07/11/2025
අයං වසසාන කාලො
මේ වස්සාන කාලයයි
මාගේ සම්මා සම්බුදුරාජණන් වහන්ස ඔබ වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේල මහසෑයේ වැඩ ඉන්නවා සත්‍යයි
සුහාසුදහසක් දහසක් ධර්මස්කන්දය දේශනා කල සෙංකඩගල විරාජමාන පෙළහර පානා ශ්‍රී වාම දළදා වහන්සේ සත්‍යයි
නීල මානික්‍යයක් මත ශ්‍රී පා සටහන් තැබු සමනොල කන්දෙ වැඩ වාසය කරන
ශ්‍රී පාද පද්මය සත්‍යයි
අනුරාධපුර උඩමළුවේ වැඩ වසන ඇසතු බෝ රාජාණන් වහන්සේ සත්‍යයි
තවද යම් කෙනකු විමසුවහොත් මේ විශ්වයෙහි පවතින දුර්ලභම දසුන් ඇති, වටිනාම පිංවන්තම වස්ත්‍රය කුමක්ද කියා, ප්‍රතික්ෂේප කළ නොහැකි සර්ව සාධාරණ ම පිළිතුර නම් ඒ උතුම් බුද්ධ චීවරයයි.
එදා බුදු ශ්‍රී මුඛයෙන් දේශනා කල වස්සාන සමයට නියම කලාවු කඨින චීවරය සහ අටවිසි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉමහත් ගෞරවයෙන්,භක්තියෙන්
අප විසින් ඉල් මස 04 සහ 05 දෙදින කොස්ලන්ද ශ්‍රී අරියවංශාරාම විහාරස්ථානයට පූජා කරන ලදි.
අප හට වචනයකින් හෝ ශක්තියක් වූ සියලුම දෙනාට මේ පිං එක සේ අයිති වේවා..
දකින සියල්ලෝමද මේ පිං අනුමෝදන් වෙත්වා
මේ චීවර වහන්සේ හිස මත තබනා සියළුම දෙනාගෙත්
මෙය දකිනා ඔබ සියළුදෙනාගේත් ප්‍රාර්ථනා
තුනුරුවනේ ආනුභාවයෙන් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා!!!
අපවත් සම්බුදු සසුනත් රකින දෙදොව් ලොවට අධිපති සක් දෙවිඳුට හා සතරවරම් දෙවිවරුන් ඇතුලු සියලූම දෙවිවරුන්ටත් මේ පිං අනුමෝදන් කරමි අනුමෝදන් වේවා
අවසානයේ අප සියළුදෙනා ප්‍රාර්ථනා කරනා බෝධියකින් උතුම් වු අමා මහා නිවසින් සැනසෙන්න මේ කඨින චීවර පූජාව සහ සියලු අට විසි බුද්ධ පූජාවන් හේතු වාසනා වේවා!!!
සාදූ සාදූ සාදූ... 🙏🙏
#කඨිනපිංකම2025 #අටවිසිබුදුපිලිම
අයං වසසාන කාලොමේ වස්සාන කාලයයි මාගේ සම්මා සම්බුදුරාජණන් වහන්ස ඔබ වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේල මහසෑයේ වැඩ .....