16/10/2025
දඬුබස්නාමානය ...♥️♥️♥️
ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් නිර් මාණය කර 1994 වර් ෂයේදී තිරගතවූ දඬුබස්නාමානය ටෙලිනාට්‍ය ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ එක් විශිෂ්ටතම ටෙලිනාට්‍යයක්. එහි ආචාර් ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කල "" රකිනා දිවි සිහ වග වලසුන්නේ "" තේමා ගීතයනම් අදටත් එකසේ ජනප්‍රියයි.
දෙවියන් වන්දනා කරන්න ලීව කවි වර් ගයක් වන කෝල්මුර කවි අනුසාරයෙන් මෙම ගීතය ලියවී ඇති බවයි සදහන් වන්නේ. කෝල්මුර කවි වලින් කියවෙන්නේ කැලේ බණ්ඩාර නමැති දෙවිකෙනෙක් ගැන. ඉතිහාස කතාව අනුව විජය රජතුමාගේ කාලේ යක් සෙනෙවියෙක් ජීවත් වෙලා තියනවා. ඉතින් යක්ෂ ගෝත්‍රය විජය රජතුමා අතින් ඝාතනය වන කොට මේ යක් සෙනවියත් ඝාතනය වන නිසා ඒ වනවිට ගැබ්බරව සිටි ඔහුගේ බිරිද වන නන්දති කැලේට ගොස් සැගවෙනවා. කැලේදී නන්දති බිසව දරුවකු බිහි කරන අතර ඉන් දින 7 කට පසු ඇයත් මියයනවා. ඉතින් වනයේ තනිවුනු දරුවා ගැන තමයි මේ කෝල්මුර කවි වලින් කියවෙන්නේ.
යක්සෙනෙවි ජනපති - කැපෙමින් ගියා දැක නිති
ඔහු බිසව නන්දති - බිසව පැනලා ගොසින් හැංගෙති
යක් පෙදෙස හැරලා - රුක් ගල් හිමය සිටලා
කුසය බර වීලා - උපන් කුමරෙක් වීය එකලා
ගත්තිය සෝ ගිනි තනි වන මැද වෙති - අත්විය කුමරෙක් පෙර කම් පල දෙති
මත්විය යක් බිසවුන් ඇද වැටනිති - පත්විය සත් දින දී මරු නන්දති
ඉතින් කැලේ තනිවුන කුමාරයාගේ පිහිටට කැලේ ඉන්න සත්තු එකතුවෙනවා. මොකද එයාලා දන්නවා කුමාරය පෙර පින් තියන කෙනෙක් කියලා. ඔවුන් කුමාරයට පිහිට වෙලා ඔහුව හදාවඩා ගන්නවා. සතුන් වර්ග හතරක් ඔහුට කිරි පෙව් බව කවිවලින් දැක්වෙනවා.
රකිනා දිවි සිහ වග වැලහින්නේ - පැමිණා කිරි පොවමින් උන් යන්නේ
වටිනා පෙර පින් ඇති බව දන්නේ - රැකුණා දිවි මේ ලෙස කුමරුන්ගේ
ඉතින් මේ විදියට කුමාරයා හොදට හැදී වැඩුනට පස්සේ අපූරු සිදුවීමක් වෙනවා. ඒ තමයි කැලේ කපලා එළිකරන්න මිනිස්සු කණ්ඩායමක් එනවා. ඒක දැකපු කුමාරයා තමාගේ බලය පාවිච්චි කරලා මේ මිනිස්සුන්ව ඒ හිටපු තැන් වලම ගල් කළා කියල සඳහන් වෙනවා.
සදාපුරය කරනෙමිය කැලේයා - කියා වැදුනි මහා සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා - එදා පසිඳු විය දෙවියෝ කැලේයා
ඉතින් මේ කුමාරයාගේ බලයෙන් මේ මිනිසුන්ව ගල් කලාට පස්සේ කැලේ දෙවියන් විදියට මේ කුමාරය ප්‍රසිද්ධ වුනා වගේම තවත් මිනිසුන් කණ්ඩායමක් එනවා මේ ගල් කරපු මිනිසුන්ව බේරගන්න. මේ ආව මිනිස්සු එකතු වෙලා කැලේ ඇතුලේ ගල් වලින් කෝවිලක් හදල මේ කැලේ බණ්ඩාර කියන දෙවියන්ගේ නමට ඒක කැපකරලා ඒ මිනිස්සුන්ව බේර ගන්නවා. අදටත් කැලේ බණ්ඩාර දෙවියන් කියල මිනිසුන් සමහර ප්‍රදේශයන්වල මේ දෙවියන්ව වන්දනාමාන කරනවා. ඉතින් මේ ගීතය තුලින් අපේ ජන සාහිත්‍යයේ වසන්වෙලා තියෙන බොහෝ කරුණු නැවත මිනිසුන් අතරට අරගෙන යන්න ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ මේ නිර් මානය ඉවහල් වෙන්නත් ඇති. දඩුබස්නාමානය ටෙලිනාට්‍යයට මේ කවිවල සම්බන්ධයක් නැති බව බොහෝ අය පැවසුවත් එහි අපි කව්රුත් ආදරය කළ චරිතයක් වන "" රනාගේ "" චරිතයේ සමහර සිදුවීම් නම් කවිවල සඳහන් වන සිදුවීම් එක්ක ගැලපෙනවා වෙන්නත් පුළුවන්.
ගැයුම - සමන්ත පෙරේරා මහතා.
තොරතුරු අන්තර්ජාලයෙන් සහ ඉසුරු ප්‍රසංග මහතාගේ විඩියෝවකින්.