21/12/2025
ාව EPISODE 07: යහපත් කාලගුණයක් ( to )
--එවරස්ට් පාමුලට ගිය ගමනේ මෙතෙක් කතාව---
අයහපත් කාලගුණය නිසා ලුක්ලා (Lukla: 2860m) වෙත යාමට තිබූ ෆ්ලයිට් එක කැන්සල් වුණු නිසා, අති දුශ්කර ගමනකින් පසුව කත්මණ්ඩු සිට, පිටිසර සුර්කේ (Surke) ගම්මානය දක්වා ජීප් රථවල සහයෙන් දවස් දෙකක් වැය කර පැමිණියා. එයින් පසු තෙවන දිනයේදී මුලු දුර කිලෝමීටර එකසිය තිහක් පමණ වූ පා ගමන ආරම්භ කරන්නට යෙදුණු අතර පලමු රාත්‍රිය මොන්ජෝ (Monjo: 2835m) ගම්මානයේ ගත කලා. පසු දිනයේ ශර්පා වරුන්ගේ අගනුවර නම්චේ බසාර් (Namche Bazaar: 3,440m) වෙත පැමිණි, පසුව සවස් වන විට ක්‍යන්ග්ජුමා (Kyangjuma: 3,550m) ග්‍රාමයට පැමිණ එහි රාත්‍රිය ගත කලා. මීටර් තුන්දහස් පන්සීයකට ඉහල ගත කල පලමු රාත්‍රියේ දීම ඉහල උන්නතාංශයන්හි ඔක්සිජන් අඩු කමෙන් මතුවන බලපෑම්වල අඳුරු සේයාවන් දක්නට විඳින්නට ලැබුනා. පස්වන දිනයේදී ටැංබුචේ (Tengboche : 3,860m) ගම්මානය සහ බෞද්ධ ආරණ්‍ය පසු කරගෙන පැංග්බුචේ (Pangboche: 3,985 m) ගම්මානයට පැමිණියා.
--- ✒️✒️✒️අද කතාව සත්වන දිග හැරුම: යහපත් කාලගුණයක් (Pangboche to Dingboche) ✒️✒️✒️ ---
පාන්දරම කවුරුන්දෝ මා නිදා සිටි කාමරයේ දොරට තඩි බෑවා 🤬🤬🤬🤬.
හිමාලයේ මිස්ටීරියස් කඳුකර හිම මෑන්ස් යෙටීවත් ද? 😨 මොන යකා උනත් යකෝ මේම නින්ද කඩනව ද. හුස්ම ඇද ඇද , ඇහැරි ඇහැරි වතුර බිබී බෝම අමාරුවෙන් ලගා කරගත් නින්ද , පාන්දර පහ හමාර වෙනකොට කන එකා කවුද!!!
"සතිර්.. සතිර්.. ප්ලිස් කම් අවුට්. සතිර්... ඕපන් ද ඩෝර්.."
අහ් යෙටී වෙන්න බෑ, මට මෙහෙම "සතිර්" කියලා කතා කරන්නෙ ටැංජි සහෝ විතරයි. 😁😁😁.
මූ දොර කඩන්න කලින් දොර අරින්න ඕනි කියලා හිතාගෙන, ස්ලීපින්ග් බෑග් එකෙන් මම එලියට බැස්සා. හම්මා සනීපයි සීතලායි හික් ගෑවෙන්න 🥶🥶🥶. දොර ඇරිය ගමන් ටැංජි දොරකඩ සතුටු මුහුනින්
"ගුඩ් වෙදර්! වී කැන් සී ඕල් ද මවුන්ටන්ස් ටුඩේ... සී.."
වෙලාවහ පහ හමාරට උනත් හොඳ එලියක් තිබුනා. සෝනම් ලොජ් එකේ රූම්ස් කෙලින්ම විවෘත වන්නේ මැද මිදුලට. බැස්ස ගමන් වටේම හොඳ 360 වීව් එකක් පේනවා. සුටුස් ගාලා මගෙ පෆර් ජැකට් එක දාගත්ත මම බැස්සා එලියට. බහිනකොටම දැනුනා අදනම් හොඳ වෙදර් එකක් තමා තියෙන්නෙ කියලා. මොකද පහු ගිය දවස් ටිකේම තිබ්බේ වැහිබර කාලගුණයක්.
මැද මිදුලට බැහලා වට පිට බලද්දි.... 😮😮😮😮😳😳😳 වාව්, වටේම අපි පුල පුලා බලා සිටි හිමෙන් වැසුණු කඳු මුදුන්!!!
ඔව් එවරස්ට් (Everest: 8,848.86m) මම පලමු වරට දැක්කා ෆ්‍රෙන්ඩ්ස්.. ඔව් මම සියැසින්ම දැක්කා.. ඒ වගේම අමා ඩබ්ලම් (Ama Dablam: 6,812m), නුප්සේ (Nuptse: 7,861m), තව්චේ (Taboche : 6,495m), කන්තේගා (Kangtega: 6,782මm).... එකී මෙකී නොකී ඔක්කොම මීටර් හය හත්දාහට වඩා උස මවුන්ටන්ස් වටේම.... ඒ හැඟීම නම් මට කියා නිම කරන්න බෑ. 🥲🥲🥲😊😊😊
එහෙනම් කෙලින්ම පින්තූර වලින් අද පැංබුචේ (Pangboche: 3,985m) සිට ඩිංබුචේ (Dingboche: 4,410m) දක්වා ට්‍රෙක් එකේ සය වන දවසේ මට දකින්නට බලන්නට අත්දකින්නට ලැබුණු දැයින් බිඳක් ඔබත් සමඟ බෙදා ගන්නට අවසර! ස්තූතී ඔබේ වටිනා කාලය වැය කරගෙන මේව්වා බලනවාට 🙏🙏🙏. ආදරෙයි 💗