Gayya in Europe

Directions Contact the business

Gayya in Europe Hi I'm Gayya! https://www.youtube.com/
🇪🇺

My FB page is about to bring you knowledge, travel experiences in Europe
Also, You can join my You tube channel to gain more realistic experiences and knowledge about the Romania visa process. My channel is about to bring you knowledge, travel experiences and atmosphere in all around Europe.

හායි මම ගයියා! මගේ නාලිකාව මගින් ඔබට යුරෝපය පුරා දැනුම, සංචාරක අත්දැකීම් සහ එහි අත්දැකීම් ගෙන ඒමට සූදානම්.

Wiesenburg,Germany  🇩🇪
14/10/2026

Wiesenburg,Germany 🇩🇪

12/10/2026

2026 ඔක්තෝබර් 12 වන දා වන විට ශ්‍රී ලංකාවේ පිහිටි රොමේනියන් එම්බසියේ නවතම යාවත්කාලීන වීම.
සම්පුර්ණ වීඩියෝව : https://youtu.be/pLF0KpxbDk4

2026 ඔක්තෝබර් 12 වන දා වන විට ශ්‍රී ලංකාවේ පිහිටි රොමේනියන් එම්බසියේ නවතම යාවත්කාලීන වීම.සම්පුර්ණ වීඩියෝව :
12/10/2026

2026 ඔක්තෝබර් 12 වන දා වන විට ශ්‍රී ලංකාවේ පිහිටි රොමේනියන් එම්බසියේ නවතම යාවත්කාලීන වීම.
සම්පුර්ණ වීඩියෝව :

Romania embassy new update | Romania embassy new update as of Secon...

🎄✨ 2026 නත්තල් වෙළඳපොළවල් විවෘත වන දින කිහිපයක් මේ වන විට නිවේදනය කරලා තියෙනවා 🇷🇴🇪🇺🎅🎁ශීත ඍතුවේ යුරෝපය වර්ණවත් කරන නත්තල්...
11/10/2026

🎄✨ 2026 නත්තල් වෙළඳපොළවල් විවෘත වන දින කිහිපයක් මේ වන විට නිවේදනය කරලා තියෙනවා 🇷🇴🇪🇺🎅🎁

ශීත ඍතුවේ යුරෝපය වර්ණවත් කරන නත්තල් වෙළඳපොළවල් (Christmas Markets) 2026 නොවැම්බර් මාසයේ ඉඳලම ආරම්භ වීමට නියමිතයි. 🎄✨

🇷🇴 රුමේනියාවේ Christmas Markets 2026

🎄 Sibiu – නොවැම්බර් 13 සිට 2026
📍 Piața Mare, Sibiu
📅 අවසන් දිනය: 2027 ජනවාරි 3

🧝 Craiova – නොවැම්බර් 13 සිට
✨ මෙවර තේමාව: “Elf Kingdom” (එල්ෆ්වරුන්ගේ රාජධානිය)
📅 අවසන් දිනය: 2027 ජනවාරි 3

🎅 Bucharest – නොවැම්බර් 27 සිට
📍 Piața Constituției
📅 අවසන් දිනය: දෙසැම්බර් 27

🎄 Timișoara – නොවැම්බර් 29 සිට
📅 අවසන් දිනය: 2027 ජනවාරි 7

🌍 යුරෝපයේ අනෙකුත් ප්‍රසිද්ධ Christmas Markets

🇦🇹 Vienna, Austria – නොවැම්බර් 6 සිට
🇨🇿 Prague, Czech Republic – නොවැම්බර් 28 සිට
🇫🇷 Strasbourg, France – නොවැම්බර් 27 සිට
🇩🇪 Nuremberg, Germany – නොවැම්බර් 27 සිට

✨ නත්තල් ආලෝකයෙන් දිදුලන වීදි, අලංකාර නත්තල් ගස්, උණුසුම් ආහාරපාන, දේශීය අත්කම් නිර්මාණ, සංගීතය සහ උත්සවශ්‍රීයෙන් පිරුණු මෙම වෙළඳපොළවල් යුරෝපයේ ශීත ඍතුවේ විශේෂ අත්දැකීමක් ඔයාලට නිසැකවම ලබාදෙනු ඇති. ❤️🎄
Gayya in Europe

🌸💜 අද ඔක්තෝබර් 11 — ජාත්‍යන්තර ගැහැණු ළමුන්ගේ දිනය! 💜🌸සෑම වසරකම ඔක්තෝබර් 11 වනදා ලොව පුරා ජාත්‍යන්තර ගැහැණු ළමුන්ගේ දිනය...
11/10/2026

🌸💜 අද ඔක්තෝබර් 11 — ජාත්‍යන්තර ගැහැණු ළමුන්ගේ දිනය! 💜🌸

සෑම වසරකම ඔක්තෝබර් 11 වනදා ලොව පුරා ජාත්‍යන්තර ගැහැණු ළමුන්ගේ දිනය (International Day of the Girl Child) සමරනු ලබනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2011 දෙසැම්බර් 19 වනදා සම්මත කළ 66/170 යෝජනාව මගින් මෙම දිනය ප්‍රකාශයට පත් කළා. එහි ප්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු කිරීම සහ ඔවුන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමයි.

📚 ගැහැණු දරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවාද?

🔹 අධ්‍යාපනය ලබාගැනීමට ඇති බාධා
🔹 ළමා විවාහ සහ බලහත්කාර විවාහ
🔹 ලිංගික හා වෙනත් ආකාරයේ හිංසනය
🔹 ස්ත්‍රී පුරුෂ භාවය මත සිදුවන වෙනස්කම් කිරීම
🔹 සෞඛ්‍ය සහ ආරක්ෂක සේවාවන් ලබාගැනීමේ ගැටලු
🔹 තමන්ගේ ජීවිතය සහ අනාගතය පිළිබඳ තීරණ ගැනීමට ඇති සීමා

2026 වසරේ එක්සත් ජාතීන්ගේ තේමාව :

“ළමා විවාහ අවසන් කරමු — ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආයෝජනය කරමු!”
(End child marriage and invest in girls’ rights!)

මෙම පණිවිඩය මගින් ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබාදීම, ළමා විවාහවලින් ආරක්ෂා කිරීම, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ සේවා ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ අදහස්වලට වටිනාකමක් ලබාදීම අවධාරණය කරනවා.

අප ජීවත් වන සමාජය තුල,

✅ සෑම ගැහැණු දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට සහාය වීම.
✅ ළමා විවාහ සහ සියලු ආකාරයේ හිංසනයන්ට එරෙහිව කටයුතු කිරීම.
✅ ගැහැණු දරුවන්ගේ අදහස්වලට සවන් දීම සහ ඔවුන්ගේ හැකියාවන් දිරිමත් කිරීම.
✅ ඔවුන්ට ආරක්ෂිතව ඉගෙනීමට, වර්ධනය වීමට සහ තමන්ගේ අනාගතය තීරණය කිරීමට අවස්ථාව ලබාදීම.

ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුල අපේක්ෂා කරනවා.
අද අපි ආරක්ෂා කරන ගැහැණු දරුවා, හෙට ලෝකය වෙනස් කරන නායිකාවක්, විද්‍යාඥවරියක්, ව්‍යවසායිකාවක් හෝ සමාජයට සේවය කරන ශක්තිමත් කාන්තාවක් විය හැකියි.

🌸 සෑම ගැහැණු දරුවෙකුටම සුරක්ෂිත ළමා කාලයක් සහ බලාපොරොත්තු පිරුණු අනාගතයක් හිමිවිය යුතුයි!
Gayya in Europe

11/10/2026

රොමේනියාවේ තැඹිලි පාට දවස් 🇷🇴 𓍢ִ໋🌰✧˚🍂 ༘🍁

11/10/2026

රොමේනියන් එම්බසි Interview එක සාර්ථකව VISA එකක් දක්වා පරිවර්තනය කරගත් ශිෂ්‍යාවකගේ අදහස් 🇷🇴

ඔබත් කවදාහරි සුරංගනා ලෝකයකට ගියා වගේ හැඟීමක් අත්විඳින්න කැමතිද? 😍මීදුමෙන් වැසුණු කඳු මුදුන්, ඝන වනාන්තර, විශාල ගල් පර්වත...
11/10/2026

ඔබත් කවදාහරි සුරංගනා ලෝකයකට ගියා වගේ හැඟීමක් අත්විඳින්න කැමතිද? 😍

මීදුමෙන් වැසුණු කඳු මුදුන්, ඝන වනාන්තර, විශාල ගල් පර්වත සහ පැරණි රාජකීය මාලිගා… යුරෝපයේ මේ ස්ථාන දැක්කම ඔබටත් හිතේවි මේවා ඇත්තටම තියෙන තැන්ද කියලා! ❤️🏰

✨ සුරංගනා කතාවක මාලිගා වගේ පෙනෙන යුරෝපයේ සුන්දර මාලිගා 10ක් මෙන්න!

🇷🇴 1. Peleș Castle – රුමේනියාව
කාර්පාතියන් කඳුකරයේ පිහිටි, අලංකාර ගෘහ නිර්මාණයෙන් සහ සුන්දර වටපිටාවෙන් ප්‍රසිද්ධ මාලිගාවක්.

🇩🇪 2. Neuschwanstein Castle – ජර්මනිය
කඳු මුදුන් අතර පිහිටි මේ මාලිගාව සුරංගනා කතාවක දර්ශනයක් වගේ පෙනෙන ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්.

🇸🇰 3. Bojnice Castle – ස්ලෝවැකියාව
උස කුළුණු, අලංකාර වහල සහ මනරම් උද්‍යානය නිසා ඉතා ආකර්ෂණීය මාලිගාවක්.

🇸🇮 4. Predjama Castle – ස්ලෝවේනියාව
විශාල ගල් පර්වතයක් ඇතුළත ඉදිකර ඇති අසාමාන්‍ය මාලිගාවක්. දුටු විටම පුදුම හිතෙනවා!

🇫🇷 5. Château de Pierrefonds – ප්‍රංශය
මධ්‍යකාලීන කුළුණු සහ දැවැන්ත ගල් බිත්ති සහිත, රාජකීය කතාවක මාලිගාවක් වැනි ස්ථානයක්.

🇨🇿 6. Hluboká Castle – චෙක් ජනරජය
සුදු පැහැති බිත්ති, අලංකාර කුළුණු සහ හරිත උද්‍යාන නිසා සිත් ඇදගන්නා සුන්දර මාලිගාවක්.

🇦🇹 7. Burg Hochosterwitz – ඔස්ට්‍රියාව
කඳු මුදුනක පිහිටි මේ මාලිගාවට යන මාර්ගයේ පැරණි ආරක්ෂක දොරටු සහ ඓතිහාසික ගෘහ නිර්මාණය දැකගන්න පුළුවන්.

🇵🇱 8. Moszna Castle – පෝලන්තය
කුළුණු රැසක් සහිත අද්විතීය ගොඩනැගිල්ලක්. සුරංගනා කතාවක මාලිගාවක් වගේ පෙනෙන නිසා ඡායාරූප ගැනීමටත් ජනප්‍රියයි.

🇸🇪 9. Gripsholm Castle – ස්වීඩනය
විලක් අසල පිහිටි ඓතිහාසික මාලිගාවක්. රතු පැහැති බාහිර බිත්ති සහ පැරණි කුළුණු එයට විශේෂ පෙනුමක් ලබා දෙනවා.

🇮🇹 10. Castel del Monte – ඉතාලිය
අද්විතීය අටකෝණාකාර ගෘහ නිර්මාණයෙන් ප්‍රසිද්ධ, ඉතිහාසය සහ අභිරහස් ගැන උනන්දුවක් ඇති අයට අපූරු ස්ථානයක්.
Gayya in Europe

#යුරෝපය #රුමේනියාව

Rome, Italy 🇮🇹
10/10/2026

Rome, Italy 🇮🇹

10/10/2026

යුරෝපේ කියන්නේ පළතුරු වට්ටියක් නම් රොමේනියාව කියන්නේ බාගෙට ඉදුණු අඹයක් වගේ
☺️

Address

Oradea
410603

Website

Alerts

Be the first to know and let us send you an email when Gayya in Europe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gayya in Europe:

Shortcuts

Share