22/10/2025
Reshare - Salary calculation🇹🇩💱💰
ඔයාල ඉල්ලුව විදියට තුන්වෙනි ලිපිය අද අරන් එන්නේ, රොමේනියාවට එන්න ඉන්න ඔයාට පඩිය ගැන සරල අවබෝධයක් ලබාගන්න ඕනේ කරන tips ටිකක්.💰💵💳
සාමාන්‍යයෙන් රස්සාවකට එන හැමෝගෙම පලවෙනි concern එක පඩිය. ඉතින් මේ ගමනේදීත්, ඔයාල මුලින්ම ඔයාලට ලැබෙන offer letter එකේ බලන්න ඔයාගේ පඩිය කීයද කියල. සාමාන්‍යයෙන් දැන් නම් ආරම්භක වැටුප විදියට USD 550-600 ක් සඳහන් වෙන්න ඕනේ. මේක තමයි අවම අතට ලැබෙන ගාන.
මේ ගාන තමයි, ඒජන්සි වලින් ඔයාලට කියන්නෙත්. මීට වැඩිය වැඩිපුර ලැබෙනවානම් හොඳයි. 😁
ඉතින්, මේක USD / Euro ඔය දෙකෙන්ම කියන්න පුළුවන්, සමහරු Lei වලින් කියන්නත් පුළුවන්. දැන් මෙන්න මේ කීව වැටුප ගැන ඔයා හිතල ජොබ් එකට කැමතියි කිව්ව ගමන්, ඔයාට Agency/Agent ට ගානක් ගෙවල එහෙම Work permit එක apply කරනවා. Work permit apply කරලා Work permit (WP) එක ආව ගමන්ම වගේ මෙන්න එනවා Agreement එක, එහෙමත් නැත්නම් Contract එක. 🤌
මේකේ කොපියක් අනිවාර්යෙන්ම ඉල්ලා ගන්න, මේක අතට ගත්ත ගමන්, ඔයාල බලනවා පඩිය. හුටා! මොන USD 600 ක් වත් agreement එකේ නෑ, වෙන මොකක්දෝ ලොකු ගානක් තියෙනවා පේනවා, Gross salary එහෙම නැත්නම් Basic Salary කියල.
දැන් තමයි ප්‍රශ්නේ එන්නේ මොකක්ද මේක කියල.😵💫
මෙහෙමයි, ඔයාට පඩි ලැබෙනකොට ආයතනයෙන් ඔයාට දෙන මූලික වැටුප / දළ වැටුප තමයි Gross salary කියන්නේ. මේ වෙද්දී රොමේනියාවේ Gross salary එක අවම 4050Lei වෙනවා. ඔන්න ඔය වැටුප තමයි, ඔයාගේ agreement එකට එන්නේ.
සමහර Agreement (ඉතා සුළු ප්‍රමාණයක) USD හෝ Euro වලින් මේක එන්න පුළුවන්.
එතකොට අර මුලින්ම ඒජන්සියෙන් කිව්ව USD 600 මොකක්ද? බොරුවක්ද?
නෑ, ඒ තමයි ඔයාගේ ශුද්ධ වැටුප (Net salary). ඒ කියන්නේ ඔයාගේ මූලික වැටුපෙන් (Gross salary එකෙන්) ,Tax, Social(pension) insurance, Health insurance එහෙම කපල අතට ලැබෙන මුදල.
සරලව කිව්වොත්,
💷 මූලික වැටුප (Gross salary)
💶 අතට ලැබෙන වැටුප (Net salary)
හරි නේද?
ඉතින් ඔයාට ලැබෙන Agreement එකේ අනිවාර්යෙන්ම බලන්න 4050Lei ට වැඩි වැටුපක්ද මූලික වැටුප කියල. ඒ වගේම මේ වැටුප් එක එක රැකියා අනුව වැඩි වෙන්න පුළුවන් උනත් නීතියට අනුව 4050Lei ට වඩා අඩු වෙන්න නම් බැහැ.👌
ඔයාලගේ වැටුප සරලව හදල බලාගන්න පුළුවන් මෙන්න මේ web site එකෙන් : https://accace.com/salary-calculator-romania/
ඔයාලගේ වැටුප interview එකේදී USD / LKR / LEI කියන තුන් විදියටම අහන්න ඉඩ තියෙන නිසා මේ පඩි නඩි එක එක මුදල් ඒකකයට convert කරලා බලාගන්න.
ඒකට apps තියෙනවා වගේම google කරලත් බලාගන්න පුළුවන් කම තියෙනවා.
මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඒක කරගන්න ලේසියෙන්ම : https://tinyurl.com/bdexphwm
තවත් වැදගත්ම දෙයක් තමයි, මූලික පඩියට අමතරව Agreement එකේ ඔයාට ලැබෙන වෙනත් ප්‍රතිලාභ තියෙන්න පුළුවන්, OT / බෝනස් / දිරිගැන්වීම් දීමනා වගේ දේවල්, ඒවා ගැනත් දැනුවත්වෙලා යන්න.
මේ ගැන තවත් විස්තරාත්මකව Gayya in Europe චැනල් එකේ කරපු වීඩියෝ එකක් ඇති, කැමති කෙනෙක්ට බලන්න පුළුවන් : https://youtu.be/J-hxxoCynUY?si=mi3883r358FrknXp
🌟 මතක තියාගන්න, මෙහෙදී නම් employers ල පොඩි පොඩි වංගු දාල salary එක පොඩ්ඩක් විතර හදල දෙනවා.
🌟ඒවා ගැන දැන්ම හිතන්නේ නැතුව salary එක හදල බලල Interview එක ගොඩ දාගන්න. 👍
එහෙනම් ජය!
Gayya in Europe
***කරුණාකර කර්තෘ අයිතිය රකිමින් share කරන්න***