07/08/2026
ගනේමුල්ල සංජිව ඝාතනයේ
වෙඩික්කරු බව කී පළමුවැන්නා
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ
ගැටුමෙන් ඝාතනය වෙලා !
බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ ඇතිවූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ ගැටුමක් හේතුවෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු ගනේමුල්ල සංජිව ඝාතනයේ වෙඩික්කරු බවට මුලින්ම පොලිසිය සැකකළ පුද්ගලයායි.
මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් (35) නැමැති අයෙකි.
චෝදනා ලැබූ අපරාධ:
ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනය, මීගමුවේ ද්විත්ව ඝාතනය ඇතුළු බහුල ඝාතන සිද්ධීන්.
සම්බන්ධතාවය:
"හෝමාගම හඳයා" නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙස කටයුතු කිරීම.
වෙනත් නඩු:
ගාල්ල, අම්පාර, මීගමුව සහ හෝමාගම අධිකරණ කිහිපයකම නඩු පවතින අයෙකි.
විශේෂිත සිදුවීම්:
ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස මුල් අවස්ථාවේදී සැකයට ලක්වූයේ ද මොහුය.