VCSW TV

VCSW TV VCSWTV is Sri Lanka’s first global news brand committed to factual reporting.

VCSWTV is Sri Lanka’s first global news brand committed to factual reporting.Founded with the objective to introduce global perspectives to the island-nation, VCSWTV is dedicated to provide accurate and unbiased content featuring LIVE updates, and real-time breaking news as it develops.

වවුනියාව කසල ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීමට අමාත්‍ය උපාලි සමරසිංහ පිටියටවවුනියාව පම්පමඩුව සාලම්බකුලම් කසල අංගනය හේතුවෙන් ...
07/04/2026

වවුනියාව කසල ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීමට අමාත්‍ය උපාලි සමරසිංහ පිටියට
වවුනියාව පම්පමඩුව සාලම්බකුලම් කසල අංගනය හේතුවෙන් උද්භව වී ඇති පාරිසරික හා සමාජීය ගැටළු පිළිබඳ සොයාබැලීම සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා 2026 අප්‍රේල් 06 දින එම ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
වවුනියාව මහනගර සභා බලප්‍රදේශයේ දෛනිකව එකතු කරනු ලබන කසල මෙම ස්ථානයට රැගෙන එන අතර, එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වඩාත් කාර්යක්ෂම හා පරිසර හිතකාමී විසඳුම් සොයා බැලීම අරමුණු කරගනිමින් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණ.
එහිදී කසල අංගනය වෙනත් සුදුසු ස්ථානයකට මාරු කිරීම සඳහා ඇති ඉඩප්‍රස්ථාව සොයා බැලීමට වවුනියාව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීමට යෝජනා කෙරිණි. එතෙක්, දෛනිකව රැගෙන යන කසල නිසි පරිදි වළ දැමීම සිදුකරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.
තවද, මාසයක් ඇතුළත මෙම කසල ගැටළුවට ස්ථිර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරය අතරතුර, කසල ගැටළුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර, ගැටළුව පිළිබඳ අවධානය යොමු කර කඩිනමින් විසඳුම් සෙවීමට ඉදිරිපත් වූ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ප්‍රදේශවාසීන් විසින් විශේෂ කෘතවේදීත්වය පළ කරනු ලැබීය.
1992 වසරේ සිට වවුනියාව මහනගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන මෙම කසල අංගනය අක්කර 15ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී ඇති අතර, වර්තමානයේ එය ප්‍රදේශයේ ප්‍රධාන පාරිසරික ගැටළුවක් ලෙස පවතින බව ද වාර්තා වේ.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

අප්‍රේල් විරුවන් සිහිපත් කරමින් ජ.වි.පේ. 55 වැනි සමරුව වවුනියාවේ.    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ව...
06/04/2026

අප්‍රේල් විරුවන් සිහිපත් කරමින් ජ.වි.පේ. 55 වැනි සමරුව වවුනියාවේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 04 05 දින පැවැත් වූ අතර, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, යන මහත්වරුන්ගේ සහභාගීත්වයද මෙම අවස්ථාවට ලැබිණි.

1971 අප්‍රේල් 5 වැනිදා සිදුකළ ජනතා නැගිටීම සිහිපත් කරමින් සහ එහිදී ජීවිත පූජා කළ විරුවන්, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා ඇතුළු මියගිය විරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්තු කුමාර නවරත්න, වන්නි දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලකනාදන් සහ එම්. ජගදීස්වරන් මහත්වරුන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් හා ආධාරකරුවන් රැසක් එක්ව සිටියහ.

බදාදා දින රජයේ කාර්යාල වෙත ලබාදී ඇති නිවාඩුව අවලංගු කෙරේබදාදා දින රජයේ කාර්යාල වෙත ලබාදී ඇති නිවාඩුව අවලංගු කිරීම සම්බන්...
06/04/2026

බදාදා දින රජයේ කාර්යාල වෙත ලබාදී ඇති නිවාඩුව අවලංගු කෙරේ

බදාදා දින රජයේ කාර්යාල වෙත ලබාදී ඇති නිවාඩුව අවලංගු කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

සමූපකාර දෙසතියට සමගාමීව - වවුනියාවෙන් නවීකරණ වැඩපිළිවෙලට ආරම්භයජනතාවට ප්‍රතිලාභ මොනවාද? 01. සමූපකාර සේවා ගුණාත්මකභාවය ඉහ...
28/03/2026

සමූපකාර දෙසතියට සමගාමීව - වවුනියාවෙන් නවීකරණ වැඩපිළිවෙලට ආරම්භය
ජනතාවට ප්‍රතිලාභ මොනවාද?

01. සමූපකාර සේවා ගුණාත්මකභාවය ඉහළ යාම
02. ප්‍රාදේශීය ආර්ථිකය ශක්තිමත් වීම
03. කර්මාන්ත හා රැකියා අවස්ථා වර්ධනය
04. ජනතාවට පහසු සහ විශ්වාසදායක සේවා ලබාදීම
යන කරුණු මූලික කරගෙන
දිවයින පුරා ක්‍රියාත්මක වන සමූපකාර දෙසතිය නිමිත්තෙන්, වවුනියාව දිස්ත්‍රික්කයේ සමූපකාර දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි හා සමූපකාර සමිති මගින් පවත්වාගෙන යන කර්මාන්ත ශාලා නවීකරණ වැඩසටහන් අද (2026 මාර්තු 27) සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයෙන් ආරම්භ කෙරිණ.
මෙම වැඩසටහන යටතේ උතුරු පළාත පුරා පිහිටි කෝප් සිටි ඇතුළු සමූපකාර ආයතනවල ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, එහි ප්‍රථම අදියර වවුනියාව දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.
එමෙන්ම, දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක විවිධ සේවා සමූපකාර සමිතිවල පවතින ගැටළු, කෝප් සිටි සේවා පුළුල් කිරීම, සහ සමූපකාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ගැටළු පිළිබඳව නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්වුණි.
තවද, වවුනියාව විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ පවත්වාගෙන යන තලතෙල් නිෂ්පාදනාගාරය අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරමින් එහි ඉදිරි සංවර්ධන අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළේය.
දිස්ත්‍රික්කයේ කෝප් සිටි සේවා පුළුල් කිරීම සහ සමූපකාර දෙපාර්තමේන්තුව සතු ඉඩම් ගැටළු විසඳීම සඳහා පළාත් ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු සම්බන්ධිත රාජ්‍ය නිලධාරීන් එක්ව විශේෂ සාකච්ඡාවක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සකස් කිරීමටද මෙහිදී යෝජනා විය.
මෙම අවස්ථාවට වවුනියාව සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් එස්. ශ්‍රීකුමරන්, වවුනියාව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති එන්. ශ්‍රීස්කන්දරාජා, සහ සාමාන්‍ය අධිකාරී ටි. පරහලනාදන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය

හෙක්ටයාර් 30,000ක වී අස්වැන්න සමඟ මුලතිව් අලුත් සහල් මංගල්‍යය උත්සවශ්‍රීයෙන්..2026 මාර්තු 23 දින මුලතිව් දිස්ත්‍රික්කයේ ...
26/03/2026

හෙක්ටයාර් 30,000ක වී අස්වැන්න සමඟ මුලතිව් අලුත් සහල් මංගල්‍යය උත්සවශ්‍රීයෙන්..

2026 මාර්තු 23 දින මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටාපලෙයි ප්‍රදේශයේ කන්නගි අම්මාන් කොවිල අභියසදී අලුත් සහල් මංගල්‍යය උත්සවය සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි.

නව වසර සඳහා නෙළාගත් අලුත් සහල් භාවිතයෙන් හින්දු චාරිත්‍රානුකූලව කිරි සහ හකුරු මිශ්‍ර කිරිබතක් සහ එළවළු මිශ්‍ර බතක් සකස් කර දෙවියන් වෙත පිදීම මෙහි ප්‍රධාන අංගයක් ලෙස සිදු කෙරිණි. සෑම වසරකම පැවැත්වෙන මෙම සම්ප්‍රදායික උත්සවය ගොවි ජනතාවගේ ආගමික හා සංස්කෘතික ජීවිතයේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

මෙවරද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් හින්දු චාරිත්‍රානුකූලව පිසින ලද කිරි සහ හකුරු මිශ්‍ර කිරිබත දෙවියන් වෙත පූජා කිරීම සිදු කරමින් උත්සවයේ කටයුතු ආරම්භ කරන ලදී.
මුලතිව් දිස්ත්‍රික්කයේ මෙවර වගා කාලයේදී හෙක්ටයාර 30,000කට ආසන්න ප්‍රමාණයක වී වගා කර ඇති බව සඳහන් වේ. මෙම අලුත් සහල් මංගල්‍යය එම අස්වැන්නට ස්තූති පුද කිරීමක් ලෙසද සැලකේ.

මෙම අවස්ථාවට මුලතිව් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් එෆ්. කෙනීජුඩ් මහතා ඇතුළු ගොවිජන සේවා නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය

ආපදා අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම සඳහා ආධුනික ගුවන්විදුලි හදිසි සන්නිවේදන ජාලයක් ස්ථාපනයට ජපාන රජයේ සහාය ලබා ගැනීමට කැබි...
24/03/2026

ආපදා අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම සඳහා ආධුනික ගුවන්විදුලි හදිසි සන්නිවේදන ජාලයක් ස්ථාපනයට ජපාන රජයේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

පසුගිය කාලයේ ඇති වූ ආපදා තත්ත්වයන්හිදී දුරකථන සන්නිවේදන ජාල බිඳ වැටීම හේතුවෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සහ සහන මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය අඩාල වීම නිසා මුහුණ පෑමට සිදු වූ ගැටලු සැලකිල්ලට ගෙන, එවැනි අවස්ථාවලදී විකල්ප සන්නිවේදන ජාලයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව,දුරකථන සන්නිවේදන ජාල ක්‍රියාත්මක නොවන හදිසි ආපදා අවස්ථාවලදී සන්නිවේදනයට සහාය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය (RSSL) සමඟ සහයෝගයෙන් ආධුනික ගුවන්විදුලි සන්නිවේදන පද්ධති භාවිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මූලික පියවර ගෙන ඇත. එම ව්‍යාපෘතියට අවශ්‍ය ආධුනික ගුවන්විදුලි සන්නිවේදන උපකරණ මිල දී ගැනීම සඳහා 'කලාපීය මානුෂීය ආරක්ෂක ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහන' යටතේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය හරහා ඇමෙරිකානු ඩොලර් 181,837ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එම ප්‍රදානය භාර ගැනීම සඳහා ජපාන රජය සමඟ ප්‍රදාන ගිවිසුමක් අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුදුකුඩිඉරිප්පු වෙළඳ සංගම ගැටළු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක්.මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ...
24/03/2026

පුදුකුඩිඉරිප්පු වෙළඳ සංගම ගැටළු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක්.

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයින් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් (2026 මාර්තු 22) දින සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම සාකච්ඡාවට පුදුකුඩිඉරිප්පු වෙළඳ සංගමය නියෝජනය කරමින් ව්‍යාපාරිකයින් රැසක් සහභාගී වූ අතර, ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටළු ලෙස ව්‍යාපාරික අභියෝග, ස්ථිර ගොඩනැගිල්ලක් නොමැතිවීම සහ ව්‍යාපාරික පහසුකම් හිඟය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

එමෙන්ම කෘෂිකර්ම, සත්ව පාලන සහ ඉඩම් සම්බන්ධ ගැටළු පිළිබඳවද විශේෂයෙන් අවධානය යොමු කරමින්, ඒ සඳහා කඩිනම් විසඳුම් සොයා බැලීමට උතුරු පළාත් ඉඩම් නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු වගකිවයුතු පාර්ශව සමඟ විශේෂ සාකච්ඡාවක් කැඳවීමට නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය.

යුද්ධයෙන් පසු පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සංවර්ධනයට වෙළඳ සංගමය ලබාදුන් දායකත්වය අගය කරමින් එම සංගමය වෙත විශේෂ ස්තූතිය ද පිරිනමන ලදී.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ටි. තිලගනාදන් මහතා, පුදුකුඩිඉරිප්පු වෙළඳ සංගමයේ සභාපති ටි. නවනීදන් මහතා ඇතුළු සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය

කාන්තා සවිබලගැන්වීම උදෙසා වවුනියාවේ විශේෂ කාන්තා දින සැමරුමක්මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙ...
23/03/2026

කාන්තා සවිබලගැන්වීම උදෙසා වවුනියාවේ විශේෂ කාන්තා දින සැමරුමක්

මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහනක් 2026-03-20 දින එම කාර්යාල පරිශ්‍රයේදී උත්සවත්ශ්‍රීයව පැවැත්විණි. මෙම අවස්ථාවට සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වය ලැබිණි.
මෙහිදී කාන්තා සවිබලගැන්වීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විවිධ තරඟාවලි සංවිධානය කර තිබූ අතර, එම තරඟවල ජයග්‍රාහක කාන්තාවන්ට සහ සිසුදරුදැරියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
වැඩසටහනට එක්වූ සිසුදරුවන් විසින් තම කුසලතා විදහා දක්වමින් අලංකාර නර්ථනාංග රැසක් ඉදිරිපත් කිරීමෙන් අවස්ථාව වර්ණවත් කළහ.
එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ කාන්තා සවිබලගැන්වීම වෙනුවෙන් කැපවී සේවය කළ රාජ්‍ය නිලධාරීන්ටද මෙම අවස්ථාවේදී සමරු තිළිණ ප්‍රදානය කරමින් ඔවුන්ගේ සේවාව අගය කරනු ලැබිණි.
මෙම උත්සව අවස්ථාවට වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර, අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්. කමලදාසන්, වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් අසංක කාංචන මහත්වරුන් ඇතුළු නිලධාරීන් හා ආරාධිත පිරිසක්ද එක්ව සිටියහ

Address

Vavuniya

Alerts

Be the first to know and let us send you an email when VCSW TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VCSW TV:

Shortcuts

Share

Category