25/07/2026
💔🪷🌼
*"නැන්දම්මා" කියන නමට වඩා, මගේ හිතේ ඔයා හැමදාම "අම්මා"මයි...*🤍🫀
අයියා එක්ක මගේ බැඳීමට අද අවුරුදු අටකටත් වැඩියි. ඒ අවුරුදු ගණන පුරාවටම, එක දවසක්වත් "*මේ පිට ගෙදර කෙල්ලෙක්"* කියලා මට දැනෙන්න ඔයා ඉඩ දුන්නෙ නැහැ අම්මෙ. 🥺
ලේලියක් වෙන්නත් කලින්, මාව ඔයාගේම දුවෙක් වගේ තුරුල් කරගත්තා. මගේ අම්මාගෙන් ලැබුණු ආදරේට අඩුවක් නොවෙන්න, සමහර වෙලාවට ඊටත් වඩා උණුසුම් ආදරයක් ඔයා මට දුන්නා. ඒ නිසාම "නැන්දම්මා" කියන වචනය මගේ හිතේ කවදාවත් තිබුණෙ නැහැ... ඔයා මගේ අම්මාමයි. 🤍
අදත් ඔයාගේ මතකයක් හිතට එන හැම මොහොතකම පපුව ඇතුළෙ මොනතරම් රිදෙනවද කියලා වචනවලින් කියන්න බැහැ. 😔💔
සමහර වෙලාවට මට හිතෙනවා... ඔයා වගේ අම්මා කෙනෙක් ලැබෙන්න මම ගොඩක් පින් කරලා ඇති. *ඒත් ඒ ආදරේ, එකම වහලක් යට ඉඳගෙන, හැමදාම විඳින්න තරම් පිනක් නම් මට තිබිලා නැතුව ඇති කියලා...* 💔
"තව ටිකක් කලින් අපි කසාද බැඳලා තිබුණා නම්... තව මාස කිහිපයක් හරි ඔයා ළඟ ඉන්න තිබුණා නම්..." කියන පසුතැවිල්ල අදත් හිත කී දහස් වාරයක් පුච්චනවා.💔
දැන් ඒ ගෙදරට අඩිය තියන හැම වතාවෙම, ඔයාගේ හිනාව, ඔයාගේ කටහඬ, ඔයා කුස්සියේ පුටුවේ ඉඳගෙන මට කෑම හදන හැටි, "මගේ දුව ආවා" කියලා සතුටින් දුවගෙන එන හැටි... හැමදේම ඇස් ඉස්සරහ මැවෙනවා. 🥹
ඒ මතක එක්ක ඇස් තෙත් නොවෙන දවසක් නැහැ.
දැන් මාව දැක්ක ගමන් තුරුල් කරගෙන උම්මා දෙන්නෙ කවුද අම්මෙ? 😭
"කෑවද දුවේ?" කියලා අහලා, මම ආසම කෑම හදලා බලෙන්ම කවන්නෙ කවුද?
ගෙදරින් පිට වෙද්දි "පරිස්සමෙන් යන්න" කියලා නළලට හාදු දෙන්නෙ කවුද?
මේ හැම ප්‍රශ්නයකටම අද උත්තරයක් නැහැ...
ඔයා මට ගත්ත අන්තිම දුරකථන ඇමතුම... ඒක තමයි අපේ අන්තිම කතාව කියලා මම දැනගෙන හිටියා නම්, මම ඒ ඇමතුම කවදාවත් ඉවර කරන්නෙ නැහැ අම්මෙ... 📞💔
එදා ඔයා මට තනියම ඉන්න ෆොටෝ ගොඩක් එව්වා. අද හිතෙනවා... ඒ වෙලාවෙ ඔයාගේ හිතට මොනවා දැනුණාද කියලා...
"*මාව බලන්න එන්න දුවේ..*." කියලා කඳුළු පුරවගෙන කියපු ඔයාගේ කටහඬ අදටත් මගේ කන්වලින් අයින් වෙලා නැහැ.
අපි වීඩියෝ කෝල් එකේ හිනා වෙලා කතා කළා... ඒත් ඒ හිනා ඇතුළෙ ඔයාගේ සමුගැනීම සැඟවිලා තිබුණා කියලා අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. 😭
ඔයා ගියේ අපි හැමෝගෙම හිත කෑලි කෑලි කරලා...
අයියට ඔයා ලෝකෙ හොඳම අම්මා.
මට ඔයා ආදරණීයම අම්මා.
මගේ නංගිටත් එහෙමයි.
අපි හැමෝටම ඔයා එකම ආදරේ බෙදපු, හැමෝටම සමානව හිනා වුණු, හැමෝගෙම හිත දිනාගත්ත අපූරු කෙනෙක්. 🤍
අද හිතෙනවා... ඔයාගේ හිතට සැනසීමක් තිබුණද කියලා.
"*මගේ පුතාව බලාගන්න මේ දුව ඉන්නවා...*" කියලා විශ්වාස කරපු නිසාද ඔයා අපිව දාලා මෙච්චර ඉක්මනට ගියේ?😣
අයියාගේ ඇස්වල තියෙන ඒ හිස්කම දකිද්දි, ඒ අඩුව මම කොහොම පුරවන්නද අම්මෙ...?😖
ඔයා නැතිවුණා කියලා ආරංචිය ආපු ඒ මොහොතේ, මගේ මුළු ලෝකෙම නතර වුණා.
අදටත් ඔයාගේ අන්තිම කෝල් එකේ රෙකෝඩිං එක මම අහනවා... ඔයාගේ කටහඬ අහද්දි, තත්පර කිහිපයකට හරි ඔයා තාම ඉන්නවා වගේ දැනෙනවා. 🕊️😖
මාස දෙකක් ළඟා වෙලා තිබුණත්, මේ වෙන්වීම තාමත් මගේ හිත පිළිගන්න කැමති නැහැ.❤️🩹
තාමත් මේ හැමදේම හීනයක් වගේ...
*අම්මෙ...*😖
ඔයා මේ ලෝකෙ ඉඳලා ගියෙ මිනිස්සුන්ගෙ හිත් දිනලා.
කෙනෙකුට වරදක් නොකර, හැමෝටම යහපතම ප්‍රාර්ථනා කරපු, දයාවෙන් පිරුණු හදවතක් අරගෙන.
ඒ නිසාම මට විශ්වාසයි... ඔයා කොහේ හරි ඉතාම සුන්දර තැනක, සැනසීමෙන් ඉන්නවා කියලා. 🤍🕊️
ආයෙත් කවදාහරි අපි අතරටම එන්න අම්මෙ...
මේ සැරේත් මාව ඔයාගේම දුවෙක් විදිහට තුරුල් කරගන්න.
නැන්දම්මා කියන බැඳීමෙන් නෙවෙයි...
*අම්මායි දුවයි කියන බැඳීමෙන්.* ❤️
ඔයාගෙම දරුවෙකුටත් වඩා මට දීපු ඒ නිමක් නැති ආදරේට...
අනේ ගොඩක් පින් අම්මෙ...
*හැමදාමත් මගේ හිතේ ඔයා ජීවත් වෙනවා අම්මේ....*! 🌹🤍😣
@𝘊𝘩𝘢𝘮 𝗩 𝗘 𝗥 𝗦 𝗘.♡📚🖋️....__official
♡ ⎙ㅤ ☆
ʳᵉᵃᶜᵗ ᶠᵒˡˡᵒʷ ˢʰᵃr
Cham V E R S E