Archaeology News Network Srilanka

Archaeology News Network Srilanka The Archaeology News Network is a daily updated online newspaper featuring all the latest stories an

එක්නැලිගොඩලාගේ  මොල්ලිගොඩලාගේ පිල නොගත් අපේ කාලයේ කැප්පෙටිපොල 🙏
20/06/2023

එක්නැලිගොඩලාගේ මොල්ලිගොඩලාගේ පිල නොගත් අපේ කාලයේ කැප්පෙටිපොල 🙏

ඇදුරුතුමනි ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..💐
17/06/2023

ඇදුරුතුමනි ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..💐

මේ මොහොතේ අමු අමුවේ පුරාවස්තු විනාශයක් සිදුකරමින් සිදුවන හින්දු ප්‍රථිමා තැන්පත් කිරීමක්.. ස්ථානය - වඩන්නාගල පුරාවිද්‍යා...
01/04/2023

මේ මොහොතේ අමු අමුවේ පුරාවස්තු විනාශයක් සිදුකරමින් සිදුවන හින්දු ප්‍රථිමා තැන්පත් කිරීමක්.. ස්ථානය - වඩන්නාගල පුරාවිද්‍යා ස්ථානය, නෙඩුන්කර්නි, වව්නියාව.

Vandalisation of Periyauttikulama ancient monastic site, Vavuniya. By Ama H Vanniarachchy
23/01/2023

Vandalisation of Periyauttikulama ancient monastic site, Vavuniya. By Ama H Vanniarachchy

Ceylon Today FOCUS: 🔎 Archaeology Watch 🔎
වවුනියාව උතුර, පෙරිය උට්ටිකුලම පුරාවිද්‍යා භූමියේ විනාශය. වාර්තා වන දිනය 18.01.202

මෙම පුරාවිද්‍යා ස්ථානය වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙඩිවට්ටකල්ලු ග්‍රාම සේවා වසමේ පෙරිය උට්ටිකුලම් නම් ස්ථානයේ වන රක්ෂිත ප්‍රදේශයක පිහිටා ඇත.
වව්නියාව නගරයේ සිට බෝගස්වැව දක්වා කි.මී. 30 ක් පමණ පැමිණ කැලෑ බෝගස්වැව මාර්ගයේ කි.මී. 4ක් පමණ ගමන් ගත් විට හමුවන වෙල්යාය කෙලවරින් රක්ෂිතයට මී. 500ක් පමණ ගමන් ගත්විට මෙම ස්ථානයට ළඟා විය හැකිය.
මෙම පුරාවිද්‍යා ස්ථානය මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාර්තාගත කර නොතිබූ ස්ථානයකි.

සපුමල්ගස්කඩ පබ්බතාරාම පරිශ්‍රය ඇතුලු මේ අවට පවතින පුරාවිද්‍යා ස්ථාන බොහොමයක් මෙන්ම මෙම ස්ථානයද පබ්බතාරාම සම්ප්‍රධායේ ඉදිකිරීමකි. වව්නියාව-ඒරුපොතාන, සෙට්ටිකුලම, නෙඩුන්කර්නි, පුලියන්කුලම ආදී ප්‍රදේශවලින් ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් සිදුවූ ස්ථාන හමුවේ.

එමෙන්ම මාමාඩුව වැනි මූල ඓතිහාසික යුගයට අයත් සුසාන භූමි, ක්‍රි. පූර්ව යුගවලට අයත් පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි සහිත ඒරුපොතාන,
වෙඩික්කින්නරිමලේ, කොන්ග්‍රායන්කුලම් වැනි ලෙන් ආරාම සංකීර්ණ සහිත ස්ථානද හමුවේ. ප්‍රථිමා, සෙල්ලිපි සහ ගොඩනැගිලි ඉදිකිරීම් වාස්තුවිද්‍යා රූපාකාරය අනුව මෙම ප්‍රදේශයේ පවතින ආරාම සංකීර්ණ අතුරින් වැඩි ප්‍රමාණයක් ක්‍රි.ව. 8-10 සියවස් අතර කාලයට අයත් බෞද්ධ ආරාමික ලක්ෂණ සහිත ඉදිකිරීම් වේ.

සපුමල්ගස්කඩ ආරාම පරිශ්‍රයට කි.මී. 2ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටි මෙම විනාශකර දමන ලද පුරාවිද්‍යා ස්ථානයද එම යුගවලටම අයත් බව හමුවන පුරාවිද්‍යාත්මක අවශේෂ මගින් තහවුරු කර ගත හැකි වේ.

මෙම පුරාවිද්‍යා ස්ථානය විනාශකරමින් සිදුව ඇති නිධන්වස්තු සෙවීමක් පිළිබඳ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් මඟින් 2023.01.18 දින තොරතුරු ලැබුණු අතර ඔවුන් එම ස්ථානයේ ලබාගත් ඡායාරූපද අප වෙත එවා තිබුණි. පසු දින 2023.01.19 දින වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයේ හානි වාරතාගත කිරීම සඳහා එම ස්ථානයට ගමන් ගත් අතර ඒ සමඟ සපුමල්ගස්කඩ විහාරාධදිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි, බෝගස්වැව පොලිස් ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරි පිරිසක්ද පැමිණියේය.

මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක භූමි දර්ශණයට සහ පුරාවිද්‍යාත්මක සන්දර්භයට දැඩි හානි පමුණුවමින් පස් ස්ථර ව්‍යාකූල කරමින් සිදුකර ඇති අනවසර කැණීමක් සිදුකර තිබේ. එහිදී හමුදා බුද්ධි අංශ විසින් එවා තිබූ ඡායාරූපවල සටහන්ව තිබූ බෝධිසත්ව ප්‍රථිමාවද අතුරුදන් වී ඇති ආකාරය දැකගත හැකි විය. මෙ පැය 24ක් වැනි ඉතා ආසන්න කාලයක් තුළ සිදුවූවක් බව නිගමනය කළ හැකිය.

පිළිමගෙය මධ්‍යයේ මීටර් 3ක් පමණ විශ්කම්භයෙන් යුතු මීටර් 3ක් පමණ ගැඹුරින් යුතු වළක් හාරා එහි තිබූ යන්ත්‍රගල් ආදිය ගොඩගෙන කඩා ඇති ආකාරය දැකගත හැකිවිය. මෙම ස්ථානයේ සිරස සහ අත් කැඩී ගිය පාද ප්‍රදේශයෙන් දෙකට කඩා දමා තිබූ බුද්ධ ප්‍රථාමාවක්, පිළිම පාදම්, සිරිපතුල්ගල්, පැරණි උ`ඵ, මැටි බඳුන් කොටස් හමුවේ. මෙම නිධන් සෙවීමේ ක්‍රියාකාරකම් මීට පෙර විවිධ කාලවල සිදුව ඇති බවටද සාධක හමු විය. අසල පිහිටි ස්තූප ගොඩැල්ලද මීට බොහෝ කාලයකට ඉහත හාරා ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකි විය.

වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලය මඟින් සිදුව ඇති පුරාවස්තු විනාශය සහ විතැන් කිරීම ආදී කාරණාවන්ට අදාල වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන පුරාවස්තු ආඥා පනත යටතේ දඩුවම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරණ ලෙස බෝගස්වැව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොණු කරන ලදී.

මෙම පුරාවිද්‍යා ස්ථාන වනගතව අනාරක්ෂිතව පිහිටා තිබීම මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව මෙවැනි ස්ථානවල ආරක්ෂාවක්ෂාවක් සැපයීමට තරම් ප්‍රමාණවත් මුරකරුවන් සහ නඩත්තු කටයුතු සිදුකිරීමට ප්‍රමාණවත් සේවකයන් නොමැති වීම ප්‍රධාන ගැටලුවකි. නමුත් දෙපාර්තමේන්තුවේ ඇතැම් ප්‍රාදේශිය කාර්යාල සතුව සේවක නිලධාරි අතිරික්ත පවතින නමුත් ඔවුන් මෙවැනි ප්‍රදේශවලට යොමු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු බලධාරීන් අසමත් වීම කණගාටුවට කරුණකි.
සම්පූර්ණ සිදු වීම කියවන්න -
https://ceylontoday.lk/2023/01/23/vandalisation-of-periya-uttikulam-ancient-monastic-site-vavuniya/

Address

Main Street
Vavuniya
43000

Telephone

+94710923727

Website

Alerts

Be the first to know and let us send you an email when Archaeology News Network Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Archaeology News Network Srilanka:

Share