Chathu and Mithu

  • Home
  • Chathu and Mithu

Chathu and Mithu 🖤📷

🌅 Chill & Relax VibeN I L A V E L I B E A C H ✨🌊☀️
20/10/2025

🌅 Chill & Relax Vibe
N I L A V E L I B E A C H ✨🌊☀️

H O T E L  R I U  💞🌊☀️
20/10/2025

H O T E L R I U 💞🌊☀️

20/10/2025
>තාමත් තරහින්ද? ඒත් දැන් ඔයා වෙනස් වගේ...🖤ඒත් මං ආස අර කලින් මා ගාව හිටිය කෙනාට, මාව ඇහේ තියන් රැකපු කෙනාට, පොඩි දේත් ගො...
16/03/2025

>තාමත් තරහින්ද?

ඒත් දැන් ඔයා වෙනස් වගේ...🖤

ඒත් මං ආස අර කලින් මා ගාව හිටිය කෙනාට, මාව ඇහේ තියන් රැකපු කෙනාට, පොඩි දේත් ගොඩක් හිතලා පුංචි පුංචි දේට පවා කලබල වෙලා මාව හොයන් ආව මගේ තනි රැක්ක කෙනාට..🖤.....

ඒ කෙනාට කවදාවත් මැරෙන්න බෑ මං ඉන්නකම්.. මොකද මං ඒ ආදරේට ගොඩක් ලෝබයි.. ඔව් මගෙන් අඩුපාඩු වෙන්නැති..වැරදිත් වෙන්නැති.. මං රණ්ඩු කරන්නත් ඇති... ඒත් මොනදේ වුණත් ඒ කෙනාව මට නැති කර ගන්න ඕනි වුණේ නැ.🖤........

නෑ.. ඒ වදේ නැති වුණාම තමයි මට දැනුණේ ආදරේ තිබුණේ එතැන කියලා... ඉතිම් ඒ ගෙවුණු දවස්වලට අතවනලා ආයේ අලුතෙන් පටන් ගමුද?🖤.....

ම්.. ඔව් අපි හිනාවෙලා පිස්සු වැටුණු දවස්.. ආදරෙන් මත් වෙච්ච දවස්.. ඔහේ කියවපු දවස්.. ඒ තමයි මං ආසම දවස්.. ආයෙමත් ඔයා අරන් එනකම් මං ඇඟිලි ගණින දවස්🖤..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සර්ව සම්පුර්ණ වූ ප්‍රේමයන් ලොව නැත.. ඉතිම් අසම්පූර්ණ දෙදෙනෙක් සෑම විටම පරිපූර්ණ ලෙස ගොඩනඟා ගැනීමට වෑයම් කරන බැඳීමට
ප්‍රේමය යැයි නම් තැබිය හැක♥️😇💏

සමාව ගන්න, සමාව දෙන්න, ප්‍රේමය බෙදාගන්න. මන්ද ජීවිතය කෙටිය......

"ජීවිතේට එක සැරයක් හම්බවෙනවා, කිසිම කෙනෙක්ට replace වෙන්න බැරි, එකම එක පුදුමාකාර ආත්මයක්. 🤎🫀💫
16/03/2025

"ජීවිතේට එක සැරයක් හම්බවෙනවා,
කිසිම කෙනෙක්ට replace වෙන්න බැරි,
එකම එක පුදුමාකාර ආත්මයක්. 🤎🫀💫

ජීවිතය කවදහරි දවසක ඔයාව බින්දුවටම ඇදලා දැම්මොත්, මතක තියාගන්න, එහෙම දේවල් වෙන්නෙ, නැගිටගන්න බැරි තරමට වැටුණු තැනක ඔහේ නව...
16/03/2025

ජීවිතය කවදහරි දවසක ඔයාව බින්දුවටම ඇදලා දැම්මොත්,

මතක තියාගන්න,
එහෙම දේවල් වෙන්නෙ, නැගිටගන්න බැරි තරමට වැටුණු තැනක ඔහේ නවතින්න නෙමෙයි.
ඒ ඔයාව වෙනස් ආකරයකින් ආයෙත් මේ ලෝකයට හඳුන්වලා දෙන්න ඕන නිසයි.
කැඩිලා බිඳිලා නැති වෙලාම යනවා කියලා ඔයාට දැනෙන හැම කැබැල්ලක්ම අලුත් ස්ථානයක්, අලුත් අරමුණක්, අලුත් යථාර්ථයක් වෙනුවෙන් එකතු කිරීමටයි.

ඉරිතැලීම්, ආලෝකය ඇතුළු වන ස්ථාන බව විශ්වාස කරන්න.
බිඳවැටීම්, අලුත් ආරම්භයකට පාර කියන බව විශ්වාස කරන්න.
දරුණුතම කඩාවැටීම්, ශක්තිමත්ම හදවතක් ගොඩනඟන බව විස්වාස කරන්න.
ඒ විශ්වාසය ඔබව පෙර නොවූ විරූ අන්දමේ ජීවිතයකට නැවත ගෙන යාවි! 💫🌻❤️

✍️ Ishara Somarathna

19/05/2024

අහම්බෙන් මුණ ගැහුණ සමහරු ජීවිතේට නැතුවම බැරි උනා ❤️😍

• | හැම මනුස්සයෙක්ටම ලැබෙන ඕනේ ආයේ ආයේ  එයාව දකින්න නොඉවසිල්ලෙන් මග බලන් ඉන්න හිතෙන තරම් 😊" ලෝබ හිතෙන ප්‍රේමයක් ! "🌼💙
01/08/2023

• | හැම මනුස්සයෙක්ටම ලැබෙන ඕනේ
ආයේ ආයේ එයාව දකින්න නොඉවසිල්ලෙන් මග බලන් ඉන්න හිතෙන තරම් 😊

" ලෝබ හිතෙන ප්‍රේමයක් ! "🌼💙

"මාව දරාගන්න පුලුවන්ද....?""හ්ම්ම්ම්....""මම අනික් කෙල්ලෝ වගේ නෙවි....""අපොයි ඔව්. මං ඒක හොඳටම දන්නවා. ඒකනේ ඔයාව තෝරගත්ත...
28/07/2023

"මාව දරාගන්න පුලුවන්ද....?"

"හ්ම්ම්ම්...."

"මම අනික් කෙල්ලෝ වගේ නෙවි...."

"අපොයි ඔව්. මං ඒක හොඳටම දන්නවා. ඒකනේ ඔයාව තෝරගත්තේ...."

"ඔයාට ලේසි වෙන එකක් නෑ...."

"මං ආසයි අමාරු දේවල් කරන්න...."

"එපා වුණොත් මාව....?"

"එපා වුණොත් ආයේ මාව පොළඹවගන්න. ඒත් එහෙම වෙන එකක් නෑ. ඔයාගේ මේ වෙනසට මං මාරම කැමතියි...."

"මට වෙලාවකට ට්‍රැක් අවුට් වෙනවා...."

"ට්‍රැක් අවුට් ගෑණු තමයි ට්‍රැක් අවුට් පිරිමින්ව හරියටම දන්නේ...."

"මං වෙලාවකට ඔහේ කියවනවා...."

"ඒක හොඳයි. ඔයා ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ මගෙත් එක්ක...."

"මං වෙලාවකට සයිලන්ට් වෙනවා...."

"මරුනේ.... ඒ වෙලාවට අපි දෙන්නම නිහඬතාවයේ අපූර්වත්වය අත්විඳිමු...."

"මං උයන්න බෑ කිව්වොත්....?"

"බයවෙන්නෙපා. මට උයන්න පුලුවන්. බඩගින්නේ තියන්නෑ ඔයාව මං...."

"මං අවුලෙන් නම්....?"

"එන්න මා ගාවට...."

"මට කේන්ති ගියොත්....?"

"දන්නවා යක්ෂණියක් වගේ කියලා. මං චුට්ටක් ඉවසන්නම්. මොනා කරන්නද....?"

"ඔයාට ඇති වුණොත්....?"

"ඇතිවෙන එකක් නම් නෑ මදිවුණොත් මිසක්...."

"ඇත්තටම මාව දරාගන්න පුලුවන්ද...?"

"පුලුවන් මැණික.... ඔය හැමදේම දැනගෙනයි මං උ ඹ ට ආදරෙයි කිව්වේ...." 🥺❤️‍🩹🌻

එයත් එක්ක වලියක් දාගත්තාම 😏
20/05/2023

එයත් එක්ක වලියක් දාගත්තාම 😏

07/05/2023

එයාගේ කොණ්ඩේ 😍❤️😁

කාන්තාවක් තරහා වුනහම කරන්න පුළුවන් හොදම දේ මොකක්ද? ඇයව වැළද ගන්න. ❤️එවිට ඇය ඔබව තල්ලු කර දමයි.ඇයව යළිත් වැළද ගන්න.💛ඇය ඇය...
06/05/2023

කාන්තාවක් තරහා වුනහම කරන්න පුළුවන් හොදම දේ මොකක්ද?

ඇයව වැළද ගන්න. ❤️
එවිට ඇය ඔබව තල්ලු කර දමයි.

ඇයව යළිත් වැළද ගන්න.💛
ඇය ඇයගේ අත් ගුළි කර ඔබට පහර දීමට පටන් ගනියි.

ඇයව වැළදගෙනම සිටින්න.
අත හරින්න එපා.💚
දැන් ඇය ටිකෙක් ටික සංසුන් වෙන්න පටන් ගනියි..

දැන් ඔබට කරන්න පුළුවන් හොදම දේ මොකක්ද?
ඇයට හාද්දක් දෙන්න.
යාන්තම් සිනහාවක් පාන්න.
ඇයව තවත් තුරුළට ගෙන කියන්න "ඔබ ඇයට ආදරේ බව"💏
දැන් ඇයත් ඔබව වැළද ගනියි. 🙂

දැක්කනේ ඒක එතැනින් ඉවරයි.
දැන් කතා කරන්න. තරහා වීමට හේතුව හොයලා ඒ ප්‍රශ්නය එතැනින්ම ඉවර කරගන්න. ☺️
වැළද ගැනීම කියන්නේ කාන්තාවක් වෙනුවෙන් ඔබට දිය හැකී සුන්දරම නිවීමක්, සැනසීමක්, පුදුමාකාර සුවපත් කිරීමක්. 💛
--------------------------
සති දෙක තුනක් ඇය සංසුන්ව හිදියි, ආයෙමත් මොකක් හරි හේතුවකට තරහා වෙයි .
තරහා නොවී සිටින ගැහැනු මේ ලොකේ නැහැනේ,
එතකොට ආයෙමත් ඔය ක්‍රමවේදයම අනුගමනය කරන්න.❤️

Address

Trincomalee

Alerts

Be the first to know and let us send you an email when Chathu and Mithu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share