නිසා - NISA Publishers

නිසා - NISA Publishers පන්හිඳෙන් සිත්තම් වන
නුඹෙයි මගේ ආදරණිය අකුරු

ඇණවුම් කිරීමට 0741577659 / 0743538996 අංකයකට වට්සැප් හෝ වයිබර් පණිවිඩයක් තියන්න... නැතිනම් පේජ් එකට ඉන්බොක්ස් මැසේජ් එකක...
02/11/2022

ඇණවුම් කිරීමට 0741577659 / 0743538996 අංකයකට වට්සැප් හෝ වයිබර් පණිවිඩයක් තියන්න... නැතිනම් පේජ් එකට ඉන්බොක්ස් මැසේජ් එකක් තියන්න...

තැපැල් මඟින් ගෙන්වා ගන්නේ නම් තැපැල් ගාස්තු සමඟම තෝරා ගන්නා පොත්වල වටිනාකම බැංකු තැන්පතු කළ යුතුය.

කුරියර් මඟින් ගෙන්වා ගන්නේ නම් ඕනම දිස්ත්‍රික්කයකට ඕනම බර ප්‍රමාණයකට කුරියර් ගාස්තු 350/= පමණි.

5000/= වැඩි දේශීය ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ.

පැකේජ් දෙකක් ගෙනාවා ඔන්න 😌ඩිලිවරි ගාස්තු නෑ...පෙර ඇණවුම් පොත් දෙකක් තියෙන බැවින් කෑෂ් ඔන් ඩිලිවරි වලංගු නොවේ. Nisa Publi...
29/10/2022

පැකේජ් දෙකක් ගෙනාවා ඔන්න 😌

ඩිලිවරි ගාස්තු නෑ...

පෙර ඇණවුම් පොත් දෙකක් තියෙන බැවින් කෑෂ් ඔන් ඩිලිවරි වලංගු නොවේ.

Nisa Publishers
1000505014
Commercial Bank
Hendala Branch

Nisa Publishers
88591587
Boc Bank
Elakanda Branch

මුදල් තැන්පත් කළ රිසිට් පත හෝ ඔන්ලයින් ට්‍රාන්සර් ස්ක්‍රීන් ෂොට් එක වට්සැප් හෝ වයිබර් මඟින් 0741577659/0743538996 අංකයට එවන්න. නැතිනම් මැසෙන්ජර් පණිවිඩයක් තියන්න.

ඒත් එක්කම,

පැක් එකේ මිළ -
නම -
ලිපිනය -
දිස්ත්‍රික්කය-
දුරකථන අංක 2ක්‌ -

එවන්න.

 #රන්_හුයක_කඳුළු  6 වෙනි ප්‍රකාශනයේ 2 වන මුද්‍රණය ලේඛිකා තනූ බොතේජුගේ දේදුනු සේයා ගේ 4 වෙනි නවකතාව....පොතේ මිළ - රු.2100...
28/10/2022

#රන්_හුයක_කඳුළු

6 වෙනි ප්‍රකාශනයේ 2 වන මුද්‍රණය

ලේඛිකා තනූ බොතේජුගේ දේදුනු සේයා ගේ 4 වෙනි නවකතාව....

පොතේ මිළ - රු.2100/=
30% වට්ටම් සහිත මිළ - රු. 1470/=

තැපැල් ගාස්තු - රු.250/=
කුරියර් ගාස්තු - 350/=

තැපැල් මඟින් ගෙන්වා ගන්නේ නම් මුළු මුදල - 1720/=

කුරියර් මඟින් නම් මුළු මුදල - 1820/=

පෙර ඇණවුම් සඳහා කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම වලංගු නොවේ.

30% වට්ටම පෙර ඇණවුම් සඳහා පමණි.

පොතේ වටිනාකම සහ පොත ගෙන්වා ගන්නා ආකාරයට අදාළ ගාස්තුවයි යන දෙකෙහිම මුළු මුදල පහත ගිණුම් අංක දෙකෙන් ඔබ‍ට පහසු ගිණුමකට බැර කර 0741577659 අංකයට වට්සැප් මඟින් රිසිට් පත හෝ ඔන්ලයින් බෑන්ක් ට්‍රාන්සර් තිර පිටපත (ss) එක එවන්න..

ඒ සමඟම,

පොතේ නම -
ඔබේ නම -
ලිපිනය -
දුරකථන අංකය -
පොත ගෙන්වා ගන්නා ආකාරය -
දිස්ත්‍රික්කය-

දැනුම් දෙන්න....

NISA PUBLISHERS
1000505014
Commercial Bank
Hendala Branch

හෝ

NISA PUBLISHERS
88591587
Boc Bank
Elakanda Branch

පෙර ඇණවුම් බාර ගැනීම නොවැම්බර් 15 වෙනිදා දක්වා පමණි.

වෙබ් අඩවියෙන් ඇණවුම් කිරීමට
https://nisabookland.com/shop/novels/romance/ran-huyaka-kandulu/

තට්ටු කරන සද්දෙත් එක්ක මං ඉක්මනට දොර ළඟට ගියේ ලොකු මැනිකේ වෙන්නැති කියලා හිතාගෙන..ඒත් දොර ළඟ උන්නෙ බේබී..බෙබිගෙ ඇස් මං ළඟම නැවතිලා..මොහොතකටව්ත් මගෙන් අහකට ගියෙම නෑ ..හිසේ ඉදපා දෙලතුලටම බලපු එයා හිමීට අඩි තියලා මං ඉස්සරහට එද්දි මොන හේතුවකටද මන්දා දෙපා ගෑටුනේ පිටිපස්සට..
ඒත් අන්තිමේ වෙනද වගේම මං බිත්තියත් එයත් අතර කොටු උනා..ඒ ඇස් මං ළඟම..

මේ ඇස්වල ගිලෙන්න හදනවා..ඒ බැල්මේ කාන්තිය දරාගන්න බැරි තරම්..දිලිසෙන ඇස්වල කතාව කියවන්න ආසා උනත් ඊටත් වඩා මහ හයියෙන් හදවත ගැහෙන්න වුණේ හුස්ම මගෙ ගෙල පාමුල රැදෙන තරමටම බේබි මට ලන් උනු හින්දා..ඒ උනුසුම් සුසුම් කන්පෙත්තක වැදිලා ගෙල පාමුල ලැගුම් ගද්දි මං දෙඋර ඇකිලුවේ ජීවිතේ කවදාවත් නොවිදපු හැගීමක් විදගන්න හදවත ලෝබකම් කරද්දි ..
ඊළඟ ඇසිල්ලෙ සවන්පත් අතර රැදුනු ඒ ම්නිනුම මාව වෙනම ලෝකෙකට අරන් ගිහින් ...

"යන්නම ඕනි ද...ම්..නොයා ඉන්නම බැරිද ..මෙහෙම දකිද්දි හරි ලෝබයි මට..තවත් ඇස් කීයක් මෙ ලස්සන දකීද..එහෙම හිතෙද්දිත්මාව පිච්චෙනවා වගේ"

ඒ වදන් පෙල සවන්පත් අතරින් හදවත ඇතුලාන්තයම කලබාගෙන හදවත් පතුලටම කිදා බහිද්දි පපු ගැබ කොනක ඉදලා පටන් ගත්තු හිරියක් ඇග පුරාම දුවන්න අරන්..දෙවියනේ මේ මොනවද මට ඇහෙන්නේ..මේ කතා කළේ බේබිමද...ඒකත් මෙච්චර ආදරෙන්...එයා හදවත ඇතුලේ මටත් හොරා මොනවම හරි හන්ගන් ඉන්නවවත්ද...

මට ඕනි වුණේ ඒ කතා කළේ බේබිමද කියලා දැන ගන්න.බිමට බර වෙලා තිබ්බ ඇස් පියන් ඉහලට ඉස්සුනේ ඒ සොඳුරු වත නෙතු පුරාම විද ගන්න.මොහොතකට අප සිව්නෙත් එකට යාවෙලා..මං බේබි දිහා බලන ඇසිල්ලට එයා මගෙ ඇස් ඒ ඇස්වලුන් අල්ල ගත්තේ ආයෙමත් ඒ ඇස් වලින් මිදිලා යන්න බැරි වෙන්න..ඇත්තමයි සසරේ හුරුපුරුදු කමක් එක්ක මට මහා ලෝබකමක් දැනුණා ඒ ඇස්වලින් ඈත් වෙන්න..දිලිසෙන ඇස් පතුලටම කිමිදිලා ඒ ඇස් හන්ගන්න හදන හදවත කියන කතාව අහන් ඉන්න මගෙ හිත කෑ ගැහුවා...

"අද හරිම ලස්සනයි...ලෝබයි මට..මේ ඇස් වලින් පිට යවන්න...මොනා කලත් මේ ඇස් ඉස්සරහ දැවටි දැවටි හිටියා මිසක් ඈතට දිව්වෙ නෑ නේ...ඒත් ..අද ඉදලා මාවම විතරක් හොයපු..මේ ඇස් වල ම විතරක් සැතපුනු මේ ලස්සන අද තවත් ඇස්වලින් විදී....එහෙම හිතෙද්දිත් පපු කොනක් ගිනි ගන්නව වගේ"

හුස්මක් තරමට ඊටත් වඩා ලන් වුනු බේබී ඇස් වලින් මාව අල්ලගෙනම ඒ ටික කිව්වෙ පපුවට අතකුත් තියාගෙන...හදවත ම හිරි වැටෙන දුකකුත් එක්ක ඊටත් වඩා දෝරේ ගලා යන ආදරයක් ළඟ මට තවත් නම් ඒ ඇස් වලින් අහකට දුවන්න හිතුනේ නෑ..එයා මේ තරම්ම මට ආදරේ කරනවා නම් ඒ ඇස් වලින් එහා ලෝකයක් ගැන මං හිතන්නෙම නෑ ...හිත රිදෝගෙන හරි එයා ළඟම දැවටි දැවටී ඉන්න පුලුවන් මට..

"ම..මහත්තයා යන්න එපා කියනවා නම්....මං නොගිහින් ඉන්නම්."

ඒ ඇස් වලින් ඇස් අහකට නොගෙනම මං කිව්වෙ ඇත්තටම ...ඒ ආදරේ ට මං ලෝබ උනා..ගෑනු අපි වෙලවකට හරි මෝඩයි..දුර්වලයි..පිරිමි ආදරේ ළඟ..ඒ හිත් අස්සෙම දැවටි දැවටි ඉන්න හදනවා...ආදරේ ට ගෑනු හිත් ලෝබයි.පුන්චිම බැල්මක්..පුන්චිම ඉගියක් ඇති මුලු ජීවිතේ ම එයා ළඟ සතපවන්න...

"මං නවතින්න කිව්වොත් නවතිනවද...ම්..."

ඒ නලල මගෙ නලලේ වැදෙන තරමටම ලන් වෙලා දෙනෙත් පතුලටම කිදා බැහැලා බේබී මුමුනන්න වුනේ තව තවත් මාව ඒ සෙනේ ගගුලේ අතරමං කරලා...තවත් නම් බෑ මට මේ හැටි හිරි වැටෙන්න..මුලු සරීර කූඩුවම මං ළඟ නැති ගානට ඇගපතම හිරිවැටිලා..ඒ උනුසුම් සුසුම් වල පහස ගෙල පාමුල සිප ගෙනළමැද කරා ගමං කරද්දි මටත් නොදැනීම දෑත් එකට මිටි වුණේ ඒ දැනෙන හැගීම විද ගන්න...

කන් පෙති අද්දර කොදුරන ඒ වදන් වලට පිලිතුරු දෙන්න බැරිකමටම මං හිස වැනුවේ ඔව් කියන්න...ඒ ඇස් හරි ලස්සනට දිලිසෙන්න අරන්..ලෝබයි ඒ බැල්මෙන් ම්දෙන්න...එකම එක පාරක් මගෙ ආදරේ පිලි ගත්තොත් මියෙනතුරාවටම ඒ ඇස් අස්සෙ අතරමං වෙලා ඉන්නම් මං...ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා ඒ ආදරේ ම පතාගෙන සසර ගමන කෙලවරටම එන්න පුලුවන් මට..ඒත් ඒවා හිත ඇතුලෙම තෙරපුනා මිසක් වදන් වලට පෙරලුනේ නෑ ..මගෙ මේ අසරනකම හින්දම බෙබි හිතනව ඇති මං බෙබිට ආදරේ නෑ කියලත්..

"මං වෙනුවෙන් එච්චර කැපකිරීමක් කරන්න පුලුවන් ද ම්..."

බෙබී ආයෙමත් මේ දුර්වල ගෑනු හිත අවුස්සනවා...මගෙ කටින්ම ඒ දේ දැනගන්න බේබිට ඕනි වෙලා ඇති...ඒත් එයා ආදරේ කියනකම් මේ හිත තාමත් පස්සට යනවා..ඒක අපේ ගෑනු ගතිය හින්දා වෙන්නැති...

දිලිසෙන ඇස් පුරාම හිටියේ මං විතරයි ...ඒ ඇස්වල ඇදුනු මගෙ රූපේ තවත් නම් මට විදගන්න බැරි හැඩයි..ඇස්වල ලියවුනු කතාවත් එක්කම බෙබිගෙ මුව මත ඇදුනු මනමාල හිනාවට මාව ආයේ ආයෙමත් මේ ලෝකෙන් ඈතකට ගෙනියනවා වගේ ..ඒ ඇස් මේ ඇස් වලින් මිදිලා ගැහෙන මගෙ දෙතොල් ළඟ නවතිද්දි..

ඒ ඇසිල්ලට බේබිගෙ ඇස්වල නුරා ගීයක් ලියවෙද්දි තවත් ඒ අනුරාගී දෑස් දිහා බලාගෙන ඒ හැගීම විදගන්න බැරි උනා...මං ඉක්මනට ම බිම බලා ගත්තේ අත් දෙකට ගවුම් කොනක් තදින් තෙරපගෙන...

තවත් තත්පර ගානක් ගෙවෙන්න ඇති..කිසිදු හඩක් නොඇසෙන තරමටම අපේ සුසුම් උනුසුම් වෙලා එකිනෙකා සිප ගන්න ඇති..ඉන් එහා යමක් ඒ ගෙවුනු තත්පර ගානට නොවෙන තැන බෙබිම හඩ අවදි කළා..

"යන්.....යන්න වෙලා යනවා නැත්නම්...."

ඒ හඩේ තිබ්බෙ පරාජිත බවක්...මගෙ ඇස් බිමටම බර වෙලා තියෙද්දි එයා මං ලගින් ඈත් වෙනවා මට දැනුණා...ඇස් උස්සලා ආයෙමත් පාරක් බේබ්බලපු මං දැක්කෙ පෙර උන් සොඳුරු ආදරවන්තයා නෙමෙයි ..සියල්ල අහිමි උනු පරාජිත මිනිසෙක්...

"ඔක්කොම ගත්තා නම් යන්..මං යනවා...එනවා පහලට..."

ස්තුතියි....

#නිසා

Nisa Publishers 10 වෙනි ප්‍රකාශනය ❤ #ඇමති_පුතා පෙර ඇණවුම් (Pre Orders) signed copyආශ්කා රශ්මිගේ කුලුදුල් මුද්‍රිත නවකතාව...
28/10/2022

Nisa Publishers 10 වෙනි ප්‍රකාශනය ❤

#ඇමති_පුතා පෙර ඇණවුම් (Pre Orders) signed copy

ආශ්කා රශ්මිගේ කුලුදුල් මුද්‍රිත නවකතාව ❤💛

Season 1

" තමුන්… ඉස්සරහට එනවාහ්..."

සුලෝචනාගේ නෙතු නැවතුනේ තේදාශ්ගේ අළු දෑස් ළඟයි. නමුත් කෝපයෙන් පුපුරමින් ඇය හඬ නැගුවද තඹ සතයකට ඇයව ඔහු මායිම් නොකරද්දි, නැවත වරක් දෙකකුල් සිය මේසය මතින් තබාගෙන පුටුවේ සැප පහසු ලෙස හාන්සි වුණ තේදාශ් සිය ජංගම දුරකථනයට මුහුණ ඔබාගත්තේ සුලෝචනාගේ තරහව උපරිමයෙනුත් උපරිම වැඩි වෙද්දියි.

"තමුසෙට ඕන්නං මං ගාවට එනවා… මං එන්නෑ..."

එක එල්ලේ සුලෝචනාගේ දෙනෙත් දෙස බලා මඳක් තද ස්වරූපයකට වදන් හැසිරවූ තේදාෂ් නැවතත් සිය ජංගම දුරකතනය දෙස නෙතු යොමු කරත්දි, කිසිදු ගරුසරුවක් නොමැතිව හැසිරුණ තේදාශ් අභියස සුලෝචනා තවත් එක් සාවියක් නොවුණි. මුළු ගතම අසීමිතව ගිනියම් වෙද්දි, ඇය ඔහු වෙත වේගයෙන් ඇදී ගියේ ඇගෙ මඳක් උස අඩි සපත්තු පොළොවේ තෙරපී ටක් ටක් හඬින් මුළු පංති කාමරයේම ශබ්දය රැව්පිළිරැව් දෙද්දියි. රුව නොදැක්කද ඇගෙ අඩි ශබ්දය සේම ඇය වෙතින් හමා ආ මනරම් පිච්ච මල් සුවඳ ඇය තමන් අසලටම පැමිණි බව ඉඟි කරත්, ඔහු නොවේ හිස ඔසවා ඈ දෙස බැලුවේ. ඔහුගෙ අහංකාරය ඇය අසල සිතාගන්නට නොහැකි තරමින් වැඩිවෙද්දි, කොහොමටවත් ඔහු නොවේ ඇයව මායිම් කළේ. ඉතින් ඔහුගේ හැසිරීම අභියස සුලෝචනාද තව ඇවිස්සී යත්දි, ඔහු ගැන අඹමල් රේණුවක් තරම්වත් දෙයක් නොදත් ඇය ඔහු ළඟ දරුණු වූයේ ඇයටවත් ඇයව පාලනය කරගත නොහැකි අන්දමිනි.

" තමුන්… තමුන් මහ නැහැදිච්ච දරුවෙක්… ශික්… ගුරුවරයෙක්ට ගරු කරන්න දන්නෑ… 'නොසණ්ඩාලයා'..."

තරහින් වෙව්ලමින් ඇය පිටකරන වදන් ලග තේදාශ්ගේ කටකොණකට නැගුණේ සිනහවකි. ඇය නපුරු නොවේ. නමුත් ඇය ආයාසයෙන් නපුරු වෙන්නට දඟලන හැඩයි. ඇගෙ කටහඬින් ඔහුට එය මනාව වැටහෙයි. නමුත් නිශ්ශබ්දයි. ඇය වදන් සියයක් කීවද, ඔහුගෙ මුව නිසලයි. පිටින් පෙනෙන්නට ඔහු බොහෝ සාමාන්‍යයි. නමුත් සිත ඇතුළතින්, ඔව් සිත ඇතුළතින් ඔහු බොහෝ කෝපයෙනි. දරාගන්නත් බැරි තරම් ආවේගයෙනි.

" නැගිටිනවා ඉස්සෙල්ලාම පුටුවෙන්... ගුරුවරයෙක් ළඟට එද්දි නැගිටින්නවත් දන්නැද්ද..? ආහ්… මොන අසීලාචාර ගතිද මංදා තියෙන්නෙ..! නැගිටිනවා කිව්වම අහලා… නැගිටිනවා..."

සුලෝචනා කෝපයෙන් ගුගුරයි. කොහොමත් දෙකකුල් මේසය මතට ගෙන ගුරුවරියකට අපහාස වෙන අයුරින් හිද හුන් තේදාශ්ව ඇයට පිළිකුල් වී හමාරයි.

" නැගිටින්නැද්ද දැන් ආහ්..?"

වේගයෙන් තේදාශ්ගේ මේසයට අතකින් පහරක් ගසා ඇය කතා කළේ ඔහුගේ අවධානය ගැනීමටයි. සිතේ කෝපය උපරිම නිසාවෙන්ම කිස් කන අත්ලෙහි වේදනාව යාන්තමින්වත් ඇයට නොදැණුනත්, තේදාශ් නම් සිටියේ කෝපයේ උපරිම සීමාවේ බව සැකයක් නොවේ. මෙතෙක් කිසිවෙක් ඔහුට මෙතරම් ශබ්දයෙන් කතා කර නොතිබෙද්දි, මෙතරම් අණ කර නොතිබෙත්දි, මෙතරම් තර්ජනය කර නොතිබෙත්දි, සිතේ කෝපය පිටකරගන්නට නොහැකිව ඒ දෑත් වෙව්ලන බව රහසක් නොවේ. ඔහුගෙ අත්ලෙන් පහරක් වැදුනහොත් ඇය මෙතැනම මිය යන බව සහතිකයි. ඒ නිසාමදෝ නොදනී, ඉවසලා ඉවසලා බැරිම තැනත් ඔහු තවමත් ඉවසන හැඩයි.

" සාගර… මේකිට වැඩිය කෑගහගෙන එන්නෙපා කියපං… එහෙම උනොත් දත් නැතුව තමයි යන්න වෙන්නෙ… හහ්..."

කෝපය සිත ඇතුළෙ තෙරපෙද්දි ඔහු කටකොණකින් සිනහාසුණි. සාගරත් ඔහුට නොදෙවෙනි සිනහවකින් සංග්‍රහ කරත්දි, සුලෝචනාගේ මුළු ගතම තවත් වෙව්ලන්නට වූයේ ඉවසා දරාගත නොහැකි කෝපයක් දැනෙද්දියි.

මේ තරම් නරක ළමයි..! ඇයට ඔවුන් ගැන ඇත්තෙන්ම පුදුම සිතුණි.

" මිස් පොඩ්ඩක් පරිස්සමින් කතා කළොත් හොඳයි… මේ ඉන්නෙ මොණරවිල ඇමතිතුමාගෙ පුතා… අහලා ඇතිනෙ මොණරවිල ඇමතිතුමා ගැන… ඉක්මන්ට මැරෙන්න ආස නැත්තං කටපියන් ඉන්න මිස්..."

සුලෝචනාගේ මුහුණේ කේන්තිය බේරුනේ සමච්චලයට හිනැහෙමින් සාගර පැවසූ වදන් වලටයි. තේදාශ්ද පුරුදු සිනහවෙන් දුරකථනය දෙසම බලා සිටියදී තවත් ඉවසිය නොහැකි තැන ඇය ඔහුගෙ අත වූ ජංගම දුරකථනය උදුරාගත්තේ හරි හයියෙන් හුස්ම ගනිමිනි. තේදාශ්ගේ මුවේ සිනහව පුළුල් වූයේ ඇයගෙ ක්‍රියාවටයි. ඔහු ඇය එලෙසින් සිදුකරන බව කල්තියා දැන සිටිය හැඩයි. පුදුමයක් නොවේ. ඇයත් ජාන්වී වගෙයි. අහංකාර මොණරියක්...තේදාශ්ට මොහොතකට සිතුණි.

" හහ්… එහෙනං තමුන් ඇමති පුතෙක්… නොසණ්ඩාල ඇමති පුතෙක්… හහ්… මං බයවෙයි… දරුවෙක් හදාගන්න බැරි දෙමව්පියො… ශික්… තමුන්ගෙ තාත්තට තමුන්ව හදාගන්න බැරුව ඇති… ඒත් මං තමුන්ව හදනවා… මකවලා හදනවා..."

එක් අතක දබරැගිල්ලක් ඔහුගෙ මුහුණට දිගුකරමින් ඇය කෝපයෙන් පවසයි. තේදාශ් නෙතු ඔසවා බැලුවේ ඇගෙ රත් පැහැ ගැන්වුණ රැවැති වත දෙසයි. අඬලාම දෑස් කදුළින් තෙත් ව ගොසිනි. තවමත් නොවේළුණු කඳුළු වැල් පවා මුහුණට රැගෙන විත් තිබුණේ අමුතුම ලස්සනකි. කම්මුල් රත් පැහැ ගැන්ව ගොසිනි. නාසය පවා රතුයි. විවේකයක් නොමැතිව සෙලවෙන ලා රෝස පැහැ දෙතොල් වෙත මුළු මුහුණ පුරා දඟ කළ ඔහුගේ නෙතු ඊළඟ නිමේශයේ ‍යොමු වෙත්දි, ඔහුගෙ පපුවට දැනෙන්නට වූයේ අමුතු බරකි. අමුතු හැඟීමකි. හරි ලස්සන ඒ දෙතොල් ළඟ ඔහුට සිතුනේම ඇයව සිපගන්නයි. තදින් සිපගන්නයි. ඇගෙ කියවන දෙතොල් මතම තම දෑස් අතරමං කරගත් තේදාශ් දෙකකුල් මේසය මතින් බිමට ගෙන පුටුවෙන් නැගිටගත්තේ, තමන්ට වඩා අඩියක් අඩි එකහමාරක් පමණ උස තේදාශ් අභියස සුලෝචනා හිස ඔසවා ඔහු දෙස බලද්දියි.

පොතේ මිළ - 2450/=
පිටු 448
30%වට්ටම් සහිතව පොතේ මිළ - 1715/=

රුපියල් 735/= ඉතිරියක්...

තැපැල් ගාස්තු 250/=
කුරියර් ගාස්තු 350/=

තැපැල් මඟින් ගෙන්වා ගන්නේ නම් මුළු මුදල = 1965/=

කුරියර් මඟින් නම් මුළු මුදල - 2065/=

Nisa Publishers
1000505014
Commercial Bank
Hendala Branch

Nisa Publishers
88591587
Boc Bank
Elakanda Branch

මුදල් තැන්පත් කළ රිසිට් පත හෝ ඔන්ලයින් ට්‍රාන්සර් ස්ක්‍රීන් ෂොට් එක වට්සැප් හෝ වයිබර් මඟින් 0741577659 අංකයට එවන්න. නැතිනම් මැසෙන්ජර් පණිවිඩයක් තියන්න.

ඒත් එක්කම,

නම -
ලිපිනය -
දුරකථන අංක 2ක්‌ -

එවන්න.

වෙබ් අඩවියෙන් ඇණවුම් කිරීමට
https://nisabookland.com/shop/novels/romance/amathi_putha-season-1/

#නොවැම්බර් 20 දක්වා පෙර ඇණවුම් බාර ගැනේ.

පෙර ඇනවුම් සඳහා කෑෂ් ඔන් ඩිලිවරි වලංගු නොවේ.

#විශේෂ_දැනුම්දීම...

ඇමති පුතා කොටස් තුනක නවකතාවක් බවත් ඊළඟ කොටස දෙසැම්බර් මාසයේ නිකුත් වන බවත් දන්වා සිටිමු. එම නිසා පොත්හල්වලට පොත බෙදා හරින්නේ තුන්වන කොටසත් නිකුත් වී ජනවාරි මස අන්තිම බව දැනුම් දෙන්නෙමු. සීමිත පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කරන බව ද දන්වා සිටිමු.

#නිසා

Nisa Publishers 10 වන ප්‍රකාශනය...ආශ්කා රශ්මිගේ  #ඇමති_පුතා
28/10/2022

Nisa Publishers 10 වන ප්‍රකාශනය...

ආශ්කා රශ්මිගේ #ඇමති_පුතා

සුබම සුබ උදෑසනක් වස්තුලා😌2023 වෙනුවෙන් පොත් 4ට අවස්ථාවක්‌ තියෙනවා 😌❤1) කවි පොතක්2) හොල්මන් ශානරයේ පොතක්3) ළමා කතා පොතක්4...
20/10/2022

සුබම සුබ උදෑසනක් වස්තුලා😌

2023 වෙනුවෙන් පොත් 4ට අවස්ථාවක්‌ තියෙනවා 😌❤

1) කවි පොතක්
2) හොල්මන් ශානරයේ පොතක්
3) ළමා කතා පොතක්
4) පරිවර්තනයක්‌

කතාව [email protected] වෙත එවන්න පුළුවන් 😌

වැඩි විස්තරවලට 0756340060 ට වට්සැප් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න...

පිටපත් බාර ගැනීම නොවැම්බර් 20 අවසන්...

තෝරා ගත් කෘති ගැන දැනුම් දීම ජනවාරි 15...

#නිසා

සියලුම නිසා ප්‍රකාශන සඳහා 25% වට්ටමක්....5000ට වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ....
30/09/2022

සියලුම නිසා ප්‍රකාශන සඳහා 25% වට්ටමක්....

5000ට වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ....

 #9 වෙනි නිසා ප්‍රකාශනය #ධ්වනිත #රුවනි_ලියන්ගොල්ල
30/08/2022

#9 වෙනි නිසා ප්‍රකාශනය

#ධ්වනිත

#රුවනි_ලියන්ගොල්ල

8 වෙනි නිසා ප්‍රකාශනය #නුඹ_ඍතුවක් #සංජලී_ලියනගේ
30/08/2022

8 වෙනි නිසා ප්‍රකාශනය

#නුඹ_ඍතුවක්

#සංජලී_ලියනගේ

7 වෙනි නිසා ප්‍රකාශනය #නිරුවත්_මොණරු #නිසංසලා_ලක්මිණි
30/08/2022

7 වෙනි නිසා ප්‍රකාශනය

#නිරුවත්_මොණරු

#නිසංසලා_ලක්මිණි

Address

Wattala

Telephone

+94741577659

Website

Alerts

Be the first to know and let us send you an email when නිසා - NISA Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to නිසා - NISA Publishers:

Share