
13/04/2025
මට වැරදුනේ නෑ බං මාව රවට්ටනකොටත් ඇත්ත දැන දැනත් දන්නෙ නෑ වගේ උඹට විතරක්ම ආදරේ කරේ උඹව අත් හරින්න බැරි කමට නෙවෙයි මට ඕනේ උනේ උඹව විතරක්ම නිසයි......
හිනාවෙලා හැමදෙම තනියමම දරා ගත්තේ මගෙන් පලිගන්න උඹ වගේ උඹට වෛර කරන්න තරම් මගේ හිත පහත් නැති නිසයි......
ජීවිතේට ආදරේ කියන හැඟීමත් ජීවත් වෙනකම්ම ආපහු ඕනේ නෑ කියන තැනටම එපා වුනේ උඹ බොරුවට මවපු ආදරේ නිසයි........
ජීවිතේ ආපහු නැගිටින්න ඕනේ කියලා මගේ ආත්මයටම හයියක් ආවෙත් ඇත්තමයි උඹ මාව අත් හැරපු දවසෙමයි......
ආදරේ මට මග හැරුනේ නෑ ඒත් ආදරේට මාව මගහැරුනා දැන් මේ හිතේ ඒ හැඟීමට වටිනාකමක් නෑ.......
අද උඹට මාව වටින එකක් නෑ ඒත් දවසක් එයි මේ හැමදෙම වෙනස්වෙන ඔව්.. දවසක් එයි උඹට මාව ඕනේ වුනත් මට උඹව මගහැරෙන......!!
අන්න එදාට වැරදිලාහරි උඹේ ඔය ඇස් මුනගැහුනොත් මගේ මේ ඇස්වලට.....
කියන්න තියෙයි මට උඹට එක කතාවක් මෙහෙම මට වැරදුනේ නෑ බන් මං ජීවිතේ පටන් ගත්තේ උඹ මාව අත් හැරපු දවසින්.
ඉතින් උඹ මාව අත් හැරියට ස්තූතියි... ❤️🩹