කොහොමද තත්පර 10 කින් මීටර් 100 ක් දුවන්නේ ?
A - උපරිම වේගය ලබාගන්න ගමන් ඒ වේගය තුල අපි හැම මීටර් 10 ක් ම තත්පරයකට අඩුවෙන් දුවනවා. ඒ කියන්නේ මීටර් 10 ක් තත්පර 0.87 / 0.88 / 0.90 / 0.91 වගේ. දැනට ලෝකේ තරගාවලියක වාර්තා වෙලා තියන අඩුම කාලයේ වාර්තා තියෙන්නේ උසේන් බෝල්ට් ට. ඒ මීටර් 10 තත්පර 0.81 ක් තුල අවසන් කරලා.
දැන් බලමු Records ටික 👇
ලෝක වාර්තාව - තත් 9.58 - උසේන් බෝල්ට් 2009
‍යුරෝපා වාර්තාව - තත් 9.80 - මාශල් ජේකොබ් 2021
අෆ්‍රිකානු වාර්තාව - තත්. 9.77 - ඔමයියලා 2021
ඇමරිකානු කලාපීය වාර්තාව - තත් 9.69 - ටයිසන් ගේ 2009
ආසියානු වාර්තාව - තත් 9.82 - සූ බින්ග්ටන් 2021
දකුණු ආසියානු වාර්තාව - තත් 10.06 - යුපුන් අබේකෝන් 2022
පොඩි අදහසක් ගන්න පුලුවන්ද දැන් මේක ගැන. මේක ලේසි නෑ. මං එහෙම කියන්නේ මම උසේන් බෝල්ට්ගේ වාර්තාවට ඉතා ලගයි කියලා ගොඩක් අය කතා කරන නිසා. ඔව් තත්පර බිංදුවයි දශම හතරයි අටක් (0.48 sec ) තමයි. ඒක ලේසි දෙයක් නෙමෙයි කියලා දැන් අවබෝධ වෙනවා ඇති. අනිත් කාරණය, උසේන් බෝල්ට් සහ ටයිසන් ගේ අරුනහ අනිත් හැමෝම මේ වෙලේ මං එක්ක තරග කරනවා. ඉතින් ඒ අයත් එක්ක එක රේස් එකක හිටගන්නවා කියන්නෙත් ජීවිතේ ලබන ලොකු ජයග්‍රහණයක්. කැපවීමෙන් ලබාගත්තු ජයග්‍රහණයක්.
මේ දේ එක පාර අවුරුද්දකින් කරන්න බෑ. මේක process එකක්. කැපවීමෙන් අත් නොහැර අවුරුදු ගානක මහන්සියෙන් ලබාගන්න ඕනි දෙයක්.
ඒක මම අවුරුද්දක් ඇතුලත වාර්තා කරපු හොදම කාලයන් එක්ක සසදලා බලන්න පුලුවන්.
2015 - තත් 10.58
2016 - තත් 10.52
2017 - තත් 10.49
2018 - තත් 10.31
2019 - තත් 10.44
2020 - තත් 10.16
2021 - තත් 10.15
2022 - මේ දක්වා තත් 10.06 ( Finger corss 🤞 )
මේ දේ තව කොච්චර අමාරුද කියලා තව විදිහකට කියන්නම්.
එදා මෙදා තුල මේ ලොකේ දැනට මීටර් 100 ක් තත්පර 9.60 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ එක්කෙනයි. 9.70 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ දෙන්නයි. ආසියාවේ තත්පර 9.90 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ එක්කෙනෙයි. දකුණු ආසියාවේ තත්පර 10.20 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ එක්කෙනයි. 🙌
මුලු ආසියාවෙම මේ දක්වා තත්පර 10 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ 9 දෙනෙක් විතරයි.
බිලියන කීයක් මේ මොහොතේ ජීවත් වෙනවද ? බිලියන කීයක් මේ වෙද්දී මැරිලා තියනවද ? දුවන එක මෙච්චර ලේසී නම් එහෙනම් ඇයි මේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි මේ Limits pass කරලා තියෙන්නේ ? ඒක ඒ තරම් අමාරුයි. මේවා Projects. ඒ ඒ රටවල් තමන්ගේ Athlete ලව අවුරුදු ගානක් තිස්සේ ට්‍රේනින් කරවන්නේ එහෙම ප්‍රොජෙක්ට්ස් වලින් Medals ගන්න, Targets Achieve කරන්න තමයි. ලංකාවෙන් ලැබෙන සහයෝගය කියන්න ගියොත් මේ කතාවේ වටිනාකම නැතුව යනවා. ඒ නිසා ඒක අනාගතයට ☝️
මළල ක්‍රීඩාවේ මැජික් නම්බර්ස් කියලා ජාතියක් තියනවා. මං ටිකක් කියනම් ඒවගෙන්. මේවා ක්‍රීඩකයින්ගේ හීන. මේවා Achieve කරන අයට තමයි අපේ භාශාවෙන් කිවුවොත් සුපිරි ඩයල් කියලා කියන්නේ. ඒ කියන්නේ කරන්න ගොඩක්ම අමාරු හැබැයි කරන්න පුලුවන් පිරිසකුත් ඉන්නවා. අනිත් දක්ශතා කුණු කූඩෙට නෙමෙයි. නමුත් මේවා ඒ තරම්ම අමාරුයි.
Men's :-
100 M - 9.99
200 M - 19.99
400 M - 43.99
Long jump - Over 8.50 m
Triple Jump - Over 18 m
හොයලා බලන්න මේවා Achieve කරලා තියෙන්නේ කවුද ? කීදෙනෙක් ද කියලා. බොහොම සුලු පිරිසක් කියලා ඔයාලට පෙනෙයි. ශක්තිමත් ජාන සහ උත්පත්ති හැකියාවන් තියන ක්‍රීඩකයින් ගොඩක් අතරින් බොහොම ටික දෙනෙක් ඒ ඒ ඉසව් වලින් Boundary Lines පාස් කරලා තියනවා කියලා පෙනේවි.
මේ ඉසව්වේ අපි විනාඩි ගැන කතා කරන්නේ නෑ. තත්පර ගැන අදාලත් නෑ. ෆයිට් එක තියෙන්නේ තත්පරනුත් කොටස් එක්ක. 🔥 මෝටර් රේස් බලලා තියනවා නම් දන්නවා ඇති කාලයන් පෙන්නන්නේ දශමස්තාන 3 කට. ඒ කියන්නේ තත්පරේ කොටස් 3 කට කඩලා. (0.000 sec ) ඒ ඇයි ? හේතුව තමයි ඒක ගොඩක් වේගවත් නිසා. අපේ තරගවලත් ප්‍රතිපල දෙන්නේ ඒ විදිහට. මොකද තරගය ගොඩක් වේගවත්. තත්පර දශම බින්දුවයි බින්දුවයි එකත් තරගයේ ජයග්‍රහණයට වටින්නේ ඒ නිසා.
අනිත් කාරණය.
දුවන දුවන හැම Race එකකම පුද්ගලික හොදම කාලය වාර්තා කරන්න බෑ. අපි ප්‍රෝගෑම් කරපු මැශීන් නෙමෙයි. එහෙම කරන්න පුලුවන් නම් 2009 තියපු වාර්තාව උසේන් බොල්ට් ට 2017 වෙනකනුත් අලුත් කරන්න බැරි වෙන්න විදිහක් නෑ.
ඒ වගේම ඒ දවසේ ක්‍රීඩකයෙක් වාර්තා කරන කාලයට බලපෑමක් කරන්න පුලුවන් කාරනා ගොඩක් තියනවා.
⚫️ සුලග
සුලග ගණනය කරන්නේ තත්පරකට මීටර් වලින්. තරගය තියන දිශාවට සුලග විසින් එල්ල කරන බලපෑම Positive wind සහ Negative Wind විදිහට සලකනවා. Positive wind වලින් අපිට ධාවනයට උදව් කරනවා වගේම ඒක +2.0 MS-1 ට වඩා වැඩි උනොත් එය වාර්තාවක් විදිහට ගණනය කරන්නේ නෑ. Negative wind වලින් ධාවනයට බාධා කරනවා. එය (- wind ) විදිහට පෙන්නවනවා. ඒක වැඩි වන තරමට දුවන්න තියන බාධාව වැඩි කරවනවා.
⚫️ ධාවන පථය
ලෝකේ විවිධ ධාවන පත තියනවා. Hard / Soft / low bouncing / High Bouncing / High Reactive / low reactive / chip track / mondo track / New track / Old track විදිහට ධාවන පත වර්ග සහ ඒ ඒ පත වලට අනුරූප ලක්ශණ තියනවා. ඒක ගැන හොද අවබෝධයකින් තරග කරන්න සිද්ද වෙනවා.
⚫️ දේශගුණය සහ කාලගුණය (සීත / රස්නය / වාතයේ ආද්‍රතාවය / වාතයේ ඝණත්වය )
⚫️ ධාවන පතය මුහුදු මට්ටමේ සිට පිහිටන උස
⚫️ තරග කරන ප්‍රතිවාදීන්
⚫️ශරීරයේ මාංශ පේශී වල නිරෝගිමත්භාවය
⚫️මානසික සෞඛ්‍ය මට්ටම
⚫️තරගයට කලින් තියන මානසික තත්වය
⚫️කරපු පුහුණුවීම් වල ඇති ධාරිතාව
⚫️ලබපු පුහුණුවීම් ගැන තියන Positive Feeling එක
⚫️අත්දැකීම්
⚫️තරගාවලින් ලැබූ ඇත්දැකීම්
⚫️වාසනාව (මම වාසනාවට වඩා පුහුණුවීම් විස්වාස කරන කෙනෙක්. ඒත් දවසේ වාසනාව කියන දේ බලපාන වෙලාවල් තියනවා)
මේ වගේ ගොඩක් දේවල් තියනවා. මේ පොඩි කාරණා ටිකක් විතරයි. මේ වෙනස් කරන්න පුලුවන් සහ වෙනස් කල නොහැකි දේවල්. මේ වගේ දේවල් ගොඩක් මැද තමයි ක්‍රීඩකයක්ගේ කාලය මීටර්100 ක් අවසානයට සටහන් වෙන්නේ. ඉතින් මේ මූලික කරුණු කිහිපයක් විතරයි. මං හිතනවා මේ කරුණු ප්‍රමාණවත් ඇයි මීටර් 100 මේ තරම් ජනප්‍රිය ඒ වගේම අමාරු කියලා.
මේ වෙනකන් මේ පෝස්ට් එක කෙනෙක් කියවනවා කියන්නේ ඇත්තටම මේ ගැන උනන්දුවක් ආසාවක් තියන කෙනෙක්. මං කවදාවත් ඉල්ලලා නෑ මගේ පොස්ට් ශෙයාර් කරන්න කියලා. ඒත් මං හිතනවා මේ දේ අනිත් අය එක්ක බෙදාගන්න එක හොදයි කියලා. මොකද අවබෝධයක් ඇතුව සහ නැතුව කටයුතු කරන එකෙන් ලැබෙන ප්‍රතිපලය හොද හෝ නරක ප්‍රතිපලයක් විදිහට ලොකු බලපෑමක් කරන්න පුලුවන් නිසා. අවබෝධයෙන් මං එක්ක හැමදාම වගේ ඉන්න කියලා ඉල්ලනවා. ගොඩක් ස්තූතිය හැමදාම වගේ මාව දිරිමත් කරනවට. ❤️🙏🏽
Negative Comments දාන අය හරි බනින අය හරි දැක්කොත් එයාලට අනුකම්පා කරන්න. ඒ අයට අදහසක් නෑ මේ ගැන. පුලුවන් නම් ඒ අයවත් දැනුවත් කරන්න. ඒ වගේම මේ ක්‍රීඩාවට වයස් බේදයක් නෑ , ඒ නිසා ඒ අයට ආරාධනා කරන්න මළල ක්‍රීඩාවට ඇවිත් ලංකාවේ නම ලෝකේ ඉහලින්ම තියන්න උත්සාහ කරන්න කියලා.
ආයෙත් කියන්නම් ගොඩක් ස්තූතියි මං එක්ක හිටගන්නවට. මට ඒක ලොකු හයියක් ❤️🦾
- යුපුන් අබේකෝන්

මට දැණුන කවි...( episode 10 )Abdul Umar Sahan👇👇👇
01/07/2022

මට දැණුන කවි...( episode 10 )
Abdul Umar Sahan

👇👇👇

මට දැණුන කවි ( episode 10)කවියා- කවිශ්ක ප්‍රණීත් රණවකකවිය-කොහෙද බලන් ඉන්නෙ?පොත- අවසානයට පසුවදSpecial Thanks Malik Nilifar Mohomed Mudassir Aathif Ramees Saad...

හසරද ප්‍රකාශකයින්ගේ අභිමානවත් ප්‍රකාශනයක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළිය දකින මාධ්‍යවේදී රුවන් ජානක ගමගේ මහතාගේ "හිත අහවර නැත...
19/05/2022

හසරද ප්‍රකාශකයින්ගේ අභිමානවත් ප්‍රකාශනයක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළිය දකින මාධ්‍යවේදී රුවන් ජානක ගමගේ මහතාගේ "හිත අහවර නැති මතක" කෘතිය කේන්ද්‍ර කොටගත් රසබර සන්ධ්‍යාව

2022 මැයි 31 අඟහරුවාදා සවස 3.30 ට
ඇඹිලිපිටිය මහවැලි බුද්ධි මණ්ඩපයේ දී...

සහෘද ඔබ සැමට ආරාධනා!

Address

Sangabo Mawatha
Tangalle
9C

Telephone

+94711779273

Website

Alerts

Be the first to know and let us send you an email when Onward magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Onward magazine:

Share

Category