Olya's NZ Diary

Olya's NZ Diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Olya's NZ Diary, Digital creator, Hastings.
(2)

ආදරයෙන් පිළිගන්නවා මගේ ෆේස්බුක් පිටුවට..ඉතිම් රැදෙන්න මාත් එක්ක..
මං ලියන්න ආස ලියන්නියක්..ඉවුම් පිහුම් වලට ලැදි ගෙවිලියක්..ස්වභාදහමට ලොබ බදින ස්වභාමාතාගෙ දුවණියක්.🥰

ඔක්කොම එකටදාල තෙල් නොදා උයන් කන මං පොට් බිරියානි රසායි...ම්ම්.. 😋🍛සුබ දවසක් හැමෝටම 💐
22/09/2026

ඔක්කොම එකටදාල තෙල් නොදා උයන් කන මං

පොට් බිරියානි රසායි...ම්ම්.. 😋🍛

සුබ දවසක් හැමෝටම 💐

දෙයියනේ දෙයියනේ ඇවකාඩෝ ඕනෙමයි කියල බත් නොකා ඉල්ලුවා.ඉතිම් හදලා දුන්නා..ටිකක් කවනකොට තනියම කන්න ඉල්ලුව.වෙනදත් එහෙම තනියම ...
21/09/2026

දෙයියනේ දෙයියනේ

ඇවකාඩෝ ඕනෙමයි කියල බත් නොකා ඉල්ලුවා.
ඉතිම් හදලා දුන්නා..
ටිකක් කවනකොට තනියම කන්න ඉල්ලුව.වෙනදත් එහෙම තනියම කන නිසා උයල හිටගෙන ඉදල මටත් ටිකක් මහන්සි දැනුන නිසා ටිකක් හාන්සි උනා..

කෙල්ල ඔලුවෙ තෙල් ගෑවලු. 🙉

හරි සනීපයි අනේ 🙃

අද මට පෝස්ට් එක දාන්න අමතක උනානෙ 🙉දැන්නම් හොදටම වයසයි ඒ තරම්ම මතකය හොදයි. 🙃අද දවල් බත් එක 🍛නිවිති කොළ ,කැරට් , අමු මිරිස...
20/09/2026

අද මට පෝස්ට් එක දාන්න අමතක උනානෙ 🙉

දැන්නම් හොදටම වයසයි ඒ තරම්ම මතකය හොදයි. 🙃

අද දවල් බත් එක 🍛

නිවිති කොළ ,කැරට් , අමු මිරිස් පොඩිවට කපාගෙන ලුණු ගම්මිරිස් දාල පොඩි සලාදයක් සම්බෝලයක් වගේ හදාගත්තා..🥗

අල දාල හදාගත්ත බෝංචි එක පහේ ඔක්කොම දාල මුලින් වතුරෙන් උයාගෙන මගේ කොටස වෙන් කරගෙන දුවටයි හබීටයි පොල් කිරිදාල තව චුට්ටක් වෙලා උයාගත්තා..

දැන් ගොඩක් වෑංජන හැදෙන්නෙ මෙහෙම.. 🍲

එයාර්ෆයර් එකේ හාල්මැස්සො ටිකක් මටයි දුවටයි කර කරගත්තා..
හබියාට ඉතින් සුපුරුදු පරිදි ලූණු යහමින් දාපු රස හාල්මැස්සො බැදුම..

මංම හදල දීල ඒක දීහා බලන් කෙල ගිල ගිල නිකන් හාල්මැස්සො කෑව දෙයියනේ 🥺

වැඩිපුර තෙල් නොකාපු මට තෙල් නැතුවම කන්න උන එකනම් අසාධාරණයි දෙවියනේ..😏

ඉස්සර ඉදන් අම්මගෙයි තාත්තගෙයි බත් පිගානෙ කහ මදේට අයිය මලෝ එක්ක රණ්ඩු වෙවී කාපු මං දැන් කහ මදේ දුවට හරි හබියට හරි දීල සුදු මදේ විතරක් කන්න පුරුදු උනා 😌

වයසට යනකොට කෝකටත් හොඳයිනෙ කියලා හිත හදාගත්‍තා ෆ්‍රෙන් 🤓

සුබ දවසක් හැමෝටම 💐💐

තෙල් චුට්ටක් වත් නොදා උදු පිටි විතරක් දාල ලුණු ඊස්ට් යාන්මට පොඩ්ඩක් දාල ඇල් වතුරෙන් අනල විනාඩි දහයක් විතර තියලා හදාගත්තු...
19/09/2026

තෙල් චුට්ටක් වත් නොදා උදු පිටි විතරක් දාල ලුණු ඊස්ට් යාන්මට පොඩ්ඩක් දාල ඇල් වතුරෙන් අනල විනාඩි දහයක් විතර තියලා හදාගත්තු ක්‍රිස්පි තෝසෙ.. 🫓
හොද ක්‍රිස්පිවට තිබුනා.

කොහොමද සද්දෙ.කරුං කුරුං ගාල කටේ හැපෙනකොට.. ආප්ප වගේ 😋😋

බේරෙන්න හදාගත්තු දුන්දාන සැර සම්බෝලෙ..🥵

අම්මෝ කාලෙකට පස්සෙ මෙහෙම කෑවම මට හිතුනෙම උඩ පැන පැන නටන්න..👩‍🍳

ඒත් තාම බෑනෙ එච්චර හරියක් කොරගන්න.. 🤭

🌿ඉතිම් කොහොමද

සුබ උදෑසනක් හැමෝටම 🙏

17/09/2026

ආඩම්බර කමට නාල පිහිදාගන්න හැටි 🤭

🌿කොහොමින් කොහොම හරි මං දැන් මං ගැන හිතන්න පුරුදු උනා.. 🥩තෙල් පොඩ්ඩක් වත් නැතුව එයාර්ෆයර් දාල බැදගත්ත චිකන් බ්‍රෙස්ට් පොඩ...
16/09/2026

🌿කොහොමින් කොහොම හරි මං දැන් මං ගැන හිතන්න පුරුදු උනා..

🥩තෙල් පොඩ්ඩක් වත් නැතුව එයාර්ෆයර් දාල බැදගත්ත චිකන් බ්‍රෙස්ට් පොඩිවට කපාගෙන

🥑අලිගැට පේර පොඩිවට කපල

🥕🧅කැරට් ,ලොකු ළූණු , නිවිති පොඩිවට කපලා

🥗ලුණු ගම්මිරිස් දාල පොඩි සලාදයක් හදාගෙන

🌮ටෝටියා රොටියක ෆිලින් එකක් විදිහට
හදන් කෑව..

😍ඇත්තමයි මේ කෑම රටාව ගොඩාක් ඇගට ගුනයි..

🌼ලෙඩක් නැතිව උනත් ඕනිම කෙනෙකුට නීරෝගී ව ඉන්න..

මං දැන් මගේ කෑම එක පොඩ්ඩ පොඩ්ඩ තනියම හදාගන්නවා.. 🥰

ඉතිම් සුබ උදෑසනක් 💐

Address

Hastings

Website

Alerts

Be the first to know and let us send you an email when Olya's NZ Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share