Wadakada Api

Wadakada Api වදාකඩ අපි

16/04/2025
16/02/2025

ජීවිතේ එක් වරක්
එකම වතාවක්
හැම කෙනාටම හම්බෙනවා
මුලු ආත්මෙම
සසල කරන්න පුලුවන්
හරි ලස්සන ආදරයක්...

කාට ආදරේ කලත්,
කාට ආකර්ෂණය උනත්,
ඒ හමුවන කෙනා තරම්
කවදාකවත් ජීවිතේට දැනෙන්නෙ නැති තරම් ඒ කෙනාට හදවතින්
ලන් වෙනවා...
ඒ වගේ කිසිම කෙනෙක් තදුරටත් දැනෙන්නෙ නැති තරමටම..

මේ ඇත්ත හැමෝටම පොදුයි
ගොඩක් වෙලාවට හැමෝටම
එහෙම කෙනෙක් මුණගැහෙනවා..
හරි කලාතුරකින්..
ඒත් අනිවාර්යයෙන්ම..

එතැන් පටන් ඒ රූපය
අපි මැරුණත් අපෙ හදවතින් මැකෙන්නෙ නෑ..
සසරෙ අවසානය වෙනකන්ම ඒ කෙනා අපි එක්ක අපෙ යටි හිතේ
හරි පරිස්සමට හැන්ගිලා ඉන්න නිසා...

🥺💐🕊️❤️..

..

12/12/2024

1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා.. මොකද මැරෙන කම්ම ඒක හදන එක තමයි වෙන්නෙ..
2. තරගෙට වාහන ගන්නත් එපා. ඒකත් එහෙමමයි
3. දරුවො සලකයි කියලා තියෙන ඔක්කොම කලින්ම බෙදන්න යන්නත් එපා
4. රස්සාවෙන් අන්තිමට ලැබෙන මුදල කොහොමත් කාටවත් දෙන්න එපා
5. මගෙ ලමයි කියලා ඒගොල්ලො ලග පදින්චියට යන්නත් එපා.. ඒ ගොල්ලොත් හැකි පමන ලග තියාගන්නත් එපා.
6. පුලුවන් කාලෙ කැමති තැන් තමුන්ම යනව මිසක් දරුවො එක්ක යයි කියලා හීන දකින්නත් එපා..
7. සැමියා , බිරිද කන්න කැමති දෙයක් හදල, එහෙම නැත්තම් ගෙනැවිත් දෙනව මිසක් පස්සෙ එයා ආසයි කියලා දානෙට දෙන්න ඉන්නත් එපා..
8. උදේ ඉදන් රෑ වෙනකන් කරන්න වැඩ හදාගන්නත් එපා....
9. ගානට කන එකයි, අවශ්‍ය පමන නින්දයි අපි නීරෝගී කරන බව අමතක කරන්නත් එපා ..
10.. අරය කරයි, මෙයා කරයි කියලා කිසි දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා.. ලැබුනොත් ඒක බෝනස් එකක් ..🤣
වයසට යනකොට මේ ටික හදාගත්තොත් විස්වාස කරන්න අපි හැමෝම කවදත් සතුටින් ..
මොකද බලාපොරොත්තු කඩවීම කියන්නෙම මේ ලෝකයේ තියෙන දරුනුම
හිත් වේදනාවල් වලින් එකක්
ස්තුතියි

Copy

Address

Wadakada, Polgahawela
Wadakada
60318

Website

Alerts

Be the first to know and let us send you an email when Wadakada Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category