LEFT RIGHT Presents

LEFT RIGHT Presents NEW PREENTS(MEDIA,ENTERTAINMENT)

03/04/2025

For deaf ❤️🤩😘

මම ඩොක්ටර් කෙනෙක් ඒත් මේක ලියන්නේ උඹලගෙම එකෙක් වගේ. ඊයේ – මාර්තු 26, 2025 – අනුරාධපුරේ අවුරුදු 15 ක කොල්ලෙක් එයාගේ උපන්ද...
28/03/2025

මම ඩොක්ටර් කෙනෙක් ඒත් මේක ලියන්නේ උඹලගෙම එකෙක් වගේ.
ඊයේ – මාර්තු 26, 2025 – අනුරාධපුරේ අවුරුදු 15 ක කොල්ලෙක් එයාගේ උපන්දිනේ දවසේ bike එකකින් ඇක්සිඩන්ට් වුණා. අවසාන ප්‍රතිඵලය උනේ සුසුම්නාවට හානි වෙලා කොන්දෙන් පහල කොටස ජීවිත කාලයටම පණ නැතිවෙන එක. ඔය photo එකේ තියෙන්නේ කොදු ඇට පෙල කැඩිලා තියෙන විදිය.
මම තාම හරියට දන්නේ නැහැ ඒක කොහොම වුණාද කියලා, ඒත් එක දෙයක් පැහැදිලියි – ඒ කොල්ලගේ අම්මා, තාත්තා, යාළුවෝ ටික, ඒ ඔක්කොම එක මොහොතකින් කඩන් වැටෙන්න ඇති.

ලංකාවේ bike ඇක්සිඩන්ට් දවස ගානේ ජීවිත ගන්නවා. 2023 ජනවාරි ඉඳලා අගෝස්තු වෙනකන් තියෙන police වාර්තාවල තියෙනවා bike ඇක්සිඩන්ට් 612ක් වෙලා කියලා. ඒකෙන් 630ක් මැරිලා. ඒ කියන්නේ මාස 8කට 630ක් යන්නම ගිහින්! දවසකට 2-3ක් විතර එක එක ගෙදරකින් කෙනෙක් නැති වෙනවා. තව ආබාධිත වෙන ප්‍රමාණය. අවුරුදු 20-30 වයස්වල තරුණ උන්, ජීවිතේ ලස්සනම කාලේ wheelchair එකකට වෙලා, නැත්තම් ඇඳකට වෙලා ඉන්න වෙනවා කියන්නේ...😪

මම casualty ward එකේ හිටපු කාලේ අවුරුදු 19 ක් වයස කොල්ලෙක්, යාළුවෝ එක්ක රවුමක් දාන්න ගිහින් බයික් එක ලිස්සලා ලොරියක වැදිලා ගෙනාවා.
Theatre එකට අරන් යනකල් මගෙන් ඇහුවේ "ඩොක්ටර්, මම මැරෙයිද?" කියලා. ඒත් අපිට ඌව තියාගන්න බැරි උනා. Theater එකේ දොර ළගදි ඌ යන්නම ගියා. පස්සේ අම්මා , තාත්තා අඩාගෙන ඇවිත් "මගේ පුතා කොහෙද?" කියලා අඬල අහනකොට මට දෙන්න උත්තර නෑ.

මචං, ඔයාට ජීවිතේ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒත් ඒ ඔක්කොමට වඩා වටින්නේ ඔයා ජීවත් වෙලා ඉන්න එක. හෙල්මට් එක දාන්න. වේගෙන් යන්න එපා. බීලා බයික් එක අරන් එළියට එන්න එපා, bike එකේ යන විට අනවශ්‍ය අවදානම් ගන්න එපා. ඔයා බේරුණොත්, ඔයාගේ අම්මට, තාත්තට, යාළුවෝ ටිකට ලොකු ලෝකයක් බේරෙනවා.

ඔයාට ඔයා ගැන විතරක් නෙවෙයි ඔයාගේ bike එකේ යන අනිත් ඔයාගේ හිතවතා ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැනත් වගකීමක් තියෙන්න ඕනේ.

මම ඩොක්ටර් කෙනෙක් විදිහට ඉල්ලනවා – ජීවිතේ ගැන හිතන්න. Bike එක උඩ ඉඳන් ලෝකෙට හිනාවෙන්න, ඒත් ආරක්ෂිතව.

(Pls share කරන්න. එක ජීවිතයක් හරි බේරුණොත්, ඒක ලොකු දෙයක්.)

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
ශික්ෂණ රෝහල අනුරාධපුර

Photo from Dr. Sashika Liyanage sir

ප.ලි: රිය අනතුරු අවම කරගැනීම සඳහා සමාජය දැනුවත් කිරීමේ අදහසින් මම මේ ලිපිය පල කලේ. මෙහි කිසිම තැනක එම රිය අනතුර සිදුවූ ආකාරය මා විසින් විස්තර නෑ. රිය අනතුරකින් සිදු විය හැකි නරක ප්‍රතිඵල ගැන පමණක් මෙහි සදහන් කර ඇත. අවුරුදු 15 ක දරුවා bike එක පදවාගෙන ගොස් නැත. පියා සමග bike එකක යන විට සිදුවූ අනතුරකින් ඔහු ආබාධිත තත්ත්වයට පත් වී ඇත.

19/03/2025

දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට බාර වෙයි.

මරදාන ස්ටේෂමේදී නොදන්නා ඒ සොයුරා  දැක කඳුළු සැළුවෙමි. ජීවිතය තණ අග පිණි බිඳක් වැනි යැයි යලි පසක් කර ගත්තෙමි....අද වැඩ ඇර...
11/02/2025

මරදාන ස්ටේෂමේදී නොදන්නා ඒ සොයුරා දැක කඳුළු සැළුවෙමි.
ජීවිතය තණ අග පිණි බිඳක් වැනි යැයි යලි පසක් කර ගත්තෙමි....

අද වැඩ ඇරී පංචිකාවත්තට ගියෙමි.
එන ගමන් මරදාන ස්ටේෂමට ගියේ ලබන සතියේ නුවර යන්නට දුම් රිය අසුනක් වෙන් කර ගන්නටය.
වෙලාව හවස පහ පහු වී තිබුනා මතකය.

යකඩ මැස්සක් උඩ බ්‍රවුන් පේපර් කඩදාසි වලින් වසා දුම්‍ රිය ආරක්ෂකයින් හා කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුගේ පෙරහැරින් උස්සා ගෙන එන පිරිමි මළ සිරුරකි.
නිල් පාට අත් දිග කමිසයක් හැඳ සිටි ඒ සොයුරා ගේ එක් අතක් යකඩ මැස්සෙන් පහලට එල්ලෙයි.
කොළරය පුරා ඇති ලේ පැල්ලම් පෙනුනත් මුහුණ වසා තිබීම එක් අතකින් සැනසීමකි.
දුම්‍ රිය නිලධාරීහු සිරුර එළියේ කොරිඩෝවේ පැත්තක තබා පරෙස්සමින් ඔහුගේ ගමන් මල්ල අවුස්සති.
ඒ ඔහු හඳුනාගැනීමට යමක් සෙවීමට විය යුතුය.
රියදුරු බලපත්‍රයක් පර්ස් එකේ තිබී හමු වූවා පෙනින.ඉන් ඔහුගේ ලිපිනය ගාල්ලේ යැයි සොයා ගත්තා විය යුතුය.
අවට රැස්වූ කෝච්චි ගමන් යන කාර්‍යාල සේවකයෝ අර සිරුරේ මුහුණ බලන්නට උත්සහ කරති.
"අපේ දන්න කෙනෙක්ද දන් නෑ.."
කියති.
ඒ අතර තවත් නිලධාරියෙක් සීරුවෙන් ගමන් මල්ල පරීක්ෂා කරයි.
සුදු අත් ආවරණ වලට අසුවී සෙමෙන් ඉහලට එන්නේ උදේ ගෙදරින් බත් බෙදාදුන් රතු මිශ්‍ර ලේන්සුවකින් එතූ ප්ලාස්ටික් පෙට්ටියයි.
දුරකතන චාජරයක් ,තවත් මොනවාදෝ කොළ කෑලි ටිකක් එලියට ආ බව පෙනින.
හම ගිය පර්ස් එකේ කොළ කෑලි, බිල්පත් පිරී තිබිනි...කෝච්චි සීසන් එක මැදි කරගත් දුම් රිය ෆෝල්ඩරයත්, රුපියල් විස්සකුත් ,පුන් කලස ඇති තැ‍ඹිලි කහ පාට ඒ.ටී.එම් කාඩ් එකක් හැර අන් සියල්ල කොළ කෑලි බව පෙනේ..
"අනේ..අපි වගේම දුප්පත් මාස් පඩි කාරයෙක්..."
මා අසල සිටි අයෙක් හූල්ලමින් කියනු ඇසිනි...
ජංගම දුරකතනයක් ද බෑගයේ තිබුනා වෙන්නට ඕනෑය..එයින් හෝ අර කොළ ගොඩෙන් අංකයක් ගෙන දුම්‍ රිය නිලධාරියෙක් එහා පස අයෙකුට අමතන්නට සැරසෙයි.
සමහර විට ඒ ඇමතුම අනෙක් පසින් ගන්නේ ඒ සොයුරාගේ බිරිඳ විය හැකිය.නැතිනම් අම්මා තාත්තා නංගී අයියා අක්කා මිතුරෙක් මිතුරියක් විය හැකිය.............මහත්තය දන්නවද ඔයා..
දුම්‍ රිය නිලධාරීයා අසනු ඇත..
"ඔව්...එයා මගේ......"කියනු ඇත
ඉන් පසු....දුම්‍ රිය නිලධාරී කියන ආරංචිය ඒ අය කෙසේ ඉවසනු ඇද්ද ?
සමහර විට වැඩ ඇරී වැඩ පොලේ සිට මීට ටිකකට කලින් ඔහු නිවසට කතා කරන්නට ඇත. හවසට පාන් අරන් එන බවත් අල හොද්දත් එක්ක සම්බෝලයක් පංකාදු බවත් කියන්නට ඇත.
බෑගයෙ ට්ෂූ කොළ කෑල්ලක ඔතා තිබුනු ඔෆීස් එකේ තේ බොද්දී ඉතුරු කරගත් බටර් කේක් කෑල්ල කන්නට පුංචි කටක් තාමත් මග බලා ඉන්නවා ඇත .
ඒත් ඔහු මෙලොව හැර ගොස් ඇත.
කලබලයෙන් ගෙදර යන්නට ගොඩ වෙද්දී ලිස්සුවාද වෙන සිදු වීමක්ද කියා සොයන්නට වෙහෙස නොවී මම එතනින් අහක ගියෙමි.
"අනේ සහෝදරයා ජීවිතේ තණ අග පිණි බිඳුවක්..උඹට නිවන් සුව..උඹ කවුරු වුනත්..මම සිතින් පැතුවෙමි.
දහස් ගාණක් මා පසුකර ගෙදර යන කෝච්චිය අල්ලා ගන්නට දුවනු පෙනේ..
"අනේ උඹල පරෙස්සමින් පලයල්ලා...ඔය කෝච්චිය ගියොත් ඊලඟ එකේ හරි ,..හෙට හරි යමල්ලා...හදිස්සිය වගේ නෙවෙයි ජීවිතේ....
පරෙස්සමින් අප්පා...
මරදානටම ඇහෙන්නට කෑ ගසන්නට මට සිතිනි..

ජානක සුනෙත් බණ්ඩාර
2025.02.10
මරදාන ස්ටේෂමේදී

05/01/2025

මේ තියෙන්නෙ දකුණු කොරියාවෙ දිගු දුර දුවන බස් එකක්.ඔය මම සාමාන්‍යයෙන් Airport එකේ ඉඳන් ගෙදර යන බස් එක.පැය 06ක ගමනක්.මීක් කියලා සද්දක් නෑ.තමන්ට සිංදු අහන්න නෙමෙයි film එකක් හරි බලන්න ඕන නම්,වෙනම handfree එකක් පාවිච්චි කරලා display එකෙන් බලන්න පුලුවන්.පොතක් කියවනවා නම් reading lamp එකක් වෙනම තියෙනවා.wifi තියෙනවා.මේකෙ ආසනය ඇඳක් වගේම නවන්න පුළුවන්.ගුවන් යානකන බිස්නස් ක්ලාස් එකක ආසනයකට වඩා මේක සැප පහසුයි.වටේටම තිර රෙදි වලින් ආවරනය කර ගන්න පුළුවන්.පුද්ගලිකත්වය උපරිමයි.පැය 06ක් ගියා.ඇඟට කිසිම අමාරුවක් නෑ.ගෙවපු ගානට සාදාරන සුවපහුසු ආරක්ෂිත ගමනක්.
හීන කියන්නෙ මෙන්න මේ ගානට අපේ පොදු ප්‍රවාහණය දියුණු කරලා මගීන්ට සුව පහසු ආරක්ෂිත වියදම අඩු සේවයක් දෙන එකට මිසක් ඉන්දියන් ලොරි බොඩියට චැසි ගහපු බස් එකක් කියලා නමට කියන එකක මල් වැලක් එල්ල ගන්න එකට නෙමෙයි.
අපිට ලොරි චැසි දීලා ඒකේ ගහන්න මලුත් ගෙන්ල්ලා දීලා උන් එදා ඉඳන්ම අපේ හීන එතන්ට කොටු කරා.උන් අපිට මේවා පෙන්නන්නෙ නෑ.ඒකයි මේ video එකක් දැම්මේ
මේ ලෝකෙ තියෙන තැන.එතකොට අපි ඉන්නෙ කොතනද?
හිතලා බලන්න.

TBOCP අපේ බලාපොරොත්තුව ඒ හීනය යථාර්තයක් බවට පත් කිරීමට යි. ඒ සඳහා මූලික අඩිතාලම මේ වන විටත් විසල් නුවරින් අරඹා ඇත.

බස් රථයේ රියදුරු බඳ පටිය දාමා නොමැතිනම්. අධික වේගයකින් ධාවනය කරනවානම්  මාර්ග නිති කඩනවා නම්, ජංගම දුරකථන භාවිතා කරමින් ර...
24/12/2024

බස් රථයේ රියදුරු බඳ පටිය දාමා නොමැතිනම්. අධික වේගයකින් ධාවනය කරනවානම් මාර්ග නිති කඩනවා නම්, ජංගම දුරකථන භාවිතා කරමින් රිය පදවනවා නම් අමතන්න....
ඔබේ ජංගම දුරකථන මගින් Video කර පහත දුරකථන අංකයට වට්සැප් කරන්න. අපි සැමගේ ජීවිත ආරක්ෂා කරමු....

උපුටා ගැනීමකි

TBOCP මගින් කරපු තවත් සුපිරිම වැඩක්🫡🤩💪💪ගමනා ගමන මගී ජනයාගේ ප්‍රධාන මග නැවතුමක් වන ඔරලෝසු කණුව බස් නැවතුම්පල  භූමිය ටයිල්...
11/12/2024

TBOCP මගින් කරපු තවත් සුපිරිම වැඩක්🫡🤩💪💪

ගමනා ගමන මගී ජනයාගේ ප්‍රධාන මග නැවතුමක් වන ඔරලෝසු කණුව බස් නැවතුම්පල භූමිය ටයිල් අතුරා අලංකාරව සකසා තිබුනත් දිගු කාලයක් පැවති ගැටළුවක් වන ලිස්සන සුළු භාවය⚠️
එහි ගමන් ගන්නා වැඩිහිටි මහළු ගර්භණි මාතාවන් , සහ යම් අපහසුතාවයකින් පෙලෙන මගියෙකුට හෝ බසයක් කරා ඉක්මන් ගමනින් යන්නෙකුට අනතුරක් ඇති කිරිමට බොහෝවිට ඉඩ කඩ වැඩිය. මහනුවර නගරයට පැමිණෙන හෝ මහනුවර නගරයෙන් පිටවන මගී ජනයාගේ සුව පහසුව මෙන්ම ආරක්ෂාව අප ගේ අතිවිශේෂ කාර්යක් වන බැවින් මගි ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අත්වැල් බැදන් ලෝක බැංකු අධාර යටතේ ක්‍රියාත්මක වන මහනුවර බහු මාදිලි මගී ප්‍රවාහන පර්යන්තය ඉදි කිරිම්ට සමගාමිව අන්තර්වවාර බස්රථ මෙහෙයුම් උපදේශන ව්‍යාපෘතිය මගින් 2024.12.10 දින රාත්‍රිය පුරා ව්‍යාපෘති කළමණාකාර තුමා ඇතුළු සියළුම නිළධාරින් සහ නඩත්තු කණ්ඩායම එක්ව මෙම බස්නැවතුම්පල බිම්තලය රළු ස්වාභාවයට පත්කර අලුත්වැඩියා කරන ලදි.

15/11/2024

රටටම Current එක කපන වෙලාවෙ මිරිහානට විතරක් නොකපා හිටිය පොඩි කේස් එක ගිය දුරක්! 🤦‍♀️🤷‍♀️🤔

Kandy ✔️💪💪
15/11/2024

Kandy ✔️💪💪

Address

Kandy Road
Wattegama
20810

Telephone

+94713081581

Website

Alerts

Be the first to know and let us send you an email when LEFT RIGHT Presents posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LEFT RIGHT Presents:

Share