SL24news

SL24news ~ සාධාරණ මාධ්‍යකරණය ~

විදේශගත ශ්‍රීලාංකික ඔබගේ විශ්වාසනීය සහ සමබර තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන්, සාධාරණ මාධ්‍යකරණයේ ප්‍රමුඛයා SL24news සමග එක්වන්න.

Constantly emerging news and valuable events in the country and the world directly or indirectly affect our lives. Therefore, it is our hope that the news will not be considered as a mere incident, but will lead to an intellectual inquiry and create an intellectual impulse for you to read for yourself and to socialize the truth as truth. Only balanced and transparent reporting with accurate source

s and factual information can help you to be confident about the news we bring. With a small staff of News Labs, we will continue to win your trust and provide reliable news as soon as possible.

30/11/2025

අපදා තත්වය තුල සහන සේවා සැපයීම සම්බන්ධව

ජයතිසි මුණසිංහ මහතා
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම්

අඛණ්ඩ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුම් සඳහාඉන්දීය ගුවන් හමුදාවේ (IAF) MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් අද (29)සව...
29/11/2025

අඛණ්ඩ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුම් සඳහා
ඉන්දීය ගුවන් හමුදාවේ (IAF) MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් අද (29)සවස ශ්‍රී ලංකාවට පැමිණියා

මෙම ගුවන් යානය සහන සේවා සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය සමඟ භට පිරිස් සාමාජිකයින් 22 දෙනෙකු රැගෙන එන ලදී.

29/11/2025

දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් වලට අමතරව ගොඩබිමින් ක්‍රියාත්මක මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් මුළු දිවයින පුරාම සිදු කරන අතර එම මෙහෙයුම් සදහා ගුවන් හමුදා කදවුරු වල සේවා පුද්ගලයින් 1666ක් සහභාගි වි ඇති අතර ජල ගැලීම්, කදු නායයෑම් , රොගාතුරව සිටින පිරිස් ප්‍රතිකාර සදහා යොමු කිරීම් සහ ගංවත්රෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් 870 පමණ ප්‍රමාණයක් මුදවාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

29/11/2025

අවතැන් වී සිටින සහ ආපදාවට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයාබලා කඩිනමින් පහසුකම් සලසා දෙන්න.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මුළු දිවයිනටම බලපෑ "දිට්වා" සුලිකුණාටුවත් සමඟ කැලණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ ප්‍රදේශයට ඇති වූ අසාමාන්‍ය ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ඉහළ බෝමිරිය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ සුවදුක් විමසා බැලීමට අද (29) පස්වරුවේ පැමිණියාය.

එහිදී බෝමිරිය කනිටු විදුහලේ තාවකාලිකව නැවතීසිටින ජනතාව හමු වී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට අගමැතිතුමිය කටයුතු කළාය.

අවතැන් වූ ජනතාව මේ වන විට මුහුණ දෙන අඩුපාඩු පිළිබඳ සොයාබලමින්, ආහාර සනීපාරක්ෂක උපකරණ ඇතුළු අවශ්‍යතා කඩිනමින් ලබා දීමේ රජයේ වැඩ පිළිවෙළ පිලිබඳව සොයා බැලූ අග්‍රාමාත්‍යතුමිය ඇති වී තිබෙන ජාතික ව්‍යසනය අවබෝධ කර ගනිමින් අවතැන් පිරිස් වෙනුවෙන් සහන සලසමින් ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙන සියළු දෙනාට ස්තූතිය පුද කළාය.

අවතැන් වී සිටින සහ ආපදාවට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයාබලා කඩිනමින් අවශ්‍යතා සලසා දෙන ලෙස දේශපාලන අධිකාරියෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

#2025

29/11/2025

රුධිර ඒකක 1500 ක් පමණ අවශ්‍යයි
අපි රුධිර බැංකු කිහිපයක් විවෘත කර තිබෙනවා
මේක ජාතික වශයෙන් කරන ඉල්ලීමක්.

වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ - නාරාහේන්පිට

#2025

29/11/2025

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ මුදවා ගැනීමේ කටයුතු සඳහා එවා ඇති ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන "INS Vikrant "නෞකාවේ සිට ඉන්දීය "Chetak" හෙලිකොප්ටර් යානා මුදවා ගැනීමේ කටයුතු සඳහා පිටත්වන අවස්ථාව.

#2025

29/11/2025

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් දෙවන ගුවන්යානය දිවයිනට.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහන සේවා කණ්ඩායමක් ඉන්දීය ගුවන් හමුදාවට අයත් IL - 76 ගුවන් යානයක් (2025.11.29) අද දින උදැසන 07.55ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණයහ.

මෙම යානය මගින් සහන සේවා උපකරණ, මුදවා ගැනීමේ උපකරණ හා ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර දැක්වීමේ බලකායේ පුද්ගලයින් 82 දෙදෙනෙකුගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් පැමිණි අතර, මෙම කණ්ඩායම සඳහා පුහුණු කල සුනඛයින් 04 දෙනෙකුද ඇතුලත්ය.

#2025

29/11/2025

කලාඔය පාලම අසළ අනතුරට පත් බස් රථයේ මගීන්
සියලුදෙනා මුදාගෙන අවසන්

ලේකම් - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

#2025

29/11/2025

#2025

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) මගීන්ට සහ සාමාන්‍ය ජනතාවට දැන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) ජංගම යෙදු...
29/11/2025

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) මගීන්ට සහ සාමාන්‍ය ජනතාවට දැන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) ජංගම යෙදුම හරහා යාවත්කාලීන ගුවන් ගමන් තොරතුරු වෙත ප්‍රවේශ විය හැකිය. ඇන්ඩ්‍රොයිඩ් (Android) පරිශීලකයින්ට කාලීන ගුවන්තොටුපළ යාවත්කාලීන කිරීම් සහ අත්‍යවශ්‍ය සංචාරක තොරතුරු ලබා ගැනීමට
Google Play Store වෙතින් යෙදුම බාගත
කළ හැකිය.

යෙදුම Google Play Store වෙතින් බාගතකරන්න
https://play.google.com/store/apps/details?id=com.airport.bia_airport_app

Address

Wennappuwa

Telephone

+94716185299

Website

Alerts

Be the first to know and let us send you an email when SL24news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share