Daladawaththa Media Unit - DMU

Daladawaththa Media Unit - DMU Daladawaththa Media Unit
දළදාවත්ත මාධ්‍ය ඒකකය

20/08/2026

කෝට්ටේ රාජධානි සමයෙහි ඇති වූ පර සතුරු ආක්‍රමණයන්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කර ගැන්මට හිරිපිටියේ රාල දිව නිලමෙ තුමන් දළදා වහන්සේ රහසිගතව මාතරට වඩමවන අතරතුරේදී තෙල්පිටිය ග්‍රාමයේ නුග බෙනයක දළදා වහන්සේ සඟවා ආරක්ෂා කල වගයි.
දළදාවත්ත මාධ්‍ය ඒකකය.

තල්පිටි ගමේ උරුමයක පෙළහර 🙏☸️වාද්දුව තල්පිටිය ගමේ දළදාවත්ත පුරාණ මහා විහාරයේ චිරාත්කාලයක පටන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත...
20/08/2026

තල්පිටි ගමේ උරුමයක පෙළහර 🙏☸️

වාද්දුව තල්පිටිය ගමේ දළදාවත්ත පුරාණ මහා විහාරයේ චිරාත්කාලයක පටන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන සම්බුදු පුජාව, ඇසල මස 20වන දින පටන් දින ශතකයකින් එළැඹෙන ඉල් මස 28වන දින 93 වසරක් සපුරමින් පැවැත්වෙන වගයි.

🏵️වාද්දුව තල්පිටියේ ශ්‍රී දළදා මහා පෙරහැර 🏵️

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2567 (ව්‍ය.ව 2026) වැන්නේ කලුතර දිස්ත්‍රික්කයේ එකම හා අඛණ්ඩව පැවත ආ දළදා පෙළහර මහා මංගල්ලය . සධාතුක පෙරහර කරඬු වහන්සේ හිසින් දරමින් පින්සාරවත් මඟුලැතු, ධවල පාවාඩ මතින්, උඩරට, පහතරට, සබරගමු ප්‍රභාමත් නර්තන ලීලයෙන් ද, පංච තුර්ය නදින් පිදුම් ලබමින්, මෙම බුද්ධ පුජාව සදහා නායකත්වය ලබාදුන් අලව්වේ ශ්‍රී රේවතාභිධාන මහා සංඝ පරම්පරාවෙන් පැවත එන බුද්ධ පුත්‍රයන් වහන්සේලා හා වසර 93 ක් පැරණි තරුණ බෞද්ධ සමිතියෙහි සාමාජිකයන් පරිවාර කොට ගනිමින්, ඉල් මස 28 වන ශනි දින අපරභාගයෙහි එළැඹෙන සුභ මුහුර්ථයෙන්, 93වන ශ්‍රී දළදා පෙරහර, උත්තම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් දා කරඬු වහන්සේ පෙරටු කොට ගනිමින්, දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පහත රට මහා සංස්කෘතික පුජෝපහාරයේ අභිමාණය සකල ලෝක වාසින්ගේ නේත්‍රාභිවන්දනයට පාත්‍ර විමට ඇත්තේ සියක් දිනකි .
දළදාවත්ත මාධ්‍ය එකකය

දළදාවත්ත මාධ්‍ය එකකය
Daladawaththa Media Unit - DMU
තල්පිටිය දළදා වත්ත පුරාණ මහා විහාරය

01/06/2026
01/06/2026
වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථ ශ්‍රී රේවත දහම්පාසල් වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කිරීම මැයි මස 10 ...
29/05/2026

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථ ශ්‍රී රේවත දහම්පාසල් වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කිරීම මැයි මස 10 දින සිදු කෙරිණි.

දළදාවත්ත පුරාණ මහා විහාරයතල්පිටිය        ඵෙතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායෙ...
26/05/2026

දළදාවත්ත පුරාණ මහා විහාරය
තල්පිටිය

ඵෙතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය අගලබඩ පියසිරි මහා ස්වාමිපාදයානන් වහන්සේගේ අපවත්වීම පිළිබඳව අසා අප මහත් සංවේගයට පත්වීමු.
සිංහල බෞද්ධ ජනයාගේ මුදුන් මල් කඩවූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එදා ⁣ඵෙතිහාසික දෙල්ගමුව විහාරයට වැඩම කරන අතරතුර ආරක්ෂාව සැපයූ පූණ්‍ය භුමි ලෙස සිත්තම්ගල්ලෙන රජ මහා විහාරයත්, වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරයත් අතර ඇති ශතවර්ෂාධික ඵෙතිහාසික තොරතුරු වල සම්බන්ධතාවය තවදුරටත් උද්දීපනය කරමින් ශක්තිමත්ව පවත්වාගන්නට අපවත්වී වදාළ නායක මාහිමිපානන් වහන්සේ වර්තමානයේ දැක්වූ උනන්දුව සහ කැපවීම මේ මොහොතේ සිහිපත් කරන්නේ අතිමහත් ගෞරවයෙනි. එම කැපවීම සහ උනන්දුව තවදුරටත් සපථ කරමින් මෙම මස 24 දින අප විහාරස්ථානයේ පැවැත්වෙන අපවත්වී වදාළ අති ගෞරවණීය තල්වත්තේ ඉන්ද්‍රජෝති නායක මාහිමියන්ගේ වාර්ෂික ගුණානුස්මරන පිංකමෙහි සාංඝික දානමය පිංකමට වැඩම කරවීමට උන්වහන්සේට කල ආරාධනය අප කෙරෙහි මහත් කරුණාවෙන් පිළිගත් බව මෙහිදී සඳහන් කරන්නේ පුණ්‍යානුමෝදනා ස්තුති පූර්වකවය.
උන්වන්සේගේ අපවත්වීම අප විහාරස්ථානයටත්, සමස්ථයක් ලෙස ශාසනයටත්, රටටත් පිරිමැසිය නොහැකි පාඩුවක් වනු නොඅනුමානය.
අපවත්වී වදාළ උන්වන්සේ වෙනුවෙන් වාද්දුව තල්පිටිය දළදාවත්ත මහා විහාරස්ථානයේ සහ එහි විහාරකාර්ය සාධක සමිතිය ඇතුළු සියළුම සංවිධානවල බලවත් සංවේගය පළකරන අතර උන්වහන්සේට උතුම්වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා ! යි ප්‍රාර්ථනා කරමු.

ශ්‍රාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නායක ස්ථවිර
සියම් මහා නිකායේ මල්වතුපාර්ශවයේ පානදුර තොටමුණු බද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් පරිවේනාධිපති,
විහාරධිපති, දළදාවත්ත පුරාණ මහා විහාරය, තල්පිටිය, වාද්දුව.

ඉපැරණි උලුවස්ස නිමිති කොටගෙන නිමැවුණු පිරිත් මණ්ඩපය 🙏වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ වැඩසිට අපවත්වී වදා...
15/04/2026

ඉපැරණි උලුවස්ස නිමිති කොටගෙන නිමැවුණු පිරිත් මණ්ඩපය 🙏

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ වැඩසිට අපවත්වී වදාල අලව්වේ ශ්‍රී රේවතාභිධාන නායක ස්වාමීන් වහන්සේ වැඩවාසය කල සමයෙහි බෙහෙත් ගේ නමින් හැඳින් වුනු ගෘහයේ සවිකොට තිබූ පැරණි උලුවස්ස ප්‍රතිසංස්කරණය කර එම උලුවස්ස භාවිතා කරමින් ව්‍යාපාරික සුනිල් ෆොන්සේකා මහාතාගේ දායකත්වයෙන් යුතුව ඉදිකළ නව පිරිත් මණ්ඩපය බුද්ධ වර්ශ 2569 වූ බක් මස පසලොස්වන දින (15) එනම් රාජ්‍ය වර්ශයෙන් 2026 වූ අප්‍රේල් මස 15 දින එළඹුණු සුභ මොහොතින් විවෘත කල අවස්ථාව

📷 CHATHURA ANURADHA SUBASINGHE
දළදාවත්ත මාධ්‍ය ඒකකය

Address

Daladawaththa Road
Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Daladawaththa Media Unit - DMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share