UNP Panadura

UNP Panadura රට වෙනුවෙන් ��

පානදුර එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලයේ උප සභාපති ධූරයට පත්වූ Aswar  ඔබට උණුසුම් සුබ පැතුම්   !! 💚🐘ජය වේවා Lakshman Wije...
02/07/2023

පානදුර එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලයේ උප සභාපති ධූරයට පත්වූ Aswar ඔබට උණුසුම් සුබ පැතුම් !! 💚🐘
ජය වේවා
Lakshman Wijemanne II
Nandana Gunathiaka
Shehara Herath

ජනතා ප්‍රශ්න විසඳමින් රට ගොඩනැගිය හැක්කේ සියලුදෙනා එකට එක්වීමෙන් පමණක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා...
31/07/2022

ජනතා ප්‍රශ්න විසඳමින් රට ගොඩනැගිය හැක්කේ සියලුදෙනා එකට එක්වීමෙන් පමණක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනැගීමට එක්වන ලෙස සියලු පක්ෂවල මහජන නියෝජිතයන්ට ආරාධනා කරන බව මහනුවරදී පැවසීය.

පක්ෂ දෙකකට සීමා නොකොට සියලු දෙනා ඒ සඳහා එක්කරගත යුතු බවත්, නිහඩව නොසිට රටේ සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිළි කර දි රට ගොඩනැගීමේ නව වැඩපිළිවෙළ ගමට ගෙන යාමට කණ්ඩායමක් ලෙස එක්විය යුතු බවත් ජනාධිපතිතුමා කීය.

මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු, හිටපු පළාත් පාලන නියෝජිතයන් හා ආසන සංවිධායකවරු අමතමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බව සඳහන් කළේය.
හමුව ඊයේ (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

යල් පැන ගිය ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක වැදගත්කම පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියලුදෙනා අලුතින් සිතා අලුත් ගමනකට සූදානම් විය යුතු බවත්, ජනතා ගැටලුවට විසඳුම් නොසොයා පැරණි සටන් පාඨ කීමෙන් ඵලක් නොවන බවත් පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙසේ ද කීය.

“මම අද ජනාධිපති හැටියට සම්ප්‍රදායානුකූලව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට සහ මහා නායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගැනීමට මහනුවරට පැමිණියා. අපේ මල්වතු, අස්ගිරි ස්වාමින්වහන්සේ එතනදි ලබාදුන් උපදෙස්වලට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

මේ වැඩකටයුතු අවසන් කරලා මෙතන දී විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙත්, එක්සත් ජාතික පක්ෂයෙත් ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් මුණ ගැහෙනවා. ඒක සම්ප්‍රදායික දෙයක් නොවේ, සම්ප්‍රදාය කියන්නේ දෙපැත්තම වාද කරනවා, කාටවත් ඉඩ දෙන්නේ නැහැ. සමහරවිට පොඩ්ඩක් හැප්පෙන ගතියකුත් තියෙනවා. ඒත් මේකයි අලුත් දේ. අද මේ හැම කෙනාම මෙතන වාඩි වෙලා ඉන්නවා. අන්න ඒකයි වෙනස. ඇයි ඒ වෙනස ඇතිවුණේ? මේ රටේ විශාල ආර්ථික පීඩනයක් ඇති වුණා. ඒ පීඩනයෙන් දේශපාලන විපර්යාසයක් ඇති වුණා. ඒ විපර්යාසයෙන් මම ජනාධිපති වුණා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අගමැති වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ තනතුරෙන් ඉවත් වුණා. ඒ විපර්යාසය වුණේ ආර්ථික හේතු නිසා. වෙන හේතු නිසා නොවේ, තෙල් නැති වුණා, පොහොර නැති වුණා. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. එතනින් ඒ පීඩනය පිපුරුණා. මේ ඇති වුණ උද්ඝෝෂණවලට, අරගලවලට අපි බලාපොරොත්තු නොවුණ විදියට වෙනත් සංවිධාන ඇවිල්ලා අරගලය මුවාවෙන් වෙනත් වාසි ලබාගත්තා.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. ගෙවල් පුච්චන එක, පොත් පුච්චන එක හිට්ලර්ගෙන් ඉගෙනගත්ත එකක්. එල්.ටී.ටී.ඊය කළේ වෙඩි තියන එක, බෝම්බ ගහන එක. පළවෙනි වතාවට අපිට ෆැසිස්ට් කණ්ඩායමක් එක්ක සමහර සිවිල් සංවිධාන සියල්ල එතනට ආවා. විශාල කැලඹීමක් ඇති වුණා. එතනින් පස්සේ තමයි මම ජනාධිපතිකම භාර ගත්තේ.

මම ජනාධිපතිකම භාරගත්තට මේ රටේ තිබෙන ආර්ථික පීඩනය නැති වෙලා නැහැ. ජනතාවට තිබෙන ප්‍රශ්න ඒ විදියටම තිබෙනවා. ගෑස් නැති එක, පොහොර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩිවන එක රැකියා නැති එක, අද සංවර්ධනයට ප්‍රාග්ධන මුදල් නැති වෙන එක. මේ හැම එකක්ම මේ ගම්මානවල තිබෙනවා. මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අපි වැඩිකරනවාද, අඩු කරනවාද කියලා හිතන්න ඕන. ඒ සදහායි ඔබ සියලුදෙනා මෙතනට පැමිණ තිබෙන්නේ. අපේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය දිහා බැලුවහම මේක තවත් වැටුණොත් රටක් නැති වෙනවා.

මේ අවුරුද්දේ අපේ ආර්ථිකය, දළ දේශීය නිෂ්පාදනය 7% කට අඩු වෙලා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. එන අවුරුද්දේ අපි ගන්න පියවර නිසා ඒක 3%කින් වැඩි වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ අපිට පුළුවන් 1% ක අතිරික්තියක් ලබා ගන්න. අපේ උද්ධමනය වැඩි වෙනවා. මේවා කියන්නේ කවුරුත් බය කරන්න නොවේ, මේවට විසඳුම් සොයන්න තියෙන්නේ. ඒ විසඳුම් තුළින් තමයි අපිට අලුත් දේශපාලනයකට එන්න පුළුවන්.
විසඳුම් සොයන්නේ නැතිව පරන සටන් පාඨ කියලා හරියන්නේ නැහැ. දැන් සමහරු කියනවා මේ ආර්ථික අර්බුදය ඇති වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර ගෙනාවේ නැති නිසා කියලා. අපේ පක්ෂයෙන් කියනවා මේ තත්ත්වය අති වුණේ අයි.එම්.එෆ්. එකට වේලාවට ගියෙ නැති නිසා කියලා. පොදුජන පෙරමුණෙන් කියනවා මේක ඇති වුණේ මේ ආණ්ඩුව විතරක් නොවේ ඊට පෙර පැවති ආණ්ඩුවත් විශාල ණය ගත්ත නිසා කියලා. මම අහන්නේ, මේ ඔක්කොම ප්‍රශ්න තියෙනවා, අපි මේවා ගැන වාද කරනවද, නැත්නම් වැඩ කරනවද, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොහොර ගෙනාවේ නැ කියලා වාද කලාට මොකද වෙන්නේ, ඒක පොහොර නැවක් ගේනවනම් කරුණාකරලා වාද කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අයි.එම්.එෆ් එකට ගියෙ නැහැ කියලා වාද කරනවා, එක තෙල් නැවක් එනවනම් වාද කරන්න. යහපාලන ආණ්ඩුව නිසා මේ ණය බර වැඩි වුණේ කියලා වාද කරලා ඩොලර් මිලියන 50ක් ගන්න පුළුවන්නම් වාද කරන්න. මේ එක වාදයකින්වත් රට දියුණු වෙන්නේ නැහැ. මේවා දැන් වෙලා ඉවරයි.

අපේ මුලික කාලය යෙදවෙන්නේ මේ ප්‍රශ්න ගැන වාද විවාද කරන්නද, නැත්නම් මේවට විසඳුම් සොයන්නද? සමහරු කියනවා පෙළපාලි යනවා කියලා රනිල් ගෙදර යන්න කියලා. කරුණාකරලා ඒක කරන්න එපා. මට යන්න ගෙයක් නැහැ. ඔගෝලලෝ ලෑස්තිනම් විශාල සෙනගක් ගේන්න මාස 06ක් ඇතුලත මගේ ගෙදර හදලා දෙන්න.

මගේ ගෙදර හදලා මම ගියායින් පස්සේ ගෙදර පහු කරලා යන්න රනිල් ගෙදර යන්න කියලා. නැත්නම් වැඩක් නැනේ ගෙදරක් නැති මිනිහට ගෙදර යන්න කියන එක. නිකන් කාලේ නාස්ති කරන එකක්නේ. ගම හදන්න, නැත්නම් මගේ ගෙදර හදන්න, ඒ දෙකින් එකක් කරන්න, රනිල් ගෙදර යන්න කියන්න එපා.

අපි ඉන්නේ පැරණි දේශපාලනයේ. අරයට ඇගිල්ල දික් කරනවා, මෙයාට ඇගිල්ල දික් කරනවා මේකෙන් උද්ධමනය අඩු වෙනවද, මේකෙන් දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනවද. අපිට දැන් මුදල් හොයන්න තියෙනවා ඉන්ධන ලබා ගන්න, මහ කන්නයට පොහොර ලබා ගන්න, මේවා නේද දේශපාලනය කියන්නේ, ඒවනේ අපි කරන්න ඕන.

මම අගමැති වෙලා මුදල් ඇමති වුණාට පස්සේ අයි.එම්.එෆ්. සංවිධානය සමග සාකච්ඡා කළා. අපි ඒ සාකච්ඡා මගින් විසඳුම් ගණනාවක් හොයාගෙන ආවා. මගේ පරමාර්ථය වුණේ ජූලි මාසයේ දී එකඟතාවකට ඇවිල්ලා අගෝස්තු පළමු සතියේ අයි.එම්.එෆ්. මණ්ඩලයෙන් අනුමත කර ගන්න. ඒත් ජනවාරි 09 ඉදන් අද වෙනකන් මුකුත් තිබුණේ නැහැ. දැන් ඒක කල් යනවා අගෝස්තු මාසයේ අන්තිමට. එතකොට අපිට අනුමත කරන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ විතර. මේ එකඟත්වය නැතිව කවුරුත් මුදල් දෙන්නේ නැහැ. අපි තවත් මේ දේශපාලනයේ යනවද, අපි තවත් මේ දේශපාලනයේ ඉන්නවද, අපි අලුතින් හිතනවද?

මේ තරුණයෝ ඉස්සෙල්ලා අරගල භූමියට ආවේ මේ රටේ ප්‍රතිසංස්කරණ වුවමනායි කියලා. ඒ ගැන මට කිසිම විවාදයක් නැහැ. ඒක වෙනත් අය අරගෙන ප්‍රචණ්ඩත්වයට යොමු කළා.

අපි කොහොමද අපේ ගම්මාන දියුණු කරන්නේ. අයි.එම්.එෆ්. එක්ක අපි ගිවිසුමක් ඇති කරගත්තා. එහෙන් සල්ලි ගත්තහම හිතන්න එපා ප්‍රශ්නය ඉවරයි කියලා. අපේ ණය බර තව වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ, වැඩි වැඩියෙන් විදේශ විනමය ඕනෑ. අලුත් මාවත් ඕන, අපේ කෘෂිකර්මයේ නවීකරණයක් ඕනෑ. අපි මේ දිහා බලලා වැඩ කරනවාද, නැත්නම් සටන් පාඨ කියනවද, මෙතන ඉන්න පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ ගැන හිතලා තීරණය කරන්න ඕනෑ.

මොකද අපි මේ අභියෝගය භාරගත්තේ නැත්නම් මේ රට නැති වෙනවා. ඊළග පරම්පරාව අපිට සාප කරනවා. අපි වැටෙනවද, නැගිටිනවද කියන එක අද අපිට තිබෙන අභියෝගයයි. අපි මේක භාරගෙන අලුත් ලංකාවක් හදනවද, ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරනවද, කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරනවද, අපි අපනයනයට බර වෙන ආර්ථිකයක් ඇති කරනවද?

දැන් තිබෙන ආර්ථිකය ඇති කළේ 1977 ජේ. ආර් ජයවර්ධන මැතිතුමා. මම ඒකේ කොටස් කාරයෙක්. ඒ ආර්ථිකයේ කාලය දැන් ඉවරයි. විශේෂයෙන් මේ සිද්ධි එක්ක ආර්ථිකය කඩා වැටිලා තිබෙන්නේ. අපි එතනට යන්න බැහැ. ඊට ඉස්සෙල්ලා තිබ්බ බ්‍රිතාන්‍ය යුගයට යන්න බැහැ. මහනුවර යුගයට යන්නත් බැහැ. අපි අලුතින් හිතලා ඉස්සරහට යන්න ඕන.

අපේ ගම්මාන නවීකරණය කරන්න ඕන. අපිට තාම ඩිජිටල් ආර්ථිකයක් නැහැ. අපි අලුතින් හිතන්න ඕන. ඒ වගකීමයි අපි භාරගන්න ඕන. ඒක අපි බෙදිලා කරනවද, එකතුවෙලා ඒ පණිවිඩය දෙනවද, වෙන අයට ඇවිල්ලා බෙදන්න ඉඩ දෙනවාද?

අපේ පළමු යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කිරීම, කොයි පක්ෂයේ වුණත්. මම කිසි දවසක ගෙවල් පුච්චන, ගිනි තියන වැඩවලට එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට ඒ නිසා අපේ මිත්‍රකම් නැති කරගන්න වුවමනා නැහැ. අපි අලුතින් හිතලා, අලුතින් ඉදිරියට යන්න ඕන. ඒ පණිවිඩය ගමට ගෙනියන්න ඕන. අද ගම හිස්. පොදුජන පෙරමුණෙන් වුණත්, එක්සත් ජාතික පක්ෂයෙන් වුණත් නිශ්ශබ්ද වෙලයි ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන්නේ ආණ්ඩු බලය අපේ අතේනේ. අපි එකතුවෙලා මේ පණිවිඩය දෙමු.

මම ඒකයි හැම පක්ෂ නායකයෙකුටම ආරාධනා කළේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. එය රටේ ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය. එය සියලුදෙනා පිළිගන්නා දෙයක්. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ. කොළඹ සමහර අය වාද කරයි, ඒත් ගමේ ඒක නැහැ. ගමේ පන්සලට, පාසලට යන්න මොකක්ද කියන්නේ? ඇයි අපි ඒ පණිවිඩය දෙන්නේ නැත්තේ. මේකයි සිදු වුණේ අපි දැන් එකතුවෙන්න ඕන කියලා ඇයි කියන්නේ නැත්තේ?

ඔබ සියලුදෙනාම පසුගිය මැයි 09 ඉදලා විදපු දුක මම දන්නවා. සමහරුන්ගේ ගෙවල් නැති වුණා. සමහරුන්ට ගමෙන් යන්න වුණා, විශාල තර්ජන තිබුණා. ඔබ සියලුදෙනා මරලා දානවා කිව්වා. ඒ කාලය දැන් ඉවරයි.
අපි බලමු එකට එකතු වෙන්න. අපි බලමු එකට රට වෙනුවෙන් වැඩ කරන්න. මම ඒකයි කියන්නේ. මෙතන එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ කණ්ඩායම් දෙකම ඉන්නවා. ඒ ගැන කතා කරන්න. මම කැමතියි මම ආවහම මේ ශාලාවේ ඉතිරි කොටසත් පිරිලා තියෙනවට. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්, කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන්, බැරිද මේ අයවත් අරන් එන්න.
මේක මේ එක්සත් ජාතික පක්ෂයටයි, පොදුජන පෙරමුණටයි සීමා කරන්න වැඩක් නැහැ. ඡන්දයට වෙනම එන්න ඕනනම් ඒක වෙනම එකක්. ඒක පස්සේ කතා කරමු. අද ගමේ ඉන්නවා කන්න නැති අය, රැකියා නැති අය, ඒ ගැන හොයලා බලමු. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා, ඒ ගැන අලුත ක්‍රමවේදයක් අපි ඊළඟ සති දෙක තුළදී දැනුම් දෙනවා කියලා මම කියන්න කැමතියි.

මම යෝජනා කරන්නේ මහනුවර මන්ත්‍රීතුමන්ලා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතවරු සියලුදෙනා ප්‍රාදේශීය සභාවට ගිහින් කතා කරන්න. මේ පණිවිඩය දෙන්න, රටට කියන්න. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕන කියලා විශාල බලවේගයක් අපි හදමු. ඒක කරන්න ලේසිනේ, අපි නිහඩ වෙලා හිටියා දැන් ඇති.

දැන් කතාකරන්න පටන් ගන්න. රටේ ප්‍රශ්න ජනතාවට කියමු, මේකයි තියෙන ප්‍රශ්නේ. අපි මේ ක්‍රියා කරන්නේ මේ ප්‍රශ්න විසදලා දෙන්න. තෙල් පෝලිම් නැති කරන්න. පොහොර ලබා දෙන්න, ගමේ තියෙන ප්‍රශ්න අපිට කියන්න. ඒ නිසා විශේෂයෙන් මහනුවර ඉන්න මේ මන්ත්‍රීතුමන්ලාගෙන් ඒ ඉල්ලීම මම කරනවා. මේක මේ පක්ෂ දෙකකට සීමා කරන්න එපා. ඕන කෙනෙක්ට එන්න දෙන්න. ඒ බලවේගය වැඩි කරගන්න. එතකොට වඩා බලවත් හඩක් මෙතනට එනවා. රටේ සාමාන්‍ය ජනතාවගේ හඩ එනවා. තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්න, තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසඳන්න ඔවුන්ට හොඳ අනාගතයක් ගොඩනගන්න කණ්ඩායමක් විදියට මේ පොදු පණිවිඩය දිලා අපි ක්‍රියාත්මක කරමු කියලා මම කියනවා”
උපුටාගැනීම Wajira Abeywardena පිටුවෙන්

27/07/2022
2017 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,=========================== #රන්ජන් රාමනායක :- මොකටද අගමැතිතුමනි අපි වගේ රටකට රසායනික න්‍ය...
15/07/2021

2017 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
===========================
#රන්ජන් රාමනායක :- මොකටද අගමැතිතුමනි අපි වගේ රටකට රසායනික න්‍යෂ්ටික ජීවවිද්‍යාත්මක විකර්ණශීලී ප්‍රතිචාර බලඝනයක් ? අපි පුංචි රටක්.
#අගමැති රනිල් වික්‍රමසිංහ: - රන්ජන්, අනාගතේ විසදුම් සොයන්න බැරි අර්බුද රැසකට ලෝකයටම මුහුණ දෙන්න වෙනවා. බොහෝ විට චීනය එහි ආරම්භකයා විය හැකියි. අපිට පුලුවන් විදිහට අපිත් ඒකට සූදානම් වෙන්න ඕනි. (2017 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව - විශ්වාස නැති කෙනෙකුට හොයල කියවන්න පුලුවන්)
ඒ 2017 වර්ෂයේදී ගරු රනිල් වික්‍රමසිංහයන් විසින් ශ්‍රීලංකා පාර්ලිමේන්තුව අමතා කල ප්‍රකාශයයි
එදා ඔහු එලෙස ආරම්භ කල ශ්‍රී ලංකා යුධ හමුදාවේ CBRN බලඝණය අද කොරෝනා මර්ධනයේ අතිවිශාලම රාජකාරී කොටස ඉටුකරමින් පවතී.
ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකාව මෙවැනි භයානක වසංගතයකට මුහුණ දුන්නනොත් ගිලන්රථ නොමැතිව මිනිසුන් ගෙයක් ගෙයක් පුරා ගමක් ගමක් පුරා නිවෙස් තුල මරණයට පත් වීම වළක්වාලීමට "සුවසැරිය" ගිලන් රථ සේවය ආරම්භ කරනවා.
ඔහු අගමැතිවන විට මෙරට පැවති රාජ්‍ය ඔසුසල් සංඛ්‍යාව 29 කි. ඔහු විසින් එය 60ක් දක්වා වර්ධනය කරනවා. අද රට පුරා ඖෂධ බෙදා හරින්නෙ එම ඔසුහල් හරහායි.
එමෙන්ම සුද්දාගේ කාලයේ සාදවා තිබූ අංගොඩ උණ රෝහල අත්‍යවශ්‍ය නොවන බැවින් රනිල් වික්‍රමසිංහයන් විසින් එයට සියලූම පහසුකම් සපුරා වසර 2017 ඔක්තෝම්බර් 08 වෙනිදා එය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) ලෙස නම්කර විවෘත කරන ලද්දේ අනාගතයේදී මෙවැනි අති භයානක වසංගත රෝග තත්වයන්ට මුහුණදීම සදහායි.
ඉන් නොනැවතුන ඔහු එවැනි තත්වයකදි රටේ සිසුන්ගේ අධ්‍යාපනය ඇණහිටීම නවත්වාලීමට විශ්ව විද්‍යාල සිසුනට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට ණයක් ලබා දෙනවා.
පාසැල් සිසුනට නොමිලේ ටැබ් බෙදා දීමට ගත් දැඩි උත්සහයට විවිධ විවේචන කුහක විපක්ෂයෙන් එල්ල වීම නිසා එය අතරමග නවතිනවා. එදා ඒ දේ කලානම් අද පාසල් සිසුන් e learning ක්‍රමවේදය හරහා ගෙදර සිට ඉගෙන ගන්නවා (ඉතාලිය ඇතුලු දියුණු රටවල අද මෙය ක්‍රියාත්මකයි.)
රටකට අවශ්‍ය වන්නේ මෙවැනි දූරදර්ශී නායකත්වයක් නොවේද ? අද ඔහුට ජනතා විරෝදය හමුවේ නිහඩවී සිටීමට සිදුව ඇත. නමුත් අදටත් ඉතිරිව ඇත්තේ ඔහු කල දෙයක්ම පමණි. ඔහු විසින් එදා මේ දේවල් නොකලානම් අද සිටින පාලකයින්ට කිරීමට ඉතිරිව ඇත්තේ ජනතාව මිය යනතෙක් උඩ බලා සිටීම පමණක් නොවේද.
යම් දවසක මේ රටේ මිනිසුන්ට රනිල් වික්‍රමසිංහ නම් ඒ දුර දෘෂ්ටිවාදී මානව හිතවාදියාගේ අගය වැටහෙනු ඇත. එවිට ඔහු සිටීද නොසිටීද යන්න අපි නොදනිමු. කෙසේ වුවද අඩබෙර මාධ්‍ය සංදර්ශණ වලින් තොරව ඔහු විසින් සිදුකල නිහඩ සේවයට,
ගරු රනිල් වික්‍රමසිංහයන්ට මෙය උපහාරයක් ම වේවා..!!
- උපුටා ගැනීමකි -

පානදුර නගර සභාවට හා පානදුර ප්‍රාදේශීය සභාවට නවක මන්ත්‍රීවරු ලෙස Harsha Mihirani Ranasinghe & Mahesh Pieris යන මන්ත්‍රිවර...
12/07/2021

පානදුර නගර සභාවට හා පානදුර ප්‍රාදේශීය සභාවට නවක මන්ත්‍රීවරු ලෙස Harsha Mihirani Ranasinghe & Mahesh Pieris යන මන්ත්‍රිවරුන් පානදුර එක්සත් ජාතික පක්ෂ සංවිධායක , පානදුර නගරාධිපති ගරු නන්දන ගුණතිලක මහතා ඉදිරියේදී අද සුබ මොහොතින් දිවුරුම් දෙන ලදී. .
ඔබ දෙපලට පානදුර ජනතාව හා පක්ෂය වෙනුවෙන් වගකීම් ඉටුකරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා සුභ පතන්නෙමු .
United National Party National Youth Front - United National Party 💚✌️

පෙරලියක පෙර නිමිති ✊👊🙌
12/07/2021

පෙරලියක පෙර නිමිති ✊👊🙌

ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුවක් සඳහා කළුතරෙන් තෝරමු  #නන්දන_ගූණතිලක 💚🐘   #අංක10 ❌   #පානදුර  #බණ්ඩාරගම  #කළුතර  #එජාප
20/07/2020

ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුවක් සඳහා කළුතරෙන් තෝරමු
#නන්දන_ගූණතිලක 💚🐘 #අංක10 ❌ #පානදුර #බණ්ඩාරගම #කළුතර #එජාප

පිරිසිදු දේශපාලනයේ කළුතර සළකුණ  #නන්දන_ගුණතිලක ✌️💚  #අංක10  #කළුතර දිස්ත්‍රික්කය  #අංක10 ❌❌❌  #එක්සත්_ජාතික_පක්ෂය🐘🐘
19/07/2020

පිරිසිදු දේශපාලනයේ කළුතර සළකුණ
#නන්දන_ගුණතිලක ✌️💚 #අංක10 #කළුතර දිස්ත්‍රික්කය #අංක10 ❌❌❌ #එක්සත්_ජාතික_පක්ෂය🐘🐘

කළුගංතොටින් දියවන්නා තරණයට පත්කරමු  #පිරිසිදු ප්‍රතිපත්තියක් තිබෙන  #සරල මිනිහෙක්   #අංක10   #නන්දන_ගුණතිලක  🐘💚
17/07/2020

කළුගංතොටින් දියවන්නා තරණයට පත්කරමු #පිරිසිදු ප්‍රතිපත්තියක් තිබෙන #සරල මිනිහෙක් #අංක10 #නන්දන_ගුණතිලක 🐘💚

 #අංක10_නන්දන_ගුණතිලක  💚🐘
15/07/2020

#අංක10_නන්දන_ගුණතිලක 💚🐘

අත්දැකීම් බහුල නායකත්වය  💚🙏🐘යලිත් දියවන්නාවට ✊ 💪🙏
01/07/2020

අත්දැකීම් බහුල නායකත්වය 💚🙏🐘
යලිත් දියවන්නාවට ✊ 💪🙏

 #නන්දන_ගුණතිලක   #පාර්ලිමේන්තුවට_සුදුස්සා  🐘💚🙏 #අංක10
23/06/2020

#නන්දන_ගුණතිලක
#පාර්ලිමේන්තුවට_සුදුස්සා
🐘💚🙏 #අංක10

Address


Telephone

+94775654330

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share