Europe Up Close with Lasith

Europe Up Close with Lasith Europe: A continent of endless possibilities. 🇪🇺🇪🇺
(1)

🇫🇷 ප්‍රංශ ආර්ථිකය දැඩි පීඩනයකද? ව්‍යාපාර බංකොලොත් වීම 70,000 ඉක්මවයි.ප්‍රංශ ආර්ථිකය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් ...
11/09/2026

🇫🇷 ප්‍රංශ ආර්ථිකය දැඩි පීඩනයකද? ව්‍යාපාර බංකොලොත් වීම 70,000 ඉක්මවයි.

ප්‍රංශ ආර්ථිකය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුවී තිබෙනවා. Banque de France ( Bank of France ) අනුව 2026 ජූලි අවසානය වන විට පසුගිය මාස 12 තුළ ප්‍රංශයේ ව්‍යාපාර බංකොලොත් වීම් (corporate bankruptcies) 70,605ක් වාර්තා වී තිබෙන අතර, එය පෙර වසරට සාපේක්ෂව 4.6%ක වැඩිවීමක් ලෙස සටහන් වනවා.

ඒ වගේම ප්‍රංශයේ ඉහළ රාජ්‍ය ණය සහ අයවැය හිඟය සම්බන්ධයෙන්ද දේශපාලන විවාද දැඩි වී තිබෙනවා. Marine Le Pen ඇතුළු Rassemblement National පක්ෂය මේ තත්ත්වය ප්‍රංශයේ “මූල්‍ය හදිසි තත්ත්වයක්” ලෙස ඉදිරිපත් කරමින් විශාල වියදම් කප්පාදු යෝජනා කර තිබෙනවා.

Europe Up Close with Lasith

මේ දේ එංගලනතේදී තුර්කි කාරයෙක්, එංගලන්තේ කොඩියට කරානම් තත්වේ කොහොම වෙයිද? 😂
10/09/2026

මේ දේ එංගලනතේදී තුර්කි කාරයෙක්, එංගලන්තේ කොඩියට කරානම් තත්වේ කොහොම වෙයිද? 😂

🇸🇪💶 ස්වීඩනයෙන් රට හැර යන සංක්‍රමණිකයන්ට යුරෝ 31,000ක් දක්වා වූ දීමනාව 171 දෙනෙකු ලබාගෙන ඇත.ස්වීඩනය 2026 ජනවාරි 1 සිට තම ...
10/09/2026

🇸🇪💶 ස්වීඩනයෙන් රට හැර යන සංක්‍රමණිකයන්ට යුරෝ 31,000ක් දක්වා වූ දීමනාව 171 දෙනෙකු ලබාගෙන ඇත.

ස්වීඩනය 2026 ජනවාරි 1 සිට තම රටින් ස්වේච්ඡාවෙන් පිටත්ව තම මව් රටට හෝ නීත්‍යානුකූලව පදිංචි විය හැකි වෙනත් රටකට යන ඇතැම් පුද්ගලයන් සඳහා ලබාදෙන ස්වේච්ඡා නැවත පදිංචි වීමේ දීමනාව (repatriation grant) විශාල ලෙස වැඩි කර තිබෙනවා.

*වැඩිහිටි පුද්ගලයෙකුට — SEK 350,000 (ආසන්න වශයෙන් €31,000–€32,000)

*වයස අවුරුදු 18ට අඩු දරුවෙකුට — SEK 25,000

* යුවළකට උපරිම — SEK 500,000

*පවුලකට උපරිම — SEK 600,000

මෙය ස්වීඩනයෙන් ඉවත් කිරීමක් හෝ බලහත්කාරයෙන් deport කිරීමක් නොවේ. සුදුසුකම් සපුරන පුද්ගලයන් ස්වේච්ඡාවෙන් රට හැර යාම සඳහා ලබාදෙන මූල්‍ය සහායකි. මෙම දීමනාව සාමාන්‍යයෙන් ආරක්ෂාව මත ස්වීඩනයේ පදිංචි බලපත්‍ර ලබා ඇති ඇතැම් පුද්ගලයන්ට අදාළ වන අතර, EU/EEA රටකට හෝ ස්විට්සර්ලන්තයට පදිංචියට යාම සඳහා මෙම දීමනාව ලබාගත නොහැක.

2026 දී මේ දක්වා පුද්ගලයන් 171 දෙනෙකු මෙම දීමනාව ලබාගෙන ඇති බව වාර්තා වේ .

( මුලාශ්‍ර :Swedish Migration Agency)

Europe Up Close with Lasith

🇵🇹පෘතුගාලයට valid visa එකකින් ඇවිත් Vocational Studies වලින් පෘතුගාලයේ Residence Permit එක හදාගන්න තිබුන ක්‍රමය අද රෑ 12...
10/09/2026

🇵🇹පෘතුගාලයට valid visa එකකින් ඇවිත් Vocational Studies වලින් පෘතුගාලයේ Residence Permit එක හදාගන්න තිබුන ක්‍රමය අද රෑ 12.00 න් පස්සේ නිල වශයෙන් අවසන් වෙනවා. හෙට ඉඳලා මේ නීතිය ක්‍රියාත්මකයි.

හෙටින් පස්සේ පෘතුගාලයට එන කෙනෙක්ට එන්න පුළුවන් වෙන්නෙ Embassy එකක් හරහා Visa apply කරලා විතරයි. ගොඩක් අයට පෘතුගාලයේ මේ තිබුන ක්‍රමය නිසා යුරෝපයේ රැඳී ඉන්න මාර්ගයක් හදාගන්න පුළුවන් කම ලැබුනා. යුරෝපයේ මේ විදියට තිබුන එකම option එකත් හෙටින් පස්සේ නිල වශයෙන් අවසන් වෙනවා.

Europe Up Close with Lasith

🇩🇪 ජර්මනියේ AfD බලයට ආවොත් ජර්මනිය EU එකෙන් ඉවත් වීමට ජනමත විචාරණයක්?ජර්මනියේ අන්ත දක්ෂිණ දේශපාලන පක්ෂයක් වන AFD පක්ෂයේ ...
10/09/2026

🇩🇪 ජර්මනියේ AfD බලයට ආවොත් ජර්මනිය EU එකෙන් ඉවත් වීමට ජනමත විචාරණයක්?

ජර්මනියේ අන්ත දක්ෂිණ දේශපාලන පක්ෂයක් වන AFD පක්ෂයේ නායිකා Alice Weidel ජර්මනිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම (Dexit) ගැන ප්‍රසිද්ධියේම අදහස් දක්වා තිබෙනවා. AfD බලයට පැමිණියහොත් යුරෝපා සංගමය සමඟ ජර්මනියේ සම්බන්ධතාවය වෙනස් කිරීමටත්, අවශ්‍ය නම් යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමටත් ඇය සහ පක්ෂය යි
යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම Weidel මෑතකදී Schengen ප්‍රදේශයෙන් ඉවත් වී ජර්මානු දේශසීමා දැඩි කිරීම ගැනත් ප්‍රකාශ කර තිබෙනවා.

මෑතදී Saxony Anhalt මැතිවරණයෙන් AfD පක්ෂය 43.8%ක් ලබා විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමග ඔවුන්ගේ ජයග්‍රාහී විශ්වාසය පෙරට වඩා වැඩි වී තිබෙනවා.

මේ ආකාරයට ගිහින් Afd ජයග්‍රණය කරලා අනාගතයේදී ජර්මනිය යුරෝපා සංගමයෙන් සහ ශෙනගන් කලාපයෙන් ඉවත් වෙයිද??

Europe Up Close with Lasith

🇩🇪🚨 ජර්මනියේ බ්‍රහස්පතින්දා ( හෙට 10 සැප්තැම්බර් )හදිසි අනතුරු ඇඟවීමක්!ජර්මනිය පුරා 2026 සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා ප...
09/09/2026

🇩🇪🚨 ජර්මනියේ බ්‍රහස්පතින්දා ( හෙට 10 සැප්තැම්බර් )හදිසි අනතුරු ඇඟවීමක්!

ජර්මනිය පුරා 2026 සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙරවරු 11.00ට ජාතික හදිසි අනතුරු ඇඟවීම් පද්ධතිය පරීක්ෂා කිරීමට නියමිතයි.

මේ නිසා ජංගම දුරකථන වෙත Cell Broadcast හරහා අනතුරු ඇඟවීම් ලැබිය හැකි අතර, සයිරන්,රේඩියෝ සහ රූපවාහිනී මාධ්‍ය මෙන්ම NINA වැනි අනතුරු ඇඟවීමේ යෙදුම්ද පරීක්ෂා කෙරෙනවා.

මෙය සරණාගතයන්ට හෝ සංක්‍රමණිකයන්ට පමණක් නිකුත් කරන අනතුරු ඇඟවීමක් නොවේ. ජර්මනියේ සාමාන්‍ය ජනතාව සඳහා හදිසි අවස්ථාවක අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීම මෙහි අරමුණයි.

පෙරවරු 11.00ට පරීක්ෂණ අනතුරු ඇඟවීම නිකුත් කර, පෙරවරු 11.45ට පමණ “සියල්ල සාමාන්‍යයි” යන අවසන් සංඥාව ලබාදීමට නියමිතයි.

මේ නිසා හෙට (බ්‍රහස්පතින්දා) දුරකථනයට අනතුරු ඇඟවීමක් ලැබුණහොත් කලබල වීම අවශ්‍ය නෑ . මෙය පූර්ව සැලසුම් කළ පරීක්ෂණයක්‌.

ජර්මනියේ සිටින අය මේ ගැන දැනටමත් දැනුවත් ද?

වැඩි විස්තර
(https://www.bundesregierung.de)

Europe Up Close with Lasith

🇫🇷🇮🇹🇺🇦 ප්‍රංශය සහ ඉතාලිය යුක්‍රේනයේ ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීමට සැරසෙයි.රුසියා යුක්‍රේන යුද්ධය තවදුරටත් ඇදී යාමත් සමඟ ...
09/09/2026

🇫🇷🇮🇹🇺🇦 ප්‍රංශය සහ ඉතාලිය යුක්‍රේනයේ ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීමට සැරසෙයි.

රුසියා යුක්‍රේන යුද්ධය තවදුරටත් ඇදී යාමත් සමඟ යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රංශය සහ ඉතාලිය එක්ව SAMP/T ගුවන් ආරක්ෂක පද්ධති සහ Aster 30 මිසයිල ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

SAMP/T යනු ප්‍රංශය සහ ඉතාලිය එක්ව සංවර්ධනය කළ මධ්‍යම සිට දිගු පරාසයක ගුවන් ආරක්ෂක පද්ධතියක්‌. මෙයට ගුවන් යානා, කෲස් මිසයිල සහ ඇතැම් බැලිස්ටික් මිසයිල වැනි තර්ජනවලට එරෙහිව ක්‍රියා කිරීමට හැකියාව තිබනවා.

Aster 30 මිසයිල මෙම පද්ධතියේ ප්‍රධාන අංගයක් වනවා , යුක්‍රේනයේ නගර සහ වැදගත් යටිතල පහසුකම් වෙත එල්ල විය හැකි රුසියානු ගුවන් ප්‍රහාරවලට එරෙහි ආරක්ෂාව වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.

🇫🇷 ප්‍රංශය විසින් තවත් SAMP/T පද්ධති ලබාදීම සහ Aster 30 මිසයිල සැපයීම වේගවත් කිරීම පිළිබඳවද ප්‍රකාශ කර තිබෙනවා . 🇮🇹 ඉතාලියද මෙම වැඩසටහනට සම්බන්ධ වී Aster 30 මිසයිල සැපයීමට කටයුතු කරන බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

ඒ වගේම යුක්‍රේනය තුල Aster 30 මිසයිල නිෂ්පාදනය කිරීමට බලපත්‍ර ලබාදීමටත් ප්‍රංශය සහ ඉතාලිය එකඟ වී තිබෙනවා.

Europe Up Close with Lasith

🇪🇺 යුරෝපයේ Google Search වෙනස් වෙයි!යුරෝපා සංගමයේ නව ඩිජිටල් නීතිවලට අනුකූල වීම සඳහා Google සමාගම යුරෝපයේ Search results...
09/09/2026

🇪🇺 යුරෝපයේ Google Search වෙනස් වෙයි!

යුරෝපා සංගමයේ නව ඩිජිටල් නීතිවලට අනුකූල වීම සඳහා Google සමාගම යුරෝපයේ Search results පෙන්වන ආකාරය වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන් හෝටල්, ගුවන් ගමන් සහ සංචාරක සේවා සෙවීමේදී Google සමාගමේම සේවාවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය නීතිමය අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව Booking.com සහ Expedia වැනි තෙවන පාර්ශ්ව සේවාවන්ට වැඩි ඉඩක් ලබාදෙන ආකාරයට Search ප්‍රතිඵල වෙනස් කිරීමට Googleට සිදුව තිබෙනවා.

Google සමාගම පවසන්නේ මේ වෙනස්කම් නිසා පරිශීලකයන්ගේ සෙවුම් අත්දැකීමට සහ යුරෝපීය ව්‍යාපාරවලට බලපෑම් ඇති විය හැකි බවයි. කෙසේ වෙතත්, යුරෝපා සංගමය අවධාරණය කරන්නේ මෙහි අරමුණ විශාල තාක්ෂණික සමාගම් අතර සාධාරණ තරඟයක් ඇති කිරීම බවයි.

Europe Up Close with Lasith

කැනඩා අගමැති Mark Carney සැප්තැම්බර් 17 වැනිදා Strasbourg හිදී යුරෝපා පාර්ලිමේන්තුව අමතා කතා කිරීමට නියමිතයි.ඊට පෙර සැප්...
09/09/2026

කැනඩා අගමැති Mark Carney සැප්තැම්බර් 17 වැනිදා Strasbourg හිදී යුරෝපා පාර්ලිමේන්තුව අමතා කතා කිරීමට නියමිතයි.

ඊට පෙර සැප්තැම්බර් 16 වැනිදා Ursula von der Leyenගේ State of the Union දේශනයටත් ඔහු සහභාගී වීමට නියමිතයි.

මෙය සිදුවන්නේ කැනඩාව හා යුරෝපා සංගමය අතර වෙළඳ, ආරක්ෂක සහ දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ උත්සාහයක් ලෙසයි. විශේෂයෙන්ම කැනඩාව සහ ඇමරිකා වෙළඳ ආතතිය වැඩිවෙමින් තිබෙන අවස්ථාවක මෙම සංචාරයට වැඩි දේශපාලන වැදගත්කමක් ලැබී තිබෙනවා.

කැනඩාව සහ යුරෝපා සංගමය මේ වන විට වෙළඳ හා ආයෝජන, ආර්ථික ආරක්ෂාව, ආරක්ෂක සහයෝගීතාව සහ උපායමාර්ගික සැපයුම් දාම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි කිරීමට අවධානය යොමු කරමින් සිටනවා.

යුරෝපා පාර්ලිමේන්තුවේ සැප්තැම්බර් සැසිවාරය සැප්තැම්බර් 14–17 අතර Strasbourg හි පැවැත්වීමට නියමිතයි.

Europe Up Close with Lasith

Nordic කලාපය ගැන තොරතුරු ටිකක් 🇮🇸🇳🇴🇸🇪🇫🇮🇩🇰නෝර්ඩික් රටවල් වලට අයිස්ලන්තය 🇮🇸, නෝර්වේ 🇳🇴, ස්වීඩනය 🇸🇪, ෆින්ලන්තය 🇫🇮 සහ ඩෙන්මා...
09/09/2026

Nordic කලාපය ගැන තොරතුරු ටිකක් 🇮🇸🇳🇴🇸🇪🇫🇮🇩🇰

නෝර්ඩික් රටවල් වලට අයිස්ලන්තය 🇮🇸, නෝර්වේ 🇳🇴, ස්වීඩනය 🇸🇪, ෆින්ලන්තය 🇫🇮 සහ ඩෙන්මාර්කය 🇩🇰 අයත් වේ.

**ශක්තිමත් සහ ස්ථාවර ආර්ථිකය **

ඉහළ ආදායම් මට්ටම්, ශක්තිමත් රාජ්‍ය සේවා සහ සාපේක්ෂව අඩු දූෂණයක් නිසා ලෝකයේ ඉහළ ජීවන තත්ත්වයක් ඇති කලාපයක්.

**සුබසාධන රාජ්‍ය ආකෘතිය **

සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය සහ පවුල් සහාය සඳහා රජයේ විශාල දායකත්වයක් ඇත.

**හරිත ආර්ථිකය**

පුනර්ජනනීය බලශක්තිය, විදුලි වාහන, පරිසර හිතකාමී තාක්ෂණය සහ තිරසර සංවර්ධනයට විශේෂ අවධානයක් ලබා දෙයි.

**නවෝත්පාදන හා තාක්ෂණය **

ඩිජිටල් සේවා, තාක්ෂණික සමාගම් සහ නව ව්‍යාපාර සඳහා ඉතා දියුණු පරිසරයක් සහිත කලාපයක්.

**ස්වභාවික සම්පත්**

නෝර්වේහි තෙල් හා ගෑස්, අයිස්ලන්තයේ භූතාප හා ජල විදුලිය, ස්වීඩනයේ වනාන්තර හා ඛනිජ සම්පත්, ෆින්ලන්තයේ වනාන්තර සහ ඩෙන්මාර්කයේ කෘෂිකර්මාන්තය හා සුළං බලශක්තිය වැදගත් වේ.

**ඉහළ ජීවන තත්ත්වය**

වැඩ සහ පෞද්ගලික ජීවිතය අතර සමබරතාව, සමාජ විශ්වාසය සහ ආරක්ෂිත ජීවන පරිසරය කලාපයේ ප්‍රධාන ලක්ෂණ වේ.

🔴වැදගත් : Nordic කලාපයට මේ රටවල් 5ට අමතරව Faroe Islands 🇫🇴, Greenland 🇬🇱 සහ Åland Islands 🇦🇽 වැනි ස්වයංපාලන ප්‍රදේශද ඇතුළත් වේ.

Europe Up Close with Lasith

Endereço

Odemira

Website

Notificações

Seja o primeiro a receber as novidades e deixe-nos enviar-lhe um email quando Europe Up Close with Lasith publica notícias e promoções. O seu endereço de email não será utilizado para qualquer outro propósito, e pode cancelar a subscrição a qualquer momento.

Entre Em Contato Com O Negócio

Envie uma mensagem para Europe Up Close with Lasith:

Atalhos

Compartilhar