
03/04/2023
› ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ
› ලංකාවේ ආර්ථීකය එහි ඉතිහාසය ඇතුළත මුහුණ දුන් දරුණුතම පසුබෑම හමුවේ පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජනතාවට පීඩාකාරී ප්‍රතිසංස්කරණමාලාවක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සිදු විය. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ස`දහා අනුමත කරනු ලැබූ ඩොලර් බිලියන 2.9 ක වටිනාකමකින් යුත් විස්තීරණ අරමුදල් ණය පහසුකමට අදාළව එම ආයතනයේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීම පිණිසය. මේ ප්‍රතිසංස්කරණ කි්‍රයාදාමය පසුපස සිටි ප්‍රබල චරිතයක් වූයේ › ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාය. පොලි අනුපාතිකය ඉහළට ගෙන ඒම ඉල්¨ම කළමනාකරණය කිරීම ආදී මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ සමාජයේ දැඩි කතාබහට තුඩු දුන් ඒවාද විය. මේ සිය¨ කාරණා පිළිබ`දව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉරිදා ලංකාදීපය වෙත ලබාදුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවක් මෙසේය.
2022 වසරේ සැප්තැම්බර් පළමුවැනිදා විස්තීරණ ණය පහසුකමට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ එක`ගතාව ලැබුණු පසු ගෙවුණු මාස 6 ක කාලයේදී › ලංකාව ඉතා දැඩි ප්‍රතිසංස්කරණ මාවතකට අවතීර්ණ වුණා. එයින් රටේ බහුතරයක් ජනතාවකට දැඩී පීඩා එල්ල වුණා. ඒ ප්‍රතිසංස්කරණ අවධිය දැන් අවසන්ද?
මේක දිගු කාලීන ප්‍රතිසංස්කරණවල ආරම්භයක් පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අදාළ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමට පෙර කෙටි කාලීන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපි එක`ග වුණා. ඒවා තමයි මේ වෙන කොට කරලා ඉවර වෙලා තියෙන්නෙ. රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාතිකය නියමිත ආකාරයට සකස් කිරීම, විදුලිය, ඉන්ධන සහ ගෑස්වලිට පිරිවැය ආවරණය වෙන විදියට මිල ගණන් සංශෝධනය කිරීම වැනි දේවල් ඒ යටතේ සිදු කළා. මීළ`ග අවුරුදු හතර ස`දහා අප ක්‍රියාත්මක කිරීමට එක`ග වූ ඒ වැඩසටහන ඇතුළත මැදි හා දිගු කාලීන ප්‍රතිසංස්කරණ ගණනාවකුත් තියෙනවා. මුලින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ තමයි ජනතාවට දැඩි පීඩාවක් ගෙන දෙන ඒවා. ඒත් අපි දැන් ඒව කරලා ඉවරයි. ඉස්සරහට කරන්න තියෙන ප්‍රතිසංස්කරණ ආර්ථීක වර්ධනය වැඩි කර ගැනීමට සහ ජනතාව මත පතිත වී තිඛෙන අධික බර අඩු කර ගැනීමට අදාළ ඒවා.
ඉදිරියට කරන්න තියෙන ප්‍රතිසංස්කරණ ගැන යමක් කිව හැකිද?
ප්‍රධාන අංශ 5 කට අදාළ ප්‍රතිසංස්කරණ තමයි ඉදිරියේදි ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය එකම ආකාරයකට එකම දිශාවකට ක්‍රියාත්මක කිරීම එකක්. නිදසුනක් ලෙස දැනට සෘණ අගයක පවතින ප්‍රාථමික අයවැය හි`ගය ධන පැත්තට හරවන එක. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ස්ථාවරභාවය මීළ`ග වසර හතරක කාලයේදී පවත්වා ගත යුතුයි. අයවැය හි`ගය අඩුකරගනිමින් එකම දිශාවකට ගමන් කිරීම ඊළ`ග ප්‍රතිපත්තියයි. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මහ බැංකුවේ අපේක්ෂාව වන්නේ උද්ධමනය අඩු මට්ටමක පවත්වා ගෙන යෑම. ඒ අනුව විනිමය අනුපාතය වෙළෙ`දපොළ මත තීරණය වෙන උද්ධමනය පාලනය වෙන පොලී අනුපාතය නිදහසේ තීරණය කරන මහබැංකුව ස්වාධීන ආයතනයක් වශයෙන් කටයුතු කිරීම තමයි ඊළ`ග ප්‍රතිසංස්කරණය. අනෙක් ප්‍රතිසංස්කරණය තමයි රජය සතු සංස්ථා ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හරහා ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කර ජනතාවට ලබා දෙන සේවාවන් අඩු පිරිවැයකින් හා වැඩි කාර්යක්ෂමතාවකින් ලබා දීම.
ඒ යටතේ අපි දකිනවා රාජ්‍ය ව්‍යවසායයන්හි රජය සතු කොටස් පෞද්ගලීකරණය කිරීමට අදාළ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කරලා තියෙනවා. ලංකා හොස්පිටල්ස් ඇතුළු ලාබ ලබන ආයතන කිහිපයකුත් මේ යටතේ පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවට විවේචන ඉදිරිපත් වෙනවා. මේ ප්‍රවේශය පිළිගත හැකි එකක් ද?
මිල වැඩි කිරීම හරහා රජයේ ´නෑම ආයතනයක් ලාභ ලභන තතAතAවයට පත් කරන්න පුළුවන්. පසුගිය අවුරුදු ගණනාවකදීම රුපියල් බිලියන ගණනින් පාඩු ලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට ලාභ ලබන බව වාර්තා වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි ඒ ආයතනයෙන් ලබා දෙන සේවාවල මිල ගණන් වැඩි කිරීම. නමුත් මිල වැඩි කිරීම නිසා ඇති වෙන පීඩනය දරාගන්න වෙන්නෙ රටේ ජනතාවට. මිල වැඩි කිරීම හරහා ජනතාවට බරක් නොදී අඩු සේවක පිරිසකගෙන් සහ ඉහළ කාර්යක්ෂමතාවකින් ඒ ආයතනය කාර්යක්ෂම කිරීම හරහා ජනතාවට සේවා සැපයීම හො`ද ක්‍රියාමාර්ගයක් නෙවෙයිද. මේ අනුව පැහැදිලි වන්නේ ලාභ ලබන ආයතන හැර පාඩු ලබන ආයතන විතරයි පෞද්ගලීකරණය කළ යුත්තෙ කියන තර්කයෙහි කිසිම පදනමක් නැති බව.
ඔය ආයතනවල අකාර්යක්ෂමතාව ඇති වුණේ ඇයිද කියන කාරණාවලට ආමන්ත්‍රණය නොකර මේ දෙය කරන එක නිවැරැදිද?
මේ ආයතන බොහොමයක් අකාර්යක්ෂම වුණේ රජය විසින් ඒවා කරගෙන යෑම නිසා නෙවෙයිද? එහෙනම් ඊට වග කිව යුත්තේ ඒ ආයතන පාලනය කරපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිය¨ දෙනාම. වසර ගණනාවක් තිස්සෙ ඒ ආයතන කාර්යක්ෂම කරන්න ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට බැරි වුණා නම් ඉදිරියේදී ඒ දේ කරයි කියලා කොහොමද සහතික වෙන්නෙ. ඒ වගේම තමයි රජය සතු ව්‍යාපාරවල තරගකාරී බවක් තියෙන්නත් ´න.
ශ්‍රී ලංකාව මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගත් අවස්ථා 16 න් අවස්ථා විශාල ප්‍රමාණයකදී අපට මුළු ණය මුදල නොලැබුණේ එක`ග වූ ප්‍රතිසංස්කරණ වැඩසටහන් අප විසින් ක්‍රියාත්මක නොකළ නිසා. මෙවර එම ආයතනයේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් පසු මූල්‍ය අරමුදලේ ලංකාව භාර නියෝජිතයන් දෙනොගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවේදී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන මාස 6 කට වරක් සමාලෝචනය කරන බව පැවසුණා. මෙවරත් අප එක`ග වූ ප්‍රතිසංස්කරණ වැඩසටහන අතරමග නතර කළොත් මුළු ණය මුදල නොලැබීමේ අවදානම්සහගත තත්ත්වයක් තියෙනවද?
ඒක පැහැදිලියි. පහුගිය අවස්ථාවල වෙච්ච විදියටම මේ පාරත් ඒකම සිද්ධ වෙනවා. මාස හයෙන් හයට අප විසින් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ නොකළොත් ඉතිරි ණය වාරික මුදල් ලැඛෙන්නෙ නෑ. මේ අවුරුදු හතර ඇතුළත අප විසින් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදපු එකක් නෙවෙයි. ශ්‍රී ලංකා රජය හදපු ඒ වැඩසටහනට මූල්‍ය අරමුදල සහයෝගය ලබා දීමක් තමයි සිදු කරලා තියෙන්නෙ. ඒ සහයෝගය දෙන්නෙ ඒ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි කියන කොන්දේසිය මත.
ජාත්‍යන්තර මූලය අරමුදල ශ්‍රී ලංකාව ස`දහා අනුමත කළ විස්තීරණ අරමුදල් පහසුකම මෙරට අයවැය හි`ගය පියවීමටත් යොදා ගත හැකි පරිද්දෙන් නිදහස් කරලා තියෙනවා. මෙහෙම දෙයක් අතීතයේ සිදු වෙලා නෑ. මේ ගැන මොකද හිතෙන්නෙ? ඒ වගේම ඇතැම් ආර්ථීක විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නෙ එම ණය මුදල් අයවැය ප්‍රශ්නයට යෙදවීම හරහා නැවත වතාවක් දූෂණයට නාස්තියට මග විවර වෙන බව. ඔබ එවැනි දෙයක් දකිනවද?
මේක විශේෂ අවස්ථාවක්. විදේශ විනිමය අර්බුදයට අමතරව අපි රාජ්‍ය ණය අර්බුදයක ඉන්නෙ. රාජ්‍ය ණය අර්බුදයක් කියන්නෙ ණය ගෙවීමේ අපහසුතාවක් තියෙන අවස්ථාවක්. එවැනි අර්බුදයක ඉන්න අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණයක් ලබා දෙන පළවැනි අවස්ථාව මේක. මම හිතන්නෙ ඒක ඉතාමත් වැදගත් සහ ප්‍රයෝජනවත් දෙයක්. මේ මුදල් භාණ්ඩාගාරයට ලැබීම හරහා භාණ්ඩාගාරය විසින් රටේ මූල්‍ය වෙළෙ`දපොළෙන් සියයට 20 හෝ 25 පොලියට ණය ගන්නවා වෙනුවට මූල්‍ය අරමුලින් ලැඛෙන ණය මුදලේ රුපියල් වටිනාකම පාවිච්චි කරලා ගන්න ණය අඩු කරන්න පුළුවන්. ණය අර්බුදයට මේක සහනයක්. සමහරු කියනවා මේක තවත් ණයක් කියලා. මේක ණයක් තමයි. මේ විදියෙ ණය පහසුකමක් අපට නොලැබුණා නම් ගන්න වෙනනෙ භාණ්ගාර බිල්පත් නිකුත් කිරීම හරහා සියයට 20 ට වැඩි පොලී අනුපාතයක් යටතේ ණය. ඒකට සාපේක්ෂව දීර්ඝ කාලීන අඩු පොලී අනුපාතයක් සහිත ණයක් තමයි මූල්‍ය අරමුදලෙන් අපට ලැබිලා තියෙන්නෙ. රජයේ පොලී වියදම අඩු කර ගැනිමට ඒක ලොකු සහනයක්. මේ ණය මුදල අයවැය ප්‍රශ්නයට යෙදවීම හරහා දූෂණයට අවභාවිතයට ලක් විය හැකි බව කියන අයගෙන් මම අහන ප්‍රශ්නය තමයි ඇයි මේ මුදල විතරක් එහෙම අවභාවිත වෙනවා කියන්නෙ? රජය භාණ්ඩාගාර බිල්පත් හා බැ`දුම්කර නිකුත් කිරීම හරහා රටේ මූල්‍ය වෙළෙ`දපොළෙන් සතියකට රුපියල් බිලියන 120 ක් විතර ණය රැස් කරනවා. එහෙනම් ඒ ණයත් අවභාවිත වෙනවා කියලා කියනවද? රජය දේශීය හෝ විදේශීය මූලාශ්‍ර ඔස්සේ ගන්න ණය අවභාවිත නොකර වියදම් කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ කාර්යයක්. ඒ නිසාම තමයි මූල්‍ය අරමුදල සමග එක`ග වූ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ඇති කිරීම හා යහපාලනයක් ස්ථාපිත කිරීම ඇතුළු කරලා තියෙන්නෙ. පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව තමයි රජය සිය¨ වියදම් කරන්නෙ. භාණ්ඩාගාරය කරන වියදම්වලට පාර්ලිමේන්තුවට වග කියන්න ´න.
අපේ ආර්ථීක ගමන් මග දිහා ආපසු හැරී බැ¨වොත් පෙනෙන දෙයක් තමයි ණය ගැනීම මත ආර්ථීකය මෙහෙයවා ඇති විත්තිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ණය පහසුකම ස`දහා අනුමැතිය ලැබීම හරහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන හරහා තවත් ඩොලර් බිලියන 7 ක පමණ ණය ලබා ගැනීම රජයේ අපේක්ෂව වී තිඛෙනවා. අපට මේ විදියට අඛණ්ඩව ණය ගැනීම් හරහා පමණක් මේ ආර්ථීකය පවත්වා ගෙන යා හැකිද? නැතිනම් අප විදේශ විනිමය වැඩියෙන් උපයන ප්‍රවේශ දියුණු කළ යුතුද?
විශාල වශයෙන් ණය මත යැපුණෙ රජය. රට නෙවෙයි. මේ දෙක පටලවගෙන තියෙන්නෙ. රජයේ අයවැය හි`ගය මූල්‍යනය කිරීමට තමයි රජය විශාල වශයෙන් ණය ගත්තෙ. රටක් වශයෙන් ණය ගන්නවා කියන එකේ අදහස රජයත් ඇතුළුව ණය ගන්නවා කියන එක. රටක් වශයෙන් ගත්තහම රටේ විදේශ විනිමය ආදායම සහ වියදම අතර ලොකු පරතරයක් තියෙනවා. ඒක ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි රජය අයවැය හි`ගයක් පවත්වා ගෙන යෑම. ණය මත යැපෙන්නෙ නැති රජයක් සහ විදේශ විනිමය හි`ගයක් නොමැති රටක් කියන්නෙ දෙකක්. ණය ගැනීම නවත්තන්න නම් රජය පළමුව කළ යුත්තෙ අයවැය හි`ගය නැති කිරීම. ඒක කළත් අපි කලින් ගත් ණය ගෙවිය යුතුයි. ඒවා ගෙවන්න නම් අ¨තින් ණය ගත යුතුයි. එහෙම නැත්නම් ආදායම වියදමට වඩා වැඩි කරන්න ´න. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 ක් හා වියදම සියයට 20 මට්ටමක පවතින කොට හැම අවුරුද්දකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 ක ප්‍රමාණයක් ණයට ගන්න වෙනවා තියෙන ණයට අමතරව. එහෙම තත්ත්වයක සමහරු කියනවනෙ ණය ගැනීම එකපාරටම නතර කරන්න කියලා. 2020 දී රජය නිවේදනය කළා තවදුරටත් ණය ගන්නෙ නෑ කියලා. එහෙම කිව්වා හැටියෙම රට බංකොළොත් වෙන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා තමයි මේ විදියෙ අර්බුදයක් ඇති වුණේ. රාජ්‍ය ආදායම් වියදමට වඩා වැඩි කළොත් ඉදිරියේදී අපට ණය ගන්න එක නතර කරන්න පුළුවන්. ගත්ත ණය ගෙවන්න ක්‍රමයක් තියෙන්න එපැයි. ඒක තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා කරන්නෙ.
අයිඑම්එෆ් ණය ස`දහා අවසන් අනුමැතිය ලැබුණට පස්සෙ ජනාධිපතිවරයා කිව්වා රට දැන් බංකොළොත් නෑ කියලා. ඒ වගේම ඔබතුමා ප්‍රකාශ කළො ඩොලර් අර්බුදය අවසන් කියලා. තියෙන තත්ත්වයත් එක්ක එහෙම කියන්න පුළුවන්ද?
බංකොළොත් කියන එක අර්ථ නිරූපණය කරන විදියක් තියෙනවනෙ. අපේ ද්වීපාර්ශවික ණය හිමියන් සහතිකයක් ලබා දීලා තියෙනවා ණය ගෙවීම ස`දහා යම් සහනයක් ලබා දෙන බවට. ඒ අනුව ඉදිරියේදී අපට සහනදායී විදයට ඒ ණය ගෙවන්න පුළුවන් කියන සහතිකය එතන තියෙනවා. එයින් පෙන්නුම් කරන්නෙ ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක තිබුණු රට යළි ණය ගෙවිය හැකි තත්ත්වයට පත් වුණු බව. ජනාධිපතිතුමාගේ කතාවේ හරය ඒකයි.
මේ ණය පහසුකමෙහි පළමු වාරිකය විදියට ඩොලර් මිලියන 333 ක් රටට ලැබුණා. ඒකෙන් ඉන්දීය ණය වාරිකයකුත් පියවලා තියෙනවා. මේ ණය මුදල් යෙදවීමට අදාළ ප්‍රමුඛතා අනුපිළිවෙළක් රජයට තියෙනවද?
2023 අයවැය මගින් රජය වියදම් කළ යුතු ආකාරය අනුමත කරලා තියෙනවා. ඒක තමයි ප්‍රමුඛතාව. ඒකට අනුව මූලික ප්‍රමුඛතාව තියෙන්නෙ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට. ඊළ`ගට යම් කිසි ආකාරයකට ගෙවීමට තියෙන ණය පොලී ගෙවන්න. කළ යුතු අත්‍යවශ්‍යම දේවල් ටිකට තමයි ප්‍රමුඛතාව දෙන්නෙ. ණය ගෙවීමත් ප්‍රමුඛතාවක්. ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවල තිබුණට කල්පිරීමට නියමිත භාණ්ඩාගාර බිල්පත් ගෙවිය යුතුයි.
මීළ`ග අයිඑම්එෆ් වාරිකය ලැඛෙන දිනයක් සහ ලැඛෙන මුදල් ප්‍රමාණය ගැන ඔබට යමක් කිව හැකිද?
මේ වගේම මුදල් ප්‍රමාණයක් මාස හයෙන් හයටනෙ ලැඛෙන්නෙ. ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කළොත් මීළ`ග වාරිකය නිදහස් කරයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 දී ලංකාවේ ආර්ථීකය සියයට 7.8 කින් සංකෝචනය වෙලා තියෙනවා. ආර්ථීකය සංකෝචනය වන්නට ඉඩ හරිමින් ඉහළ පොලි අනුපාතිකයක් පවත්වා ගෙන යමින් උද්ධමනය පාලනය කිරීම ස`දහා › ලංකා මහ බැංකුව අනුගමනය කරන ප්‍රවේශය නිසා මේ විදියට ආර්ථීකය පසුබෑමකට ලක්වූ බව ඇතැම් ආර්ථීක විද්‍යාඥයන් පවසනවා. මේ සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
ඒක වැදගත් ප්‍රශ්නයක්. ආර්ථීක විද්‍යාව පිළිබ`දව මහාචාර්යවරු කියන ඇතැම් අය කරන මේ විහිළුව මම දැකලා තියෙනවා. ඒ අය කියනවා මහ බැංකුව ආර්ථීකය සංකෝචනය කළා කියලා. මහ බැංකවේ ප්‍රතිපත්තියෙන් තමයි ආර්ථීකය සංකෝචනය වීම අවම කරලා ආර්ථීකය කළමනාකරණය කළේ. අපි පොලි අනුපාතය වැඩි කරලා ඉල්¨ම කළමනාකරණය කරලා විදේශ විනිමය ප්‍රමාණය අත්‍යවශ්‍ය දේවල්වලට වියදම් කළේ නැත්නම් මේ රටේ ආර්ථීක සංකෝචනය සියයට 7.8 න් නතර වෙන්නෙ නෑ. ඒක සීයට 15 දක්වා වැඩි වෙලා රටේ කිසිම ආර්ථීක කටයුත්තක් කරගන්න බැරි තැනකට යන්න ඉඩ තිබුණා. අපි කරපු වැඩෙන් වුණේ ඒක අවම වුණු එක. ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මසෙ වෙන කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ පුරෝකථනය තිබුණෙ 2022 දී සියයට 8.7 කින් ආර්ථීකය සංකෝචනය වෙනවා කියලා. ඒත් ආර්ථීකය සංකෝචනය වුණේ 7.8 කින්. ලෝක බැංකුව කිව්වෙ සියයට 9.2 කින් සංකෝචනය වෙනවා කියලා. ආර්ථීකය සංකෝචනය වුණේ රටේ විදේශ විනිමය හි`ග වීම නිසා මිසක් අපි අනුගමනය කරපු ප්‍රතිපත්ති නිසා නෙවෙයි.
පොලී අනුපාත ඉහළ අගයක තබා ගැනීම හේතුවෙන් රටේ ව්‍යාපාරවලට දැඩි බලපෑම් එල්ල වුණා කියලා හිතෙන්නෙ නැද්ද?
අපි හිතමු පොලී අනුපාත වැඩි කළේ නෑ කියලා. එතකොට ව්‍යාපාර කඩන් වැටෙන්නෙ නැද්ද? එහෙම වුණා නම් අඩු පොලියට දේශීය බැංකුවලින් ණය ගන්න පුළුවන් වෙයි. ඒත් ව්‍යාපාර කරන්න විදේශ විනිමය කොහෙන්ද ලැඛෙන්නෙ.
පොලි අනුපාත ඉහළ නැංවීමෙන් මොකක්ද අපේක්ෂා කළේ?
පොලි අනුපාත වැඩි කිරීමෙන් කළේ විදේශ විනිමය ස`දහා මාසිකව තිබුණ ඉල්¨ම ඩොලර් බිලියන 2 ඉ`දලා 1.3 දක්වා අඩු කරපු එක. ඒ නිසා තමයි රට නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ. එහෙම නොකරා නම් කිසි කෙනෙක්ට ආර්ථීක කටයුතු කරගෙන යන්න ලැඛෙන්නෙ නෑ. ලංකාව ලෙබනනය, සිම්බාබ්වේ තත්ත්වයට පත් වෙන්න ඉඩ තිබුණා. ඇතැම් ව්‍යාපාර පවත්වා ගෙන යන්න බැරි වුණේ පොලි අනුපාත වැඩි කිරීම නිසා නෙවෙයි උද්ධමනය ඉහළ මට්ටමක පැවති නිසා. එතකොට වෙන්නෙ නිෂ්පාදන වියදම වැඩි වෙන එක. ඒ කර්මාන්ත පවත්වා ගෙන යන්න නම් නිෂ්පාදනවල මිල ගණන් වැඩි කිරීමට සිද්ධ වෙනවා. එහෙම කරපු හැටියෙම ඉල්¨ම අඩු වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාර සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන්න නම් උද්ධමනය පාලනය කළ යුතුයි. ඒක කළ හැකි එකම ආකාරය තමයි පොලි අනුපාත ඉහළ නැංවීම. දැන් මිල ස්ථාවර මට්ටමක තියෙනවා. මේක ආර්ථීක අර්බුදයක් නිසා කොහොමත් ඇතැම් කර්මාන්තවලට පාඩු වි`දින්න සිද්ධ වෙනවා. ඒක වෙන්නෙ රටේ ඉල්¨ම නැති නිසා.
උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව අනුගමනය කරන ප්‍රවේශය ඔස්සේ මේ අවුරුද්දෙ අග වෙන කොට උද්ධමනය තනි ඉලක්කමේ අගයට ගේන්න පුළුවන් වෙයිද?
අනිවාර්යයෙන්ම. ඒක අපි හැම තැනම කියලා තියෙනවා. මේ අවුරුද්දෙ අග වෙද්දි අපි උද්ධමනය සියයට 5 මට්ටමට ගේනවා. ඒක තමයි රටට තියෙන පළවැනි අවශ්‍යතාව. ඒක නොකර මේ රට ගොඩගන්න බෑ.
ද්වීපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා කොපමණ මුදලක් නොගෙවා සිටීමට හැකිවෙතැයි රජය කල්පනා කරනවද?
ඒක මුදල් වශයෙන් හරියටම කියන්න අමාරුයි. අපි තවම සාකච්ඡා කරගෙන යනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට ඒක ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙනවා. ණය තිරසරභාවය ඇති කිරීම ස`දහා දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 120 ත් 125 ත් අතර මට්ටමක තියෙන ණය ප්‍රමාණය සීයට 95 දක්වා අවුරුදු 10 ක් ඇතුළත අඩු කරන්න ´න.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව චීනයේ එක්සිම් බැංකුව ලබා දුන් සහතික ලිපිය අනුව වසර දෙකක කාලකයට පමණක් එකී සහනය ලබා දී ඇති බව මාධ්‍ය වාර්තා පළ වුණා. ඒවා නිවැරැදි නම් 2024 මුල සිට චීනයට ගෙවිය යුතු ණය පොලි වාරික අප විසින් යළි ගෙවීම ආරම්භ කළ යුතුයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයිද?
එහෙම එකක් කිව්වෙ නෑ. මම හිතන්නෙ ඒක වැරැදි වාර්තාවක්. ජාත්‍යනතර මූල්‍ය අරමුදල පිළිගත් ආකාරයට ණය ප්‍රතිව්‍යහුගතකරණයට චීනය සහයෝගය දෙන බව තමයි ඒ ලිපියෙ තියෙන්නෙ. 2023 අවසන් වෙනකන් ණය ගෙවීම අවශ්‍ය වෙන්නෙ නෑ. ඉතිරි මාස 6 ක කාලය ඇතුළත අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන නිසා අපට අවුරුදු දෙකක් අවශ්‍ය වෙන්නෙත් නෑ.
සමස්ත විදේශීය ණයවලින් සියයට 38 ක් පමණ වෙන ජාත්‍යන්තර ෙසේවරීත්ව බැ`දුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙනුත් වැඩපිළිවෙළක් තියෙනවද?
ද්වීපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණයට සමාන්තරව ඒ සාකච්ඡාත් සිදු වෙනවා. ඉදිරි මාස කිහිපය ඇතුළත හැකිතරම් ඉක්මනින් ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිඛෙන මහ බැංකු පනත් කෙටුම්පත අනුව මහ බැංකුවේ අධිපතිවරයාත් නියෝජ්‍ය අධිපතිවරයෙකුත් සහ පාලක මණ්ඩලයේ සාමාජික ධුර ස`දහා සුදුස්සන් පත් කිරීමේදී මුදල් අමාත්‍යවරයා ඒ තනතුරු වෙනුවෙන් යෝජනා කරන නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ යුතු බව දැක්වෙනවා. මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය පුද්ගලයන් මේ තනතුරුවලට පත් කිරීමේ හැකියාවක් මෙමගින් නිර්මාණය වෙන බවට ඇතැමුන් චෝදනා කරනවා. ඔබ මේ තත්ත්වය දකින්නෙ කොහොමද?
මීට කලිනුත් මහ බැංකු අධිපතිවරයා පත් කරන්නෙ මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින්. නමුත් මේ අ¨ත් පනත් කෙටුම්පත අනුව මුදල් ඇමතිවරයාගේ නිර්දේශය සහිතව පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කැමැත්ත මත ඒ අයව පත් කළ යුතුයි. අ¨ත් පනත් කෙටුම්පතෙන් පත් කරන ක්‍රමවේදය ශක්තිමත් කරලා තියෙන්නෙ. පත් කළාට පසු ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව මේ පනතෙන් ශක්තිමත් කරලා තියෙනවා.
2018 කාලයේත් මේ ආකාරයේ පනත් කෙටුම්පතක් ඔබතුමාගේ මූලිකත්වයෙන් සකස් කළා. ඒකෙ හරයයි මේ පනත් කෙටුම්පතේ හරයයි සමානද? මහ බැංකුවේ ස්වාධීනත්වය ස`දහා මේ නව පනත් කෙටුම්පතෙන් ඇති කරලා තියෙන විධිවිධාන ගැන සෑහීමට පත් විය හැකිද?
ඒකයි මේකයි අතර ලොකු වෙනසක් නෑ. ඒ වේලාවේ රටට සහ ජනතාවට දැනුණෙ නෑ මහ බැංකුව ස්වාධීනව ක්‍රියාත්මක වීමේ වැදගත්කම. ඒ නිසා තමයි අපිට ඒක ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කරන්න බැරි වුණේ. ඒත් පහුගිය 2020 සහ 2021 කාලවල මහ බැංකුවේ කටයුතුවලට ආණ්ඩුවේ බලපෑම් එල්ල වූ නිසා තමයි අද අපි මේ වගේ අර්බුදයක ඉන්නෙ. ඒක මම හැමතැනම කියලා තියෙනවා. වැඩිපුර මුදල් අච්චු ගැසීම, පොලී අනුපාත අවම මට්ටමක පවත්වා ගෙන යෑම, විනිමය අනුපාතය පාලනය කිරීම ආදී සියල්ල එවකට සිටි මහ බැංකු පරිපාලනය සිදු කළේ ආණ්ඩුවේ බලපෑම මත.
පහුගිය කාලේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් විටින් විට සාකච්ඡා වුණා. එවැනි සූදානමක් තියෙනවද?
අපි මුලින්ම බලන්නෙ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණයවල තිරසරභාවය ඇති කර ගන්නා ආකාරය ගැන අපේ ණය හිමියන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඊළ`ග පියවර අපි ලබන මාසයේ නිවේදනය කරනවා. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහතික කරන එක මහ බැංකවේ ප්‍රධාන වගකීමක්. ඒකට යටත්ව තමයි කරන හැමදෙයක්ම කරන්නෙ.
අයිඑම්එෆ් විවේචකයන් කියන කාරණයක් තමයි ඒ ආයතනයෙන් ණය අරගෙන ගොඩ ගිය කිසිම රටක් නැති බවත් රටවල් තවත් බංකොළොත් කරන එක පමණක් එයින් සිදු වෙන බවත්. මේ විවේචනයට ඔබ දෙන පිළිතුර මොකක්ද?
එහෙම කියන අයට මම කියනවා ඒ රටවල් මොනවද කියලා කියන්න කියලා. සමහරු කියනවා ග්‍රීසිය ප්‍රාපතයට වැටුණේ අයිඑම්එෆ් ණය නිසා කියලා. ඒත් අද වෙන කොට ග්‍රීසිය යථා තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ. මම දැක්කා කියලා තිබුණා ග්‍රීසිය දෙවන වතාවටත් අයිඑම්එෆ් යනවට විරුද්ධව එරටේ මුදල් ඇමතිවරයා ඉල්ලා අස්වූ බව. මෙහෙත් එහෙමනෙ. අයිඑම්එෆ් යන්න ´න නෑ කියලා කියපු හිටපු මහ බැංකු අධිපතිවරයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ අයිඑම්එෆ් ණය ඉල්¨මට අදාළ ලිපියට මාර්තු 18 අස්සන් කළේ. කරගන්න බැරුව දාලා ගියාට පස්සෙ මේකට නොගියා නම් හො`දයි කියලා ඒ අයට කියන්න පුළුවන්.
සාමාජික රටවල් ආර්ථීකමය වශයෙන් කඩා වැටුණම ඒ රටවල් තමයි අයිඑම්එෆ් එකට ගිහින් කියන්නෙ අපිට ගොඩ එන්න උදව් කරන්න කියලා. එහෙම නැතුව අයිඑම්එෆ් එක රටවල්වලට බලෙන් ඇවිත් උදව් කරන්නෙ නෑ. ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, දකුණු කොරියාව යන රටවල් 1990 දශකයේ අයිඑම්එෆ් එකට ගිහින් ණය මුදල් අරගෙන ඔවුන්ගේ ශක්තියෙන් ආර්ථීකයන් දියුණු කර ගත්තා. ඒ නිසා ඒ රටවල් නැවත වතාවක් මූල්‍ය අරමුදලට ණය ගන්න ගියේ නෑ. නමුත් › ලංකාව මූල්‍ය අරමුදල සමග මීට පෙර අවස්ථාවල එක`ග වූ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක නොකළ නිසා අපිටම ඒ ආයතනයට ගිහින් ණය ඉල්ලන්න සිද්ධ වුණා. මේ සැරේත් ඒ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක නොකළොත් 18 වැනි වතාවටත් අපිට අයිඑම්එෆ් ණය ගන්න සිද්ධ වෙයි.
මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් දිනෙක පවසා තිබුණේ මේ ණය වැඩසටහන අවුරුදු 4 කින් අවසන් වූ පසු අපට තවත් අයිඑම්එෆ් ණය වැඩසටහනකට යන්න වෙයි කියලා. ඒ ගැන යමක් කිව හැකිද?
මේක දීර්ඝ කාලීන වැඩසටහනක්නෙ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන එන්න තියෙන්නෙ අවුරුදු 10 ක එකක්. මේ අවුරුදු හතරේ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගියොත් අවුරුදු 10 ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට ගෙනි යන්න අපිට මූල්‍ය අරමුදලෙන් තවත් අවුරුදු 4 කට සහයෝගය ඉල්ලා සිටින්න පුළුවන්. ඒක අපේ අවශ්‍යතාව.
ප්‍රශ්නය ඔබතුමාට පුරෝකථනය කරන්න පුළුවන්ද මේ ආර්ථීක අර්බුදයෙන් ගොඩ එන්න අපට තව වසර කීයක් ගතවෙයිද කියලා?
මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් ඉතා ඉක්මනින් ගොඩ එන්න පුළුවන්. මේ තියෙන ප්‍රශ්න නිසා මේ අවුරුද්දෙ ආර්ථීකය වර්ධනය වෙන එකක් නෑ. ඒත් ලබන වසරේ වර්ධනය වෙනවා. අපිට ආර්ථීකය සියයට 3 කින් නැතුව සියයට 5 කින් වර්ධනය කරගන්න පුළුවන් නම් අවුරුදු දහයක් යන එක 5 න් කරන්න පුළුවන්. එතකොට අපිට ආයෙ අයිඑම්එෆ් යන්න ´න වෙන්නෙ නෑ.
සාකච්ඡා කළේ උපුල් වික්‍රමසිංහ
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි