27/08/2023
Archeon එළිමහන් කෞතුකාගාරයට ගිය ගමන ⛺️🦴
නෙදර්ලන්තයේ "ඇල්පන් ආන් ඩෙන් රැයින්" ප්‍රදේශයේ පිහිටවපු මේ එළිමහන් කෞතුකාගාරය ආරම්භ වෙන්නේ 1994 අවුරුද්දේදී. මේ කලාපයේ මානව ශිෂ්ටාචාරය යුගයෙන් යුගයට වර්ධනය වුණු ආකාරය, ඒ ඒ යුගවල ජීවත් වුණු මිනිස්සු ඒ ඒ කාලවලට ගැලපෙන විදිහට තමන්ගේ ජීවිත ගත කරපු විදිහ ආකෘතිකමය සහ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම තමයි මේ කෞතුකාගාරයේ ප්‍රධාන අරමුණ.
මෙහි තියෙන අධ්‍යාපනික වටිනාකම නිසාම බොහොමයක් වැඩිහිටියෝ කුඩා දරුවන් එක්කලා මේ භූමියට එන්නේත් ඉතිහාසය ගැන ඔවුන්ට යම් දැනුමක් ලබාදීමේ අරමුණින්.
මේ ස්ථානයේ තියෙන විශේෂත්වය වෙන්නේ මෙහි සේවයේ යෙදී ඉන්න සේවකයෝ ඒ ඒ අතීත යුගවලදී භාවිතා කෙරුණු ඇඳුම් ආයිත්තම්වලින්ම සැරසී ඉඳීම. ඔවුන් ඒ යුගවල භාවිතා කෙරුණු විවිධ මෙවලම් ආදිය තමන් විසින්ම නිෂ්පාදනය කරගන්නත් පුරුදු පුහුණු වූ අය. අපිට මුණ ගැහුණු සමහරු අවුරුදු 25,28 තරම් දීර්ඝ කාලයක් පුරාවට මෙහි සේවය කරන අය.
අනික් විශේෂත්වය වෙන්නේ මේ වටපිටාවට කැමති අයට ස්වේච්ජාවෙන් මෙහි සේවය කිරීමටත්, අතීත ඇඳුම් ආයිත්තම්වලින් සැරසී යම් කාලයක් මෙහිම නවාතැන් ගැනීමටත් අවස්ථාව සලසා දී තිබීම.
© අයේෂ් ලියනගේ 📷