
13/08/2025
එංගලන්තේ 🇬🇧 සිට කොලඹට 🇱🇰 බස් සේවයක් තිබුනා කියලා දැනන් හිටියද..?
'Dover - කොළඹ' නගරාන්තර බස්රථ සේවාව
දින 42 ක් - කිලෝමීටර් 20,000 ක්🌏🇱🇰🇬🇧
ලොව දෙවැනි දීර්ඝතම බස් රූට් එක..!
🔃 ගමන් මාර්ගය :
Dover - Dunkirk - පැරිස් - වැනීසිය - ඉස්තාන්බුල් - ටෙහෙරාන් - කාබුල් - ලාහෝර් - දිල්ලි - රාමේෂ්වරම් හරහා කොළඹ
එංගලන්තයේ Penn Overland Tours සමාගම විසින් 1959-08-17 දින මෙම Dover - කොළඹ බස්රථ සේවය ආරම්භ කර ඇත.
කාර්යමණ්ඩල සාමාජිකයින් 4 දෙනෙක් සහ මගීන් 10 දෙනෙකු එක් ගමන් වාරයක් සදහා ඇතුළත් විය.
ගමන සදහා එක් අයෙකුගෙන් £78 ක් (රු. 32, 930) අය කර තිබුණි.
එය වර්තමානයේදී ගතහොත් £2300 කට (රු. 970, 000) ආසන්න ගණනකි.
ගමන් කාලය පුරාවටම බස්රථය තුළදීම ආහාර පාන පිළියෙළ කරගෙන ඇති අතර, මගීන් සදහා කුඩා නිදන ඇදන්, විදුලි පංකා සහ heaters සහිත විය.
එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්‍රංශයේ Dunkirk වෙත ළගා වී, එතැන් සිට පැරීසිය, ඉතාලිය, තුර්කිය, ඉරානය - ඇෆ්ගනිස්තානය - පාකිස්ථානය - ඉන්දියාව - රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත.
ඒ වන විටත් ලොව දීර්ඝතම බස්රථ සේවාව වූ ලන්ඩන් - කොල්කටා බස් සේවාව Albert Tours ආයතනය විසින් ආරම්භ කර තිබූ අතර, ඒ සදහා දින 50 ක් ගතවූ අතර ටිකට්පතක මිල £85 ක් විය. ඔවුන් කොල්කටාවට එන අතරමග ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන්හි නතර කරමින්, ඒවා මගීන්ට දැක බලා ගැනීමට අවස්ථාවද සැලසීම නිසා වැඩි ගමන් කාලයක් ගතවූ අතර, ගාස්තුවද වැඩිවිය.
අඩු වියදමකින්, අඩු ගමන් කාලයකින් මගීන්ට සේවාව සැපයීමේ අරමුණින් Penn Overland Tours ආයතනය විසින් මෙම Dover - කොළඹ බස් සේවය ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් ලන්ඩන් - කල්කටා බස් සේවාව 1976 වසර වන තෙක්ම ක්‍රියාත්මක වී ඇති නමුදු, Dover - කොළඹ බස් සේවාව කොපමණ කලක් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව නිශ්චිත සදහනක් නැත.
උපුටා ගැනීමකි.
සියළු ගෞරවය මුල් හිමිකරුට. ❤️💐......