NCBC TV

NCBC TV " Bringing Hope to Life "
New Ceylon Broadcasting Company
Visit : NCBC.LK
(1)

06/08/2025
අල්ලස් ගන්න නෙවෙයි අල්ලසක් ගන්න හිතන්නවත් බැරි රටක් බවට අපි ශ්‍රී ලංකාව පත් කරනවා -
01/08/2025

අල්ලස් ගන්න නෙවෙයි අල්ලසක් ගන්න හිතන්නවත් බැරි රටක් බවට අපි ශ්‍රී ලංකාව පත් කරනවා -

01/08/2025
🔴 ශ‍්‍රී ලංකාවට බද්ද 20% තෙක් අඩු කෙරේ… 👉එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වූ අන්‍යෝන්‍ය තීරුබදු ...
01/08/2025

🔴 ශ‍්‍රී ලංකාවට බද්ද 20% තෙක් අඩු කෙරේ… 👉

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වූ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20% දක්වා අඩු කර ඇත.

මෙම නව තීරණය යටතේ, කලින් 10%ක්ව තිබූ තීරුබදු සහ අනෙකුත් බදු මුදල්ද සමග, සමස්ත බදු ප්‍රතිශතය 30%ක් පමණ දක්වා සීමා වනු ඇත.

මීට පෙර එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට 44%ක අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට නියම කර තිබුණද, එය 20%ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ.

31/07/2025

"ගම්බිම් ඔක්කොම ආණ්ඩුව එක්ක එකතු කරගන්නවා.."
සමන්ත විද්‍යාරත්න

ලංකාපුර සම්බන්දීකරන කමිටුව අද දින (31) දින සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පත්මසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී...
31/07/2025

ලංකාපුර සම්බන්දීකරන කමිටුව අද දින (31) දින සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පත්මසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීය.

🔴 ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසාසංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍...
30/07/2025

🔴 ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා

සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.

මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වන බවයි සඳහන් වෙන්නේ.

මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව, දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

මාලදිවයින් ජනපති ආචාර්ය මොහොමඩ් මයිසු මහතාගේ ආරාධනයකට අනුව, වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ මාලදි...
28/07/2025

මාලදිවයින් ජනපති ආචාර්ය මොහොමඩ් මයිසු මහතාගේ ආරාධනයකට අනුව, වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අතර,
ජූලි 28 සිට 30 වනදා දක්වා සිදු කෙරෙන රාජ්‍ය සංචාරය අතරතුරදී, මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන අතර මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසද හමුව ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද බලාපොරොත්තු වන බවයි සඳහන් වෙන්නේ..

22/07/2025
රුපියල් 12😔❤️ඉස්සර පිස්සුවක්❤️😔2006- උපුටා ගැනීමක් -
21/07/2025

රුපියල් 12😔❤️
ඉස්සර පිස්සුවක්❤️😔
2006

- උපුටා ගැනීමක් -

🔴  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ O/L සඳහා යෝජිත කරුණුමෙර​ට අධ්‍යාපන පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යටතේ, අ.ප...
18/07/2025

🔴 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ O/L සඳහා යෝජිත කරුණු

මෙර​ට අධ්‍යාපන පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යටතේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (O/L) සඳහා සිසුන් දැනට මුහුණදෙන විෂයන් 09 වෙනුවට එය විෂයන් 07 ක් දක්වා අඩු කිරීමට යෝජනා ක​ර තිබෙනවා.

එමෙන්​ම, විෂයන් සඳහා A, B, C ලෙස දැනට ලබාදෙන ඇ​ගයීම් ක්‍රමවේද​ය වෙනුවට Credit මත පදනම් වන GPA ලකුණු ක්‍රමයක්​ ද හඳුන්වාදීමට යෝජනා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම නව ක්‍රමවේදය අනු​ව සාමාන්‍ය පෙ​ළ අධ්‍යාපන රාමුව පොදු මූලික විෂයන්, වැඩිදුර අධ්‍යයන ක්ෂේත්‍ර සහ තීර්යක් කුසලතා (Transversal Skills) ලෙස කොටස් තුනකට වෙන්කර තිබෙනවා.

පොදු මූලික විෂය මාලාව යටතේ අනිවාර්යය විෂයයන් 05 ක් සහ තෝරාගත් විෂයන් 02 ක් සිසුන් අධ්‍යයනය කළ යුතුයි. මව් බස, ඉංග්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාව, ආගම සහ සාරධර්ම අධ්‍යයනය යන විෂයන් සිසුන් හැදෑරිය යුතු අනිවාර්යය විෂයන් වනවා. මෙම අනිවාර්යය විෂයන් යටතේ සිසුන් Credit 14 ක් ලබාගත යුතුයි.

පොදු මූලික විෂය මාලාව යටතේ තෝරාගන්නා විෂයන් යටතට මෙතෙක් අනිවාර්යය විෂයක් ලෙස සැලකූ ඉතිහාසය සහ කාණ්ඩ විෂයක් ලෙස සෑම සිසුවෙකුම තෝරාගත යුතුව තිබූ සෞන්දර්යය විෂයද ඇතුළත් කර තිබෙනවා. මීට අමතර​ව දෙවන ජාතික භාෂාව, ICT, පුරවැසි අධ්‍යාපනය, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය, තාක්ෂණය, භූගෝල විද්‍යාව, ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය යනාදිය තෝරාගන්නා විෂයන්ට ඇතුළත් වනවා. මෙහිදී තෝරාගන්නා විෂයන් දෙකෙන් Credit 04 ක් සිසුන් උපයාගත යුතුයි.

මීළඟට වැඩිදුර අධ්‍යයන ක්ෂේත්‍ර යටතේ විෂය කාණ්ඩ 04 ක් හඳුන්වා දී තිබෙනවා. STEM, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව, කළමණාකරණ​ය සහ ව්‍යවසායකත්ව​ය, වෘත්තීය පුහුණු ලෙස මෙම කාණ්ඩ වෙන්කර ඇති අතර, සිසුන් මෙම කාණ්ඩවලට අයත් විෂයන් අතරින් විෂයන් 07 ක් හැදෑරිය යුතුයි. මෙම විෂයන් යටතේ සිසුන් Credit 14 ක් උපයාගත යුතු වනවා.

මීට අමතරව හඳුන්වා දීමට නියමිත තීර්යක් කුසලතා විෂය කාණ්ඩයෙන්ද සිසුන් Credit 03 ක් ලබාගත යුතු අතර, මෙම විෂයන් හඳුන්වා දීමට නියමිතව ඇත්තේ අවශ්‍ය මානව සහ භෞතික සම්පත් වලින් අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණ වූ පසුවයි.

ඒ අනු​ව, සාමාන්‍ය පෙළ සඳහා එක් පාසැල් වාරයක් අවසාන​යේ සමස්​ත ක්‍රෙඩිට් 35 ක් සිසුන් ලබාගත යුතුයි.

මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වාදෙන වැඩිදුර අධ්‍යයන ක්ෂේත්‍ර විෂය කාණ්ඩ 04 මගින් සිසුන්ට ඔවුන් උසස් පෙළ සඳහා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන විෂයන් සඳහා මූලි​ක ප්‍රවේශයක් ලබා දීමේ අවස්ථාවද හිමිකර දී තිබෙනවා.

උපුටා ගැනීම #එසැණ

Address


Telephone

+94779138509

Alerts

Be the first to know and let us send you an email when NCBC TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share