Ceylon Journal

Ceylon Journal The path to be a pure 🖤

"සිතුවිලි සිතුවිලි විදියට දකින්න,දැනීම් දැනීම්  විදියට දකින්න,වටිනාකම් දීලා ඒ දිගේ යන්න එපා..දකින තැන ලෝකය නැතිවෙනවා,මේ ...
25/06/2025

"සිතුවිලි සිතුවිලි විදියට දකින්න,
දැනීම් දැනීම් විදියට දකින්න,
වටිනාකම් දීලා ඒ දිගේ යන්න එපා..
දකින තැන ලෝකය නැතිවෙනවා,
මේ මොහොත හමුවෙනවා.."

🤍🌿✨

Postitive feelings"මං මේක ඔයාට ලියන්නේ,හරිම නිදහසේ මගේ ඇතුලේ,නිදහස, සාමකාමි කම, ආදරය හා සංසුන් මනසක්,හදාගෙන යන ගමනක අතරම...
21/06/2025

Postitive feelings

"මං මේක ඔයාට ලියන්නේ,
හරිම නිදහසේ මගේ ඇතුලේ,
නිදහස, සාමකාමි කම, ආදරය හා සංසුන් මනසක්,
හදාගෙන යන ගමනක අතරමග නැවතිලා..."

"මට ඕනේ නෑ,
ඔයාගේ හිත රිදවන්නවත්,
අපි දෙන්නා අතර තියෙන මේ ආශ්‍රය නවත්තන්නවත්,
මට ඕනේ මේ අපි අතර තියෙන නමක් නැති,
මේ ආශ්‍රය Transparent කරගන්න විතරයි.."

"ඔයා ගැන දැනෙන හැගීම්,
හංගන්නේ නැතුව ඔයාට කෙලින්ම කියන්න විතරයි,
මට ඕනේ මගේ හැගීම් වලට අවංක වෙන්න,
ඔයා ඉස්සරහ නිර්ව්‍යාජ මනුස්සයෙක් වෙන්න.."

"හිතේ එක දෙයක් තියාගෙන,
ඔයා ඉස්සරහා මගේ හැගීම් පාවාදෙන ගමන්,
Experiment කරන වයසක නෙවෙයි මං ඉන්නේ..."

"මගේ ජීවිතේ ඉතුරු ගමන යන්න,
මගේ ඇතුලෙන් කෙනෙක්ව ඉල්ලනවා,
ඉතිං මං එයාවමයි හොයන්නේ,
මං විශ්වාස කරනවා,
නිදහස ආදරය හා සාමකාමි බව හොයාගෙන යන ගමනක,
ඒ කෙනාත් එක්ක එකතු වෙලා,
දෙන්නගෙම ආත්ම වලට,
නිදහස ආදරය හා සාමකාමී බව ගේන්න..."

"ඉතිං මං දන්නවා,
මේ ලෝකේ කාටත් වඩා,
ඔයා තමයි මාව ගැබුරින්ම තේරුම් ගත්තු කෙනා,
මං කියන දේ මොකද්ද කියලා ආයේ අමුතුවෙන්,
ඔයාට විස්තර කරන්න ඕනේ නෑ..
ඒකෙන් මං ජීවිතේ කවදාවත් නොදැනුනු නිදහසක් විදිනවා.."

"ඔව් අපි අපේ ජීවිත ගැබුරින් බෙදාගන්න ගමන්,
ආදරෙන් කතා කරනවා,
බොලද කතා හුවමාරු වෙනවා පොඩි උන් වගේ,
උනුහුම මෘදුව බෙදාගන්න ගමන්,
Wild විදියට දගකරනවා..."

"ඒත් මට දැනෙනවා මාව විශ්වාසන නෑ කියලා හැගීමක්,
ඔයාගේ condition මැද්දේ,
නිදහස සතුට හා ආදරය නැතිවෙනවා කියලා හැගීමක්,
ඒ නිසා ඒ මොහොතවල් වල,
ඇතුල තනි වෙනවා වගේ හැගීමක්.."

"මට ඒ හැගීම් වෙහෙසකාරියි,
මට ඕනේ අපි දෙන්නගේ ආශ්‍රයේදි,
ඒ හැගීම් මගහරින්න,
ඒ මොහොතවල් වලත් මට ඕනේ,
මගේ ඇතුල නිදහස සතුටින් හා ආදරයෙන් පුරවන්න.." ✨🌿

"ජීවිත ගමනේදී මෙවැනි සංවාද තිබිය යුතුයි, යැයි
මා විශ්වාස කරමි,
ඒ වගේම ඒ හැම වචනයක්ම,
දෙදෙනාගෙම පුද්ගලික ආත්ම නිදහස,
වැඩි වියයුතු බවත්,
කිසිම විටක අඩු නොවිය යුතු බවත්,
විශ්වාස කරමි...." 🤍✨🌿

"හැමෝම අහනවා. 'Marry කරන්න කාලේ හරි නේද? ඉතිං Marry කරන්නේ නැද්ද..'""අවංකව කිව්වොත්,ඇත්තම මම කවුද කියලා දන්න කවුරුත් නෑ ...
18/06/2025

"හැමෝම අහනවා.
'Marry කරන්න කාලේ හරි නේද? ඉතිං Marry කරන්නේ නැද්ද..'"

"අවංකව කිව්වොත්,
ඇත්තම මම කවුද කියලා දන්න කවුරුත් නෑ මේ ලෝකේ,
මිනිස්සු එක්ක ජීවත් උනාට,
මගේ ලෝකේ ඇතුලේ මම සම්පූර්ණයෙන්ම තනිවෙලා.."

"මම හිතන්නේ කොහොමද,
මම ලෝකේ දිහා බලන්නේ කොහොමද,
මේ ජීවිතේ මගේ flow එක මොන වගේද,
මගේ weaknesses මොනවද?
මගේ හදවත සතුටු වෙන්නේ කොහොමද?
මගේ හදවතට දුක දැනෙන්නේ කොහොමද?

කියලා දන්න කෙනෙක්වත්,
එහෙම දැනගන්න උවමනාවක් තියෙන කෙනෙක්වත්,
මට තාම හම්බෙලා නෑ.."

"ජීවිතේ භාගයක්ම මම ජීවත් උනේ,
මගේ ලෝකේ ඇතුලේ තනියම,
වටපිටාවේ මිනිස්සු පිරිලා ඇති,
ඒත් ඇතුලෙන් මම හිස් මනුස්සයෙක්.."

"මට ඕනේ මගේ ජීවිතේ ඉතුරු කාලේ,
මගේ ආත්මයේ හැම අංශු මාත්‍රයම බෙදා ගන්න කෙනෙක්,
මාව මං විදියටම තේරුම් ගන්න කෙනෙක්,
එයාගේ ආත්මයම මාත් එක්ක බෙදාගන්න කෙනෙක්,
එක්ක ජීවත් වෙන්න.."

"Financially Stable, හොද පෙනුමක් තියෙන,
මගේ හැමදේටම උදව් කරන්න පුලුවං කෙනෙක්ව,
Marry කරන්න පුලුවං,
ඒත් ඒ කෙනාට මගේ ජීවිතේ ගලායාම,
තේරුම් ගන්නේ නැත්තම්,
Marraige life එකෙත් මං මගේ ලෝකේ තනිවෙනවා.."

"මිනිස්සු Marry කරනවා ඇති,
මට වැඩක් නෑ,

මගේ ඇතුලේ ඉන්නවා,
පොඩි ලමයෙක් වගේ හුරතල් වෙන්න කැමති කෙනෙක්,
පොඩ්ඩක් wild වෙන්න කැමති කෙනෙක්,
කිසි කතාවක් නැතුව ඔහේ ඉනන හිතෙන කෙනෙක්,
ජීවිතේ ගැන දකින විදිය ගැබුරින් කතා කරන්න කැමති කෙනෙක්.."

"ඒ හැම කෙනාම දැන් ඉන්නේ මාත් එක්ක තනිවෙලා,
ජීවිතේ ඉතුරු කාලේවත් මට ඕනේ,
ඒ හැම කෙනාම නිදහස් කරලා,
මාව නිදහස් කරන්න.."🤍🌿

"ජීවිතේදි ලැබෙන අත්දැකීම්,ගැන හොද සිහියෙන් ඉන්න,මනුස්සයෙක්ට පුලුවං,ඒ අත්දැකීම් වලින්,ජීවිතේ ඇත්ත තේරුම් ගන්න,ජීවිතේ දිහා...
27/05/2025

"ජීවිතේදි ලැබෙන අත්දැකීම්,
ගැන හොද සිහියෙන් ඉන්න,
මනුස්සයෙක්ට පුලුවං,
ඒ අත්දැකීම් වලින්,
ජීවිතේ ඇත්ත තේරුම් ගන්න,
ජීවිතේ දිහා වෙනස් විදියකට දකින්න,
ඇතුලත සාමය රැකගනිමින්,
නිදහස්, සංසුන් හා independent ජීවිතයක් ගතකරන්න.."

"ඔයාගේ ජීවිතයටත්,
මේ දේවල් එකතු කරගෙන,
ටික කාලයක් practice කරලා බලන්න.."

"මේ දේවල් වල් වලට පුලුවං,
ඔයාගේ personality එක boost කරන්න.."

"භාහිරේ යම් කෙනෙක් වෙනුවෙන්,
ඇතිවෙන දුක, සතුට, තරහව, ඊර්ශ්‍යාව,
රාගය, වගේ emotions වලින් ඇතිවන,
සිතුවිලි වලට පුලුවං ජීවිතේ ගමන,
වෙනස් කරන්නත්, පරක්කු කරන්නත්, විනාස කරන්නත්..
ඒ නිසා..
ඔයාගේ හැගීම් පාලනය කරන්න,
පුරුදු වෙන්න..
ඔයාගේ හැගීම් වලින්ම,
ඔයාගේ ජීවිතේ අවුල් කරන්න,
කාටවත් ඉඩ දෙන්න එපා.."

"කවුරු හරි ඔයාගේ ඇස් දිහා,
බලන් ඉන්නවා නම්,
ඒ කෙනාම එයාගේ ඇස්,
පිටතට ගන්න කල් ඉන්න..
Strong mindset එකක් තියෙන මිනිස්සු,
හැම වෙලාවෙම strong eye contact එකක්,
Maintain කරනවා."

"මිනිස්සු හැම තිස්සෙම කතා හදන්නේ,
ඒ මිනිස්සුට ඔයාව predict කරන්න පුලුවන් නම් නම් විතරයි..
Predict කරන්න බැරිදේවල් වලට මිනිස්සු බයයි.
ඒ නිසා,
හැම තිස්සෙම unpredictable කෙනෙක්,
විදියට ඉන්න.."

"confidence කියලා කියන්නේ,
හැමදේම දැනගෙන ජීවත්වීම මිසක්,
දන්න දේවල් මොනවද කියලා prove,
කරන එක නෙවෙයි..
ඒ නිසා,
ඔයාව ඕනවට වඩා අනිත් අයට,
විස්තර කරන්න ඕනේ නෑ.."

"අවධානය කියන එක ලැබෙන්නේ,
ඔයා ලග තියෙන විශේෂත්වයකට,
ඒ naturally ම හම්බවේවි,
කවදාවත් අවධානය වෙනුවෙන්,
අයදින්න එපා.."

"මිනිස්සු වැඩියෙන් කතා කරනකොට,
කිය යුතු දේ වගේම නොකිය යුතු දේත් කියනවා,
ඒ වගේම ඒ දේවල් වලින්,
භාහිරය ඔයාව විනිශ්චය කරනවා..
ඒ නිසා,
පොඩ්ඩක් කතා කරන්න, ගොඩක් අහං ඉන්න."

"ඔයාගේ සැලසුම්,
රහසේම තියාගන්න,
ඒ සැලසුම් සද්ද නැතුවම ක්‍රියාත්මක කරන්න,
අවසන් ප්‍රතිඵලය විතරක්,
භාහිරයට පෙනෙන්න දෙන්න.."

"කාලයක් පුරුදු කරන්න,
කවදාවත් නොදැනුනු,
අභ්‍යන්තර සාමයක් හා
භාහිරයේ නිදහසක් සමග,
ඔයාගේ නමට Moral personality එකක් හම්බවේවි.." 🤍🌿

✍️
2025/05/27

"මට සමාවෙන්න....""මට බැහෑ ඔයාට සමාවදෙන්න, ඔයා වෙන කෙනෙක්ව ඔයාගේ කකුල් අතරේ තද කරන් ඉන්නවා දැක්කට පස්සේ,මං කොහොමද ඔයාට සම...
26/05/2025

"මට සමාවෙන්න...."

"මට බැහෑ ඔයාට සමාවදෙන්න, ඔයා වෙන කෙනෙක්ව ඔයාගේ කකුල් අතරේ තද කරන් ඉන්නවා දැක්කට පස්සේ,
මං කොහොමද ඔයාට සමාවදෙන්නේ. ?
මට ඇති.."

"මගේ අතින් අත්වැරදීමක් උනේ, ඒක අහම්බයෙන් වගේ උනේ, මට සමාවෙන්න.."

" නෑ නෑ ඒක අත්වැරදීමක් වෙන්නේ කොහොමද?
ඒක ඒ වෙලාවේ ඔයා ගන්න තේරීමක් මිසක්,
අහම්බයක්වත් අත්වැරදීමක් වත් නෙවෙයි.."

"මිනිස්සු තව මනුස්සයෙක් එක්ක,
ආදර සම්බන්ධතාවයක ඉන්න විට,
ඒ සම්බන්ධතාවයෙන් පිට වෙන කෙනෙක් එක්ක,
එක ඇදක නිදා ගන්නවා නම්,
Conversations delete කරනවා නම්,
බොරු කියන්න පෙළඹෙනවා නම්,
ඒක කවදාවත්,
අහම්බයක්වත් අත්වැරදීමක් වත් වෙන්නේ නෑ.."

"ඒක ඇත්තටම,
ආදර සම්බන්ධතාවයක,
අනිත් කෙනා වෙනුවෙන් කෙරෙන තේරීමක්..

ඒ කෙනාගේ විශ්වාසය,
රකිනවද නැත්තම් විනාශ කරනවද කියලා,
ගන්න ඕන තේරීමක්..

ඒ කෙනා ඔයා වෙනුවෙන්,
තියෙන caring එක,
ඒ කෙනා ඔයා වෙනුවෙන් වෙන් කරන කාලය,
නොසකලකා හැරලා පැත්තකට දානවද,
නැත්තම් ඒ දේවල් පරිස්සම් කරගන්නවද කියලා,
ගන්න ඕන තේරීමක්..

ඒ කෙනා ඔයාට තියෙන loyalty එක,
ඔයාව සතුටින් තියපු දවස්,
ඔයාගේ හයියට හිටපු දවස්,
මේ ලෝකේ ඔයාට කවුරුත් නෑ කියලා දැනෙද්දි,
ඔයාගේ අතින් හයියෙන් අල්ලගත්තු දවස්..
මේ කිසි දේකට value එකක් දෙනවද,
නැත්තම් ඒ ගනන් නොගෙන ඉන්නවද කියලා,
ගන්න ඕනේ තේරීමක්.."

"මිනිස්සු ආදරේ කරද්දි,
ඒ දෙන්න අතරේ කවදාවත් බිදෙන්නේ නැති,
විශ්වාසයක් තියෙන්න ඕනේ..
විශ්වාසය තමයි ආදරේ base foundation එක,
මේ foundation එක දවසින් දවස ශක්තිමත්,
කරගන්න තරමට,
බොරුවට පැවැත්මක් නැති වෙනවා..
ආදරය සතුට හා නිදහස විතරක්ම,
ඉතුරු වෙනවා.."

"බොරුවක් කියන එක අහම්බයෙන් හෝ,
අත්වැරදීමකින් එක් වතාවක් වෙන්න පුලුවං,
නමුත්,
Cheating කියන්නේ pattern එකක්,
ප්‍රේමය නැවත නැවත බාල්දූ වීමට ඉඩ නොදී,
විශ්වාසය නැති කල තැන් අතහැරිය යුතුමයි.."

✍️
2025/05/26

"මං හිතන්නේ නෑ,කිසිම වැරද්දක් නැති,Perfect මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා..""මේ ජීවිතේදි, මගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්...
14/05/2025

"මං හිතන්නේ නෑ,
කිසිම වැරද්දක් නැති,
Perfect මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා.."

"මේ ජීවිතේදි,
මගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව,
අනිත් අයට වැරදී වෙලා ඇති,
මගේ අතින් මගේ ජීවිතයටම වැරදි,
කරගෙන ඇති.."

"ඒ මොහොතේදි,
ඒක මට වැරද්දක් කියලා දැනෙන්න නැති වෙන්න පුලුවං,
ඒත් ජීවිතේට අත්දැකීම් එකතු වෙද්දි,
ඒ අත්දැකීම් සමග ජීවිත අවබෝධයෙන්,
ජීවිතේ දිහා බලන,
විදිය වෙනස් වෙද්දි,
පරන වැරදි අඩුපාඩු පේන්න ගන්නවා.."

"මගේ අතින් සිදුවුන ඒ වැරදි අඩුපාඩු,
නිසා මට කවදාවත් පසුතැවීමක් නෑ.
ඒ වෙලාවේ,
ඒ වැරදි කරපු මම නෙවෙයි දැන් ඉන්නේ"

"මිනිස්සු මොහොතින් මොහොත,
එකතු කරගන්න අත්දැකීම් එක්ක,
පියවරෙන් පියවර පරිනත වෙනවා,
මිනිස්සු ලෝකේ දිහා බලන විදිය වෙනස් වෙනවා.."

"මගේ ජීවිතේ කිසිම දෙයක් ගැන,
කිසිම පසුතැවීමක් නෑ.
ඒ සිදුවීම එතනින් ඉවරයි,
මගේ වැරද්ද මං දැක්කා,
එවලෙම ඒක හදාගත්තා"

"මේ හැමදෙයක්ම,
වෙනස් වෙමින් පවතින දේවල්,
ඉතිං මං හිතනවා,
අපිට ඕනම මොහොතකම,
ජීවිතේ අලුත් විදියකට දකින්න,
අලුත් විදියකට ආයේ පටං ගන්න පුලුවං.." 🌿🤍

2025.05.14
✍️

"දන්නවද අවුරුදු 5ක් තිස්සේ,මං ජීවත් වෙන්නේ තනියම..""මං ඔයාට ආදරෙයි..""මට ඔයාව හැම තිස්සේම මතක් වෙනවා..""අපි හම්බෙමුකෝ. ම...
11/05/2025

"දන්නවද අවුරුදු 5ක් තිස්සේ,
මං ජීවත් වෙන්නේ තනියම.."

"මං ඔයාට ආදරෙයි.."

"මට ඔයාව හැම තිස්සේම මතක් වෙනවා.."

"අපි හම්බෙමුකෝ. මට ඔයාව බලන්න ආසයි.."

"ඔයාගෙන් msg එකක් නැතුව පාලුවෙන් හිටියේ."

"මං දන්නවා ඔයා අවුලෙන් කියලා.. මොන දේ උනත් මං ඉන්නවා ඔයා ලගින්.."

"ඔයා අද සතුටින් නේද. අපි ඇවිදින්න යමු..?"

"මට ඔයාව තුරුල් කරගන්න ඕනේ.."

"හැමදේම කියන්න මං අහන් ඉන්නම්.."

"ඔයා තමා මේ ලෝකේ මට විශ්වාසම කෙනා.."

"මං දන්නේ නෑ,
මේ වගේ ආදරය සෙනෙහස නැතුව,
තනියම හැමදේම දරාගන්න මිනිස්සු,
තව මේ ලෝකේ ඉන්නවද කියලා.."

"මේ ජීවිතේ,

තමං ගැන හොයලා බලන්න,
කෙනෙක් නැති වෙද්දි,

තමං සතුටින්ද කියලා අහන්න,
කෙනෙක් නැති වෙද්දි,

තමං ට කතා කරන්න,
කෙනෙක් නැති වෙද්දි,

තමංව තේරුම් ගන්න,
කෙනෙක් නැති වෙද්දි,

තමං වෙනුවෙන් කාලයක් වෙන් කරන්න,
කෙනෙක් නැති වෙද්දි,

තමංගෙන් call/msg එකක් එනකල් බලං ඉන්න කෙනෙක් නැති වෙද්දි,

තමංට අවංකව උදව් කරන්න,
නැති වෙද්දි,

තමංව දරා ගන්න,
කෙනෙක් නැති වෙද්දි,

තමංට විශ්වාස කරන්න,
කෙනෙක් නැති වෙද්දි,

කොටින්ම මේ ජීවිතේ මං වෙනුවෙන් කවුරුත් නෑ . මට ඉන්නේ මාව විතරයි...

කියන හැගීම කාට හරි දැනිලා තියෙනවද??"

"මං දන්නේ නෑ අනිත් අයට,
ඒක කොහොම දැනෙනවද කියලා..

එක පැත්තකින් තනිකම පාලුව ජීවිතේ වට කරන්,
හැම පොඩි දේකින්ම,
ආදරය සෙනෙහෙස උනුහුහම හොයන,
පොඩි දේටත් තරහ යන කෙනෙක් මගේ ඇතුලේ ඉන්නවා..

අනික් පැත්තෙන්,
තමංට ඉන්නේ තමං විතරයි කියලා දැනගෙන,
කිසිම කෙනෙක්ව සතපහකට ගනන් ගන්නේ නැතිව,
හැමදේම තනියම දරාගෙන,
තනියම ශක්තිමත් උනු කෙනෙකුත් මගේ ඇතුලේ ඉන්නවා.."

"මට දැනෙන්නේ..
මේ ජීවිතේ නිදහස සොයා ගන්න නම්,
මේ ද්විත්වයෙන් මිදෙන්න ඕනේ
ද්විත්වය තියෙනකල් සිතුවිලි අතර,
නොනවතින සටනක මං අතරමං වෙනවා.."

🤍🌿

2025.05.11
✍️

"කවුරු හරි ඇහුවොත් මං සතුටින් ඉන්නවද කියලා""සරලවම කිව්වොත් නෑ, මගේ මුලු ඇතුලම හිස් වෙලා වගේ...""මට ඉන්න ගෙදරක් තියෙනවා, ...
28/04/2025

"කවුරු හරි ඇහුවොත් මං සතුටින් ඉන්නවද කියලා"

"සරලවම කිව්වොත් නෑ, මගේ මුලු ඇතුලම හිස් වෙලා වගේ..."

"මට ඉන්න ගෙදරක් තියෙනවා, හොද job එකක් තියෙනවා, හොද Salary එකක් තියෙනවා, මගේම වාහනයක් තියෙනවා.. හැමදේම තිබිලත් මගේ ඇතුලේ ලොකු හිඩැසක් තියෙනවා.."

"ඒ හිස්තැන් පුරවන්න පුලුවන් ආදරය, සෙනෙහෙස s*x වලින් විතරයි.."

"කාලයක් ඒ දේවල් මගේ ජීවිතේට ඕනේ නෑ කියලා හිතාගෙන ඒ දේවල් වලින් ඈත් වෙලා ජීවිතේ ගෙනියන්න තීරනය කරා.."

"පස්සේ ඇතුලින් දැනෙන තනිකම පාලුව නැති කරගන්න එක එක කෙනාගෙන් ඒ දේවල් හොයන්න පටං ගත්තා.. ඒත් අවසානෙට ඉතුරු උනේ කලකිරීමක් විතරමයි..."

"සියල්ල අවසානයේ මම තේරුම් ගත්තේ,
ආදරය, සෙනෙහෙස, S*x සතුටින් නිදහසින්,
විදින්න නම් මේ ඔක්කොම ලැබෙන්න ඕනේ,
මාව දැනෙන එකම එක ප්‍රේමනීය ආත්මයකින් විතරයි.."

"ඒ ප්‍රේමනීය හමුවීම කවදාවත්,
මගේ උවමනාවකට, මට ඕන විදියකට,
ලැබෙන්නේ නැ කියලා මං හිතනවා.."

"මේ ස්වාභාවික ගලායාමේ කල යුතු,
එකම දෙය නිහඩ වීම හා ගලායමට එකතු වීම පමනයි."

"ඉතිං මේ හැමදේකින්ම මට දැන් මහන්සි,
මට දැන් ඕනේ මේ මොහොතේ ඉදං,
සම්පූර්ණයෙන් නිහඩ වෙන්න,
කිසිම දේකට කිසිම කෙනෙක් වෙනුවෙන්,
කිසිම action එකක් නොගෙන ඉන්න,
එලියෙන් සිද්ද වෙන දේවල් වලට,
Reaction දෙන්න විතරයි ඕනේ,
ඒකත් මගේ මානසික නිදහස හා සතුට,
වෙනුවෙන් විතරමයි.."

"මට සමාවෙන්න..
මං හැමෝම මගේ circle එකෙන් එලියට දාලා,
මාව ආයේ reset කරගන්න හදන්නේ,
මං ආයේ call කරන්නේ නෑ, answer කරනවා විතරයි,
මං ආයේ text කරන්නේ නෑ, reply කරනවා විතරයි,
මං ආයේ conversations පටං ගන්නේ නෑ, ඔයාලගේ කතාවට ප්‍රතිචාර දක්වනවා විතරයි.."

"ඇත්තම කිව්වොත් මගේ කිසිම උවමනාවකට,
මට කිසිම කෙනෙක්ට කතා කරන්න ඕනේ නෑ,
ඒ උවමනාව මං තනියන්ම සපුරගන්නවා,
තනියන්ම සපුරගන්න බැරි නම්,
ඒ උවමනාව උපදින තැනම නැති කරලා දානවා.."

"මං කිසිම කෙනෙක්ව අත්හරින්නේ නෑ,
කිසිම කෙනෙක්ව අල්ලගන්නෙත් නෑ,
මට ඕනේ නිකම්ම නිහඩ වෙන්න.."

✍️

"මං ජීවිතේ ගෙනියන්න ඕන විදිය ගැන,මගේ fantasy ක් තියෙනවා,ඔව් ඒක මං හදාගෙන තියෙන්නේ,එලියෙන් ගත්තු දැනුමකින් විතරයි..""ඒත් ...
24/04/2025

"මං ජීවිතේ ගෙනියන්න ඕන විදිය ගැන,
මගේ fantasy ක් තියෙනවා,
ඔව් ඒක මං හදාගෙන තියෙන්නේ,
එලියෙන් ගත්තු දැනුමකින් විතරයි.."

"ඒත් මගේ ජීවිතේ සිදුවන හැම සිදුවීමක්ම,
සිද්ද වෙන්නේ ඒ fantasy ට විරුද්ධ ව.."

"මගේ fantasy යේ මං,
හැමදාම උදේ 5ට නැගිටලා,
දවස ප්ලෑන් කරලා,
Wash එකක් දාගෙන උදේට උයලා,
වෙලාවට වැඩට යන මනුස්සයෙක්...
ඒත්,
ඇත්තම ජීවිතේ පරක්කු වෙලා නැගිටලා,
වැඩ ඔක්කොම කරගන්න දගලලා,
එක වැඩක් වත් හරියට කරගන්න බැරුව,
පරක්කු වෙලා දුවන මනුස්සයෙක්.."

"උදේ 5ට Alarm එක වදින මොහොතේ,
කෙනෙක්,
'තව ටිකක් නිදියපන්' කියද්දි,
නිදියන්නේ නැතුව ඇහැරලා වැඩටික කරන්න,
decision එකක් ගන්න ඕනේ.."

"ජීවිතේ ගෙවන හැම මොහොතකම,
තියෙන්නේ මේ වගේ තීරන,
'උදේ 5ට නැගිටින්න' කියන්නෙත් මගේ සිතුවිලි,
'තව ටිකක් ගන්න නිදාගන්න' කියන්නෙත් මගේ සිතුවිලි,
තීරනයක් ගන්නත් ඕනේ මමමයි.."

"මගේ සිතුවිලිම දෙකට බෙදිලා,
මටම තීරනයක් ගන්න කියනවා..."

"මං අපායට බය නෑ,
ඒත් ජීවිතේ හැම මොහොතකම,
ගන්න තීරන වලට බයයි.."

✍️

"අවුරුදු 25 ඉදං 35 වෙනකල්,තියෙන කාලය තමයිපිරිමියකුගේ ජීවිතයේ,දරාගන්න අමාරුම කාලය..""මේ කාලයේ,පිරිමි ජීවිතයේ ගැබුරුම සටන්...
23/04/2025

"අවුරුදු 25 ඉදං 35 වෙනකල්,
තියෙන කාලය තමයි
පිරිමියකුගේ ජීවිතයේ,
දරාගන්න අමාරුම කාලය.."

"මේ කාලයේ,
පිරිමි ජීවිතයේ ගැබුරුම සටන්,
වලට මුහුන දෙනවා..
හැබැයි ඔවුන්ට සටන් කරන්න වෙන්නේ,
ලෝකයත් එක්ක නෙවෙයි,
ඒ සටන් කරන්න වෙන්නෙම තමං එක්කෙමයි.."

"පොඩි කාලේ ඉදං හිටපු යාලුවෝ,
ඈත් වෙන්න පටං ගන්නවා,
පවුලේ වගකීම් එනවා,
අනාගතේ ගැන වගකීම් එනවා,
සල්ලි හම්බ කරන විදිය,
සල්ලි වියදම් කරන විදිය,
සල්ලි ඉතුරු කරන විදිය ගැන,
ගැබුරුන් හිතන්න පටං ගන්නවා,
තනිකම කියන දේ මින් පෙර කවදාවත්,
නොදැනුන විදියට ගැබුරින් දැනෙන්න ගන්නවා.."

"ඉතිං සහෝදරයා..
අවුරුදු 25 - 35 අතර කාලය තමයි,
පුරුදු වෙලා හිටපු, හිරවෙලා ඉන්න,
Cycle එක කඩාගෙන ජීවිතේ වෙනස් කරගන්න හොදම කාලේ..
උබට ඒකෙම හිර වෙලා පරන ජීවිතේ,
ඇතුලෙම හිරවෙන්නත් පුලුවං,
ඒක කඩාගෙන එලියට ඇවිත් ජීවිතේ,
අලුතින් ලියාගන්නත් පුලුවං.."

✍️

"මනුස්සයකුගේ,සැබෑ ආධ්‍යාත්මය අවදි වන්නේ,අනිත් අයට දොස් පැවරීම නවතා,හැම මොහොතකම,තමාව නිවරදි කරගැනීමෙන් පමනයි.."🌿🤍
18/04/2025

"මනුස්සයකුගේ,
සැබෑ ආධ්‍යාත්මය අවදි වන්නේ,
අනිත් අයට දොස් පැවරීම නවතා,
හැම මොහොතකම,
තමාව නිවරදි කරගැනීමෙන් පමනයි.."🌿🤍


Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share