23/08/2026
සිඩ්නි ඔපෙරාවේ පළමු සිංහල නිවේදකයා රදපසවරයෙක්.
රූපවාහිනී නිවේදක නිවේදිකා එකමුතුවේ හිටපු කැඳවුම්කරු ජ්‍යේෂ්ඨ නිවේදක අමිල ජයසේකර මහතාගේ Facebook Post 1 නැවත පළකරමි.
ලෝකප්‍රකට සිඩ්නි ඔපෙරාවට යන සිංහල නිවේදකයා..
වීරකැටියේ කොල්ලා..
වජිර ජයවර්ධන..
"සිඩ්නි ඔපෙරා හවුස්"හි පැවැත්වෙන සිංහල සංගීත ප්‍රසංගය අගෝස්තු 23(අද) පැවැත්වෙනවා. ඒ රූකාන්ත ගුණතිලක ඇතුළු ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන්..
මෙය ඉතිහාස ගත වන්නේ සිඩ්නි ඔපෙරාවේ පවත්වන සිංහල සංගීතමය වැඩසටහනක නිවේදකයා වන්නේ අපේ එකා නිසා...
ඒ අනුව සිඩ්නි ඔපෙරා හවුස් වංශ කතාවේ සිංහල නිවේදක නම් අතරට වජිර ජයවර්ධනගේ නමද එක් වෙනවා..
වජිර.. මා මිතුර.. ආඩම්බරයි..
තව බොහෝ දුර යනු මැන..
ආදිරදපස වජිර ජයවර්ධන සොහොයුරාට RPPMA අපේ උණුසුම් සුබ පැතුම්!
#රදපසවරු