25/05/2024
අද ලිපිය නොමිලේ උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න දැනට degree එක කරපු හෝ දැනට final year ඉන්න නන්ගිල මල්ලිට, ඉතින් ඔයාට පිටරට යන්න මුදල් නැත්තම් ඔයාට මේ පියවර අනුගමනය කරල ලොකේ world top research university වල free ඉගෙනගන්න අවස්ථාවක් උදාකරගන්න පුළුවන් ✈🌍🎓
1.දැනට degree එක කරන අය degree එකෙන් අඩුම second lower class එකක් වත් ගන්න.හැබැයි first class එකක් තිබ්බ කියලත් scholarship හම්බුවෙන්න නැහැ ඔයාට අනිත් සුදුසුකම් නැත්තම්.අනිත් සුදුසුකම් යටතට work & research experience , leadership & volunteer profile එහෙමත් ඕනි. ඉතින් ඔය දේවල් නැතිනම් ඔයාගෙ profile එක ඔය qualifications හදාගෙන තව improve කරගන්න.
2.අපේ technology ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් පිටරට MSc/ Phd වල entry requirements section එකේ අපේ degree name එක (B.tech) නැති එක..ඒම කවුරුත් ඔයාගෙ degree එකේ name එකට scholarship දෙන්නෙ නෑ..interview තියෙනවනම් එයාල මුලින්ම බලන්නෙ ඔයාගෙ knowledge එක, personality එක, ඔයාට කොච්චර hard working capacity එකක් තියේද, undergraduate degree එකක් කරන අතරතුරේ ඔයා ලබාගත්ත තව සුදුසුකම් තියේද, ඔයාට challenge එකක් ආවොත් ඔයා මොකද කරන්නෙ, degree එකේ class එක මොකද්ද..europe, uk university වලින් තිබ්බ ගොඩක් scholarships interviews වලින් බැලුවේ ඒ දේ එයාල. එතින් අපි හිතමු උදාහරණයක් විදිහට ඔයාට MSc environmental engineering degree එකකට යන්න ඕනි හැබැයි entry requirements වල එයාල ඉල්ලන්නෙ BSc degree එකක් කියල..ඔයාගෙ දැන් undergraduate degree එක ඔයා apply කරන MSc එකට ටිකක් හරි related degree එකක් නම් ඔයාට credit 120 ක් ඒකෙන් තියේ නම් ඔයා ඒ MSc එකට ගොඩක් දුරට eligible..ඔයාට තියෙන්නෙ apply කරන්න..ඉතින් කොයිවෙලාවකවත් තමන් කරන degree එක අවතක්සේරු කරන්න එපා.ලංකාවෙන් එලියට ආවම ඔයාට value එක add වෙන්නෙ ඔයාගෙ degree names වලට නෙමේ, ඔයාගෙ තියෙන talent එකට, enthusiasm එකට..
3. ගොඩක් අය අහනව IELTS නැතුව යන්න බැරිද කියල.Asian countries ඇරුනම ලෝකේ තියෙන ගොඩක් scholarships IELTS හරි වෙන English level එකක් certify කරන්න පුළුවන් result එකක් ඉල්ලනව. ගොඩක් වෙලාවට IELTS overall band score එක 6.5 තමා.හැබැයි මේක ඔයා apply කරන්න ඉන්න MSc/Phd program එක මත depend වෙනව.ඉතින් degree එක ඉවරනම් ඒක කරගන්න මුලින්..
4.IELTS වලට අමතරව තව documents ඕනී passport scan copy , degree transcripts & certificate, personal statement, job එකේ leadership , volunteer experience වල certificates, secondary education proof (A/L result sheet එකේ english medium එකක් දෙන්න) වගේ ඒවා ඕනී.. ඊට අමතර ඔයා ලංකාව සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන විදිහේ plan එකක් සමහර scholarships ඉල්ලනව. ඒ වගේම මේ document list එක scholarship එක මත depend වෙන නිසා මුලින් scholarship එකේ website එකට ගිහිල්ල ඔයා ඒකට eligible නම් අවශ්‍ය කරන documents ලෑස්ති කරගන්න.
5. Scholarships හොයාගන්න පුළුවන් google search කරල , නැත්තම් LinkedIn වලින්, youtube එකේ scholarship හම්බුනු අය එයාලගෙ experience share කරගන්නව. නැතිනම් මේවගේ opportunities share කරන group වලට join වෙන්න ඕනි..තව ඔයාගෙ uni එකේ lectures ලත් ඔයාට scholarship recommend කරයි.එයාල එක්කත් contact තියාගන්න..
6. ඊලග දේ ඔයාට recommendations ඕනි වෙනව.ඔයා job කරන තැන හරි uni එකෙන් හරි මේක ගන්න පුළුවන් .ගොඩක් scholarships දාද්දි ඒම ගන්න අමාරු නිසා හැම uni එකටම apply කරන්න පුළුවන් විදිහෙ පොදු template එකක් තියෙන recommendations ගන්න.හැබැයි එහෙම කරන්න පුළුවන් recommendation ඔයාටම upload කරන්න පුළුවන් option එක තිබ්බොත් විතරයි..නැතිනම් අදාල referee එයාගෙ email එක through recommendations දෙන්න ඕනි..ඉතින් supportive referee ලා තුන්දෙනෙක්වත් contact කරන් තියාගන්න ඒ නිසා..
7.full time job එකක් කරත් කොහොමහරි වෙලාවක් හදාගෙන දවසකට අඩුම එක scholarship එකකට හරි apply කරන්න..life එකේ ඔයාට goal එකක් තියේ නම් කැපවීමෙන් ඒ වෙනුවෙන් වැඩකරන්න.ඉතින් කොච්චර qualifications තිබ්බත් ඔයාගෙ profile එක ඔයා apply කරන scholarship එකට match නොවෙන්න පුළුවන්, ඒ නිසා හොදම දේ වැඩි ගානට apply කරන එක "try and try..one day u can fly 🥹✈🎓🌍". ඔයාට first class එකක් B.tech degree එකෙන් තිබ්බත් rejection email ගොඩක් එයි.ඉතින් කොයි වෙලාවකවත් වැටෙන්න එපා ඒකෙන්.තමන්ට රට යන්න සල්ලි නැතිනම් දිගටම apply කරන්න.අනිවාර්යයෙන්ම ඔයාගෙ profile එකට match වෙන scholarship එකකින් ඔයාව තෝරගනියි..
8. Scholarships apply කරන විදි ඒ, ඒ රට අනුවත් වෙනස් වෙනව, goverment scholarships තියෙනව, university scholarships තියෙනව ඒ වගේම professors ලට email දාල funding හදාගන්නත් පුළුවන්..university හරි government හරි scholarship නම් process එක හරිම straightforward..website වල A-z තියෙනව.. proffesors ලට ලියන්න email එක හදාගද්දි ඒක කෙටියෙන් දාන්න. proffesors ලට email දාන්න university හොයාගන්න youtube එකෙන් තමන්ගේ field එකේ අය එයාලගෙ experience share කරගත්ත ඒව check කරල ඒ uni වල තමන්ගෙ research area එකට අදාල proffesor ලව හොයගන්න පුළුවන් කැමතිනම්, එහෙම නැත්තම් උදාහරණයක් විදිහට environmental related degree කරල ලංකාවේ අනිත් universities වල funding අරන් ගියපු senior අක්කල අයියල ඉන්න universities වල proffesor ලව හොයාගන්නව. නැත්තම් LinkedIn එකේ connections වලින්. මේක australia , canada, usa university වලට හොදයි. මොකද ඒ රටවල් වලට ගොඩක් යන්න පුළුවන් ඒ විදිහට නිසා..email එක දාන්න කලින් ඒ proffesor ගෙ ඔයා interest research paper එකක් කියවන්න.ඔයා ඒකට interest කියන්න, ඔයාට ඒකෙන් research experience එකක් තියේ නම් cv එකේ ඒක mention කරන්න...
9.හැමතිස්සෙම edit කරන්න පුළුවන් academic CV එකක් හදාගන්න. overleaf website එක හොදයි.. code එක වෙනස් කරන්න ලේසි නිසා scholarship එකින් එකට CV එක personal statement එක එහෙම වෙනස් කරන්න advertisement එකේ details අනුව..මොකද සමහර ඒව 1 or 2 pages CV ඉල්ලනව..අනිවාර්යයෙන් එයාලගෙ guidelines follow කරන්න..නැත්තම් ඔයාගේ application එක බලන්නෙවත් නෑ..
10. Scholarship වර්ග ගොඩක් තියේ, fully funded සමහර ඒව ඔයාගේ airticket එකේ ඉදල ඔක්කොම දෙනව, UK වල fully funded නම් මාසෙට ලක්ශ 6 කට කිට්ටු වෙන්න වගේ දෙනව. ගානක් ඉතුරු කරගන්න උනත් පුළුවන් ඔයා ඉන්න city එක අනුව..සමහර ළමයින්ට fully funded නොලැබුණත් එයාලගෙ profile එක හොද නම් tuition fee scholarship උනත් ගන්න පුළුවන් ..ඔයාට part time කරල ඔයාගෙ living expenses cover කරගන්න තියෙන්නෙ එතකොට..හැබැයි ඒවටත් අනිත් ඒවට වගේම competition වැඩී.
11.මේ හැමදේටම අමතරව ඔයා දැනට ඉන්න undergraduate university එකෙනුත් ඔයාට chances ඒයි..life එකේ එන chances මිස් කරගන්න එපා ඒ නිසා. සමහවිට second chances එන එකකුත් නෑ 😇. ඔයා තනියම දාන scholarship process එක අමරුවෙයි..home country development impact essays ඇති වෙන්න ලියන්න වෙයි, SOP ගොඩක් වෙනස් කරන්න වෙයි..මොකද ලෝකේ කොටී ගනන් තව ළමයි ඒ scholarship වලට අපි වගේම try කරනව..time එක balance කරගන්න job එකත් එක්ක..ජීවිතේ හැමදේම පටන් ගද්දි අමාරුයි...ඉතින් හරි track එකට වැටුනොත් ඒ experience එක life එකේ හැම application process එකකටම යොදවන්න පුළුවන්.MSc එකෙන් පස්සෙ Phd එකක් ගන්න, නැත්තම් job එකක් ගන්න.
12. Scholarship එක අරන් රට ආපු පමණින් හැමදේම හරියන්නෙත් නෑ, අලුත් education system එකක, නාදුනන සීතල 🥶 රටක නාදුනන මිනිස්සු එක්ක ගෙවෙන ජීවිතේ හරි අමාරු වෙයි. ඒත් අල්ලන් ඉන්න.ජීවිතේ දිනන්න ඕනි නම්..🤗. Academic path එකක් ඕනි නම් bachelor එක ගන්න, MSc කරන්න, Phd කරන්න, lecturer කෙනෙක් ඊටපස්සෙ senior lecturer කෙනෙක් වෙන්න, නැත්තම් post doc කරන්න,ඊටපස්සෙ professor කෙනෙක් වෙන්න.Phd කලා කියල lecturer වෙන්නම ඕනි නෑ...UK, USA නම් industry supervisor ලා ඔක්කොටම වගේ Phd තියෙනවා.ඉතින් academia එකේම ඉන්න ඕනි නෑ Phd, MSc කලා කියල..ඔයාට යන්න පුළුවන් ඔයාගෙ උපරිම දුර යන්න 🥳🤩
සුබපැතුම් 🤗