SL News

SL News News

22 වන සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුව අසලට ජන ගගක්.
24/09/2026

22 වන සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුව අසලට ජන ගගක්.

රොෂාන් - ළුෑණු වලට සහනාධාර දීලා ඇස්වැන්න වැඩි වුනාට වෙළෙදපොල ළුෑණු මිල වැඩියි..ඔබතුමාල විපක්ෂයේ  ඉද්දි කිව්වේ වෙළද ඇමතිට...
24/09/2026

රොෂාන් - ළුෑණු වලට සහනාධාර දීලා ඇස්වැන්න වැඩි වුනාට වෙළෙදපොල ළුෑණු මිල වැඩියි..ඔබතුමාල විපක්ෂයේ ඉද්දි කිව්වේ වෙළද ඇමතිට කොමිස් එකක් යනවා කිව්වා..ලේකම්ට ගානක් යනවා කිව්වා..තොග සංස්ථාවේ මාෆියා එකක් තියනවා කිව්වා..දැන් ඒවා කළමණාකරණය කරලා ළුෑණු කිලෝවක මිල අඩුකරන්න..

ඇමති වසන්ත - ඕවා කතාවට කියන කතා රොෂෘන්.... මම කිව්වා කියලා ඔබට ඔප්පු කරන්න පුලුවන්ද?

රොෂාන් - ඔප්පු කරන්න අවශ්‍ය නෑ ඇමතිතුමා..ඔබතුමාගේ හෘද සාක්ෂිය දන්නවා..ඔබ මෙතනට ඇවිල්ල කිව්වේ නැද්ද එක හාල් ඇටයක් රටින් ගේන්නෑ කියලා

ඇමති වසන්ත - ඔව් කිව්වා..අපි ගෙන්නුවා..දැන් මොකක්ද තියන ප්‍රශ්නේ..

රොෂාන් - මුකුත් ප්‍රශ්නයක් නෑ..කියපු දේ නොවුනා එච්චරයි..

21/09/2026

අලුත් ඉරක් වැඩම්මවු නායකත්වය

ඉදිරි අවුරුදු තුන වෙනුවෙන් ජනපතිගෙන් පොරොන්දු ගොන්නක්
20/09/2026

ඉදිරි අවුරුදු තුන වෙනුවෙන් ජනපතිගෙන් පොරොන්දු ගොන්නක්

අපි බදු බර අඩු කරනවා.
20/09/2026

අපි බදු බර අඩු කරනවා.

අකුරැස්ස නගරය ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ගැටලුව විසඳීම සඳහා වත්මන් ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්...
20/09/2026

අකුරැස්ස නගරය ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ගැටලුව විසඳීම සඳහා වත්මන් ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

අකුරැස්ස නගරයට දින දෙකක් අඛණ්ඩව දැවැන්ත වර්ෂාවක් ඇදහැළුණද, මීට පෙර නිරන්තරයෙන් ගංවතුරට යට වූ ප්‍රදේශවල මෙවර එවැනි තත්ත්වයක් ඇති නොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

''මේ අකුරැස්ස නගරේ අද වෙනකොට දවස් දෙකක් එකදිගට වහිනවා. මේ වගේ දැවැන්ත වර්ෂාවක් වුණා නම් ..පොඩි වැස්සක් ඇති වුණත් මේ අකුරැස්ස නගරේ අමලගොඩ හන්දිය, ඒ වගේම කපුදූව, මාතර, තිහගොඩ, හිත්තැටිය හැම එකම යට වෙනවා. දෙනියායට පිටබැද්දරට වහිනකොට අකුරැස්ස යට වෙනවා.

මේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනියෙන්ම දුන්න පොරොන්දුවක් තමයි නිල්වලා ගඟේ අර්බුදය අපි විසඳනවා කියලා. ඒක දිගු කාලීන සැලැස්මක්. ඒ සැලැස්ම වෙනුවෙන් මිලියන 1000ක් අනුර සහෝදරයා වෙන් කළා. ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙනකොට මිලියන 1200ක්, කෝටි 120ක් කන්න හතක වගා වන්දි දෙන්න මුදල් වෙන් කළා. ඊට අමතරව අපි, ආපදා කළමනාකරණ සහෝදරවරු, හමුදාවේ සහෝදරවරු සම්පුර්ණයෙන්ම නිල්වලා ළඟ සුද්ද කළා. අතුරු ඇළවල් සුද්ද කළා. අපි ආපු දවසේ ඉඳලා අද වෙනකම් ගං වතුරක් අකුරැස්සට නෑ, මාතරට නෑ."

දැන් මෙවුනුත් අර වගේ පුතා!සිංහ ගතිය ඉවරයි. නරියා එළියට පනිනවා.....---------------"පහුගිය කාලේ ගෙවල් ගානේ යනවා, පාරවල් ගා...
17/09/2026

දැන් මෙවුනුත් අර වගේ පුතා!සිංහ ගතිය ඉවරයි.
නරියා එළියට පනිනවා.....
---------------
"පහුගිය කාලේ ගෙවල් ගානේ යනවා, පාරවල් ගානේ යනවා, පයින් කිලෝමීටර් ගණන් යනවා, පුට්‌ සයිකල් පදිනවා..ඡන්දදායකයෝ එක්කහු කරනවා, සාකච්ඡා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම එකක් කරන්න. මේ රජයන්ගෙන් අසාධාරණකම් මානවයාට කරන්නේ කිය කියා, ඔහොම ගිහිල්ලා හිඟා කාලා හිඟා කාලා මිනිස්සුත් වැටෙන්න වළක් නැතුව, බේරෙන්නම ක්‍රමයක් නැතුව,ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගත්තා.

දැන් මෙවුනුත් අර වගේ පුතා!

මෙවුනුත් අර ඉස්සර තිබිච්ච අර රාජකාරී වැඩසටහන් ඔක්කොම අතහැරලා, ඈ... නරියා රජ වුණා කියලා හිතාගෙන ඉන්නේ..නරියා රජ වෙලා, සිංහයා වෙලා...කට ඇරලා හූ කියපු ගමන් පුතා!ඉවරයි, සිංහ ගතිය ඉවරයි. නරියා එළියට පනිනවා....."

‘ දිව්‍ය ලෝකයට ගියත් අමෘතයට ලුණු මදියි කියලා උද්ඝෝෂණය කරපු අය.😁
17/09/2026

‘ දිව්‍ය ලෝකයට ගියත් අමෘතයට
ලුණු මදියි කියලා උද්ඝෝෂණය කරපු අය.😁

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උපුල් අබේවික්‍රමමන්ත්‍රීවරයා 15 රාත්‍රියේ "වාද පිටිය" දේශපාලන සංවාදයට එක්වෙමි...
17/09/2026

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උපුල් අබේවික්‍රම
මන්ත්‍රීවරයා 15 රාත්‍රියේ "වාද පිටිය" දේශපාලන සංවාදයට එක්වෙමින් පවසා සිටියේ තම පක්ෂයේ කිසිවෙකුත් යාචකයින් නොවන බවයි

සර්වජන බලය ආසන සංවිධායක නලීන් පතිරණ විසින් “ඔයගොල්ලෝ ඒකාලේ කිව්වේ හිල් යට ඇඳුම් ගැනනේ.. දැන් කොහොමද කෝටිපතියන් වුණේ?” යැයි කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් මාලිමා මන්ත්‍රීවරයා පවසා සිටියේ,
“නිකං ගොං කතා කියන්න එපා.. මෝඩ කතා කියන්නෙපා..මොනාද මේ කියන්නේ? අපි කවද්ද හිල් යට ඇඳුම් ඇන්දේ? අපි මිලියනර්ස්ලා තමයි. ඉතින් ඇයි?අපි කිව්වේ ජනතාවගේ මුදල් හොරකම් කරන්නෑ කියලා..” යනුවෙනි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිතව තිබූ ජනරැලි මාලාවේ කාල පරතරය දීර්ඝ කිර...
17/09/2026

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිතව තිබූ ජනරැලි මාලාවේ කාල පරතරය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

රජයේ දෙවසරක කාලසීමාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව සෑම දිස්ත්‍රික්කයකම ජනරැලි දෙක බැගින් පැවැත්වීමට ජාතික ජන බලවේගය මූලික වශයෙන් සැලසුම් කර තිබූ නමුත් එම කාලසටහන සංශෝධනය කිරීමටත්, රැලි පවත්වන දින අතර කාල පරාසය වැඩිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය

''අපි මුලින් අදහස් කළේ ඉතා කෙටි කාල පරාසයන් තුළ මෙම ජනරැලි පවත්වා අවසන් කිරීමටයි. නමුත් කාලසටහන සංශෝධනය කිරීමත් සමඟ ඇතැම් රැස්වීම් කලින් නියමිත දිනවලට වඩා පසු දිනවල පැවැත්වීමට ඉඩ තිබෙනවා. කෙසේවෙතත්, කලින් සැලසුම් කළ සියලුම රැලි අනිවාර්යයෙන්ම පවත්වනවා. සිදුවන්නේ ඒවා තදබද කාලසටහනකට අනුව එක දිගට නොපවත්වා, වැඩි කාල පරතරයක් සහිතව පැවැත්වීම පමණයි,"

Address

Wadduwa
81000

Website

Alerts

Be the first to know and let us send you an email when SL News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share