lankaline.lk

lankaline.lk පළමුවර කියවීම

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරය...
06/01/2025

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එසේ මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාද, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ යන මහත්වරු ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ

උපාධි ප්‍රශනය උඩු දුවයි- කථානායක ඉල්ලා අස්වෙයි
13/12/2024

උපාධි ප්‍රශනය උඩු දුවයි- කථානායක ඉල්ලා අස්වෙයි

පොල් ගෙඩි 3යි හාල් කිලෝ 5යි අද සිට සතොසෙන්
05/12/2024

පොල් ගෙඩි 3යි හාල් කිලෝ 5යි අද සිට සතොසෙන්

සතොස හරහා ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙ.....

විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විගණනයක්
05/12/2024

විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විගණනයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණ...

ලාදුරු රෝගීන් පිළිබඳ වැදගත් අනාවරණයක්!
05/12/2024

ලාදුරු රෝගීන් පිළිබඳ වැදගත් අනාවරණයක්!

මේ වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

මෙන්ඩිස් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවයි!
05/12/2024

මෙන්ඩිස් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවයි!

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට
05/12/2024

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට...

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒකමතිකව සම්මතයි!
04/12/2024

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒකමතිකව සම්මතයි!

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා.

මෙන්ඩිස් සමාගමේ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි!
04/12/2024

මෙන්ඩිස් සමාගමේ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි!

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු ක...

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුණිකා නිදහස් වෙයි
04/12/2024

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුණිකා නිදහස් වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබ.....

සිවිල් පුද්ගලයින් සඳහා ලබාදෙන ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්!
04/12/2024

සිවිල් පුද්ගලයින් සඳහා ලබාදෙන ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්!

පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

කොල්ලුපිටියේ සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් වටලයි!
04/12/2024

කොල්ලුපිටියේ සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් වටලයි!

නීතිවිරෝධී අයුරින් මත්පැන් කවුන්ටර පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් සුරාබුදු දෙප...

මහවිරු සැමරුම් ප්‍රචාරය : සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට ඇප
04/12/2024

මහවිරු සැමරුම් ප්‍රචාරය : සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට ඇප

උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධන....

ආනයනය ඉක්මන් නොකළොත් සහල් හිඟයක් අත ළඟ
04/12/2024

ආනයනය ඉක්මන් නොකළොත් සහල් හිඟයක් අත ළඟ

ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය ප....

“මම අර්චුනාට ගැහුවේ නැහැ” : සජබ මන්ත්‍රී සුජිත්
04/12/2024

“මම අර්චුනාට ගැහුවේ නැහැ” : සජබ මන්ත්‍රී සුජිත්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළදී ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනාට පහර දුන් බවට කරන චෝදනා ප්‍රතික්ෂ....

සිරිපාදේ ප්‍රතිසංස්කරණයට යැයි පවසා මුදල් ගරන කණ්ඩායමක් ගැන අනාවරණයක්
04/12/2024

සිරිපාදේ ප්‍රතිසංස්කරණයට යැයි පවසා මුදල් ගරන කණ්ඩායමක් ගැන අනාවරණයක්

ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇ....

අස්වැසුම දෙවනි අදියරේ අයදුම්පත් ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්!
04/12/2024

අස්වැසුම දෙවනි අදියරේ අයදුම්පත් ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්!

2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින් අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරී.....

රජයේ අධි සුඛෝපභෝගී වාහන වලට කරන්න යන දේ මෙන්න!
03/12/2024

රජයේ අධි සුඛෝපභෝගී වාහන වලට කරන්න යන දේ මෙන්න!

රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය ක.....

Address

Unit 7/13-17 Avoca Street

Alerts

Be the first to know and let us send you an email when lankaline.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share