Black & White කළු සහ සුදු

Black & White කළු සහ සුදු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Black & White කළු සහ සුදු, Media/News Company, hulumale magu, male, Male.

01/08/2024

This animation shows you how you can drill and cut a triangular hole. The process to doing so is actually so beautiful, ...

01/08/2024

Uranium the Heaviest Metal on the Earth 🌏🌏 | is uranium, the heaviest element in the world. If you put it in your car instead of p...

+ ඔහොම මාව අල්ලන්න එපා..- ඒ ඇයි..?+ එතකොට නිකන් කරන්ට් එකක් වදිනවා වගේ..- අත නිසා නෙවෙයි එහෙම වෙන්නේ. ඒ අත අයිති මනුස්සය...
01/08/2024

+ ඔහොම මාව අල්ලන්න එපා..

- ඒ ඇයි..?

+ එතකොට නිකන් කරන්ට් එකක් වදිනවා වගේ..

- අත නිසා නෙවෙයි එහෙම වෙන්නේ. ඒ අත අයිති මනුස්සයා නිසා..

+ ඒ මොකද..?

- මනුස්සයෙක්ව හැඟීම්වලට ඕනවටත් වඩා ලංකරගත්තාට පස්සේ ඒ මනුස්සයා අපි ළඟට ලංවෙනකොට ඒක දැනෙනවා..

+ කොහෙටද..?

- ගොඩක්ම හිතට..

+ ඒ හැඟීම කොයි වගේද..?

- ඒ හැඟීම කොහොමද කියන්න මට තේරෙන්නෙ නෑ. මං කිව්වේ මට දැනෙන විදිහ..

+ කවදා ඉඳන්ද මාව ඒ තරමට දැනෙන්න පටන්ගත්තේ..?

- ඔයාගෙ හුස්මත් මගේ කියලා හිතෙන තරමට මාව ඔයාට ලංකරගත්තු දවසෙ ඉඳන්..

+ සමහර හැඟීම් හිතට ලංකරගත්තාම අපි ඒවාට ලෝබකම් කරන්න පටන්ගන්නවා නේද..?

- ඔයා දන්නවාද ඒ ඇයි කියලා..?

+ ම්ම්ම් නෑ..කියන්නකො බලන්න..?

- ඒ වගේ හැඟීම් ජීවිතේට දැනෙන්නෙ එකම එක පාරක් හින්දා. ඒ හැඟීම් හිතට ලංකරන මිනිස්සු අපිට ගොඩාක් වටින නිසා..

+ මාවත් එහෙමද..?

- ඒකනෙ කිව්වේ ඔහොම අලන්න එපා කියලා..

+ එතකොට මොකද වෙන්නෙ..?

- ඔයා මගේ හිතට ලංකරපු හැම හැඟීමක්ම මට එකපාර දැනෙන්න ගන්නවා..

+ ඉතින් කැමති නැද්ද..?

- කැමැත්තක් නැතුව නෙවෙයි. ඒත් ඒකට මගේ හිත ගැස්සෙනවා..

+ ඒ මොකටද..?

- මෙච්චර හැඟීම් ගොඩාක් එකපාර දරාගන්න බැරුව මාව එකපාරම පුපුරලා යයි කියලා හිතෙනවා..

+ ඒකටනෙ මං ඉන්නේ..

- මොකටද..?

+ අවුලනවා වගේම ඒ ඇවිලෙන තැන් නිවන්න..

- ඔයාට එහෙම පුළුවන්ද..?

+ ඇවිලුවෙත් මමනම් නිවන විදිහත් දන්නෙ මමම නේද..?

Copied

Good morning sudu manika ...
30/07/2024

Good morning sudu manika ...

Good morning
30/07/2024

Good morning

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව.සිංහලයා මෝඩයා කැ...
24/07/2024

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව.
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යැයි කීවේ සිංහල ප්‍රතිරෝධි බටහිර ආක්‍රමිණිකයන්‍ය. නමුත් කිසිදින සිංහලයා මෝඩකමට කැවුම් කෑවේ නැත ආක්‍රමණික යුධයක පවා අවි ආයුධවලට අමතරව කැවුම් මල්ලක් රැගෙන ගියේය.ඒ සිංහලයාගේ බුද්ධිමත්කමට මිස මෝඩකමට නොවේ. දරුණු සටනකදි ඇතිවන ආහාර හිගයට කැවුම් මල්ල බොහෝ ප්‍රයොජනවත් විය . දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය.

දින කිහිපයක් ගත වූ කැවුම් ගෙඩියකට ඕනෑම තුවාලයක් සුව කිරීමේ දිව්‍යමය හැකියාවක් ඇත. සිරිපා කරුණාවේදි පවා රිටක ගැට ගැසූ කැවුම් මල්ලක් රැගෙන යාම සිංහලයාගේ සිරිත විය . නමුදු එය මෝඩකමට නොවේ.කඳු තරණයේදී අද මෙන් මාර්ග පහසුකම් නොතිබු හෙයින් අධික දුෂ්කර මාර්ග වලින් කඳු තරණය කිරීමේදි අවශ්‍ය තරම් ආහාර රැගෙන යාම පහසු නොවේ . පිසූ ආහාර රැගෙන ගියද ඒවා ඉතා ඉක්මනින් නරක් වේ. කැවුම් මල්ලෙන් මේ ගැටලු සියල්ලම විසදෙනවා සේම තවත් ඉතාම ප්‍රයොජනවත් කරුනක් විය .එය නම් රිටෙහී ගැට ගැසූ කැවුම් මල්ල කරේ තබාගෙන යාමේදී කඳු තරණයේදී ඇතිවන සිරුරෙහි ඇතිවන අධික නම්‍යශීලීභාවය අඩු කර සිරුර කෙලින් කරගෙන යාම කඳු තරණට බොහෝ පහසු විය .

මේ කිසිවක සත්‍යතාවය නොදත් සුද්දා මෝඩකමට සිංහලයා කැවුම් කන බව කීවේය .අද මෙන් විද්‍ය්ව භෞතික උපකරණ වලින් කාළ ගුණ අනාවැකි නොකියු යුගයක අදට වඩා හොදින් ඔවුන් කාළ ගුණය ගැන දැනගත්තේ ඔවුන්ගේ හෙළ දැනුමෙන් ය. ඉදිරියේදී ඇතිවීමට හැකි නියන් තත්ව, ගං වතුර මනාව දැන ඒවාට ඔවුන් සූදානම්ව සිටියේ ය. අඩුම තරමේ අවුරුද්දකට දෙකකටවත් ඇති තරම් තල, මෙනේරී, කුරක්කන් ,බඩ ඉරිගු, වී වර්ග , ගබඩාකරගෙන සිටියේ .අද අපගේ එකම ප්‍රධාන ආහාරය බත් වූවද පෙර සිංහලයාට බොහෝ විකල්ප ආහාර විය . කොස්,කුරක්කන් ,කවුපි,මුං ඇට ඔවුන්ගේ දිනපතා ආහාර විය . පරිසරයේ දකින සලකුණු වලින් ඔවුන් කාළගුණය මනාව අවභෝධ කරගත්තේය .

වඩු කුරුල්ලන් ගසක ඉතාම පහලින් කූඩූ තැනීම එලබෙන වැසී වාරයේ වර්ෂාව ඉතා අඩුවෙන් ලැබෙන බවට ද , ගසේ මැද කොටසේ කූඩූ තැනීම සාමන්‍ය වර්ෂාක් ලැබෙන බවද ,ගසේ මුදුනේ නැත්නම් ඉහල කොටසේ කූඩු තැනීම අධික වර්ෂාක් ලැබීමටද ඉගියක් බව ඔවුන් දැන සිටියේ ය. එමෙන්ම කිරලකු වැව් තාවුල්ලේ ජලයට ආසන්නයෙහි බිත්තර දැමීම වර්ෂාව අඩු බවට ද , වැව් තාවුල්ලේ ඉහල කොටස හා කුඹුරු යාය අතර බිත්තර දැමීම සමාන්‍ය වර්ෂාවක් ලැබෙන බවට ද, කුඹුරු යාය තුල බිත්තර දැමීමද, වර්ෂාව අඩුවී නියං තත්වයක් ඇති වෙන බවට ඔවුන් නිගමනය කලහ.

දිවුල් ගසේ පලදාව වෙනදාට වඩා විශාල ලෙස වැඩිනම් ඉදිරියේදී නියං තත්වයක් ඇති වන බවද , අඹ ගසේ බොහෝසෙයින් වැඩිවීම අධික වර්ෂාක් ලැබෙන බවටත් එසේම අඹ ගසේ ගෙඩි ප්‍රමාණය අඩුවී ගෙඩියේ නැට්ට අඩියක් පමන දික්වී ගසත් ගෙඩියත් අතර දුර වැඩිනම් වර්ෂාව අඩුවන බව දැන සිටියේ ය, එමෙන්ම අඹ ගස සම්පූර්ණයෙන්ම රතුපැහැති දල්ලෙන් පිරුණෙහිනම් නියගය හමාර වී සති දෙක තුනක් ඇතුලත වර්ශාව ලැබෙන බවත් ඔවුන් දැන සිටියෙය.

කිරලෙකු රාත්‍රියෙදී පොලොවට ආසන්නයෙන් ගමන් කරමින් කෑ ගසයි නම් උරෙකු,ගෝනෙකු.බල්ලෙකු වැනි උස අඩු සතකු ගමන් කරන බවටත්,කිරලා ගස් මුදුන් දක්වා ඉහලින් කෑ ගසන්නෙ නම් මිනිසකු ගමන් කරන බවටත්, කිරලා ඉහල අහසට නැග කෑ ගසන්නේ නම් අලියෙක් ඇතෙක් ගමන් කරන බවටත් කිරලාගෙ නාද රටාවෙන් පැරනි හෙලයා දැන ගත්තේය.

කුඹුරේ ඇති කිවුල් දිය සහ ලවනයන් මී ගස් මගින් උරා ගන්නා නිසා ඔවුන් මී ගස් කපා දැමුවෙ නැත.එසේම මී ගසට එන් වවුලන්ගෙ වසුරු කදිම පොහොරක් විය.අසල ඇති මා දං ගසට එන කුරුල්ලන්ගෙන් කුඹුරේ කෘමි හානිය තුරන් විය.එහෙයින් ඔවුන් එවා රැක ගත්තෙය.එසේම වී වැපිරිය යුතු කාලයන්ද ඔවුන් මනාව දැන උන්නේය. එසේම ඉතා සාර්ථක ආහාර ගබඩා ක්‍රමද ඔවුන් සතු විය .මේසා විශාල දැනුම් සම්බභාරයක් වියකි ගිලිහි යාමට නොදී රැකගෙන මතු පරපුරට දයාද කිරීම ඔබ අප සැමගේ යුතුකම නොවන්නේද..?

උපුටා ගැනීමකි
ස්තුතිය මෙහි මුල් අයිතියට 🌷🙏

20/03/2024

ආවදානයෙන් සිට්න්න.

ලෝකයේ ලොකුම කෙසෙල් ගෙඩිය මෙවා තියෙන්නේ පෑඇපූඋවා නිව්ගිනියවේ.
15/03/2024

ලෝකයේ ලොකුම කෙසෙල් ගෙඩිය මෙවා තියෙන්නේ පෑඇපූඋවා නිව්ගිනියවේ.

කොහොමද ? ගැම්ම. 10000mt
15/03/2024

කොහොමද ? ගැම්ම. 10000mt

13/03/2024
කැමරාව ඉදිරියේ හා පසුපස
13/03/2024

කැමරාව ඉදිරියේ හා පසුපස

කාන්තාවක් ඔබ වෙනුවෙන්... ● ඇගේ නම වෙනස් කරගනී.. ● ඇගේ නිවස වෙනස් කරගනී.. ● ඇගේ පවුල හැර ඔබ සමඟ ගමන් කරයි.. ● ඔබ සමඟ නිවස...
10/03/2024

කාන්තාවක් ඔබ වෙනුවෙන්...

● ඇගේ නම වෙනස් කරගනී..
● ඇගේ නිවස වෙනස් කරගනී..
● ඇගේ පවුල හැර ඔබ සමඟ ගමන් කරයි..
● ඔබ සමඟ නිවසක් ගොඩනඟයි..
● ගැබ් ගනී, ගැබ් ගැනීම ඇගේ ශරීරය වෙනස් කරයි..
● ඇය බර වැඩි වේ, අවලස්සන වේ..
● දරු ප්‍රසූතියේ දරාගත නොහැකි වේදනාව විද ඇය දරුවන් ප්‍රසූත කරයි..
● ඇය බිහි කරන දරුවන් පවා ඔබේ නම දරයි..

මිය යන දවස දක්වා ඇය සෑම දෙයක්ම ඔබ වෙනුවෙන් ඉටුකරයි..

ඉවුම් පිහුම්, ඔබේ නිවස පිරිසිදු කිරීම, ඔබේ දෙමාපියන් රැකබලා ගැනීම, ඔබේ දරුවන් ඇති දැඩි කිරීම, උපයා ගැනීම, ඔබට උපදෙස් දීම, ඔබට සැහැල්ලුවෙන් සිටිය හැකි බව සහතික කිරීම, සියලු පවුල් සබඳතා පවත්වා ගැනීම, ඔබට ප්‍රතිලාභ ලැබෙන සෑම දෙයක්ම...

සමහර විට ඇයගේ සෞඛ්‍යය, විනෝදාංශ සහ අලංකාරය ගැන තැකීමකින් තොරව එය ඉටුකරයි...

ඉතින් ඇත්තටම ඇය මේ දේවල් කරන්නේ කුමක් සදහාද..?

ඔබේ ජීවිතයේ හමුවන සෑම කාන්තාවක්ම සැමවිටම අගය කරන්න, මන්ද කාන්තාවක් වීම පහසු නැත..
කාන්තාවක් වීම මිල කළ නොහැකි දෙයක්..

ඔබේ සම්බන්ධතාවයේ සිටින සෑම කාන්තාවකටම ඇය ගැන ආඩම්බර වීමට අවස්ථාවක් ලබාදෙන්න..
සැමවිටම කාන්තාවකට ගරු කිරීමට පුරුදු වෙන්න..

WOMAN MEANS:-

W - WONDERFUL MOTHER.
O - OUTSTANDING FRIEND.
M - MARVELLOUS DAUGHTER.
A - ADORABLE SISTER.
N - NICEST GIFT TO MEN FROM GOD.

I respect women..
කාන්තාවන්ට ආචාරයක්...!

Address

Hulumale Magu, Male
Male

Website

Alerts

Be the first to know and let us send you an email when Black & White කළු සහ සුදු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Black & White කළු සහ සුදු:

Share