24/04/2026
Developer කෙනෙක් විදියට ඔයා තාමත් සාමාන්‍ය විදියටද කෝඩ් කරන්නේ? එහෙනම් මේ කතාව අනිවාර්යයෙන්ම කියවන්න.
Elon Musk ගේ අභ්‍යවකාශ සමාගම වන SpaceX, ඔවුන්ගේ මෘදුකාංග ඉංජිනේරු කටයුතු (Software Engineering) සඳහා ලෝකයේ ජනප්‍රියම AI Code Editor එක වන Cursor නිල වශයෙන් යොදාගැනීමට ගිවිසුම්ගත වෙලා තියෙනවා කියලා Business Insider වෙබ් අඩවිය වාර්තා කරනවා.
මෙතනදි Tech ලෝකයේ ප්‍රවීණයන් (Alex Finn වැනි අය) මේ ගැන දක්වපු අදහස් ගොඩක් වැදගත්. ඒ ඇයි?
✅ 1. ලොකුම සහතිකය (The Ultimate Validation):
සාමාන්‍ය Web App එකක් හදනවා වගේ නෙවෙයි අභ්‍යවකාශයට රොකට් එකක් යවනවා කියන්නේ. කෝඩ් එකේ එක තිතක් හෝ කොමාවක් වැරදුණොත් ඩොලර් බිලියන ගාණක විනාශයක් වෙනවා වගේම ජීවිත අවදානමකුත් තියෙනවා (Mission-Critical Software). ඒ වගේ අතිශය සංවේදී තැනකට AI Code Editor එකක් පාවිච්චි කරනවා කියන්නේ, Cursor AI එකේ තියෙන නිරවද්‍යතාවය (Accuracy) ගැන ලෝකේ තියෙන ලොකුම සහතිකය ලැබීමක්.
✅ 2. AI කියන්නේ තවදුරටත් "සෙල්ලම් බඩුවක්" නෙවෙයි:
ගොඩක් අය හිතන් හිටියේ AI Coding Tools තියෙන්නේ පොඩි ළමයින්ට කෝඩ් ඉගෙනගන්න හරි, කම්මැලි අයට පොඩි වැඩක් කරගන්න හරි කියලා. හැබැයි ලෝකේ ඉන්න දක්ෂතම ඉංජිනේරුවන් පවා මේක පාවිච්චි කරනවා කියන්නේ, මේක අනාගතයේ "Standard" එක බවට පත් වෙලා ඉවරයි.
✅ 3. Developer ලට තියෙන පණිවිඩය 💻:
SpaceX වගේ දැවැන්ත සමාගම් පවා තමන්ගේ වැඩ ඉක්මන් කරගන්න AI වල සහය ගන්නවා නම්, අනිවාර්යයෙන්ම අපිත් මේ AI Editors (Cursor, Windsurf වගේ දේවල්) එක්ක වැඩ කරන්න (Vibe Coding වලට) හුරු වෙන්නම ඕන. එහෙම නැති වුණොත් ක්ෂේත්‍රය ඇතුළේ ඉස්සරහට යන්න අමාරු වෙනවා.
කාලයක් තිස්සේ Developer ලා අතරේ තිබුණු "AI Code විශ්වාස කරන්න පුළුවන්ද?" කියන ප්‍රශ්නෙට Elon Musk ගේ SpaceX සමාගම මේ හරහා හොඳම උත්තරය දීලා තියෙනවා.