HazZ

HazZ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HazZ, Digital creator, Weligama.

ඒ දෙක අතරේ.!🤍එයා මට ආදරෙයි කියලා කියන හැම වෙලාවකම මගේ උත්තරේ " මට තවත් විදවන්න බෑ. Affair එකක් පටන් ගන්න දැන් කිසිම inte...
02/10/2025

ඒ දෙක අතරේ.!🤍

එයා මට ආදරෙයි කියලා කියන හැම වෙලාවකම මගේ උත්තරේ " මට තවත් විදවන්න බෑ. Affair එකක් පටන් ගන්න දැන් කිසිම interest එකක් නෑ. මං හැමදාටම තනියම ඉදී. ඔයා මං ගැන hopes තියා ගන්න එපා." උනේ මේක.

එත් ඒ කිසිම දේකට බැරි උනා එයා මට ආදරේ කරන එකයි මට ආදරේ කියන එකයි නවත්තන්න. මාත් කොච්චරටම දුශ්ටද කියනවා නම් එයා මට එයාගේ හිතේ මං ගැන තියන ආදරේ තරම කියන හැම වෙලාවකම එක එක විදියට මගේ උත්තරේ වෙනස් කර කර කියලා හිත රිද්දෙවුවා. ලඟ තිබ්බම කිසි වටිනාකමක් නැහැලුනේ...ඒත් දවසක එයා ආයේ නොඑන්නම යනවයි කිවුවම මගේ හිත ඇතුළෙන් මහා දුකක් එක්ක තරහක් මෝරද්දි තමයි මට තේරුනේ. ඔව්! මං එයාගේ හිතත් එක්ක යාළු කමටත් එහා ඒත් ආදරේට මෙහා තැනක නැවතිලා. මට මෙච්චරක් කියලා පෙන්නන්න බැරි තරම් ආදරේ කරන ඒ හිතට පෙරළා ආදරේ කරන්න බැරි කාලෙකට කලින් මං පොඩි එකෙකුට වගේ ආදරේ කරපු මනුස්සයෙක්ගේ අඳුරු මතක වල බලපෑම නිසා. මට එයාව ඔනි උනත් මුකුත් නොකර ඉන්න උනා තියෙන අගේ තේරිලත් මෙහෙවු මිනිස්සු මගහැරෙන එක හරිම අපරාදයක්. ඒක මහ විනාසයක්.

HamZa. 🖤

මගේ අනාගත පෙම්වතිය වෙත, කවදා හරි දවසක අපි ආයෙ මුන ගැසුනම ඉතින් මට සමාවෙන්න... බොහෝ කාලයක් නුඹට මා මුන නොගැසීම සම්බන්ධව ස...
27/09/2025

මගේ අනාගත පෙම්වතිය වෙත, කවදා හරි දවසක අපි ආයෙ මුන ගැසුනම

ඉතින් මට සමාවෙන්න... බොහෝ කාලයක් නුඹට මා මුන නොගැසීම සම්බන්ධව සමාවෙන්න...

මා නුඹගේ නළල සිපගන්නේ නැති විය හැක... මල් පොකුරු, ටෙඩියන් හා තෝඩු නුඹව පුදුම කරවන්නට ලබා නොදේවී... ඉතින් තරහා නොගන්න...

මට නැවතත් මුල සිට ප්‍රේම කිරීමට අවැසිය... ඒ සංකීර්ණ පරිණත වූ බොළඳ පෙම්වතෙක් ලෙසය...

නැවත නුඹගේ කැමතිම පාට, කැමතිම සිංදුවේ සිට විමසන්නට ඇවැසිය... ඉතින් තරහා නොගන්න...

අතීතයේ සිදු වූ සාමකාමී තුවාල තවමත් සුවවී අවසන් නැත... ඒවායේ එකඳු කැලලක්වත් නොමැතිව මට නුඹ වෙත පැමිණිය යුතුව ඇත...ඒ ප්‍රේමය තුළින් නුඹට අසාධාරණයක් කිරීමට මා අකමැති නිසාය... එබැවින් මට කාලය ලබා දෙන්න...

කිසි දිනක නුඹ මට පෙම් කළ යුතු නැත... දෙදෙනාට ඇති තරම් අවැසි වන පරිදි මා ප්‍රේමය රැගෙන එමි... එතෙක් ඉක්මන් නොවීමට වග බලා ගන්න...!🤍

HamZa. 🖤

සුදු රෝස මල 🤍🌹ඇය මට මලක් වගේ, ඇයගෙම වත්තක පිපුණු, හදිසියේම දකින්න ලැබෙන, සුවඳ පුරවන ලස්සන මලක්.ගොඩ දෙනා ඇය නෙලාගන්න හැදු...
24/09/2025

සුදු රෝස මල 🤍🌹

ඇය මට මලක් වගේ, ඇයගෙම වත්තක පිපුණු, හදිසියේම දකින්න ලැබෙන, සුවඳ පුරවන ලස්සන මලක්.

ගොඩ දෙනා ඇය නෙලාගන්න හැදුවත්, මට ඇය නෙලාගන්න ඕනේ නැ.

මට ඕනේ ඇයගෙ ලස්සන දුරි ඉදන් නරඹන්න, ඇයගෙ සුවඳ විඳගන්න.

ඇය සරසව පිපෙන්න, පොහොර දාන්න, වතුර දාන්න, ඇයගෙ පාට පිරෙන්න ආදර වතුරක් ඉහින්න.

කවද‍ා, කාට අයිති උනත්, මම ඇයගෙ ලස්සනට රිද්දුවේ නැ කියන අපූරු හැඟීම හිතේ තියාගන්න.

ඔව්, ඇයගෙ කටු ඇතත් කමක් නැ, එක පාරක්වත් ඔහු ළඟ ඉඳන් ඇයගෙ මනෝහරකම විඳින්න දෙනවා නම්.

මම කැමතියි ඇය පිපෙනවට, ඇය කැමති කෙනා අතින් ලස්සන වෙනවට.

අන් අයගෙ රිදවීමෙන් නොව, ඇයගෙම ආදරයෙන් සැරසෙන වරම් ලදෝත් මගේ සුදු රෝස මලේ ආදරවන්තයා වෙන්නට!❤️‍🩹

HaMZa. 🖤

ආදරේ කියන්නෙ සමනල්ලු පියාබන එකටවත්, මුලු ලෝකෙම ටික දවසකට ලස්සනට පේන එකටවත්, හේතුවක් නැතුව හිනා යන එකටවත්, කවි ලියවෙන එකට...
23/09/2025

ආදරේ කියන්නෙ සමනල්ලු පියාබන එකටවත්, මුලු ලෝකෙම ටික දවසකට ලස්සනට පේන එකටවත්, හේතුවක් නැතුව හිනා යන එකටවත්, කවි ලියවෙන එකටවත් නෙවෙයි කියල තේරුම් යන දවසක් එනවා.

එදාට සමනල්ලු උන්ගෙ කෝශවල සද‍ාකාලික නින්දක උන්නත්, ලෝකෙම පිරිලා තියන අදුර ඔයාගෙ ඇස්වලට හොදටම පෙනුනත්, ඔයා හිතුවක්කාර විදියට බුම්මගෙන උන්නත්, කවි ලියන විදිය අමතකම උනත් ඔයා කෙනෙක්ට වෙලාවකට කොන්දේසි නැතුව, තව වෙලාවකට හේතුවක්වත් නැතුව ආදරේ කරනවා. වැදගත්ම දේ ඒ කෙනත් ඔයා තරමටම ඔයාට ආදරේ කරනවා."

HamZa. 🖤

ඔහු ඇයට කරදරයක් වෙන්න ගියේ නෑ !🤍සමහර මිනිස්සුන්ව හදවතින් දරාගෙන ඉද්දී ඒ දරාගැනීම නොගැලපීමක් කියලා එයාලා ඈත් වෙලා යනවා.පි...
21/09/2025

ඔහු ඇයට කරදරයක් වෙන්න ගියේ නෑ !🤍

සමහර මිනිස්සුන්ව හදවතින් දරාගෙන ඉද්දී ඒ දරාගැනීම නොගැලපීමක් කියලා එයාලා ඈත් වෙලා යනවා.

පිස්සුවෙන් වගේ නැති උන ආදරේ හොයද්දි ඒ ආදරේ වෙනුවෙන්ම තැවෙද්දි . මිනිස්සු පුදුමාකාර තරම් අසරණ වෙනවා දහසක් බලාපොරොත්තු තියාගෙන ඒවා එකින්නෙක කඩවෙලා ජීවිතේ බිංදුවටම වැටුනට පස්සේ දැනෙන්නෙම අසීමිතකලකිරීමක් මිනිස්සු තනි වෙන්නෙ ඊට පස්සේ !

තනිවෙලා ඉන්නකොට නැති වෙන්න, අහිමිවෙන්න දෙයක් නෑ කියලා තේරුම් ගත්තම මිනිස්සු තනිකමට ආදරේ කරන්න පටන් ගන්නවා

මම දන්නේ එක දෙයයි

" මිනිස්සු තනිවෙලා ඉන්නේ තනිකමට ආස නිසා නම් නෙමෙයි " මිනිස්සු හරි බය වෙනවා ආදරේ කරන්න ජීවත කාලෙම තනිකමට හුරු වෙනවා.....!🥺❤️‍🩹

ඉතින් එකම ගැහැනියගෙන් ප්‍රතික්ෂේප වීම ඉදිරියේ ඔහුට ඇය වෙනුවෙන් කල සියලු කැපකිරීම් ඔහුට අගයක් නැති බව හැගුනු මොහොතේ පටන් ඔහු ඇය බලාපොරොත්තුවෙන එක පවා නවතා දැමුවා.🙂❤️‍🩹

"සැනසෙන්නේ කොහොමද නුඹ නැති දා 🤍🥀"

HamZa.🖤

19/09/2025

🤍🌼

18/09/2025

ඔයාව ඕනේ කියන කෙනෙකුයි, ඔයාව තියාගන්න ඕනෙම දෙයක් කරන කෙනෙකුයි අතර "සෑහෙන්න ලොකු වෙනසක් තියනවා..🤍"අයත්ම -
18/09/2025

ඔයාව ඕනේ කියන කෙනෙකුයි, ඔයාව තියාගන්න ඕනෙම දෙයක් කරන කෙනෙකුයි අතර "සෑහෙන්න ලොකු වෙනසක් තියනවා..🤍"

අයත්ම -

දැන් මට වැඩිය මැසෙජ් නෑ නේද..?☺️+ එහෙම දෙයක් නෑ..🥺- තේරෙනවා ඉස්සර වගෙ නැතිවුනාම..🙂 + ඔව් එහෙමත් වෙන්න ඇති- ම්ම් මාව එපාව...
17/09/2025

දැන් මට වැඩිය මැසෙජ් නෑ නේද..?☺️

+ එහෙම දෙයක් නෑ..🥺

- තේරෙනවා ඉස්සර වගෙ නැතිවුනාම..🙂

+ ඔව් එහෙමත් වෙන්න ඇති

- ම්ම් මාව එපාවුනාද නැත්තන් වෙන කෙනෙක් හම්බුනාද..?🙂

+ අනේ නෑ මන් ටිකක් තනියම ඉන්න හිතුවා..☺️

- ඒ කියන්නෙ දැන් මන් ගැන ආදරයක් එහෙම නෑ කියලද..

+ අපො නෑ නිතරම මැසෙජ් කෝල් ගහල ලග හිටියොත් විතරද ඔයා ඒක ආදරේ කියල දකින්නෙ..🥹

එහෙම නැත්තම් කොහොමද..

+ ආදරේ තියෙන්නෙ හිතෙයි පරිස්සම ඇතුලෙයි මිසක් මම ඔයා එක්ක ඉන්න පැය ගාන ඇතුලෙ නෙමෙ..🥀

මුලු දවස පුරාම ඉද්දි ආදරෙයි කියන එකයි මුලු දවසෙම නැතිවෙද්දි වෙනස් වෙලා කියන එකයි ඇතුලෙන් මනුස්සයෙක්ගෙ ආදරේ දකින්න බෑ. .❤️‍🩹

එහෙනම් දැන් ඇයි තනියම ඉන්න හිතුවේ..

+ මන් ඔයාට ආදරේ කරන එක දවස ගානෙ වැඩිවෙනව මිසක් අඩුවක් නෑ..

ඉටත් වඩා මතක එකතු වෙද්දි ඇබ්බැහිවෙනවා වැඩී..

මට බයයි..

ඔයා ගැන නෙමෙ මන් ගැන..

මට මාව නැතිවුනොත් ඔයා දන්නෙවත් නැති තරමට ඔයාව පරිස්සම් කරන්නෙ කවුද🙂🥀

ඔච්චර ආදරේ කරන්නෙපා මන් ඔයාගෙ වුනෙ නැතිවුනොත් ඔයාට දරාගන්න බැරිවෙයි.☹️

+ ඒකට කමක් නෑ මන් මෙච්චර කල් ආදරේ කලෙත් කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉස්සරහටත් එහෙමයි

ඒත් මන් මගෙ දරාගැනීමෙ සීමාව ඇතුලේ විතරක් ආදරේ කරන්නම්

නැත්තන් මට ඔයාවයි මට මාවයි නැත්තටම නැතිවෙලා තියෙයි..❤️‍🩹

HamZa. 🖤

මා නුඹට තිබෙන ආදරය නුඹටම වදයක් බවට පෙරළීම තරම් දුකක් මං කිසිදා අත්විඳ නැතනිහඬ වූ හැම නිමේෂයකම එක දිගට කතා කරපු නුඹේ හඩ ව...
16/09/2025

මා නුඹට තිබෙන ආදරය නුඹටම වදයක් බවට පෙරළීම තරම් දුකක් මං කිසිදා අත්විඳ නැත

නිහඬ වූ හැම නිමේෂයකම එක දිගට කතා කරපු නුඹේ හඩ වෙනදාටත් වඩා හොඳින් මට ඇසුණි.

නුඹ සමඟ තරඟයක් අමනාපයක් කහටක් මා තුළ නො මැත.

යමක් හිමි වී මෙන් දැඩි සතුටක් හෝ යමක් අහිමි වී මෙන් දැඩි දුකක් හෝ මා හට දැන් නොදෙනේ...

නුඹව හිමිකර ගැනීමට පෙරදා මා තුළ තිබූ ගිජුකම හෝ දැඩි ආශාව අද මා කෙරෙහි නො මැතනමුදු ආදරය දැනුන හැඟීම් හැම මොහොතකම සිහියට නැගේ..

බැඳීම් පසු පස හඹා ගොස් නුඹව විනාශ කරන්නට බය ගන්වන්නට නුඹට අයිති දේවල් ලබාගැනීමට ආසාවක් මා හට නොතිබිණි..

මිතුදමක් එහි අන්තයෙහි වූ ආදරයක් දින තුනක් නඩත්තු කර ලබන ලාභයක් මා කිසිවිටක මා බලාපොරොත්තු නොවිණි... සෑම විටම පැතුවේ ආදරය පමණි

හුදෙකලාවේ දුක කොතරම් දැඩි වුවත් මම නිහඩ වුණි. එයින් පමණක් ඔබ සෑහීමට පත් වූ බව සිතමි..

කිසිවිට වධයක් නොවෙමි

මගේ නිහඩ බව පරිණත බවේ ප්‍රකාශයක්දැයි ම නො දනිමි...

නමුදු...

දීර්ඝ කාලීනව තනිවී මට අවශ්‍ය මතකයක් මිනිසෙකුට ලබාදීම පිරිමියකු මරා දැමීමටත් වඩා ලොකු විනාශයකි...! ❤️‍🩹✍️

HamZa. 🖤

Address

Weligama

Website

Alerts

Be the first to know and let us send you an email when HazZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share