23/07/2025
*රජයක් හැටියට අපි මූලිකවම සුබසාධනය සැලසිය යුත්තේ මහජනතාවට ද නිළධාරීන්ට ද?..*
# # # # # # # # # # # # # #
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විමසයි.
"ආර්ථික, සමාජීය, දේශපාලන සංස්කෘතික පරිවර්ථනයක් සඳහා තමයි අපි පෙනී සිටින්නේ. සමාජය පරිවර්තනය කරන්න ඕන කිව්වට, පරිවර්තනය තමන් ළඟට එනකොට, අඩිය පස්සට ගන්න පිරිසක් එක්ක කොහොම ද අපි පරිවර්ථනයක් කරන්නේ? අනිත් අය සමග System change කරන්න කතා කළාට, තමන් ළඟට එද්දි කකුල පස්සට ගන්නවා. අපට හිමිවුණු බහුතර ආණ්ඩු බලය යොදවලා, රාජ්‍ය බලය හොබවන, පහුගිය දේශපාලන අතකොළු වුන සුළුතරයකගේ බලය බිමට සමතලා කරලා, අවශ්‍ය ජනතා බලය වෙනුවෙන් පෙනීසිටීමක් තමයි අද මේ අපි සිදු කරන්නේ. අපිy මූලිකව තේරුම්ගත යුතු කරුණ තමයි, ප්‍රථමයෙන් සුබසාධනය සැළසිය යුත්තේ මහජනතාවට ද නිලධාරීන්ට ද යන වග"
යැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
මීමුරේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් විධිමත් කිරීමේ මූලික අරමුණෙන්, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ තිබූ බස් රථයක් මීමුරය ප්‍රදේශයට ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙම අදහස් පළ කළේය.
2021 වසරේදී ප්‍රසම්පාදන කටයුතු සිදුකර, මීමුරේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ලබාගත් බස් රථ දෙකෙන් එක් බස් රථයක් පමණක් ඒ සඳහා යොදවා ඇති අතර අනෙක් බස් රථය මේ දක්වා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ සුබසාධන කටයුතු වෙනුවෙන් යොදාගෙන තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මැදිහත්වීමෙන් අද දින එම බස් රථයද මීමුරේ ජනතාවට ලබාදීමට හැකිවිය.
මෙහිදී වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ....,
"සුළු පිරිසක් පසුගිය කාලේ ලොකු උද්ඝෝෂණයක් කළා මේ බස් එක මීමුරේට දෙන්න බැහැ කියලා. නමුත් අද වනවිට ඒ සියලු බලපෑම්, බලවේග යටපත් වෙලා තිබෙනවා. මී මුරේ කියන්නේ රක්ෂිතයක් මැදින් ගමන්කළ යුතු ගම්මානයක්. සාමාන්‍ය ධාවනයේ යොදවන සියලුම බස් රථ එම පටු මාවත් වල ගමන් කරන්න අපහසුයි. ඒ නිසා තමයි ඒ වෙනුවෙන් වෙනම බස් රථ දෙකක් ගෙනත් තිබෙන්නේ. ඒ බස් රථ දෙකෙන් එකක් පමණක් මීමුරේට දීලා. අනෙක මේ දක්වාම කොළඹ රඳවගෙන තිබුණා. තනි බස් රථයක් සේවයේ යෙදවීමෙන් නිතර නිතර එම බසය කාර්මික දේෂයන්ට ලක්වෙනවා. ඒ තුළින් මීමුරේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වලට විශාල බාධාවක් වෙලා තිබෙනවා. ජාතික ආර්ථිකයේ පංගුකාරයන් වෙන්න රටේ හැමෝම බලාපොරොත්තු වෙනවා. ඒ දායකත්වය සෑම ප්‍රදේශයකින්ම සමාන කරන්න බැරි වුණත්, යම් මට්ටමක හෝ දායකත්වයක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ලබාගන්න නම්, මහාමාර්ග හා ප්‍ර වාහනය තිබිය යුතුමයි. ඒ සඳහා ගමේ ජනතාව ගමෙන් එළියට ගන්නම ඕන. එහෙම නැතිව අපි බලාපොරොත්තුවෙන සංවර්ධනය රටට, ජනතාවට ළඟාකරගන්න බැහැ. මීමුරේ පමණක් නොවෙයි, ලංකාවේ පවතින තවත් මෙවැනි දුෂ්කර ප්‍රදේශයන් කෙරෙහි ද ප්‍රවාහනය වෙනුවෙන් අපේ විශේෂ අවධානයක් යොමුකළ යුතුයි" යැයි පැවසීය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එම්. බස්නායක, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වූහ.