Asia best country SRI LANKA

Asia best country SRI LANKA 🇱🇰 Sri Lanka

☸️🕉✝️☪️

අව්කන බුදුරුව නිමවූ බරණ නමි ගල් වඩුවාගේ කතාව 😱❇️😮🌿💚🦋🦀☘️ ✴️මහාවංශයේ දැක්වෙන පරිදි, ක්‍රි. ව. 459 – 477 කාලයේ රජ කල ධාතුසේ...
26/09/2026

අව්කන බුදුරුව නිමවූ බරණ නමි ගල් වඩුවාගේ කතාව 😱❇️😮🌿💚🦋🦀☘️ ✴️

මහාවංශයේ දැක්වෙන පරිදි, ක්‍රි. ව. 459 – 477 කාලයේ රජ කල ධාතුසේන රජතුමා විසින් අවුකන ප්‍රතිමාව නිමවා තිබේ. ධාතුසේන රජතුමාගේ විශිෂ්ඨතම නිර්මාණයක් වූ කළා වැවට බටහිරින් අවුකන ප්‍රතිමාව පිහිටා ඇත. මෙය නිමවූ ගල්වඩුවා “බරණ” නැමැත්තෙකු බවත්, ඔවුනට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට අවකන් දේශයෙන් ශිල්පියෙකු පැමිණි බවත්, එහෙයින් මෙම ප්‍රතිමාව “අවුකන” ලෙස ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. බරණගේ දක්ෂතාවය ගැන පැහැදුණු ධාතුසේන රජතුමා, ඔහුට ගම්වරයක් තෑගි දී තිබෙන අතර එය “ ගල්වඩුවාගම ” නමින් අදත් දක්නට ඇත. අවුකන පිළිම වහන්සේ නෙළීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත ඉතිහාසයේ සඳහන් වෙන අතර, ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ, ගුරු – ගෝල තරඟයක ප්‍රතිඵලයක් ලෙස “අවුකන” නිර්මාණය වූ බවයි.

සුවිශේෂී විස්තර
ලොව සුපතල අවුකන පිළිමය පිහිටි කළු ගලක නිර්මාණය කරන ලද හිටි පිළිමයකි. මෙම ප්‍රතිම වහන්සේ උසින් අඩි 38 අඟල් 10 කි. සිරස් පත සමඟ උස අඩි 42 අඟල් 6 කි. පිළිමය පාමුල අලංකාර පද්මාසනයක් අති අතර, පද්මාසනයේ සිට සිරස් පතට ඇති මුළු උස අඩි 46 අඟල් 4 ක් ලෙස ගණන් බලා ඇත. මේ සුවිසල් ප්‍රතිමාවේ ඇති සුවිශේෂ ලක්ෂණයක් නම්, එහි සිරසට වැටෙන ජලය නාසය දිගේ ගලාගෙන විත් පහළ සිරිපතුල් දෙක අතර මැද ඇති සළකුණක් මතට වැටීමයි. මෙයින් පෙනී යන්නේ, මේසා විශාල ශෛලමය ප්‍රතිමාවක් වුවද එය ලම්බකව, සමබරව, සෘජු ලෙස නෙලීමට තරම් බරණ ගල් වඩුවා සමත් වී ඇති බවයි. එය, හෙළ කලා කරුවාගේ විශ්මිත කලා කුශලතාවය මැනවින් ලොවට කියාපාන කදිම සාධකයකි.

කිසියම් කලා නිර්මාණයක් ජනතාවගේ වින්දනයට නොගැලපේ නම්, එය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. එනිසා ඒ සඳහා යොදා ගන්නා අංගෝපාංග නියමාකාරයෙන්ම යෙදිය යුතුය. මේ හේතුව නිසා පුරාණයේ සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් බුද්ධ ප්‍රතිමාව උසස් තැනක් ගන්නා ලදී. එහිදී පුජනීයත්වය මෙන්ම සුන්දරත්වයද එකට කැටි කර ඇති අයුරු අවුකන ප්‍රතිමා වහන්සේ තුළින් විද්‍යාමාන වේ.

දෙතිස්මහාපුරුෂ ලක්ෂණ
ප්‍රතිමාවක් තුළින් එම පුද්ගලයාගේ බාහිර ස්වරුපය පමණක් නොව ආධ්‍යාත්මික ස්වරුපයද නිරුපනය කල යුතුය. සාමාන්‍ය මනුෂ්‍යයකු නොවන බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ කෙසේනම් ප්‍රතිමාවක නිරුපනය කරන්නද? මෙහිදී බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ සංකේතවත් කරන දෙතිස්මහා පුරුෂ ලක්ෂණ විදහා දැක්විය යුතුය. මෙයින්, බාහිරව දැකිය හැකි මහා පුරුෂ ලක්ෂණ පහළොවක් පමණ අවුකන ප්‍රතිමාව තුළ දැකිය හැකිය.

ඒවා නම්, සුපුහුටි පාද, දික් විලුඹ, දික් ඇඟිලි, දැල් කවුළුවක් බඳු අත්-පා, මත්තෙහි ගොප් ඇටය, ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා, සෘජුව තිබෙන්නාවූ ගාත්‍රා, පිරි තිබෙන්නාවූ දෙඅතුල් / දෙපතුල් / දෙඅස්න්කූඨ පිටිකර ඇති බව / සිංහයෙකුට බඳු වූ ඌර්වකාය / පිට රන් ඔරුවක් වැනි අන්තාරාංගයක් ඇති බව / රන් බෙරයක් සේ සමව වටවූ ග්‍රීවා ඇති බව / සිංහයකු සේ සමව වටව සිටිනාවූ හනුභාග ඇති බව / ඌර්ණ රෝම ධාතුව / උණහිස්සිස ලක්ෂණ සහ දීර්ඝ වූ අත් ඇති බව වේ.

මිට අමතරව තවත් වැදගත් ලක්ෂණ කිහිපයක් අවුකන ප්‍රතිමා වහන්සේගේ දක්නට ලැබේ. සිරුරේ බර දෙපා වලට සමසේ බෙදී යනසේ අවුකන පිළිමය සමංගභාග ක්‍රමයට ඉඳි කර ඇත. වම හස්තය උරහිස මට්ටමට ඔසවාගෙන සිටින අයුරින් නිර්මාණය කර අති මුද්‍රාව “ කටක”මුද්‍රාව වන අතර, අකුණු හිතන් “අභය” මුද්‍රාව නිරූපනය වේ.

බුදු පිළිම නෙලීම කවදා කොතන දී ආරම්භ වුයේදැයි නිශ්චිතව කිව නොහැක. බෞද්ධ සහිත්‍යය හා පුරා විද්‍යාව ට අනුව ක්‍රි.පූ. පළමු හෝ දෙවන සියවස් වලදී බුද්ධ ප්‍රතිමා නෙලීම ආරම්භ වී ඇත. එහෙත් මේ කාලයේ ප්‍රතිමා නෙලූ ශිල්පින් බුදුන් වහන්සේ සියසින් දැක තිබුනා විය නොහැක. එසේනම් මොවුන් බුද්ධ ප්‍රතිමා නෙළුවේ බුදුගුණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය සිහිපත් කරගෙන විය යුතුය. කරුණු එසේ වී නම්, හෙළ කලා කරුවාගේ පරිකල්පනයේ අපුර්වත්වය පෙන්වන කදිම නිදසුනක් ලෙස අවුකන සහ රැස් වෙහෙර බුද්ධ ප්‍රතිමා දැක්විය හැකිය.

පිළිම ඉතිහාසය පිලිබඳ කතා

රැස් වෙහෙර ප්‍රතිමාව, සැස්සේරුව නමින්ද හඳුන්වන අතර අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16 දුරින් පිහිටා ඇත. මේ පිළිම දෙක නිර්මාණය වීම සම්බන්ධයෙන් අපූර්ව කතාන්දර රැසක් ජනප්‍රවාදයේ ඇත. මේවා අතරින් වඩාත් ප්‍රචලිත එකක් වන්නේ, මෙකී පිලිම යුගලෙහි නිර්මාණකරුවන් දෙදෙනා ගුරා සහ ගෝලයා බවත්, ගුරා ‍රැස් වෙහෙර පිලිමයත්, ගෝලයා අවුකන පිලිමයත් නෙලීම ආරම්භ කර ඇති බවත් වේ. පලමුව පිලිමය නිමවන තැනැත්තා, “හූවක්” තැබීම මගින් අනෙකාට ඒ බව සැලකල යුතුවිය. කෙසේ උවත් ‍රැස් වෙහෙර පිලිමය නෙලමින් සිටි ගුරාට තම ගෝලයාගේ “හූ” හඩ ඇසීමෙන් තමා පරාජයට පත්වූ බව හැගී, එම සිත් තැවුලෙන්ම පිලිමය නෙලමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසා ගත් බවත්ය.

ඒ කෙසේ වෙතත්, අවුකන ප්‍රතිමාවට වඩා බෙහෙවින් ප්‍රාථමික ලක්ෂණ රැස් වෙහෙර ප්‍රතිමාවේ දක්නට ලැබේ. අනෙක් අතට රැස් වෙහෙර හෙවත් සැස්සේරුව ප්‍රතිමාව වැඩ අවසන් කර නොමැත. එය අදත් දක්නට හැක්කේ ඒ අයුරින්මය.

අවුකන පිළිමය, පිහිටි ගල මතුකරමින් නිර්මාණය කර අති අතර, රැස් වෙහෙර පිළිමය, පිහිටි ගල හාරා ඒ තුළ නෙලා ඇත. රැස් වෙහෙර ප්‍රතිමාවේ බොහෝ ලක්ෂණ බාමියන් බුද්ධ ප්‍රතිමාවන්ට සමාන වේ. මේ නිසා රැස් වෙහෙර නිර්මාණය කල ගල් වඩුවා, එදා අවකන් දේශය නමින් හැඳින්වුණු බාමියන් රට හෙවත් ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි කෙනෙකු විය හැකි බව ඉතිහාඥයෝ පවසති.

එසේ වුවත් මේ පිළිම දෙකම අපේ රටේ ඉතා වැදගත් ප්‍රතිමා දෙකක් ලෙස බොදු ජනතාවගේ වන්දනා මනයටත්, බුහුමනටත් නිතැතින්ම පාත්‍ර වේ. ඔබත් මේ පිළිමවහන්සේලා දෙඇසින්ම දැකගෙන තියෙනවාද? නැතිනම් හැකි වෙලාවක ගිහින් බලාගන්න, ලංකාවේ ආදී කාලයේ සිටි අනර්ඝ ශිල්පීන්ගේ වැඩ දැන් මුළු ලොවම පුදුමයට පත්කරද්දී ලංකාවේ අපිටත් පොඩි ආඩම්බරයක් දැනෙන එක ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ නේද?

තොරතුරු : අවුකන බුදු පිළිමය සග එහි නොදුටු පැත්ත. – අබේරත්න අතුකෝරල, සිංහල මහා වංශය,

තෙරැවන් සරණයි

26/09/2026
24/09/2026

සිත කදුකරේට වහින වැස්ස

23/09/2026

වගකීම් වැඩි වෙද්දි.. සුන්දර හවස් | වරු
මග හැරෙනවා...ඒත් නුවර හවස් | වරු මග හැරගෙන කොහොමද..

22/09/2026

දියසෙන්පුර බෝ සමිදු

21/09/2026

ජිවිතය ඉතා කෙටි නොපමාව කුසල් පුර්නය කරන්න

**නෙළුම් පොකුණ**  පුරාණ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා හා ඉංජිනේරු කුසලතාවන්ට අනගි උදාහරණයක් වන විශේෂිත නිර්මාණයකි.පොළොන්නර...
20/09/2026

**නෙළුම් පොකුණ**
පුරාණ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා හා ඉංජිනේරු කුසලතාවන්ට අනගි උදාහරණයක් වන විශේෂිත නිර්මාණයකි.

පොළොන්නරුවේ අභයගිරි විහාර සංකීර්ණයට ආසන්නව (ජේතවනාරාම ප්‍රදේශයට නුදුරින්) පිහිටා ඇති මෙම පොකුණ, නෙළුම් මලක හැඩයට අනුගත වන පරිදි අද්භූත ලෙස නිර්මාණය කර ඇත.

මෙහි එකිනෙක මත පිහිටුවන ලද ගල් පටි (petals) ස්ථර පහකින් යුත් නෙළුම් මල් හැඩයක් දිස්වේ. ගල් මතුපිට ඉතා මනාව කපා ඔප දමා සකස් කර ඇති අතර, මල් පෙති විකසිත වන ආකාරය මැනවින් නිරූපණය වේ.

පුරාණ කාලයේ පොකුණට ජලය සැපයීම සහ ජලය බැහැර කිරීම සඳහා භූගත ටෙරාකොටා (පුළුස්පන ලද මැටි) නල පද්ධතියක් භාවිතා කර ඇත. අදටත් වැසි ජලයෙන් හෝ වෙනත් ක්‍රම මඟින් මෙයට ජලය එකතු වන අයුරින් මෙය සකසා තිබීම විශේෂත්වයකි.

මහා පරාක්‍රමබාහු හෝ නිශ්ශංකමල්ල වැනි රජවරුන්ගේ යුගයට අයත් යැයි සැලකෙන මෙම පොකුණ, එකල විසූ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා (පරිභෝජනයට හෝ ස්නානයට) ඉදි කරන ලද්දක් බව විශ්වාස කෙරේ.

පොළොන්නරුවට පැමිණෙන සංචාරකයන් නිතර නරඹන, ස්වභාවධර්මය හා කලාව එකට මුසු වූ අලංකාර නිර්මාණයක් ලෙස නෙළුම් පොකුණ හැඳින්විය හැකිය.

දෙමළ මහා සෑය  ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ඓතිහාසික පූජා නගරයේ පිහිටා ඇති අපූර්ව හා ඓතිහාසික වැදගත්කමකින් යුත් පුරාවිද්‍යා ස්...
19/09/2026

දෙමළ මහා සෑය

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ඓතිහාසික පූජා නගරයේ පිහිටා ඇති අපූර්ව හා ඓතිහාසික වැදගත්කමකින් යුත් පුරාවිද්‍යා ස්මාරකයකි.

පොළොන්නරු යුගයේ දී, විශේෂයෙන් පළමුවන පරාක්‍රමබාහු රජුගේ සමයේ දී (ක්‍රි.ව. 12 වන සියවස) මෙය ඉදිකරන ලද්දක් ලෙස විශ්වාස කෙරේ. එහෙත් මෙහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති අතර, එය නිම නොකළ ස්මාරකයක් ලෙස ඉතිරි වී ඇත.

මෙහි මුල් නාමය කුමක්ද යන්න නිශ්චිතවම අනාවරණය වී නැත. අතීතයේ මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා දකුණු ඉන්දියානු (දෙමළ) සිරකරුවන් හෝ ශිල්පීන් යොදවන්නට ඇතැයි යන මතය මත, පසුකාලීනව ජනතාව විසින් මෙය "දෙමළ මහා සෑය" ලෙස හඳුන්වනු ලැබ ඇත.

මෙම ස්ථූපය සාමාන්‍ය ස්ථූප මෙන් නොව, ගල් පර්වතයක් මත හෝ කළුගල් කොටස් යොදා ගනිමින් නිර්මාණය කිරීමට උත්සාහ කර ඇත. මෙහි දැවැන්ත ගඩොල් කුට්ටි සහ ගල් බැමි දැකගත හැකි අතර, එය ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු තැනක දක්නට නොලැබෙන අද්විතීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්වයි.

​මෙය ශ්‍රී ලංකාවේ පුරාණ ඉංජිනේරු හා වාස්තු විද්‍යාත්මක හැකියාවන් මෙන්ම අතීත ඉතිහාසයේ විවිධ සන්ධිස්ථාන මනාව මතුකර පෙන්වන ස්මාරකයකි.

​මහාවංශයේ සඳහන් වන ආකාරයට, පළමුවන පරාක්‍රමබාහු රජු මෙම දාගැබ ඉදි කරන ලද්දේ ඉතා දැවැන්ත පරිමාණයෙනි. එහි සැලසුම් කළ වට ප්‍රමාණය රියන් 1300ක් (මීටර් 650ක් හෝ අඩි 1500කට අධික) පමණ වේ. එය සම්පූර්ණ කළේ නම්, එය ලෝකයේ ඉදිකළ විශාලතම බෞද්ධ ස්මාරකය වීමට ඉඩ තිබුණි.

ඉදිකිරීම් අතරමගදී නතර කර ඇති බැවින්, වර්තමානයේ මෙම ස්තූපය ආවරණය වන භූමි ප්‍රමාණය අක්කර 4ක් පමණ වන අතර, මෙහි වට ප්‍රමාණය මීටර් 700ක් පමණ වේ.

වර්තමානයේ මෙහි ඉතිරිව ඇති කොටසේ උස මීටර් 15ත් 20ත් (අඩි 50ත් 60ත්) අතර ප්‍රමාණයකි. (නමුත් මුලින් සැලසුම් කර තිබූ උස අඩි 500ත් 1000ත් අතර වන දැවැන්ත උසකින් යුතු එකක් බවට මත පළ වේ).

​මෙම දැවැන්ත ස්තූපය සැකසීම පිටුපස ප්‍රධාන අරමුණු සහ හේතු කිහිපයකි.

​මහා පරාක්‍රමබාහු රජුගේ අභිප්‍රාය වූයේ ලංකාවේ වෙනත් කිසිදු රජෙකුට හෝ වෙනත් රටකට දෙවැනි නොවන, එනම් ලෝකයේ දැවැන්තම සහ අභිමානවත්ම බෞද්ධ ස්මාරකය ඉදිකරවීමයි.
​
ඇතැම් ඓතිහාසික වාර්තාවලට අනුව, මෙම ස්තූපය දකුණු ඉන්දියාවට පවා පෙනෙන තරම් අතිශය දැවැන්ත උසකින් යුතු ව සකස් කළ යුතු යැයි රජු අපේක්ෂා කළ බවද පැවසේ.
​
චෝළ දේශයෙන් (දකුණු ඉන්දියාවෙන්) යුධ සිරකරුවන් ලෙස මෙරටට ගෙන එන ලද දෙමළ ශ්‍රමිකයන් යොදා ගනිමින් මෙම දැවැන්ත ඉදිකිරීම සිදු කළ බැවින්, මෙහි ශ්‍රම දායකත්වය පදනම් කර ගනිමින් පසුකාලීනව එය "දෙමළ මහා සෑය" ලෙස හැඳින්විණි.

​වැඩ අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙහි අර්ධ වශයෙන් ගොඩනගන ලද විශාල වේදිකාවක් මත පසුව කුඩා ස්තූපයක් ඉදිකර ඇති අතර, රජුගේ අපේක්ෂාවන් සහ යුගයේ පැවති ඉංජිනේරු විද්‍යාත්මක විශිෂ්ටත්වය ලොවට ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් මෙය නිර්මාණය කර ඇත.

පරම්පරාවෙන් අබ ඇටයක් නැතුව බිංදුවෙන්පටන්ගත්ත අපිට හැම ජයග්‍රහණයක්ම ලොකුයි මචං ..!!🥹
09/09/2026

පරම්පරාවෙන් අබ ඇටයක් නැතුව බිංදුවෙන්
පටන්ගත්ත අපිට හැම ජයග්‍රහණයක්ම ලොකුයි මචං ..!!🥹

Address

Uda Pussellawa

Website

Alerts

Be the first to know and let us send you an email when Asia best country SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share