07/11/2025
ඔයා අන්තිමට සොලෝ ඩේට් එකක් ගියේ කවද්ද?
සෝලෝ ඩේට් එකක් කියන්නෙ ලොකු වියදමක් යන දෙයක් ද?
නෑ නෑ.නෑ......
ලොකු වියදමක් කරන්න ඕනි නෑ.හිතේ සතුටින් ඔයා ආසම පුංචි කෑමක් එක්ක බොන්න දෙයක් අරන් නිදහස් තැනකට වෙලා ඒක හෙමින් කන්න,බොන්න...
මම මාසෙකට වතාවක් නම් අනිවාර්‍යෙන් මේ මගේ වෙලාව ගන්නවා...උත්සහ කරනවා සති දෙකකට සැරයක්වත් මේ සෝලෝ ඩේට් එක ගන්න.සමහර සතිවල අමාරුයි ඉතින්..
ඒත් නොවරදවා ම මාසෙ අන්තිම දවසේ නම් මම නොවරදවාම සෝලෝ ඩේට් එකක් යනවා..
ඒකට මම ගොඩක්ම තෝරගන්නේ ෆාස්ට් ෆුඩ් එකක් එක්ක අයිස් කොෆි එකක් හරි කූල් කරපු කල් කිරි එකක්...
මහ ලොකු ෆැන්සි නැති ,හරිම සරල ඒත් මට නිදහසෙ විනාඩි 10ක් ඉන්න පුළුවන් පොඩි කැෆේ එකක මුළු මාසයක් මහන්සි වුණ මම වෙනුවෙන් දෙන පුංචි තෑග්ගක් තමයි ඒ...
ඊළග මාසයෙත් ලස්සනට වැඩ ටික කරන්න ,නිදහස් මනසකින් ,සතුටින් ඉන්න මේ දවස ,මේ පුංචි වෙලාව මට හරි වටිනවා...
නිදහසේ හෙමින් හෙමින් මම ආසම කෑමක් කන ගමන් ,කා එක්කවත් කතා නොකර මගේ හිත එක්ක කතා කරන ගමන්, මට ම මම ස්තූතිවන්ත වෙන ගමන් කෑම එකෙ රස විදින ගමන් මගේ සතුට වෙනුවෙන් වෙන් වෙන කාලයක්...
ෆාස්ට් ෆුඩ් එකක් කියන්නේ මගෙ නම් හිත පුරවන රස නහර පිනායන කෑමක්...මම ආසම දෙයක් වෙනුවෙන් කරන වියදම අපරාධයක් නෙවි.
ඉතින් ජීව්තේ හැමදාම තියෙන වැඩ කන්ද අමතක කරලා ,විනාඩි කීපයක් මේ වගේ සතුටින් ගත කරන එකෙ සතුට ඔයා විදල තියෙනව ද?
මේ අපේ ජීව්තවලට පුංචි විවේක කාලයක්...
ඉතින් ඔයා සෝලෝ ඩේට් එකක් යනව ද? උත්සහ කරන්න ඔයා වෙනුවෙන් මාසෙකට පුංචි ඉඩක් වෙන් කරන්න....
-කෞශල්‍යා පෙරේරා-
Life with Kaushi