Life with Kaushi

Life with Kaushi Road to the Healthy and Happy Life
(2)

ලංකාවේ නාට්ටි අත ඇරල ගොඩාක් කල්...අන්තිමට ආසාවෙන් බැලුවේ නාඩගම්කාරයෝ...එතනින් පස්සේ ආයම සිංහල ඒවා නම් බැලුවෙම නෑ....ඒත් ...
24/09/2026

ලංකාවේ නාට්ටි අත ඇරල ගොඩාක් කල්...අන්තිමට ආසාවෙන් බැලුවේ නාඩගම්කාරයෝ...එතනින් පස්සේ ආයම සිංහල ඒවා නම් බැලුවෙම නෑ....ඒත් පහුගිය දවසක අහම්බෙන් මේකේ කොටසක් ටිවි එකෙ බැලුව....

ඉතින් දැන් you tube එකෙන් මුල ඉදන් බලනවා...බලල ඉවර කරපු කොටස් 25 ඇතුලේ මම දැක්කේ මානුශීය හැඟීම් මොනතරම් මිනිස්සුන්ට ඔනි ද කියන දේ විතරමයි....එක එක් කෙනගේ සිතුවිලි වෙනස්....ඒ සිතුවිලි එක්ක අපි අපිටම අනන්‍ය තීරණ ගන්න ගියාම වටපිටාවෙ කී දෙනෙක්ගෙ හිත් පෑරෙනවද කියල අපි හිතන්නෙ නෑ...

ඒත් අනුන්ගේ හිත් ගැනත් හිතල තීරණ ගන්න මිනිස්සුන්ව නොතේරුම් ගන්න මිනිස්සු එක්ක ඉද්දි අපේ සිතුවිලි පවා කැඩිල බිදිල යනවා....

අමේලියා,යෂ්,අයේෂ් එක්ක මොරවකබණ්ඩාර පරම්පරාව එක්ක මේ ගෙනියන කතාව මානුශීය හැඟීම් ගැන ආය හිතන්න කියලයි මේ කියන්නෙ ....

ඒ අතරම මම දැක්ක ලස්සන ම දේ....තමන්ගේ නිර්මාණවලට නියම මිලක් හදාගන්න එක තමන්ගේ වගකීමක්...මොකද ඒ නිර්මාණය එන්නෙ තමන්ගේ හදවතින්ම නිසා....ඒක කාටවත් ඕනි ව්දියට නොමිලේ හෝ අව භාවිතා කරන්න දෙන්න ඕනි දෙයක් නෙවි....

ඕනම නිර්මාණයකට වට්නාකමක් තියෙනව...

හිත අවුලවන නිර්මාණ වෙනුවට.. ගෙවල් දොරවල් වල ප්‍රශ්න සාලෙ මැද්දෙ තිරයකින් පෙන්නනව වෙනුවට මේ වගේ සමාජ කතිකාවක් නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණයි ලංකාවට බිහිවෙන්න ඕනි....

Hiru TV ඒක ඇත්තටම වටින නිර්මාණයක් ....

-කෞශි-

22/09/2026

මේක මට අහම්බෙන් කාගීල්ස් එකෙන් හම්බවුණේ..ලිපේ තෙල් එහෙම හොදින් පිරිසිදු වෙන දෙයක් හොයද්දි මේක දැක්කේ..මේක මාරම සුවදයි.රු.490/- වෙට් වයිප්ස් 40ක් තියෙනවා.තෙල්,කුණු ඔක්කොමත් ගිහින් හොඳ සුවදකුත් එනවා..

කොහොම වුණත් කුස්සියෙ ලිප කියන්නේ අනිවාර්‍යන් හොඳට පිරිසිදුවටම තියෙන්න ඕනි තැනක්...මම නම් කරන්නෙ මුලින් කපු රෙදි කෑල්ලකින් ලිපත් එක්ක පැන්ට්‍රිය පිහල ඊට පස්සේ මේකෙන් පිහදන එක....

ලිප පිරිසිදුව තියෙද්දි තමයි ගෙදර කෑම බීම ,සෞභාග්‍යය,සැනසීම වගේම සතුටත් ඉතිරෙනවා කියල පැරැන්නෝ විශ්වාස කලේ....

අද අඟහරුවාදා...රෑ නින්දට යන්න කලින් කුස්සිය අස් පස් කරල පිරිසිදු කරල දුම් කබලකට කපුරු පෙති කිපයක් එක්ක කරාබු නැටි කීපෙකුත් දාල පුච්චන්න.. ඒකෙන් එන සුවඳ කුස්සියෙ වගේම ගෙදරත් තියෙන සෘණාත්මක ශක්තීන් ඉවත් කරලා,ඇස්වහ කටවහ දෝෂත් අයින් කරනවා කියල කියනවා.ඒ වගේම ගෙදරට අර මම කලින් කියපු පැරැන්නෝ විශ්වාස කරපු දේවල් ලැබෙනවා කියලත් කියනවා...මේක අගහරුවාදා,සෙනසුරද දවස් දෙකේම කරනවා නම් හොදයි.

-කෞශි-

කෝපියි මමයි වැස්සයි හවසයි 🩷මේ ලස්සන මම ආසම මග් සෙට් එක All in One with Ogara's Mom page එකෙන්
21/09/2026

කෝපියි මමයි වැස්සයි හවසයි 🩷
මේ ලස්සන මම ආසම මග් සෙට් එක All in One with Ogara's Mom page එකෙන්

21/09/2026

අපේ ගෙදර උදේ වරුව 🩷 අම්මා උයනවා.බබා සිංදු අහන ගමන් වැඩ කුස්සියෙ ඉදන් ම වැඩ ... වෙලාවකට මට උදව් කරන්න කුස්සියට එනව. අද නම් එයාගෙ ඩෙස් පුටු අරන් කුස්සියට ආවෙ වැඩ කරමු අම්මා කියාගෙන ...

දෙන්නගෙම උදේ වරුව එක් කෙනෙක්වත් තනි නොකර ....

අදින් ඇරඹෙන අලුත් සතිය සුබ ම වේවා !!!!
21/09/2026

අදින් ඇරඹෙන අලුත් සතිය සුබ ම වේවා !!!!

17/09/2026

හවස හිත සන්සුන් කරගෙන ශ්‍රියා කාන්තව ගෙදරට වඩම්මන්න ගෙදර පිරිසිදු කරලා බුදු පහන පත්තු කරන්න..ගිලන්පස හැකි විදියට පූජා කරන්න.බුදුන්ට සියලු දේ පූජා කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරන්න.
පුලුවන් නම් දුම් අල්ලන්න..
අඟගරුවාදට,සෙනසුරාදට දුම් අල්ලන දුම් කබලට කපුරු පෙති කීපයක්,කරාබු නැටි 3-5ක් දාල දුම් අල්ලන්න..සතුට සෞභාග්‍යය ලැබෙනවා කියල විශ්වාසයෙන් කරන්න.

ඒ දවස් දෙකටම පුලුවන් නම් බුදු පහනට කරාබු නැටි 3ක් විතර දාල පත්තු කරන්න.මේකට වෙනම පහනක් වුණත් පත්තු කරන්න පුළුවන්.ඒත් මම බුදු පහනටම දානවා.ඒකෙ කිසිම වරදක් නෑ.මුලු හදවතින්ම මේ සියලු පුජාවන් ජීවමාන බුද්ද ප්‍රමුක මහා සංඝයා වහන්සේලාට පූජා කරන බව හිතන්න.විශ්වාස කරන්න.

මම කරන පුංචි දේවල් ටිකක් බෙදාගත්තේ මේ ලෝකේ විශ්ව ශක්තිය, ආකර්ශන නීතිය මුලු හදවතින්ම විශ්වාස කරන අයට කරන්න පුලුවන්..

-කෞශි-

Good morning 🩷 ඊයේ අමතර වේලට හදපු පපායා ලැසී එකක්...
17/09/2026

Good morning 🩷

ඊයේ අමතර වේලට හදපු පපායා ලැසී එකක්...

උණු උණු පොල් රොටී එක්ක ලුණු මිරිසක්...ප්ලේන්ටියක්..
16/09/2026

උණු උණු පොල් රොටී එක්ක ලුණු මිරිසක්...ප්ලේන්ටියක්..

Good morning ❤️ මාස ගාණකට පස්සේ වහින වැස්ස නිසා ගස්කොළනුත් හිනාවෙනවා. මාස ගාණක් වැහි නැතුව තිබ්බ මේ පොලොවට දවස් තුනක් ති...
16/09/2026

Good morning ❤️ මාස ගාණකට පස්සේ වහින වැස්ස නිසා ගස්කොළනුත් හිනාවෙනවා. මාස ගාණක් වැහි නැතුව තිබ්බ මේ පොලොවට දවස් තුනක් තිස්සේ හොදට වහිනවා...ගස් කොළන් වුණත් සතුටින් ඉපිලෙන්නේ ඒ නිසානේ....

14/09/2026

සුභ ගණේෂ චතුර්ථි දිනයක් වේවා!
ඕම් ගනේෂාය නමහ 🙏
2026 ගනේෂ්ගේ උපන්දිනය මගේ ගෙදරදි පූජා පවත්වල සමරන්න ලැබීමම මගේ ජීව්තේ සතුටු මතකයක්....

ඒක කෘතගුණ සැලකිමක් ...
සුබ උපන්දිනයක් වේවා ගනෙෂ්!!!!

සියලු යහපත් පැතුම් සියලු දෙනාගෙම ඉටු වේවා !!!!

Address

Sadagirigama
Tissamaharama

Telephone

+94766420459

Website

Alerts

Be the first to know and let us send you an email when Life with Kaushi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share