
30/06/2024
🔰ධානිගල නොහොත් ඒලියන් රොක්,
කන්දෙගම පොලොන්නරුව.
ස්වභාවයෙන්ම අසාමාන්‍ය පෙනුමක් ඇති මේ පර්වතය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෙළවරකට වන්නට තමා පිහිටලා තියෙන්නේ. අරලගංවිල පහුකරලා මාදුරු ඔය පැත්තට යද්දී හමුවන කන්දේගම ධනංජය රජමහා විහාරය හරහා තමයි මෙහි පිවිසුම් මාර්ගය වැටිලා තියෙන්නේ. විහාර පරිශ්‍රය වගේම අවට වන්නන්තරය තුළත් මේ ප්‍රදේශයට කොච්චර දිග ඉතිහාසයක් තියෙනවද කියන්න සාධක හමුවෙනවා. සමහර නටබුන් නම් අවුරුදු 5000ක් හෝ ඊටත් පැරණි ඒවා. විශාල ගල් ලෙන් ප්‍රමාණයකුත් මේ ආශ්‍රිතව තියෙනවා. නමුත් අපේ අවාසනාවට සුද්දන්ගෙ පුරාවිද්යයාව මගින් ඒ සේරම ක්‍රි:පූ 2 කට සීමා කරල ඉවරයි
ඉතින් නමින් ධානිගල වෙන මේ කන්ද අනිත් ඒවාට වඩා වෙනස් වෙන්නේ ඉදිරිපසින් බැලුවාම ඍජුව ඉහලට නගින අර්ධ සිලින්ඩරාකාර පෙනුමක් තියෙන නිසා. ඒ වගේම කඳු මුදුන බොහෝ දුරට වෘත්තාකාරයි. කන්ද මුදුනේ මැද ප්‍රදේශයේ පොඩි ලඳු කැලෑවක් තිබ්බත් වටේ දාරය අසලින් සෑහෙන ප්‍රමාණයක රවුම් සීමාවක් ශාක නොමැතිව විවෘත බිම පවතිනවා. හරියට නිකන් කඳු මුදුන වටේට වෘතාකාරව සුද්ද කළා වගේ. ඒ වගේම ඒ විවෘත ප්‍රදේශයේ සුදු පැහැති ගල් කැබලි විසිරී පවතිනවා.
ගම්වැසියන් අතර කාලාන්තරයක් තිස්සේ මේ ප්‍රදේශය පිලිබඳ ගෙතුණු ජනප්‍රවාද පවතිනවා. ඒ අතර යම් රාත්‍රී කාලවල ධානිගල කඳු මුදුනේ දකින්න ලැබෙන අද්භූත ආලෝක ගැනත් කියන්න ඕනේ. කන්දට පාත් වෙන විවිධ පැහැයන්ගේ හා විවිධ ප්‍රමාණ වල එළිත්, කඳු මුහුණේ හා ඒ අසලින් ගමන් කරන එළිත් නිවෙන දැල්වෙන එළිත් ගැන ඔවුන් අතර කටකතා තිබෙනවා. ප්‍රමාණවත් සාක්ෂි නැතුව මේවා ඇත්තටම පවතිනවාද නැද්ද යන්න සැක සහිත වුණත් බොහෝ කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් එකම කතාව කියන නිසා එක වරම බැහැර කිරීම සුදුසු නෑ. ඇතැමුන් මේවා පිටසක්වල යානා බවත් පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් කන්ද මුදුනේ හා ඒ ආශ්‍රිතව සිදුවන බවත් සඳහන් කරනවා. මේ වගේම කතන්දර තියෙන දිඹුලාගල පිහිටා තියෙන්නෙත් වැඩි දුරකින් නෙවෙයි කියලත් අමතක කරන්න හොඳ නෑ. මේ ආසන්නයේ ම තියෙන අරලගංවිල ප්‍රදේශයේ උල්කාෂ්ම කොටස් හමුවීමත් මේ කතා වලට පොඩි තල්ලුවක් දෙනවා. මේ සියලු දේ අහඹු ස්වායත්ත සිදුවීම් වෙන්නත් ඕනේ තරම් ඉඩ තියෙනවා. කෙසේ නමුත් හරි අධ්‍යයනයක් නැතුව යමක් පිළිගැනීමට හෝ බැහැර කිරීමට ඉක්මන් වියයුතු නෑ.