Galle Roxz - ගාල්ලේ වැඩර්ලා

  • Home
  • Galle Roxz - ගාල්ලේ වැඩර්ලා

Galle Roxz - ගාල්ලේ වැඩර්ලා http://news.galleguide.com/ Dear subscriber, please click on the 'subscribe via SMS' button to receive free news.

Good Luck Boys!
11/09/2025

Good Luck Boys!

23/08/2025

Hateful Nation!
Go On!!!

හික්කඩුව, කහව සහ අම්බලන්ගොඩ අද රාත්‍රියේ දිස්වූ ආකාරය…යසයි දුම්රිය දෙපාර්තමේන්තුව යසයි!!!
19/06/2025

හික්කඩුව, කහව සහ අම්බලන්ගොඩ අද රාත්‍රියේ දිස්වූ ආකාරය…

යසයි දුම්රිය දෙපාර්තමේන්තුව යසයි!!!

🛤️ දුම්රිය ගමනක්ද, දුක්ගමනක්ද? - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලකලංචිය 😬😬😬🚉 අවුරුදු අස්පගානක් හද්දා පරණ දුම්රිය එන්ජින් කිහි...
06/06/2025

🛤️ දුම්රිය ගමනක්ද, දුක්ගමනක්ද? - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලකලංචිය 😬😬😬

🚉 අවුරුදු අස්පගානක් හද්දා පරණ දුම්රිය එන්ජින් කිහිපයක්ත්, ට්‍රැක් පැනපු ලදරන් ට්‍රැක් දෙකක්ත්, ගෙදර ගෑනිට හෙම්බිරිස්සාවක් හැදුනත් strike කරන ලොන්ත සේවකයො ටිකකුත් තියාගෙන උදේ හවස නිමක් නොමැතිව හැමි*න සිරි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව.

🌀 පොඩ්ඩක් ගහුවම signal පද්ධතියට නිව්මෝනියාව. එක ලයින් එකේ දෙපැත්තටම කෝච්චි යනවා.. මහලොකු ඇල්ගොරිතම් ලියාගෙන දඟලන්නෙ. ගේට්ටු මුරකරන්න දාල සුවර් නැති හින්ද 21 වෙනි සියවසේ තාක්ෂණේ එළ!

🚰 කෝච්චිය එනකම් ස්ටේසමේ ඉදගෙන ඉන්න තියෙන්නෙත් මලකඩ බංකු හරි කපුටො ජරාකරපු සිමෙන්ති ලෑලි හරි පුටු 10ක් විතරයි. ස්ටේසමේ වහලෙ හිල්වෙලා.. උදේ පාන්දර කරුවලයි ලයිට් එකක් නෑ…. ටැප් තියනවා වතුර ලීක් , සින්ක් කලුපාටයි බලන්න අප්පිරියයි. උඩබලාගෙන ගියොත් කකුල පැටලිලා වැටෙන platformඑකකුත් තියනවා…

🚂 පොඩ්ඩක් වැස්සොත් කෝච්චි ඇතුලෙ යන්න බැහැ. ඒ වගේ දවස් වලට ගෙදර ගිහින් නානන් ඕන නෑ.. ජනෙල් තියනවා බාගයක් අරින්න බෑ. ඇරියොත් වහන්න බෑ… ජනෙල් පල්ලෙහට වැටෙනවට එල්ලන්න කටුගහල රෙදිකෑලිවලිනුයි සොපින් බෑග්බලිනුයි ගැටගහල… හුඩ් රැක් මලකඩ කාල බෑග් දැම්මම බහිද්දි බෑග්වල මලකඩ පිහින්න ඕන. සීට්වල කුෂන් කැඩිල, හිටගෙන යන එකාගෙ අත, කැඩිච්ච සීට්වල තැවරුනාම ඒවයි ඉන්න මකුනොයි ලේබොය්යොයි කනවා..

🚾 Fans 500ක් විතර තියනව දෙකයි වැඩකරන්නෙ. ඒවත් එක් කෙනෙක් ඇවිල්ල පොල්ලකින් ගැහුවම තමා start වෙන්නේ. කෝච්චිය හැදුවත් හරි ඇතුල අතුගාල නැහැ.. වාහලෙ නිකන් ලෝක සිතියමක් වගේ මකුළුදැල් ඕසෙට තියෙනවා. බාගයක් පෙට්ටිවල Light 💡 එළියක් නැහැ. ඉටිපන්දම් ගහන් මිනිස්සු යන්නෙ.. Toilet එකත් කෝච්චිය ගෙනාවට පස්සෙ පිරිසිදු කරලා නැහැ.

මේ හැමදෙයක්ම වෙන්නෙ මුදල් නැතිකම නිසා. අනික මුදල් තිබ්බත් දැන් මේවා ලේසියෙන්ම ගොඩදාන්න බැහැ!!

🚨 සමුද්‍රදේවි කාර්යාල දුම්රිය — දෛනික මගීන්ට කරන පරිහානිය! 🚨පසුගිය දින කිහිපය පුරාම සමුද්‍රදේවි දුම්රිය පෙර දැන්වීමක් නැ...
03/06/2025

🚨 සමුද්‍රදේවි කාර්යාල දුම්රිය — දෛනික මගීන්ට කරන පරිහානිය! 🚨

පසුගිය දින කිහිපය පුරාම සමුද්‍රදේවි දුම්රිය පෙර දැන්වීමක් නැතිව කට්ටල මාරු වීම, පැය ගණන් ප්‍රමාද වීම, අත්විදි අතර දැන් අපිට වෙලා තියෙන්නේ තවත් වඩාත් විහිළුවක්!

😡 දැන් CGR එකෙන් සමුද්‍රදේවි කාර්යාල දුම්රියට පාවිච්චි කරනවා පැරණි රොමේනියානු දුම්රිය සෙට් එකක්!

🚃 මේකෙ තියෙන්නේ මුළුමනින්ම කැබින් 2ක් විතරයි – දෙවැනි පන්තියට! පෙර ICF සෙට් එකෙදි 4ක් තිබුණා දෙවැනි පන්තියට. දැන් දෙවැනි පන්තියේ Season තියෙන අය ගොඩක් ඉන්නවා, එයාල මොනවා කරන්නද? පැය 2ක් හිටන් සිටිනවාද? තුංවන පංතියෙ යනවාද?

💺 සීට් ටික තමා නියමට සෙට්කරලා තියෙන්නේ – අමුම කොන්ක්‍රීට් වගේ! 100km ටවඩා වූ දෛනික ගමන්වලට මෙහෙම අසුනක් දාපු එකෙන් මිනිස්සුගේ කොදු එහෙම ඉවර වෙනවා!

📸 එකෙන් දැක්වෙන්නෙ අසුනක රූපයක් – බලන්න ඒ එලියට නෙරලා එන ලෝහ කොටස්! ඒවාට හැමිනිලා හෝ ඇඳුම් එහෙම ගැටිලා දරුණු අනතුරු වෙන්න පුළුවන්. මෙහෙම එකක් දුම්රියක තියෙන්නෙ ඉතාමත් අවදානමක්!

🚌 Galle සිට Colombo Fort තෙක් පහසු මාර්ගය වන්නේ දුම්රිය. විකල්පයක් ලෙස Expressway බස් තියෙන්නෙත් Makumbura, Kadawatha, Kaduwela වගේ තැන්වලට — ඒවෙන් Fort යන්න තවත් වාහනයක් ගන්න වෙනවා.

😔 සමුද්‍රා දේවි දුම්රිය අපේ දිවි රැකවරණය වුණා. දැන් ඒක පාවා දෙනවා වගේ තමයි හැඟෙන්නෙ.

📢 අපිට හරිම දුම්රිය සේවාවක් ඕනේ. වෙලාවට යන, පිරිසිදු, ආරක්ෂිත, පහසු විශ්වාසදායක සහ නොකඩවා පවතින සේවාවක්!

අපි කවුද? මේ රටට සතියෙ දවස් පහම වැඩ කරන, බදු ගෙවන, උපයන ජනතාව! අපිට හරි සේවාවක් ලැබිය යුතුයි.

📣 ඔබත් මේ ගැන අදහසක් තියෙන්නෙ නම්, comment කරන්න. එකට රැදී ඉමු!

#දුම්රියගැටලු #සමුද්‍රදේවි

ගාල්ලෙ ඉදන් කොළඹට වැඩට යන ජනතාවට 8:30 ට කලින් යන්න තියන එකම දුම්රිය සමුද්‍රෙ…. දැන් මාසෙක ඉඳන් ඉදුරුවෙ පාලමක් මොකද්ද වෙල...
13/05/2025

ගාල්ලෙ ඉදන් කොළඹට වැඩට යන ජනතාවට 8:30 ට කලින් යන්න තියන එකම දුම්රිය සමුද්‍රෙ….

දැන් මාසෙක ඉඳන් ඉදුරුවෙ පාලමක් මොකද්ද වෙලා පැත්තට ප්ලාස්ටික් සීට් තියන s10 සෙට් එකක් යන්නෙ… පැය 3 ක් ඔිකෙ ඉදන් යනවට වැඩිය හොදයි ගල්කොරියක වැඩට යනවා.. 2 වෙනි පංතියෙ යන අයටත් හොදම එකෙන් බඩුබනිස්!

කොන්දට / පස්සට / පිටට/ කකුල් වලට බුදු සරණයි !!

උදේට කොලඹ කොටුවට යන්න බස් එකක්වත් නෑ ගාල්ලෙන් හයිවේ එකේ යන… ලදරන් ගාලුපාරෙ ac යන්නෙත් ගාල්ලෙන් 5:30 ට විතර. මොන මගුලක්ද මන්දා !!

ගිය සතියේ දවස් තුනක් වාහනේ ගියා දරාගන්න බැරි කොන්දේ අමාරුව නිසා.. මේ සතියේ ඉදන් එහෙම යන්නත් සල්ලි නැහැ.. 8.30 ට කලින් යන්න වෙන තියෙන්නේ ගාල්ලෙන් යන නෝර්මල් බස් එකේ යන එක.. මේ ඇක්සිඩන්ට් වල හැටියට ඒහෙම යන්නත් බයයි..

මොකක් හරි විසදුමක් දෙන්න දෙයියනේ !!

පුළුවන් නම් හික්කඩුවට දැම්මා වගේ S 11 එකක් දාන්න දෙයියනේ !!

ගාල්ලෙන් පාර්ලිමේන්තුගිය අය තැපැල් චන්ද/ සාමාන්‍ය චන්ද අඩු උන හේතුව දකීවා !!!!

ප.ලි. : සමහරවිට චන්ද කඩන්නම ගහපු ගේමක්ද මන්දා !!

GMR වෙත : ලොකු සර් මම දශකයකටත් වඩා මේ දුම්‍රිය සේවය භාවිතා කරන කෙනෙක්.. කවුරු බැන්නත් අපිට යන්න තියෙන ලේසිම ක්‍රමය මේක.. සමුද්‍රේ නැගලා 95%ක්ම දවස් වල ඔෆිස් එකට වෙලාවට ගියා.. ඔරවගෙන ඉන්න ටිකට් චෙක් කරන කෙනා ඇරෙන්න වෙන ප්‍රශ්න අඩුවෙන් තිබ්බේ.. පුළුවන් දෙයක් ඉක්මනට කරලා දෙන්න .. ඒ වගේම කෙටි දුරවල් වලට S11 දාලා සමුද්‍රේ වගේ එකකට s10 එකක් දාපු පොරගෙන් පරිස්සම් වෙන්න.. මිනිහා තමා හොදම එකෙන් කෙලවන්නේ ඔබතුමාට..

25/08/2024
"වෙහෙස කර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍රඵලය ලබන්නට නිහඩව ටික කලක් බලා සිටිය යුතුය"
24/08/2024

"වෙහෙස කර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍රඵලය ලබන්නට නිහඩව ටික කලක් බලා සිටිය යුතුය"

වැඩ්ඩෙක් තමයි ඉතිං……
05/08/2024

වැඩ්ඩෙක් තමයි ඉතිං……

ඒයි අඩෝ වූෆි , පෝස්ට් එක මැකුව නේ…
04/08/2024

ඒයි අඩෝ වූෆි , පෝස්ට් එක මැකුව නේ…

Nepal team gifted a "Token of Love" to the Indian captain Smriti Mandhana ❤️🇮🇳🇳🇵
24/07/2024

Nepal team gifted a "Token of Love" to the Indian captain Smriti Mandhana ❤️🇮🇳🇳🇵

“ගිංගඟේ අද වෙනකලුත් කිඹුල්ලු දකින්න නැති තරම්.... ඉඳලා හිටලා කලාතුරකින් කිඹුලෙක් හිටියත් කිසිම දවසක කිඹුල්ලුන්ගෙන් මිනිස...
17/06/2024

“ගිංගඟේ අද වෙනකලුත් කිඹුල්ලු දකින්න නැති තරම්.... ඉඳලා හිටලා කලාතුරකින් කිඹුලෙක් හිටියත් කිසිම දවසක කිඹුල්ලුන්ගෙන් මිනිස්සුන්ට හානියක් වෙන දෙයක් නම් මගේ ජීවිතේට අහලා නෑ.”

ඒ බද්දේගම පැරැන්නෙකු වූ අසූ හය හැවිරිදි දාවිත් ගුණවර්ධන මහතා කියන කතාවකි. අනෙක් බොහෝ ගැමියන් ඒ පිළිබඳ දරන මතය ඊට බොහෝ දුරට සමානය. එය එසේ වූයේ කුමක් නිසාද යන පැනයට ඔවුන් ලබාදෙන පිළිතුර බද්දේගම සහ ගිංගඟ පිළිබඳ අතීතයට අයත් තවත් අපූරු කතා පුවතකි.

90 දශකයේ අගභාගයේ දිනක ගිංගඟේ වැලි ගොඩ දමමින් සිටි පිරිසකට අමුතුම ආකාරයේ කළු ගලක් මුණ ගැසිණි. දාරයක් අඩි දෙකහමාර බැගින් වූ මෙම සමචතුරස්‍රාකාර ගල් කුට්ටියේ පැති පහක විවිධාකාරයේ අක්ෂර හා රූප කොටා තිබිණි. මේ ශිලා ලේඛනය පිළිබඳ පර්යේෂණයක් සිදුකළ මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා එම අක්ෂර කෝට්ටේ යුගයට අයත් බවත්, ගල් කුට්ටියේ සටහන්ව ඇත්තේ කිඹුල් මන්තරයක් බවටත් නිගමනයකට එළැඹ තිබේ. වඳුරඹ, හම්මෑලිය, අම්බන, වටරැක ආදී ප්‍රදේශ නාම පවා සටහන්ව ඇති මෙම මෙම ශිලා ලේඛනය කිඹුලන්ගෙන් ගම්වැසියන්ට සිදුවන උවදුරු වැළැක්වීම සඳහා ගඟේ තැන්පත් කළ එකක් බව සැලකෙයි. එවන් ගල් කුට්ටි තුනක් මේ ආකාරයට තැන්පත් කොට තිබූ අතර එය සැළලිහිණි සංදේශය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් කළ කටයුත්තක් බව බොහෝ දුරට සනාථ වී තිබේ. ඒ ඓතිහාසික කරුණු ගණනාවක් මත පදනම් වෙමිනි. උන්වහන්සේ සාහිත්‍යයට අමතරව ජ්‍යෝතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර ආදියේ කෙළ පැමිණි හිමිනමක් බවට ජනප්‍රවාද සාක්ෂි පවතියි. මේ සියල්ලේ ඇත්ත නැත්ත කුමක් වුවද අදටත් එම එක් ගල් කුට්ටියක් බද්දේගම සන්දරවල දුටුගැමුණු විහාරයේ සුරක්ෂිතව ඇති අතර, අදටත් ගිංගඟේ කිඹුලන් නොමැති බව බද්දේගම වැසියෝ පවසති.

ඉසුරු ප්‍රසංග විසින් රචිත කෙම්බිමට ගමනක් කෘතියෙනි.
(ඡායාරූපයේ කතුවරයා සමග සිටින්නේ දාවිත් ගුණවර්ධන මහතාය.)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Galle Roxz - ගාල්ලේ වැඩර්ලා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share