Lumina Always

Lumina Always A quiet place where light meets soul. Here, I share fragments of beauty, depth, and reflection through moments, words, and visuals.

මං මේක විශේෂයෙන්ම ලියන්නෙ පුංචි නර්ස්ලාටයි. ජීවිතය අලුතින් පටන් ගත් ඔයාලා සමහර විට තමන්ගෙම පවුලක් දැන් බලා ගන්නවා වෙන්නත...
19/07/2026

මං මේක විශේෂයෙන්ම ලියන්නෙ පුංචි නර්ස්ලාටයි. ජීවිතය අලුතින් පටන් ගත් ඔයාලා සමහර විට තමන්ගෙම පවුලක් දැන් බලා ගන්නවා වෙන්නත් පුළුවන්.
මේ වෘත්තිය තුළ අපේ සීනියර් මිස්ලාගෙන් ලැබෙන ආරක්ශාව කියලා නිම කරන්නට බැහැ.
නමුත් අප මැදි වී සිටින්නෙ සම්බන්ද ජාලයක් තුළයි. එය තුල විවිධකාර තනතුරු නාම දරන අය සිටියි
ඉන් සමහර සුදු කබා ඇතුලේ සැගවී ඇති සැබෑ චරිත වලින් පරිස්සම් විය යුතුයි.

සමහර අවස්ථාවලදී, ප්‍රසිද්ධියේ ඉතා ගෞරවනීයව සහ වෘත්තීයමය ලෙස පෙනෙන ඇතැම් පුද්ගලයන්, තනිව සිටින විට හෝ තමන්ට වඩා බලය අඩු අය සමඟ සිටින විට සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණක් පෙන්විය හැකියි.
ඔයාගෙ පෞද්ගලික සීමාවන්ට ගරු නොකරමින්, අනවශ්‍ය ලෙස ජීවිතයට මැදිහත් වීම, හෝ බලය භාවිත කර අපහසුතාවයට පත් කිරීම කිසිසේත්ම සාමාන්‍ය දෙයක් නොවන බව මතක තබා ගත යුතුයි .
සැබෑ වෘත්තීයභාවය හෝ මනුස්සකම මැනෙන්නේ තනතුරෙන්, උපාධියෙන් හෝ පවුල් පසුබිමෙන් නොවේ.
එය පෙනෙන්නේ තමන්ට කිසිදු වාසියක් ලබාදිය නොහැකි කෙනෙකුට පවා ගෞරවයෙන් සහ සීමාවන්ට ගරු කරමින් සලකන ආකාරයෙනි.

ඉතින් මේ සීමාවන් ගැන වගබලා ගැනීම හෙදියක් විදියට තමන්ගෙම වගකීමක්.

Lumina Always

පාට කරන්නට පිටු නැති හෙයින් මාස්ක් එකක් පාට කළෙමිබලා ගන්නට මල් වත්තක් නොමැති බැවින් පැළ හතරක් බලා ගතිමි.උයන්නට තරම් පණක්...
14/07/2026

පාට කරන්නට පිටු නැති හෙයින් මාස්ක් එකක් පාට කළෙමි
බලා ගන්නට මල් වත්තක් නොමැති බැවින් පැළ හතරක් බලා ගතිමි.
උයන්නට තරම් පණක් නොමැති හෙයින් කඩචෝරුවක් මිලට ගතිමි.
හේතුවක් නැති දුක, තරහත් තාවකාලික බව හිතට ගතිමි.
අඩු නින්දත් ආතතියත් පරදා ගෙන
Pre menstrual සින්ඩ්‍රෝමය හා සටන් කිරීම නර්ස් කෙනෙකුට අමාරු යැයි තේරුම් ගතිමි.

Lumina Always

නර්ස් කෙනෙක් විදියට ඔයා  දවසට කී සැරයක් මේ දේවල් ටික අහනවද?ඔයාට දැන් කොහොමද  ? තාම ඇගට අමාරුද?  රිදෙනවද?බේත් ටික බිව්වද?...
09/07/2026

නර්ස් කෙනෙක් විදියට ඔයා දවසට කී සැරයක් මේ දේවල් ටික අහනවද?
ඔයාට දැන් කොහොමද ?
තාම ඇගට අමාරුද? රිදෙනවද?
බේත් ටික බිව්වද? කාලද ඉන්නෙ ?හොදට වතුර බිව්වද? ගෙදරින් බලන්න ආවද?
අඩු පාඩු ගන්න අතේ සල්ලි තියෙනවද?...
ඒත් ඔය ප්‍රශ්න වලින් එකක්වත් අද දවසට ඔයාගෙන් කවුරුවත් අහල නැතුව ඇති.
ඒ වෙනුවට...
ඇයි මේක නොකලෙ? ඇයි මේක කරන්න පරක්කු?.
ඇයි මේක වැරදි? ඇයි ආවෙ නැත්තේ මේ වැඩේට ?
මේ පෝයටත් ගෙදර එන්නෙ නැද්ද?
කෝ සල්ලි දැම්මද? වගේ
ප්‍රශ්න කෝටියක් ඇහෙනවා ඇති.
පොඩි වගේ පෙනුනට මේව දිනපාතා එකතු වෙද්දි විශාල නෙගටිව් එනර්ජි එකක්. මේවා ඔයාව හෙමීහිට දුර්වල කරලා දාන්න කලියෙන්
චූටි චූටි පුරුදු ටිකක් ,
සරල විනෝදාංශ කීපයක්,
සෙල්ෆ් ලවින්ග් ජර්නල් එකක් පටන් ගන්න.
තව අවුරුදු 5කින් ඔයා කරල තියේවි කියල හිතෙන ඩිග්‍රිය, ඩිප්ලෝමා එකට, සමහර විට පටන් ගන්න තියෙන ඔයාගෙම බිස්නස් එකට ආයෝයජනය වෙමිනුයි ඉන්නෙ කියලා මතක තියා ගන්න.
වැදගත්ම දේ ඔයාගෙ බොඩි එකට මයින්ඩ් එකට හෙල්දි ඉනර් සර්කල් එකක් තියා ගන්න.

Lumina Always

කල්පිටි මුහුදු කරයේ දිනක් ගත කළෙමි.හැදෑවේ ඉර බහින දිහාවට කයාකයක් පැද්දෙමි.ඉස්සන් කකුළුවන් රස බැලුවෙමි.ස්කයි සර්ෆින් බැල්...
07/07/2026

කල්පිටි මුහුදු කරයේ දිනක් ගත කළෙමි.
හැදෑවේ ඉර බහින දිහාවට කයාකයක් පැද්දෙමි.
ඉස්සන් කකුළුවන් රස බැලුවෙමි.
ස්කයි සර්ෆින් බැල්කනියේ සිට බැලුවෙමි.
කලබල නගරෙන් ඈතට වී මුහුදු සුළගත්, රළ බිදෙන සද්දෙත් , සාමකාමී හැන්දෑවන්
අතරෙ නිදහසේ කාලය ගත කළෙමි.
🌊♥️

Lumina Always

A heartfelt thank you to Dinuda Lagoon , for giving us the perfect ending to our road trip. 🌊🤍 From the delicious seafood and delightful desserts to the peaceful stay, breathtaking ocean views,
and unforgettable kayaking experience, every moment was filled with joy and tranquility.
Thank you for your warm hospitality and for creating memories we'll always treasure.
We can't wait to visit again. ♥️


නර්සින් ජීවිතේ මේ පොසොන් පොයත් දන්සලක් පන්සලක් නොදැකම ගෙවිලා ගියා.සද්දයක් බද්දයක් නැති බෝඩිමට ආවම මොකක්දෝ හිස් ගතියක් දැ...
30/06/2026

නර්සින් ජීවිතේ මේ පොසොන් පොයත් දන්සලක් පන්සලක් නොදැකම ගෙවිලා ගියා.
සද්දයක් බද්දයක් නැති බෝඩිමට ආවම මොකක්දෝ හිස් ගතියක් දැනෙනවා.ගෙදරට කෝල් කරන්නත් බෑ වගේ දවසෙම එයාලා එකතු වෙලා දුන්නු දන්සල්, ට්‍රිප් ගියපු තැන් වල ෆොටෝස් දැකලා ඉරිසියා හිතිලයි තිබුනෙ.
කමක් නෑ හෙට නයිට් එකට කලින් හොදට නිදා ගන්න ඕන.
ජර්නලින් කරන්න ආස වුනත් කෝ ඉතින් වෙලාවක් පුළුවන් විදියට ස්ටිකි නෝට් ටිකක් අලව ගත්තා බිත්තියෙ,
අමතක වෙන වැඩ මතක් වෙන්න ,චූටි චූටි ටාර්ගට් ටිකත්, to do list එකත් ගහල තියා ගත්තා.
අමාරු දවස් කොහොම හරි අල්ලන් ඉන්න ක්‍රමයක් හොයා ගන්නත් එපැයි.
මේ එන්චාන්ටර් සුවද ගිෆ්ට් එක ගත්තෙ මටම දෙන්නයි. ඒක මට ඉස්සර පොඩි කාලෙ මතක් කරලා දෙනවා. අම්මා මහපු චීත්ත ගවුම් කෑලි ඇදන් හවසට පාර දිගේ සෙරෙප්පුත් නැතුව දුවල ගිහින් ලොකු තාත්තලහ
කණ්නාඩි මේසෙ උඩ තිබුණ එක එක පවුඩර් ජාති වල සුවද බලපු කාලෙ ආයෙම මතක් වෙනවා.
ඒ කාලෙ තිබුනු අහිංසක සතුට, නිදහස , පිරුණු ගතිය, මොහොතකට දැනෙන්න ගන්නවා. 🥰♥️

Lumina Always

මාස දෙකකට සැරයක් විතර  වෝඩ් එකෙන් කුමන හෝ  බයානක රෝගයක් වැළදෙන්නේය.ඉබේම බේතක් හේතක් නැතුව නිදිමරමින් සනීප වෙන මටජීවත් වී...
16/06/2026

මාස දෙකකට සැරයක් විතර වෝඩ් එකෙන් කුමන හෝ බයානක රෝගයක් වැළදෙන්නේය.
ඉබේම බේතක් හේතක් නැතුව නිදිමරමින් සනීප වෙන මට
ජීවත් වීමේ අසාව සාදා ගැනීමේදි කෑම වර්ග ඇත්තේ ඉහළ තැනකය.
පළමුව රස දැනීමට පටන් ගන්නා විටම
එක එක පාට පලතුරු වලින් කාමරයේ පුංචි කෑම මේසය හැඩ කිරීමට මං කැමතිය.
අසනීප සතිය කෙසේ හෝ ගෙව්වාට මං මගේ හදවතට කාරුණික විය යුතුය. හොදින් සැලකිය යුතුය.
ඉතින් ලස්සන හුරුබුහුටි කෝප්ප දෙක ගත්තේ මටම තෑගි කිරීමටය.
තමන් තමන්ටම ආදරය කිරීම යනු අනවශ්‍ය වියදන් කිරීම නොවිය හැක. නමුත් ලැබෙන සීමිත කාලයෙන් පුංචි පුංචි තෑගි අරන් දීමේ පුරුද්ද
විටෙක මාව විශාල අගාධ වල වැටීමෙන් බේරා ගෙන ඇත. මොකද එය මගේ අවධානය මටම තබා ගැනීමට උදව් කරයි.
හෙදියක් මුලින්ම තමන්ට කරුණාවන්ත විය යුතුය. මොකද අන් අයගේ ඩාර්ක් /නෙගටිව් ඕරාවට ඔබට කළ හැකි දෙයක් නැත.
ඔබගේ පොසිටිව් එනර්ජි එකට අන් අයට කළ හැකි දෙයක්ද නැත. ☘️🤍

Lumina Always

අම්මා ස්කෝලේ යන අන්තිම දවසයි !🌹ඈ ස්කෝලෙ ගිහින් ගෙදර එනකන් මට ලොකු වෙලත්  පාළුය.ඉද හිට මට ලැබෙන නිවාඩු දවසට ගෙදර ආවාම ඇය ...
16/06/2026

අම්මා ස්කෝලේ යන අන්තිම දවසයි !🌹
ඈ ස්කෝලෙ ගිහින් ගෙදර එනකන් මට ලොකු වෙලත් පාළුය.
ඉද හිට මට ලැබෙන නිවාඩු දවසට ගෙදර ආවාම
ඇය එන තුරු බලා සිටීම හරිම නොසන්සුන් හැගීමක් ගෙන දෙන වැඩකි.
ඇගේ සේවා කාලය වසර 37 කි. එදා සිට අප හැදි වැඩුනේ අම්මා එක්කම එක එක පාසල් වලය. එක එක ගුරුවරු ඇසුරේය.
සමහර විට මා යන සෑම තැනම එවැනි මිනිසුන් සිටියි අපේක්ශා කිරීමට හේතුව එයය.
මොකද ඔවුන් සාහිත්‍යයට බරය, බොහෝ පොත් පත් කියවූ අය ය, මනුශ්‍යත්වයට බර ඇත්තෝය, ප්‍රති උපකාර නොපතා උදව් කරනා අයය. සැබවින්ම සුන්දර සිත් ඇත්තෝය.
ඉතින් ගුරු වෘත්තියකයන්ට මා බෙහෙවින්ම ආදරේය.
දැන් ඉතින් අපෙ අම්මා අද ඉදන් ගෙදරය.
ඒත් අපි දැන් ගෙදර නැතිය.
මට දැන් තව තවත් පාළු හිතෙන්නේය. අම්මා ලග දවසක් හෝ වැඩියෙන් සිටීමට සිතෙන්නේය.
සුබ විශ්‍රාම දිවියක් වගේම ප්‍රීතිමත් සැහැල්ලු ජීවිතයක් අම්මාට ලැබිය යුතුමය. ☘️

Lumina Always

මා හෙදියකි.යමෙකුගේ වේදනාව හදුනානොගෙන සිටින්නේ කෙසේදැයි මා දන්නේ නැත. එය මා සතු දුර්වලතාවයක් විය හැක.නමුත් මා එය දන්නේ නැ...
13/06/2026

මා හෙදියකි.
යමෙකුගේ වේදනාව හදුනානොගෙන සිටින්නේ කෙසේදැයි මා දන්නේ නැත. එය මා සතු දුර්වලතාවයක් විය හැක.නමුත් මා එය දන්නේ නැත.
සමහරවිට නුඹ විදි වේදනාවන් මාද එලෙසම විදි නිසා විය හැක.
කාලයක් ඇග පත වේදනාවම ඉවසා ගත නොහැකිව අසනීපයෙන් ඩියුටි කරනා කාලයක මේ දැන් එන ටිපර් රථයට පැනිය යුතුයි සිතූ බව මෙලෙස හෙළි කරමි.
නමුත් කෙසේ හෝ බෝර්ඩිමට යා යුතුයි පැමිණි සිතුවිල්ල, අම්මා ලගට මේ දැන් යා යුතුයි සිතූ සිතුවිල්ල සැබවින්ම වර්තමානයේ මා සතුටු වන කාරණාය.
අමාරු සති අම්මාට කෝල කරමින් ගත කර කෙසේ හෝ අම්මා ලගට ගොස් මේ ලෝකයේ රැකියාවෙන් පලා ගිය ලොකුම මෝඩයා ලෙස හැසුරුණෙමි.
මේ ලෝකයේ අවාසනාවන්තම ගෑනු ලමයා මා යැයි සිතා අඩා වැලපුණෙමි. නමුත් සති කිහිපයකින් නැවත පැමිණියෙමි. අඩු පාඩු පිළිගෙන තවමත් උත්සාහයෙන් සිනා සෙමින් ගමන යමි. මා වැනිම සියුමැලි වැන්න වුන් මහා රූස්ස ගස් මෙන් සිටිය අයුරු දකිමින් ඉගෙන ගනිමි.
පවසන්නට දහසක් දේ ආවත් දැඩි ලෙසම කියන්නට ඕනෑ

" ඒ මොහොතෙම දුවන්න ! පවුලෙ අය වෙත දුවන්න , හඩන්න, වැලපෙන්න, නැවත පැමිණෙන්න, ලස්සන කදු යායවල් වල කරක් ගැසීමට තව දවසක් ඉවසන්න, වැව් වල පැන පිහිනා බඩ ඉරිගු කරලක් තම්බා කෑමට තව දවසක් ඉවසන්න, ඒ දුශ්කර දවස ඒ පැය ඒ මිනිත්තුව කෙසේ හෝ පන්නන්න, තාව කාලිකව ක්ශණිකව පරිසරය වෙනස් කරන්න"

Lumina Always

එක දිගට දවස් තුනක් නිදා ගත්තේ නැතිය. කකුල් රිදෙන්නේය මෙයනම් ආතරයිටිස් විය හැකිය, නැති නම් ස්නායු අබාධයක් විය හැකිය.විටමි...
08/06/2026

එක දිගට දවස් තුනක් නිදා ගත්තේ නැතිය.
කකුල් රිදෙන්නේය මෙයනම් ආතරයිටිස් විය හැකිය, නැති නම් ස්නායු අබාධයක් විය හැකිය.
විටමින් ඩී මදිදැයි මන් දන්නේ නැත.
අදනන් වැහි බරය. හැමදාම ලස්සනට ගුලි වී නිදා ගතැකි වැස්සවල් වහින්නේ වෝඩ් එකේ ඉද්දීය.
සොබා දහමත් නර්ස්ලාට කරන්නේ ඕන් නැති විහිලුය.
උණු වතුරෙන් ඇඟ සෝදා කලබලයේ සෝයා මීට් එක්ක බතක් හදා පිච්ච මල් සුවඳ ඉටි පන්දම් දෙකක් පත්තු කර ගතිමි.
​පොටෝපෝබියාවෙන් පෙලෙන මගේ ඇහැට ඉර එළිය තියා ලයිට් එළියක්වත් ඔරොත්තු දෙන්නේ නැත.
​පූසෙකු මෙන් ඇස් දෙක ලොකු කරන් අඳුරේ වැඩ කිරීමට මට හැකිය.
​සිංදුවක් දාගෙන සජීයාට කෝල් එකක් දී සියලු ඕපාදූප කියා අවසන් කළෙමි. ඊ ලඟට අම්මාට ඒ ඕපාදූප ටිකම එලෙසම කිව යුතුය.
​දවස් කීපයකට සැරයක්වත් වගකීම් ඉටු කළ යුතුය.
Nts එන්නත් කලින් මාගෙ සැප දුක බෙදා ගත් මිතුරා
විරාජ්ට මැසේජ් එකක් දැමිය යුතුය . නැතිනම් ඌ මළොත් මේ යන විදියට මට ආරංචි වෙන්නෙ මාස කීපයකට පසුය. එබැවින් මාස 3,4 කට ගමනක් ජීවත්ව සිටීදැයි ඇසිය යුතුය.
පරම මිතුරිය ​අශිනියාටත් කෝල් එකක් ගත යුතුය ඉස්සර වගේම ඔබාමටත් වඩා මට ආදරේ නේදැයි උගෙන් ඇසිය යුතුය.
හීලින් ජර්නි එක ඇස් බොද වෙද්දී වුව ඇද ගෙන යා යුතුය.
අනිත් අයගෙ හීලින්ග් එක වෙනුවෙන් නර්ස්ලා පිසිකලි මෙන්ටලි කොතරම් ලෙඩ වෙනවාදැයි කවුරුත් දන්නේ නැතිය. 🍀❤️

Lumina Always

මේ කොළ පාට චිත්‍රෙ මාගේ බන්ඩි නෑනාට දෙන්නයි ඇන්දෙ 🍃පින්සල අල්ලන විදිය, දියසායම් කලවම් කරන විදිය තාම තේරෙන් නෑ. සතියට වින...
02/06/2026

මේ කොළ පාට චිත්‍රෙ මාගේ බන්ඩි නෑනාට දෙන්නයි ඇන්දෙ 🍃
පින්සල අල්ලන විදිය, දියසායම් කලවම් කරන විදිය තාම තේරෙන් නෑ. සතියට විනාඩි 20ක් හරි ඇදල අත හුරු කර ගන්නයි හදන්නෙ.
ඇත්තටම මං කරන්න ඕනෙ හරියටනන් ඩිග්‍රියක් , සයි ඩිප්ලෝමාවක් නැත්තන් අයිලෙට්ස් වගේ දෙයක්.
ඒත් ජීවිතේ එක කොටසක් හරි වෙන් කරන්න ඕනෙ කවදාවත් වෙන් නැති , ඒත් වෙයි කියල හිතෙන පිස්සු හීන වලට.
ප්‍රොපෙසනල් හීන බලෙන් මාව හොයන් එද්දි
කෝම හරි බොරු කිය කිය කල් දම දම
අර කවදාවත් වෙන්න චාන්ස් එකක් නැති මනුස්සයාගෙ ක්ශුද්‍ර ජීවී වර්සන් එකත් එක්කයි මං ජීවත් වෙන්නෙ.
අසම්පූර්ණ මමත් එක්ක නිදහසේ ජීවත් වෙන්න තියෙන එකම විදිය ඒක. නැත්තන් මාව මේ අධි වේගී ජීවන රටාවට පුපුරන්නත් ඉඩයි.

Lumina Always

Address

Wiraketiya

Website

Alerts

Be the first to know and let us send you an email when Lumina Always posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share